Thursday, May 23, 2013

උස්සනවා ඕයි

මේක මීට අවුරැදු ගානකට කලින් මඩකලපුව පැත්තේ රාජකාරී කරපු පොලිස් අධිකාරීවරයෙකුට වෙච්ච සිද්ධියක්. දවසක් උදේ මෙතුමා රියදුරා එක්ක රාජකාරී සඳහා වාහනේ යනවලු. රියදුරා බොහොම මෑතකදි පොලිසියට බැඳුනු තරැණයෙක්ලු. මෙතුමා දැක්කලු රියදුරාගේ මුණ වැඩිය හොඳනැති ගතියක්. එතන ඉඳලා කථාව වෙච්ච විදියටම ලියන්නම්.
අධිකාරී - මොකද අයිසේ මූණේ හැටි.. ටිකක් හිනාවෙලා ඉන්නවකෝ උදේ පාන්දර.
රියදුරැ - නැහැ සර්..මේ ..මේ...
අධිකාරී - මොක්කද අයිසේ ගොත ගහන්නේ.. තමාසෙට මොනහරි ප්‍රශ්ණයක් තියෙනවද ?
රියදුරැ - පොඩි ප්‍රශ්ණයක් නම් තියනවා සර්.. ඒත් මේ...
අධිකාරී - කියනවා අයිසේ... කියනවා.. මොකක් ද?
රියදුරැ - මං ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනවා සර්.. දැන් ඒ ගෑණු ළමයා කියනවා අම්මලා තාත්තලා වෙන කෙනෙක්ව හොයනවළු බන්ඳලා දෙන්න.
අධිකාරී - අපෝ ඕක මොකක්ද අයිසේ... තමුසේ මහ බය ගුල්ලේක්නේ.. කෙලින්ම ගිහින් අහනවා.
රියදුරැ - අනේ බයයි සර්.. ඒගොල්ලෝ හරි සල්ලිකරයෝ.. තාත්තා හරිම වසයිළු..
අධිකාරී - අනේ ඕයි.. තමුසේ පොලිසියේ කියලා කියන්නත් ලැජ්ජයි. එහෙම මොනාහරි උනොත් කේස් එකක් දාලා තාත්තව ගන්නවා ඇතුලට.. දෙක තුනක් දෙනකොට නිකම්ම කැමති වෙයි.. තමුසේ බය නැතිව ඉන්නවා.. මොනාහරි උනොත් මං ඉන්නවානේ..
රියදුරැ - අනේ බොහොම ස්තූතියි සර්.. මං ගෑණු ළමයට කියන්නම් සර්..
අධිකාරී - හරි.. හරි.. දැන් ඉස්සරහා බලාගෙන එළවනවා.

සති කීපයකට පසු..
අධිකාරී - මොකද තමුසේ අදත් මූණ එල්ලගෙන.. කෙල්ල මොකද කියන්නේ.
රියදුරැ - වැඩක් නැහැ සර්..මාගේ ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ දැන්.. කෙල්ල කියනවා ඉක්මනට මොනාහරි නොකොලොත් එයා ගැන අදහස අතඇරගන්න වෙයිළු.
අධිකාරී - ඉතිං තමුසේ මොකද කිව්වේ..
රියදුරැ - මං මොනවා කියන්න ද සර් ?
අධිකාරී - කොන්ඳ කෙලින් වැඩකරනවා.. පිරිමියෙක් වගේ.. කෙල්ල අඩු වයසද ? , කෙල්ල තමුසෙට ආදරේද ?
රියදුරැ - වයස හරි සර්, ඕව් සර්...එයා මට ගොඩක් ආදරෙයි...
අධිකාරී - තමුසේ...?
රියදුරැ - ඔව් සර්... එයා මගේ පන... මං මගේ ජීවිතේටත් වැඩිය එයාට ආදරෙයි..
අධිකාරී - එහෙනම් මොන් මගුලද ඕයි තවත් බලාගෙන ඉනනේ.. තාත්තටයි අම්මටයි බමිබු ගහගන්න කියලා උස්සගෙන යනවා ඕයි... මොනාහරි උනොත් මං බලාගන්නම්.. තමුසෙට ඕනේ නම් මං ට්‍රාන්සර් එකකුත් හදලා දෙන්නම්.
රියදුරැ - කමක් නැද්ද සර්..
අධිකාරී - කමක් නැයැ ඕයි ... උස්සගෙන යනවා... තමුසේ වගේ පොලිස් කාරයෙක්..
දින කීපයකට පසු පොලිස් අධිකාරීවරයාගේ විසි දෙහැවිරිදි දියණිය අතුරැදහන් වී ඇති අතර ඇය විසින් ලියා තබන ලද ලිපියක සඳහන් තමා සිය පියා විසින් තම පෙම්වතාට දෙන ලද උපදෙස් මත මෙම තිරණය ගත් බවයි. අදාල පොලිස් අධිකාරීවරයා විශ්‍රම යනතෙක්ම රියදුරෙකු යොදා නොගන්නා ලදී.

Hillock on the back

ඔන්න අද මූණු පොත පැත්තට යනකොට අපේ පරණ බුවෙක් ආයෙම ලස්සන කතාවක් කොටලා එවලා තියෙනවා දැක්කා.මෙලෝ රහක් නැති උනත් මේ දවස් වල කතා අහීනියකට මුනපාල ඉන්න සිරාට මාර හැපී ඉතින්.මේ බුවා කවුද කියලා මම ඉස්සර කියලා තියෙනවා.මිට කලින් බ්ලොග් එක කියවපු උන් නම් මේකා කවුද කියලා දන්නවා.නොදන්නා කවුරු හරි ඉන්නවා නම් අර බොඩි මිනිය කියෙවුව නම් කටට රහට අදුරගන්නවා.
වෙලාවකට තමන්ගේ ජිවන අත්දැකීමක් කියනවද කියලත් හිතුනා.
ඔන්න කොහොම උනත් රොම්බ තෑන්ක්ස් අචි....(කවුද යකෝ අ(සු)චි කිවුවේ.)

