අපේ කැම්පස් එකේ ඉන්න රුප සුන්දරිට මේක ලිව්වේ. පද්ද පද්ද මගේ ඉස්සරහින් යද්දී, ලියවුනා. එකී දන්නවා නම් මාව මරල හංගනවා, කට්ටියට හොය හොය ඉන්න… ස්වභාවිකවම ලස්සන කෙල්ලෙක්, එත් තවත් ලස්සන වෙන්න නිතරම දගලන නිසාද මන්ද ඉස්සර තිබුන ලස්සන දැන් නැති වෙලා. හරිම අමුතු, විකාර පෙනුමක් ඇවිත්. දැන් නම් කැතද ලස්සනද කියල පොඩ්ඩක් හිතාගන්න අමාරුයි… සැහෙන්න පින්තාරුවක් මුනේ තියෙනවා. ඉතින් මුණ හෝදලා ඉන්න වෙලාවක දැක්කොත් මං හරියටම බලල කියන්නම් (කට්ටියට දැන ගන්නම ඕන නම්). දැන් ඉතින් ටැලිපෝන් නොම්බර එහෙම අහන්න එපා. හිත හොද කෙල්ල මොනවා උනත්…
හිරට ඇදපු ඩෙනිමයි
අත් නැති දුහුල් බැනියමයි
රතු පාට කොන්ඩෙයි
සුදු කරපු මුහුණයි
හැඩ දාපු ඇහි බැමයි
පාට ගෑ දිගු නියයි
සිංග්ලිෂ් කතාවයි
නැළවෙන ගමනයි
අඩි උස සපත්තුයි
දෙයියෝ සාක්කි!!!
මේ අපේ පංච කල්‍යාණිය නේ?
අව්රුදු උත්සවේ…
No comments:
Post a Comment