සරසවි සිසුන්ගේ දුක,සතුට හදවතට දැනෙන ලෙස පද වලට පෙරලා ඇති අපූරුව…..
මේ සීගිරි කැටපත් පවුර නොවේ
දේශන ශාලාවක,පොත්ගුලේ පුටු ඇන්දක,මේසයක,බිත්තියක,නේවාසිකාගාරයේ බිත්තියක,කැන්ටිමේ මේසයක නැතිනම් වැසිකිළි බිත්තියක මේවා ලියා ඇත.මේ කොතැනක වුව ලියැවුණු කුරුටු ගීය සරසවි ජීවිතයේ යථාර්ථය පිළිඹිබු කරනා කැටපතක් නොවන්නේද………?
සිහිනෙන් පවා මගෙ සුබ විහරණය පැතූ
අම්මා දනී නම් මේ සරසවියෙ තතු
වර බොල කොලුවො යැයි දෙනෙතින් කදුළු යුතු
අම්මා දනී නම් මේ සරසවියෙ තතු
වර බොල කොලුවො යැයි දෙනෙතින් කදුළු යුතු
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු
……………………………………………………………………………………………………………………….
ප්‍රේමය සැමදාකම මිහිර රැගෙන නොයෙයි.ප්‍රේමය බිද වැටුණු විරහව ජීවිතයට විදින්නට සිදුවන අමිහිරි අත්දැකීමකි මේ….
“මම බලාගෙන සිටියා
කාලයේ නිම්වළලු අතරින් ඇය සැගව යන අයුරු
හදවතින්ම ඇයට සුබ පැතුවද
නැහැ
කදුළක් කිව්වේ ඒ සතුරා මලට ආයෙත් එන්න
සයොනාරා කියලා”
(කැලණිය විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක )
කාලයේ නිම්වළලු අතරින් ඇය සැගව යන අයුරු
හදවතින්ම ඇයට සුබ පැතුවද
නැහැ
කදුළක් කිව්වේ ඒ සතුරා මලට ආයෙත් එන්න
සයොනාරා කියලා”
(කැලණිය විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක )
“ඔබහට පෙම් කළ යුගය නිමාකර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාවදෙන් මට
සෙනෙහෙ සිතින්”
(කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර බිත්තියේ 91.10.12 )
………………………………………………………..
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාවදෙන් මට
සෙනෙහෙ සිතින්”
(කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර බිත්තියේ 91.10.12 )
………………………………………………………..
අසාධාරණ දේශපාලනයට එරෙහි රැඩිකල් දේශපාලන ප්‍රවාහයක් දියත් කිරීමේදී සරසවි සිසුන් පෙරමුණ ගත්හ,ඔවුන්ගේ අත්දැකීම් මෙසේය
මා මිය ගියත් මේ දෙරණේ අසම සම
රතු මල් පිපේවා පොහොරට රැගෙන ළැම
ලෝකය පිටු දකින දිනයක දිළිදු කම
නැගිටිමි ඇත්මයක් සමගින් එදින මම
රතු මල් පිපේවා පොහොරට රැගෙන ළැම
ලෝකය පිටු දකින දිනයක දිළිදු කම
නැගිටිමි ඇත්මයක් සමගින් එදින මම
(රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ශාලාවක )
……………………………………………………
……………………………………………………
කන් හිරි වැටෙන ළය පුපුරන වෙඩි සද්දෙන්
නොසැලෙන පිරිසක් පමණක් අප හා එද්දෙන්
යන්නට දෙපා පණ නැති වුන් නවතිද්දෙන්
ජය බිම කරා අපි යමු පෝරක මැද්දෙන්
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට විමලධර්ම නේවාසිකාගාරයේ බිත්තියක )
………………………………………………………
සරසවි සිසුවාට ඇති නැති පංති බේදය රුස්සන්නේ නැත,මේ ඒ උදෙසා ලියූ කවිය…..
නොසැලෙන පිරිසක් පමණක් අප හා එද්දෙන්
යන්නට දෙපා පණ නැති වුන් නවතිද්දෙන්
ජය බිම කරා අපි යමු පෝරක මැද්දෙන්
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට විමලධර්ම නේවාසිකාගාරයේ බිත්තියක )
………………………………………………………
සරසවි සිසුවාට ඇති නැති පංති බේදය රුස්සන්නේ නැත,මේ ඒ උදෙසා ලියූ කවිය…..
කිරට හඩන මට කිරි පිටි නැති හන්දා
නුඹේ කුසට නිසි අහරක් නැති හින්දා
වටපිට හැමදේම මුදලාලිගෙ හන්දා
අනේ මාව නොම විකුණන් මගෙ අම්මා
නුඹේ කුසට නිසි අහරක් නැති හින්දා
වටපිට හැමදේම මුදලාලිගෙ හන්දා
අනේ මාව නොම විකුණන් මගෙ අම්මා
(කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ සමුගැනීම )
නොහඩන් සරසවිය හඩමින් කදුළු කැට
වැඩ නැත මොළේ ඇති වුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැනෙන හෙට
රැකියාවක් ලබා ආවෙමි සිපිරි ගෙට
වැඩ නැත මොළේ ඇති වුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැනෙන හෙට
රැකියාවක් ලබා ආවෙමි සිපිරි ගෙට
………………………………………………………
සරසවි ජීවිතයේ නවක වදය පිළිබද ලියා ඇති පද්‍ය මෙසේය……
මම බාලේ සිට අකුරට ලොබ බැන්දා
කැම්පස් ආවෙ දෙටු උතුමනි ඒ හින්දා
මෙතැනට එන්න රැග් අතොරක් නැත වින්දා
මෙතැනින් තව රැගක් මොන එකටද මන්දා
කැම්පස් ආවෙ දෙටු උතුමනි ඒ හින්දා
මෙතැනට එන්න රැග් අතොරක් නැත වින්දා
මෙතැනින් තව රැගක් මොන එකටද මන්දා
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නෙවාසිකාගාරයක )
උපුටා ගැනීම “ඉරිදා ලංකාදීපය”
යම් යම් වෙනස් කම් සිදුකර ඇත
යම් යම් වෙනස් කම් සිදුකර ඇත
No comments:
Post a Comment