සුද්දෝ ලංකාව පාලනය කොරන කාලේ ගංසභා අහෝසි කොරල උන්ගේ උසාවි පිහිටෙව්ව නෙව.ඔව්වයෙ නඩු ඇහුවෙත් සුද්දොමයි. ගං වල මිනිස්සුන්ට මොන ඉන්ගිරිස්ද. ඒ හිංද සුද්දොන්ට කඩේ යන කලු සුද්දෙක් ඉන්නව භාශා පරිවර්තක විදිහට.
ඔන්න දැන් මේ වගේ උසාවියක නඩ්ඩක් යනවා. මිනී මැරුම් නඩ්ඩක්. ඇසිං දුටු සාක්ෂි කාරයෙක් ඉන්නව. ගමේ දර කපන මනුස්පය කරෝලිසා. අනේ හරි අහිංසක මනුස්පය.ගෑනු දෙතුන් දෙනෙක්නඩත්තු කොරගෙන දැහැමෙන් සෙමෙන් කාලය ගෙවාගෙන උන්නේ. වාසනාවට කැලේ ඇතුලේ මිනීමැරුම වෙන වෙලාවේ මෙ යකා කැලේ ඉඳල..පොඩි කණ්ඩියකට මුවා වෙලා බලං ඉඳල සීන් එක.
දැන් ඔන්න නඩ්ඩත් නඩුව අහනව සාක්කි කාරයව ගෙන්නල. තෝල්කය අමුඩෙ ගහගෙන ට්රාන්ස්ලේට් කොරනව.
නඩ්ඩා අහනව : when did you see the crime scene? කියල.
තෝල්කය ඉතිං කියනව “නඩුකාර හාමුදුරුවො අහනව උඹ කොයි වෙලාවෙද මේ මිනීමැරුම දැක්කේ කියල”
සාක්කි කාරය : මං දර කපන්ට ගිය වෙලාවේ දැක්කේ හාමුදුරුවනෙ.
ඕක ඉතිං තෝල්කය දෙනව කඩ්ඩට කොන්වර්ට් කොරල. වැඩේ ඔහොම යද්දි කියවෙන හැටියට නඩ්ඩට තේරෙනව මිනීමැරුම වෙච්චි තැන පිටිපස්සේ පොඩි කඳු ගැටයක් හෝ කණ්ඩියක් තිබිල තියෙන බව. ඉතිං නඩුකාර උන්නාන්සේ අහනව
Was there a hillock on the back?කියල.
හිලොක් කියන්නේ පොඩි කඳු ගැටේට නොවැ...
දැන් තෝල්කයට මේ hillock කියන එක අවුට් ඔෆ් සිලබස්. මූ ටිකක් කල්පොනාකොරා. මේ ගමේ හැත්ත ඉස්සරහ චාටර් වෙන්න පුළුවනෑ.. ඕන්න එතකොටම මූට හිලොක් කියන එකේ තේරුම ඔලුවට එනව පින්වතුනි. ආලෝකෝ උදපාදි නොහොත් ආලෝකය පහල වෙනව. මූ මෙන්න මෙහෙම මේක පරිවර්තනය කොරනව.
“නඩුකාර උන්නාන්සෙ අහනව ඒ වෙලාවෙ උඹේ පස්ස පැත්තේ හිලක් තිබුනද කියල.”
අර යකා අන්දමන් දූපත් තත්වෙකට පත් වෙනව. එත් ඉතිං නඩුකාර හාමුදුරුවෝ අහද්දි නොකිය කොහොමෙයි. මිනිහ කියනව
“අ..අනේ ඉතිං...ති..තිබුන හමුදුරුවොනෙ” කියාල.
තෝල්කයත් මහත් චිත්තප්රිතියෙන් නඩ්ඩට කියනව
“Yes sir. He says that there was a hillock on the back”
සුද්ද හිතනව, යකෝ පිටිපස්සෙන් කඳු ගැටයක් තිබ්බනං මේකා කොහොමද මේක දැක්කේ. සීන් එක කන්දට වැහෙන්ටෙපාය.මූ මේ කෙලින්නේ අමු කෙබරයක්ය කියල. එහෙම හිතල සුද්ද කියනව
“If there was a hillock on the back, there is no way that you can see the crime
scene. You are lying” කියාල.
දැන් තෝල්කයගේ වාරේ....
"නඩුකාර හාමුදුරුවො කියනව කරෝලිසෝ,ඒ වෙලාවේ උඹේ පස්ස පැත්තේ හිලක් තිබුනනං උඹට මේ මිනීමැරුම පේන්ඩ විදියක් නෑ.. උඹ කියන්නේ බොරුය කියල"
ඕන්න මේ වෙලාවෙදි තමා කරෝලිසාට උනත් මල පනින්නේ.
"යකෝ මේක හරි කෙලියක්නේ. ඒ වෙලාවේ පස්සේ හිලක් තිබ්බ එකෙක්ට මෙතන ඉන්නේ මං විතරද බොලව්? තොපේ හිල් වැහිලද තිබ්බේ? මගේ පු* හිලක් තිබුනයි කියල මං බොරු කිව්ව වෙන්නේ කොහොමෙයි? ඇයි යකෝ නඩුකාර හාන්දුවන්ගේ පස්සෙත් ඒ වෙලාවේ හිලක් තිබුනෙ බොල. එහෙනං උන්නාන්සේ කියන්නෙත් බොරු වෙන්ටෙපායැ. මෙතන මිනිහෙක් මැරුණ. මගේ පු* හිල තමා උන්නාන්සේටත් ලොකු උනේ


ඔයාලගේ තවත් රසබර කතා තියෙනවා නම් එවන්න හොදේ.....!

Tuesday, May 21, 2013

ආදරේ ........


මේක ටිකක් දිග කතාවක්.එත් ගොඩක් ලස්සන කතාවක්.ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් වෙයි කියල හිතනවා.යාලුවෙක් ගේ පේජ් එකකින් ඉස්සුවේ.හැමෝටම රසවිදින්න ඔන්න දැම්මා.
මම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ. අපේ මංගල රථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට නිවස දක්වා ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි.

ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේ බොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිද සේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකම පුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපි දෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩු වෙන බවක් මට තේරුණා.

ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..

ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත් තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබා දෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදට කරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොට මගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත් කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන් මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ.

නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේ කොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවට පත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොද බිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩ අවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා, ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නට ඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන් මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ.

දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවා කියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා.
ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා

ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේ සේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන් කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත් සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක් ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මම දුටුවා.

එදින සවස ඈන් කාර් යාලයට ආවා.

"ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇය දෑස් අඩවන් කරලා කිව්වා.

මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලා බිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.

"බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"

ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියන වේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා.
ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේ ඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේ ඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි,

"ඇයි"

මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා.

"ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.

ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මට ඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දිය යුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙන ආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.

ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථය සහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලා එය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක් දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ.

පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක් හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒ ඇගේ දික්කසාද කොන්දේසි.
ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා. ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වා තිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහු නිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇය දන්වා සිටියා.

මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා

"ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"

මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේ විවාහ දවසට ඇදිලා ගියා.

"හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.

"ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා.

"මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවස දක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ"

"හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.

පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එය මහ මෝඩ ඉල්ලීමක් බවයි.

"එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල් සහගත ලෙස පැවසුවා.

දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන් ඒ අවස්ථාවට මුහුන දුන්නේ.

"මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන් දෙමින් කෑ ගැසුවා.

ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.

"අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින් පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.

දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපි දෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුව සිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙස රැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.

තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"

හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටිය පෙම්වතුන් යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මට වැටහුනා.

පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම් දේවල් පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩි පොඩි දේවල්.
මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේ නෑ.

දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මම ශක්තිමත් වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇය අදින්න ඇදුමක් තෝරනවා.ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,

"බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනා සුනත් මට තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වන නිසා මිසක් මම ශක්තිමත් වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙන සිටින බව මට වැටහුනා.මට ඇය ගැන දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අත ගෑවා.මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා

"තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා.

මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගට එන්න කියලා පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලු ඇය දකීවි කියලා.දික්කසාදය පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවා ගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහ දිනයේදී වගේ.

දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බව තේරුනා. අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.

"මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේ දෑස් වල කදුලු පිරිලා.

"අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේ සිරුරට තද කර ගන්න ගමන් කිව්වා.

මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට, මෝටර් රථයෙන් බැස්ස මම ගියේ ඈන් ලගට.

"මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනා සුනා.

"මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"

ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා.
"ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.

"මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහ ජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල් වල තියන අගය තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේ ඔසවාගෙන ආපු මොහොතේ ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයව ඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙන යනකොට,මට සමාවෙන්න"""

ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇය හඩමින් කාර්යාලයෙන් ඉවතට දිව ගියා.

මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව.
ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක් ඇනවුම් කලා.මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්න කියලා.

"මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා..

වහාම විකිනෙයි

මේක සිරාවටම වැඩකරපු පත්තර කන්තෝරැවක වෙච්චි වැඩක්....

අපි ඒ දවස්වල පාර්ට් ටයිම් ජොබ් හොයන කාලෙ....අදාල පත්තරේ තාවකාලික ටයිප් සෙටින් වලට ගිහිල්ල හිටියෙ...අපිට තිබ්බෙ...පොඩි පොඩි ඇඩ් ටයිප් කරන්න....ඔය මනමාල මනමාලියන්ගෙ මංගල යෝජනා ටයිප් කරන්න එහෙම....

අංකල්ල සෙට් එකක් තමා හිටියෙ පෘෆ් බලන්න...හැමදාම හැන්දෑවෙ හයට විතර වැඩ පටන් ගත්තාම පාන්දර තුන හතර වෙනකම් වැඩ...පාන්දර වෙද්දි කණ සාක්කුවෙ 
ඉන්නෙ කොහෙද....කරන්නෙ මොනවද කිසි දෙයක් දන්නෙ ග*ජ ගැහුව වගේ අඩ නින්දෙ තමා ඉන්නෙ..ඔන්න දවසක් උදේ පාන්දර අපේ රිසෙප්ෂන් එක පැත්තෙන් ටිකක්....සද්දෙට සුද්ද සිංහල වචන ටිකක් ඇහෙනව...

"මොනවද ඔයි මේ පත්තරේ දාල තියෙන කුණු හරැප, මගෙ කෙල්ලට දැන් පාරෙ බැහැල යන්න බෑ...මොන හු**ගෙ පුතා ද මේක ටයිප් කරේ"

සද්දෙට බාගෙට නිදාගෙන හිටපු අපිත් ඇහැරැණා....තව තව වචනත් ඇහුන මේකෙ ලියන්නත් මොකක්ද වගේ හින්ද නොලිය ඉන්නම්....ටික වේලාවකට පස්සෙ බොසා ආව...මුණ නිකම් ඉස්කෝප්ප ආසිය වගේ...කං වලින් දුං විසිවෙනව...

"කැලුම් එනව පොඩ්ඩක් රූම් එකට"

අපේ "බකය"ට බොසා කතා කලා. විනාඩි පහලොවක් විතර රූම් එක ඇතුලෙ ඉදන් බකය එනව...

"මොකද බං"

"මාර සීන් එකනෙ ඇඩ් එකක අකුරැ වැරදිලා බං...මේ පෘෆ් බලන නාකි හැත්තවත් මේක බලල නෑනෙ..."

"අපෙත් වරැදිනෙ බං...ඕක මහ දෙයක් යෑ"

"ඒකනෙ බං මේ මහ එකාට කිව්වට තේරෙන්නෙත් නෑනෙ..."

"මොකක්ද දැන් සීන් එක..."

"ඔන්න උඹලම බලා ගනින්ලකො..පොඩි අවුලක් බං...."


"ප්ලැට් රෑෆ්, ඩබල් ඩෝර් සහිත 23 හැවිරිදි බොදු ගොවි, බියකරැ යුවතියකට සුදුසු ගැනුමකරැවෙක් සොයයි. අතරමැදියන් අනවශ්‍යයි. අයිතිකරැ විදේශ ගතවන නිසා වහා විකිණේ."

මමනේ ඕයි

ඔන්න අපේ ජ***තිතුමා එංගලන්තේ සංචාරේක ගිය ගමන බකිංහැම් මාලිගාවට ගියාලු මහා රැජින ව බැහැ දකින්න.
එංගලන්තේ හැම කටයුත්තක්ම බොහොම විනයානුකූලව සිදු වෙනවනේ.ඇඟිල්ලෙන් ඇන ඇ න කියන්න ඕනි නෑ නේ.ඉතින් ****තිතුමට හරිම පුදුමයි ලු කොහොමද මෙහෙම වෙන්නේ කියල.
ඉතින් රැජින එක්ක සතුටු සාමීචියේ දීගෙන ඉන්නකොට ****තිතුමාට ඒ ගැන රැජිනගෙන් අහන්න හිතුනලු.

