සයන්ස් ඩේ
නිකමට වගේ සිරා ඔන්න තවත් කතාවක් කොටන්න හිතුව ,දවස් ගානක් මේක ලියනවද නැද්ද කියල හිත හිත ඉදල අන්තිමට ඔන්න අද ලියල දාන්නයි කල්පනාව හිනා ගියත් නැතත් කරන්න දෙයක් නෑ , මේක උනේ ගාල්ල පැත්තේ ඉස්කෝලෙක දන්නවනේ ඉතින් ඔය උසස් පෙල කරන කාලේ සයන්ස් ඩේ මැත්ස් ඩේ කොමර්ස් ඩේ ආර්ට් ඩේ වගේ ඩේස් තියෙනවා නේ. ඕව කරන්න වගේම අහල පහල ඔය වගේ ඒවාට යන්නත් පුදුම ඉල්ලුමක් ඒ කාලේ තියෙන්නේ. ජෙල් පැකට් 4, 5 ගාගෙන ඕවටම යන්න කියල තියන ඉන්න සුදු යුනිෆෝම් එකත් ඇදගෙන සයන්ස් ඩේ වලට ගිය හැටි මට තාම මතකයි. ඒ දවස් වල ඉතින් දොස්තර වෙන්න ඔන්න මෙන්න වගේ නේ අපි ඇක්ට් කලේ ඒ දවස් වල අපි පොත් ගෙනිච්චේ අතේ , මොකද බෑග් වල දාල ඕව ගෙනිච්චම බස් වල යන කෙල්ලෝ , ඔපිස් කෙල්ලෝ දන්නේ නැනේ අපි මොනා කරන උන් ද කියල. පොත් සෙට් එකේ උඩින්ම එක්කෝ යාන්ත්‍ර විද්‍යාව , නැත්නං ක්‍රියාකාරී සත්වය එහෙමත් නැත්නං කාබනික රසායනය , නැග්ග බස් එකට දුන්න ලග පාත ඉන්න කෙල්ලෙක් බලල පොත් ටික හරිම සරල ප්ලෑන් එකක්
මන් මේ පල් හෑල්ල කෙටුවේ ලොකු කන් පෙන්නන්න නං නෙවේ , ඒ දවස් වල සයන්ස් කරන්න ඇවිල්ල ක්ලාස් එකකවත් හරි හමන් කෙල්ලෙක් නැතුව ( ලස්සන උන් එක්කෝ ආර්ට් නැත්නං කොමර්ස් , පාඩන් කරන කෙල්ලෝ ලස්සන නැ කියල උබල දන්නවා ඇති නේ ) අපි වෙළුන වෙලිල්ල ගැන කියන්නයි මේ ට්‍රයි කලේ, උදේ හවස පරමාණු, සයිල එක්ක හැප්පිලා දුක සේ ජීවත් උන අපිට මේ වගේ ඩේ එකක් සෙට් උනාම ඉතින් කට කනේ.ඔන්න දැන් පොතේ හැටියට මුලින්ම මේකට සල්ලි හොයන්න රට වටේ යන්න ඕන, ඊට පස්සේ අහල පහල ඉස්කෝලවලට ආරාදනා පත්තරේ යවන්න ඕන ,වැඩ කෝටියයි නේ ඉතින් , ඔකෙනුත් කෙල්ලොන්ගේ ඉස්කෝල වලට ආරාදනා පත්තර දෙන්න මාර පෝලිම අපේ උන් , හැම එකාටම යන්න ඕන ඔය වැඩේට අන්තිමට ඉතින් එව්වත් ඉවරයක් කරන් වැඩේ කරන දවසත් ආව කියමුකෝ , සිංහල නිවේදන කටයුතු බාර උනේ දැනට ලංකාවේ ඉන්න නැගීගෙන එන නවක නිවේදකයෙක් උන අපේ පොරකට ඔන්න දැන් ආරාදනා කරපු උනුත් ඇවිල්ල ඉස්කෝලේ ගුරු බවතුනුත් ඇවිල්ල වැඩේ ට ඔක්කොම ලෑස්තියි
