Wednesday, May 15, 2013

කවියකි ඈ

කියපු නොකියපු කවිකාර කම්
ඇවිත් මේ රෑ සිතට එබෙමින්
දැකපු නොදැකපු පෙම් හීන වල
තැවරුවා ඇගෙ සුවඳ යහමින්..

නපුරු බියකරු දැනෙන තනිකම
පලා යද්දී හිතේ කොනකින්
සුමුදු සුසිනිඳු ඇගේ කොපුලක
සුවඳ දැනුනා අකුරු අතරින්....

විදපු නොවිදපු ඇගේ තුරුලේ
සුවය යලි යලි මතක් කරමින්
ඉඹපු නොයිඹපු ඇගේ මුහුණෙ
හැම තැනම යලි සිතින් ඉඹිමින්...

දැනුන නොදැනුන ආදරේ ගෙන
මේ වගේ තව අකුරු කරමින්..
ලියපු නොලියපු මහ ගොඩක් කවි
ලියමි මම තව තවත්  ගොතමින් ....

No comments:

Post a Comment