****තිතුමා : රජිනියනි,ඔබතුමියගේ රටේ හැම වැඩක් ම බොහොම ක්‍රමානුකූලව සිදු වෙනවා.මොකක්ද මේකේ රහස..?

රැජින : මේකනේ මිස්ට මහින්ද.මගේ රටේ ඇමතිවරු මන්ත්‍රී වරු බොහොම බුද්ධිමත්.කෙලින් කතා කරන,ඒ විදිහට වැඩ කරන මිනිස්සු.ඒ නිසා තමා අපේ රට දියුණු වෙන්නේ.ඉන්නකෝ මම ඔයාට ඔප්පු කරලා පෙන්නන්න.

මෙහෙම කියපු රැජින එංගලන්තේ අගමැති ඩේවිඩ් කැමරන් ට කෝල් එකක් ගත්තලු.

රැජින: මිස්ට කැමරන් මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා.ඔයාගේ තාත්තට ළමයෙක් ඉන්නවා.එයා ඔයාගේ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවේ.එහෙනම් එයා කවුද..??

කැමරන් : ඒ මමනේ රැජිනියනි.

තත්පර පහක්වත් ගන්නේ නැතුව කැමරන් ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නලු.
කොහොමහරි සංචාරය නිමා කරලා ලංකාවට ආව ****තිතුමා ට එතුමාගේ ඇමතිවරුන් ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරලා බලන්න හිතක් පහල වෙලා එතුමාව මුණ ගැහෙන්න ආව *.* පීරිස් මහත්තයාගෙන් අර ප්‍රශ්නේ ඇහුවලු.

අනේ ඉතින් ඒ මහත්තයා අහස පොලොව ගැටගහන්න කල්පනා කරනවලු කරනවලු.ම්හු උත්තරයක් දී ගන්න බැරිලු.මල පැන්න ****තිතුමා "මොනාද ඔයි තමුසෙට මෙච්චර ලේසි ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරි ද..?? හරි මම පැය 24 ක් කල් දෙන්නම්.උත්තරේ හොයාගෙන ඇවිත් මට කියන්න" කියල කිව්වලු.

ජී.* මහත්තයා ගෙදර ආව ගමන් කෝල් එකක් ගත්තලු බී.එස් *සානායක ඇමතිතුමා ට.එතුමගෙනුත් ප්‍රශ්නේ ඇහුවට එතුමා උත්තරේ දන්නෙත් නෑ ලු.උත්තරේ මොකක්ද කියා කියා කල්පනා කරනකොට බී.එස් මහත්තයා එක පාරටම කිව්වලු "අපේ වම්පික නම් මේකට උත්තරේ ෂුවර් එකටම දන්නවා ඇති.අපි මිනිහට කෝල් එකක් දීල බලමු" කියල.

වමිපික මහත්තයාට කෝල් එකක් දීල ප්‍රශ්නේ කිව්වම එතුමත් කිව්වලු "ආ..ඒ මමනේ" කියල.
ඔන්න ඉතින් අර දෙන්නට ෆුල් සැටිස්.දෙන්නම ගියාලු හවස ****තිතුමා ව බැහැ දකින්න.

****තිතුමා : ආ..දෙන්නම ආවද..? මොකද හොයාගත්තද මගේ ප්‍රශ්නෙට උත්තරේ..?

ඩබල : එහෙමයි.උත්තරේ තමා වම්පික වනරක.

****තිතුමා : (මල පැන) තමුසෙලාට ඇමතිකම් දුන්නටත් පාඩුයි ඕයි.මෙච්චර ලේසි ප්‍රශ්නෙකට උත්තරේ දන්නේ නැති තමුසෙලා කොහොමද මම බාර දෙන වැඩ හරියට කරන්නේ..?

ඩබල : (ඉතා අහිංසක ලීලාවෙන්) එහෙනම් හරි උත්තරේ මොකක්ද ****තිතුමා තුමනි..?

****තිතුමා : උත්තරේ ඩේවිඩ් කැමරන් නේ ඕයි.


උපුටාගැනිමකි

මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව



සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත්
මෙම නිවසේ පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...

ඔහුගේ දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත් ගියේ නැත

පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය .. උඩුමහලේ බැල්කනියට වී හුදකලාව සිටි අතර නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක් ව්සින් ගායනා කල මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්‍රිය කලාය..

එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය.. ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...

දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම් කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .

දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය . තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...

“ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ...
පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”

එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය . තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.

එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..

“දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”

දෙදෙනාගේ ප්‍රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත් කැස්සත් වසන් කල නොහැකියි යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට දැනගැනීමට ලැබුණි ..
මෙය දැනගත් විට මුදලාලි යක්‍ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්‍රේමය තහනම් කිරීමට පියා අපොහොසත්ය..

“මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම ..
සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”

මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර .. පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..

“ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා...
මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා හැඩුවේ එදා...
රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා කිවා....මට තව මතකයි ඒවා ...”

තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..

මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්‍රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන් ඔහු ක්‍රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්‍රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්‍රම ක්‍රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..

මෙයින් උපරිම ප්‍රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්‍රේමයෙන් වෙලුනි මෙතෙක් ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත .. මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශ කලේය ..

එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය .. නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්‍යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...

“ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ...
වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’

දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ ප්‍රධානම ක්‍රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය .. එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..

“ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ...
ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....

එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට එන ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්‍රයෝජනයට ගනිමින් වැළකුවේය..

කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...

මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....

“අදහෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා - රහසින් මට ඇසුණා..
ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ...
දැන දැන මා නම් වැරදිකරේ නැත ...
ඔබ ගැන මට පුදුමයි .....
වෙනසක තතු නොහැගෙයි....

එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය... එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..

“අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ...
එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...

පසුව ඔහු ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..

අවසානයේ මේ අග්‍රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට මක්නිසාදයත් ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..

මරු කතරේ මිනිස්‌ පුරේ
කොතැනක වේවා
මෙතේ බුදුන් පාමුල ඔබ
නෙළුමක්‌ වේවා.....