මොකක් හරි එකක් මිසින්ග් කියල දැනුනට අපිට හරියට මිටරුත් නෑ මොකක්ද කියල , කොහොමෙන් හරි අපේ කොල්ල වැඩේට අත ගැහුවා , ඔන්න දැන් පොර කොහෙද මන්ද ඉදන් කතා කර කර ඉස්ටෙජ් එකට නැගගෙන එන ගමන් කියනවා ” ඔව් චාරිත්ත්රානුකුලව පැමින සිටින පිරිස පංච සීලයේ පිහිටුවීම සදහා මන් ගවුරවයෙන් ආරාදනා කර සිටිනවා අපේ පාසලේ අති පුජ්‍ය සු…… සිරි…. හිමියන්ට” මල හත්ඉලව්වයි හාමුදුරුවෝ නෑ , ඔන්න දැන් මිසින්ග් කවුද කියල මීටර්. හදක් වගේ බැබලි බැබලි ඉන්න අපේ හාමුදුරුවන්ට වැඩේට ආරාදනා කරන්න බැරි වෙලා , ඇයි ඉතින් බිසී නේ අප්පා
හාමුදුරුවොත් දෙන්නන් තොපිට කියල පන්සලට වැඩලා ඉස්කෝලේ ඉවර උනාම. අපේ එකාට දැන් 1 පාර ඔලුවට එන්නෙත් නැති ගානයි මොකක් ද කියන්නේ කියල , අපිත් හොල්මන් වෙලා බලන් ඉන්නවා
ඔන්න කොල්ලට මතක් උනා ක්‍රියාවට වඩා ආදර්සේ උතුම් කියන 1 (හරිද මන්ද , අනිත් පැත්තටත් හරි වගේ) . බුවා අපිට පන්සිල් දෙන්න පටන් ගත්ත කියමුකෝ දැන් අපේ පිනා(ප්‍රින්සිපල් උතුමාණන්) ඉවසා වදාරගෙන ඉන්නවා ඉස්සරහම පේලියේ , අපිට මුට සිග්නල් එකක් දෙන්න විදියකුත් නෑ ගිහියෙක් තව ගිහියෙක් ට පන්සිල් දෙන් නෑ යකෝ කියල කියන්න.අපරාදේ කියන්න බෑ ආපු කෙල්ලෝ ටික නං අරු පන්සිල් දෙද්දී උ කිව්වට පස්සේ ගාථා කියනවා. ( කෙල්ලෝ ඉතින් කොහොමත් 1 පාර දෙයක් මීටර් වෙන ජාතියක් නෙවේ නේ , කියන කියන 1 ඔහේ කරනවා මිස) නමොතස්ස් බගවතෝ කියල පටන් ගත්ත 1 ඔන්න දැන් පන්සිල් පද කියන හරියටත් ආව

අපේ ඇගේ ලේ වතුර වෙලා දැන්, මොකද මු පොඩි කාලේ ඉදන් තිබ්බ පුරුද්දට යාන්තන් මුල ටික ගැට ගහගත්තට පන්සිල් පද පහ නං මතක නෑ කියන 1 අපි ට සෑහෙන්න විශ්වාසයි ඔන්න පානාතිපාත වේරමණී කිව්වා , අම්මේ එකක් හරි අදින්නාදානා වේරමණී කිව්වා , දෙයියනේ එකත් හරි ඔන්න දැන් කට්ටිය බලන් ඉන්නවා මු කාමේ සුමිච්චාචරා කියනකන් අවාසනාවක මහත කියන්නේ උට එක අමතක උනා අමතක උනාද නැත්නං බොරු කියල පව් පුරවගන්න ඕන නෑ කියල උට හිතුනද දන් නෑ ඌ ඕක කිව්වේ නෑ
කෙල්ලෝ අත් වලින් කටවල් වහගෙන හිනා වෙනවා එහෙං කොල්ලෝ හු කියනවා ඔක්කොටම වඩා පිනා ට මල, අපේ එකාටත් තේරුණා වැඩේ මොකක් හරි අවුලක් තියෙනවයි කියල පොර කෙලින්ම බැස්ස ස්ටේජ් ඒකෙන් බුවා දුවනවා උගේ පස්සෙන් පිනා දුවනවා අම්මේ අරු කෙලින්ම දුවල ගිහින් පාරේ යන බස් එක ක එල්ලුනා එදයින් පස්සේ මැන් ට ආයේ ඉස්කෝලේ එන්න ලැබුනේ විබාගෙට ඇඩ්මිසන් ගන්න දවසේ.
ඔන්න ඔහොමයි අපි සයන්ස් ඩේ කලේ

No comments:
Post a Comment