උපුටාගැනිමකි
උපුටා ගැනීම ලොලේ ලොල් පිටුවෙනි

Saturday, May 18, 2013

බොඩි මිනිය

ඔන්න කාලෙකට පස්සේ සිරාගේ අති (ප)ජාත මිත්‍රයෙක් ලස්සන කතාවක් එවලා තිබ්බා.පොඩ්ඩක් ගද උනත් , යන යන හැම වැඩේම අල කොරගත්තත් අනේ ඉතින් කොච්චර උනත් හිත හොද එකා.කැම්පසියේ රුපසුන්දරියෝ හැටකට විතර බැල්ම දැම්මත් තාම එකක් වත් ගොඩ නොගියපු අපේ මේ අහිංසක බුවා කාගේත් ආදරේ දිනාගනිපු අහිංසක කන්නාඩි පොලගෙක්.මේ දවස් වල අනුරාදපුරේ පැත්තට වැදගෙන ඉන්න අපේ මේ හිත හොද බුවා කවුද කියලා දැන් කාට කාටත් අදුරගන්න නම් බැරි වෙන එකක් නෑ කියලා සිරා හිතනවා.


ඔන්න ඉතින් ඕන මගුලක් කියලා බුවාට (අ)ගවුරව කිරීමක් ලෙස උගේ හෑල්ල ඒ විදියටම බ්ලොග් එකට එබුවා.
ඔන්න කොළඹ පෑත්තෙ මුඩුක්කු තියන වත්තක මහරෑ 12ට විතර මිනිහෙක් මෑරිල හිටියලු. ලංකාවේ උන් 
ඈමරිකාවෙ මිනිස්සු වගේ අනුන්ගෙම දේවල් හොයන ජාතියක්නෙ. ටිකක් තලත්තෑනි වයසෙ ඉන්න
අම්මන්ඩිල පිරිමින්ටත් ඉස්සර වෙලා මිනියවට කරගෙනලු. 

රෑට ඈඳගෙන හිටපු නයිටිද මොනවද කියන ඒව පිටින්ම දුවගෙන ආපු අම්මන්ඩිල මරනෙට හේතුව කතා කරන අතරෙ එකෙක් දීපු කෝල් එකකට පොලිසියෙන් ආවලු. නීතියටම වෑඩ කරන ලා0කික පොලිස් නිලදාරියෙක් කරුවලේම ගාම්බීර විදිහට ජීප් එකෙන් බෑස්ස ගමන් නයිටියක් ඈඳගෙන හිටපු අම්ම කෙනෙක්ගෙන් මෙහෙම අහනවලු. ..." කෝ බොඩිය"...අර අම්ම වටපිට බෑලුවලු අත් දෙකෙන් පපුව වහගත්තලු සුසන්තිකාට වඩා හයියෙන් ගේ තියන පෑත්තට පෑනල දිව්වලු.

Friday, May 17, 2013

සරසවි කුරුටු ගී




සරසවි සිසුන්ගේ දුක,සතුට හදවතට දැනෙන ලෙස පද වලට පෙරලා ඇති අපූරුව…..
මේ සීගිරි කැටපත් පවුර නොවේ
දේශන ශාලාවක,පොත්ගුලේ පුටු ඇන්දක,මේසයක,බිත්තියක,නේවාසිකාගාරයේ බිත්තියක,කැන්ටිමේ මේසයක නැතිනම් වැසිකිළි බිත්තියක මේවා ලියා ඇත.මේ කොතැනක වුව ලියැවුණු කුරුටු ගීය සරසවි ජීවිතයේ යථාර්ථය පිළිඹිබු කරනා කැටපතක් නොවන්නේද………?
සිහිනෙන් පවා මගෙ සුබ විහරණය පැතූ
අම්මා දනී නම් මේ සරසවියෙ තතු
වර බොල කොලුවො යැයි දෙනෙතින් කදුළු යුතු
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු
……………………………………………………………………………………………………………………….
ප්‍රේමය සැමදාකම මිහිර රැගෙන නොයෙයි.ප්‍රේමය බිද වැටුණු විරහව ජීවිතයට විදින්නට සිදුවන අමිහිරි අත්දැකීමකි මේ….
“මම බලාගෙන සිටියා
කාලයේ නිම්වළලු අතරින් ඇය සැගව යන අයුරු
හදවතින්ම ඇයට සුබ පැතුවද
නැහැ
කදුළක් කිව්වේ ඒ සතුරා මලට ආයෙත් එන්න
සයොනාරා කියලා”
(කැලණිය විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක )
“ඔබහට පෙම් කළ යුගය නිමාකර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාවදෙන් මට
සෙනෙහෙ සිතින්”
(කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර බිත්තියේ 91.10.12 )
………………………………………………………..
අසාධාරණ දේශපාලනයට එරෙහි රැඩිකල් දේශපාලන ප්‍රවාහයක් දියත් කිරීමේදී සරසවි සිසුන් පෙරමුණ ගත්හ,ඔවුන්ගේ අත්දැකීම් මෙසේය
මා මිය ගියත් මේ දෙරණේ අසම සම
රතු මල් පිපේවා පොහොරට රැගෙන ළැම
ලෝකය පිටු දකින දිනයක දිළිදු කම
නැගිටිමි ඇත්මයක් සමගින් එදින මම
(රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ශාලාවක )
……………………………………………………
කන් හිරි වැටෙන ළය පුපුරන වෙඩි සද්දෙන්
නොසැලෙන පිරිසක් පමණක් අප හා එද්දෙන්
යන්නට දෙපා පණ නැති වුන් නවතිද්දෙන්
ජය බිම කරා අපි යමු පෝරක මැද්දෙන්
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට විමලධර්ම නේවාසිකාගාරයේ බිත්තියක )
………………………………………………………
සරසවි සිසුවාට ඇති නැති පංති බේදය රුස්සන්නේ නැත,මේ ඒ උදෙසා ලියූ කවිය…..
කිරට හඩන මට කිරි පිටි නැති හන්දා
නුඹේ කුසට නිසි අහරක් නැති හින්දා
වටපිට හැමදේම මුදලාලිගෙ හන්දා
අනේ මාව නොම විකුණන් මගෙ අම්මා
(කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ සමුගැනීම )
නොහඩන් සරසවිය හඩමින් කදුළු කැට
වැඩ නැත මොළේ ඇති වුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැනෙන හෙට
රැකියාවක් ලබා ආවෙමි සිපිරි ගෙට
………………………………………………………
සරසවි ජීවිතයේ නවක වදය පිළිබද ලියා ඇති පද්‍ය මෙසේය……
මම බාලේ සිට අකුරට ලොබ බැන්දා
කැම්පස් ආවෙ දෙටු උතුමනි ඒ හින්දා
මෙතැනට එන්න රැග් අතොරක් නැත වින්දා
මෙතැනින් තව රැගක් මොන එකටද මන්දා
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නෙවාසිකාගාරයක )
උපුටා ගැනීම “ඉරිදා ලංකාදීපය”
යම් යම් වෙනස් කම් සිදුකර ඇත

සරසවි කුරුටු ගී............

ඔන්න ඒකයි හොදේ


මනෝවිද්‍යාත්මක හෙළිදරව් කිරීම් හා සමාන්තර වන ජෛවවිද්‍යාත්මක පැහැදිලි කිරීම් රාශියක් ,ඩෙස්මන්ඩ් මොරිස් නමැති ලෝකප්‍රසිද්ධ සත්ත්ව විද්‍යාඥයා විසින් මීට‍ පෙර වඩා සිත්ගන්නාසුළු හා තර්කානුකූල ලෙස ඉදිරිපත් කර තිබේ .


ඩෙස්මන්ඩ් මොරිස් පවසන්නේ ,ස්ත්‍රී පියයුරු වල ප්‍රමුඛ කාර්යය කිරි දීම නොව ,ලිංගික සංඥා නිකුත් කිරීම බවයි .අනෙකුත් ක්ෂීරපායි සතුන්ගේ පියයුරු හා සංසන්දනය කරමින් ඔහු පවසන්නේ ,කිරිදීම පියයුරු වල ප්‍රධාන කාර්යය නම් ,ඒ සඳහා වඩාත්ම උචිත හා ප්‍රශස්ථ හැඩය ,සතුන්ගේ මෙන් දිගැටි හා සිහින් හැඩය බවය .

පියයුරු රවුම් ගෝලාකාර ආකර්ශනීය පෙනුමක් ගෙන ඇත්තේ ලිංගික සංඥා දැක්වීම සඳහා බව මොරිස් පවසයි .කාන්තාවන් තම පියයුරු සුන්දරව තබාගැනීමට වෙහෙසීමත් ,ලිංගික උත්තේජන කලාප පිහිටීමත් නිසා ඔහුගේ මතය වඩා තර්කානුකූල සේ පෙනීයයි .



මිනිස් පරිණාමයේ මුලාරම්භයේ සිට ,ස්ත්‍රියට දරුවකු බිහිකර හදාවඩා ගැනීම තනිවම කල නොහැකි ඉතා දුෂ්කර කාර්යයක් විය .මෙම වගකීම බෙදා ගනීමට ඇයට පිරිමියාගේ සහය නිතර අවශ්‍ය විය .දෙදෙනා එක්ව කටයුතු කිරීම මත පවුල නමැති ඒකකය බිහිවිය .මෙම ඒකකය නොබිඳී පවත්වා ගනීමට අවශ්‍ය ප්‍රධාන සාධකය ,පිරිමියා ස්ත්‍රිය වෙත නිරන්තරයෙන් බැඳ තබන රැහැනක් අවශ්‍යවීමයි .සත්ත්ව ලෝකයේ අනෙකුත් සියලුම සතුන්ගේ ලිංගික හැසිරීම් වසරේ කිසියම් කාලයකට සීමාවී ඇතිමුත් ,මිනිස් ස්ත්‍රි සිරුර ඕනෑම මොහොතක මේ සඳහා ක්‍රියාකාරී දායකත්වය පෙන්වන අතර ස්ත්‍රී සිරුර ලිංගික ආකර්ෂණය ඇතිකරවන ලෙස ස්වභාවය විසින් හැඩගස්වා අතර ,පියයුරු එහිලා ප්‍රධාන කාර්යයක් ඉටුකරන බව ඩෙස්මන්ඩ් මොරිස් සඳහන් කරයි .මේ නිසා මිනිස් යුවලක් නිතර ලිංගිකව එක්වීම අවලම් සිරිතක් නොවන බවත් එයින් ඔවුන් ලබන සතුට හා සහනය තුලින් එකිනෙකා කෙරෙහි බන්ධනය කර තැබීම සඳහා අවශ්‍ය වන ඉතා නිවැරැදි වුත් ජෛවවිද්‍යාත්මක හා පරිනාමීය වශයෙන් වඩා වැදගත් වූ ක්‍රියාවලියක් බවත් ඔහු අවධාරණය කරයි .

මෙනිසා පිරිමියකු ,ගැහැණියකගේ .පියයුරු දෙස විමසිල්ලෙන් බැලීම ජීව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක ක්‍රියාවකි .

දැන් ඉතින් ඔන්න බල බල යනවා නෙමේ

Wednesday, May 15, 2013

කවියකි ඈ

කියපු නොකියපු කවිකාර කම්
ඇවිත් මේ රෑ සිතට එබෙමින්
දැකපු නොදැකපු පෙම් හීන වල
තැවරුවා ඇගෙ සුවඳ යහමින්..

නපුරු බියකරු දැනෙන තනිකම
පලා යද්දී හිතේ කොනකින්
සුමුදු සුසිනිඳු ඇගේ කොපුලක
සුවඳ දැනුනා අකුරු අතරින්....

විදපු නොවිදපු ඇගේ තුරුලේ
සුවය යලි යලි මතක් කරමින්
ඉඹපු නොයිඹපු ඇගේ මුහුණෙ
හැම තැනම යලි සිතින් ඉඹිමින්...

දැනුන නොදැනුන ආදරේ ගෙන
මේ වගේ තව අකුරු කරමින්..
ලියපු නොලියපු මහ ගොඩක් කවි
ලියමි මම තව තවත්  ගොතමින් ....

මම රස්තියාදුකාරයෙක්

මොකද නෝනා 
මගේ දිහා ඔරවල බලන්නෙ...
සිගරට් දුම පොඩ්ඩක් වැදුනටද..
ඉතිං නෝනමනෙ
මේක අස්සෙ රිංගුවෙ....
හරියට ඔරවන්නෙ
මම ආව වගේනෙ
නෝනගෙ රෙද්ද අස්සට..
හෙ හෙ...
නෝන තරහ ගත්තට
මම තරහ ගන්නෙ නෑ නෝනා....
මම දන්නවා
නෝන ඔරවන්නෙ
දුම වැදුනට නෙවෙයි
ඉරිසියාවට......
මගේ තරහ..
මගේ දුක...
ඇතුලට එන සිගරට් දුමේ දියකරල..
එලියට පිඹල යැවුවට..
නෝන මේ රෙද්ද අස්සෙ රිංගල
එක එකාලට රෙද්ද උ@#$ව....
පිඹල නෙවෙයි මකලවත්
එලියට දාන්න බැරි නිසා...
අමතක කරන්න බැරි නිසා...
නෝනට ඉරිසියයි නේද....
එහෙම දුක් විදවන්නෙ නැති
මම වගේ..
රස්තියාදු කාරයෙක් ගැන...
සිගරට් දුම පිට දාල
නෝන එරෙවුවෙ
ඉරිසියාවට නේද........

එයා වර්ජින්

                                ගහල සද්දෙට බෙර
                                දාල නැකතට සුදු පාවඩ
                                ඔල්වරසන් හඩ මැද්දෙම
                                කැපුවට රතු පීත්ත පටිය
                                සතුටින් පිම්බිල
                                කුලුදුල් ඉස්සරහ දොරේ 
                                උඹ.....
                                දන්නෙ නෑ නේද
                                නැගල එන පාරෙ මැද
                                ගල් පඩිපෙල පුරාම
                                ගල් කටුවෙන් කොටල
                                කැටයම් කපල මහන්සියට
                                සද්ද නොකරම හෙමිහිට
                                පාවඩ මුකුත් නැතුවම
                                කලකට ඉහත හැන්දෑවක
                                පස්සෙ දොර ඇරල
                                ගියපු බව
                                මම......
 

ඔබගේ දැවෙන ප්‍රශ්නයට මගෙන් විසදුම්





ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබට ලොකු ටෝක්ස් දමනවාද... ??

ට්‍රයි කරණ කෑල්ලගෙන් ලකුණු නැද්ද ?

කෑල්ල අතේ ඉදියත් ටෝක් කරගන්න ක්‍රමයක් දන්නෙ නැතිද... ??




රේන් කෝට් නැතුව නාන්න බයද... ?



පැනපු කොටු ඉදිරියේදී රවුන් වේදැයි සැකෙන්ද ... ?


එසේත් නැතිනම් මොනයක් හෝ සීක්‍රට් ප්‍රොබ්ලම් එකකින් ඔබ දුක් විඳිනවාද.... ??
එසේනම් පමානොවන්න.. ඇනෝනිමස් ආතල්හි ඇනෝනිමසා ( හිටපු ) ප්‍රධානය කල ලි@#$වෛද්‍යාචාර්ය  පට්ටමෙන්පිදුම් ලැබූ.. සෙප්පඩ විද්‍යා උපදේශක හා  ඉලවු ලවු නිරවුල් කිරීමේ කතිකාචාර්ය ඔන්ලයින් ගුරු  සිරා අදම හමුවන්න...

වසර ගණනක අත්දැකීමෙන් හා පලපුරුද්දෙන්  ඔබගේ සියලු දැවෙන ප්‍රස්න වලට විසදුම් ගෙනෙන සැණින්එසැනින්..

අතිශය රහස්‍ය භාවය
සහනදායී මිල ගනං..

පහසු ගෙවීමෙ ක්‍රමහමුවීම- බුකියෙ ඔන්ලයි.. (ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති අය "විද්‍යාවේදී සිරා " යනුවෙන්බුකියේ සර්ච් කොර රික්වෙස්ටුවක් දමන්න. )

පහත ඇත්තේ පොඩිමෑන් මහතා ඒ අයුරින් තවත් එක් අසරණ දරුවෙකුට පිහිට වූ අකාරයයි.... 



අසරණයට පත් දරුවා...

මේ බං
විද්‍යාවේදී සිරා 
හ්ම්ම් කියපං


අසරණයට පත් දරුවා...
මට පොඩි ප්‍රස්නයක් තියේ.. උත්තරයක් ඕනෙ..



විද්‍යාවේදී සිරා 
ඉතිං කියපං..
    
අසරණයට පත් දරුවා...
කෙල්ලෙක් ප්‍රෙග්නට් වෙන්ඩ යන්න ඔනි ශුක්‍රාණු ප්‍රමාණයක් තියෙද?

විද්‍යාවේදී සිරා 
අම්මට හැ@@@ උඹටත් තියෙන ප්‍රස්ණ ආ... :D


අසරණයට පත් දරුවා...
විහිලු නෙවෙයි සිරා අහන්නෙ... කියපංකො..

විද්‍යාවේදී සිරා 
ඇයි උඹට පොඩ්ඩද යන්නෙ... බයේ ඉන්නවද පරම්පරාව ගෙනියන්න බැරිවෙයි කියල ? බය වෙන්න එපා මචං.. කවුරු නැත්ත මම උදවු කරන්නම්...


අසරණයට පත් දරුවා...
උඹත් එක්ක බෑ  බං...

විද්‍යාවේදී සිරා 
හරි හරි.. උඹට උත්තරනෙ ඕනෙ...  මෙන්න මෙහෙමයි සීන් එක...
ශුක්‍රාණූ තරලයේ ශුක්‍රාණූ ඝණත්වය වශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනෙ සරු වෙන්න එහෙම නැති අයට තමයි සරු නෑ කියන්නෙ


 ඒත් ප්‍රෙන්ගනට් වෙන්නනං එක ශෘක්‍රාණුවක් ඇති
    
අසරණයට පත් දරුවා...
 ආ අහ්


මෙහෙමයි මචං...  පො@#$#  අල්ලලා අහම්බෙන් වගේ කෙල්ලගෙ හි@ ඇගිල්ල ගෑවුනොත් ප්‍රෙග්නට් වෙන්ඩ හැකිද?


විද්‍යාවේදී සිරා 
අහම්බෙන් වගේ ගෑවුනොත්... ?? ඇයි කෙල්ල හෙළුවෙන්ද හිටියෙ.. අනික අහම්බෙන් කොහොමද ඇගිල්ලහි@  වදින්නෙ... 


අසරණයට පත් දරුවා...
නෑ නෑ බං.. පොඩි සූටින් පාරක් ගියපු වෙලාවක..


විද්‍යාවේදී සිරා 
ඒ වෙලාවක උනත් අහම්බෙන් වදින්නෙ කොහොමද...   මට තියෙන ප්‍රස්නෙ ඒකයි..


අසරණයට පත් දරුවා...
හරි හරි බං.. ඒ පැත්තට අත පොඩ්ක දැම්ම මම... කියහංකො  ඉතිං...

විද්‍යාවේදී සිරා 
අන්න එහෙම වරෙන්...
      
සමභාවිතාව ඉතා අඩු උනත් වෙන්න පුලුවන්....ශෘක්‍රාණු සෛල වලට පීන්න පුලුවන්....
   
අසරණයට පත් දරුවා...
අම්මට හුඩු එහෙමද...  ඒ කියන්නෙ වැඩේ ඩේන්ජරස්ද.. ?? හැබැයි මචං බ@ ගියේ නෑ...



විද්‍යාවේදී සිරා 
 බ@ ගියේ නැතත් කලින් අර පො@@ තෙත් වෙන්න එනවනෙ ජූස් එකක් වගේ එකක්...අන්න ඒකෙත් අහම්බෙන් හෝ ශුක්‍රාණු සෛලයක් තියෙන්නෙ පුලුවන්ලු.....


අසරණයට පත් දරුවා...


අම්මට හුඩු එහෙමද... ??

විද්‍යාවේදී සිරා     
  මෙහෙමයි අර මම කලින් කිවුවෙ ශුක්‍රාණු ඝණත්වයක් ඕනෙ කියල... එහෙම ඕනෙ වෙන්නෙ  කෙල්ලොන්ගෙ යෝනි මාරිගයේ රස්නෙට ශුක්‍රාණු විනාස වෙනවා... විනාසවෙන්නෙ නැති ඒව තමයි පීනල ගිහින් ඩිම්බයත් එක්ක සංසේචනය වෙලා සංසේචිත ඩිම්බය හෙවත් යුක්තානුව ගර්භාෂයේ තැම්පත් වෙන්නෙ

අසරණයට පත් දරුවා...

ඉතිං

 ඉතිං එහෙම සංසේචනය වෙන්න ඩිම්බයක් ඕනෙනෙ... එහෙම ඩිම්බ හැම තිස්සෙම එන්නෙ නෑ.. කෙල්ලෙක් මෙන්සස් වෙලා දවස් 9-14 වගේ කාලෙ ඇතුලත් ඩිම්බ නිදහස් වෙනවා..  අන්න ඒ වෙලාවෙ ශුක්‍රාණුවක් ගියොත් තමයි ස්ංසේචනය වෙන්නෙ... ඒත් එහෙමම ගියයි කියලත් වෙන්නෙ නෑ.. ඒත් ළමයෙක් හදන්න ඕනෙනං බැදපු උන්ට වැඩේ කරන්න කියන්නෙ ඔය කියපු දවස් ටිකේ... අනිත් දවස්වල  බ@@ @@@@ල බ@# ටික ඇතුලෙ දැම්මත් එච්චර සීන් එකක නෑ..  

අසරණයට පත් දරුවා...
එච්චර සීන් එකක නෑ කිවුවෙ... ?


විද්‍යාවේදී සිරා 

එච්චර සීන් එකක් නෑ කිවුවෙ ප්‍රෙග්නන්ට් වෙන්නෙ නෑ කියන එක .... හදිස්සියෙන් වෙන්න බැරි කමකුත් නෑ..  ඒත්  අවස්තාව ගොඩක් අඩුයි... ලක්ෂෙකට එකක් වගේ..

අසරණයට පත් දරුවා... 
ශුක්‍රාණු ලක්ෂෙකට එකක්.... ??

විද්‍යාවේදී සිරා 
තෝ මොන  ගල් උලමෙක්ද..... ශුක්‍රාණු ලක්ෂෙකට නෙවෙයි යකෝ... ලක්ෂයක් හි@@@  එක පාරක් හිටින්න ඉඩ තියෙනවා...


අසරණයට පත් දරුවා...
අග්.. එහෙනං අවුලක් නැතුව ඇති නේ...
මම බයෙන් ඉන්නෙ බං...  මගේ අතේ ගෑවිලා  අතන ගෑවිල ඔය උඹ කියන විදියට පීනල ගියාද දන්නෙ නෑනෙ... 


විද්‍යාවේදී සිරා 
උඹ මොකටද උඹේ ප@@ මිරික මිරික  කෙල්ලගෙ හි@ ඇඟිලි ගහන්න ගියෙ... යකෝ...  උඹේ එක මිරිකන්න කෙල්ලට ඉඩ දීපං උඹම මිරිකගන්න එපා ඒ වෙලාවට ...  උනුත් ආසයි ඕවට... :D


අසරණයට පත් දරුවා...

:D :D

 නෑ බං දෙන්නගෙම ෆස්ට් ටයිම් නෙ... මම බුදු අමාරුවෙන් ඉදියෙ...


විද්‍යාවේදී සිරා 

:v

 ඩෙනිමක්ද ඇදන් ඉදියෙ....  ?

අසරණයට පත් දරුවා... 

ඔවු බං...  ඉන්න බැරුව ඉදියෙ..


විද්‍යාවේදී සිරා 
පුල් ආතල්..  ඕයි... ඒකිගෙත්  ෆස්ට්  ටයිම්නං   කෙල්ලෙගෙත් ඇඟිලි ගහ ගහ  උබත් කලිසම අස්සෙ අත දානකොට ඒකි බලන්න ඇති උඹ සංසන්දනාත්මක ගවේශන චාරිකාවක් යනව ඇති කියල... :D :D  මට මැවිල පේනව ඕ‍යි..

අසරණයට පත් දරුවා... 
 


පල  #@$$#@%  යන්න  මම කලිසම අස්සෙ අත දැම්මෙ නෑ යකෝ.. උඩින් මිරිකන් ඉදිය විතරයි... අනික මම ඇගිලි ගැහුවෙ නෑ බං.. අල්ලල බැලුව විතරයි පොඩ්ඩක් ආසාවට...


ඒයි  කෝ උඹ...


විද්‍යාවේදී සිරා 

තෝ මාව කාපං... උස්ම ගන්න බෑ යකෝ හිනාවෙලා...

අසරණයට පත් දරුවා... 
තොට හිනා මම  මේ බයේ ඉන්නව...


විද්‍යාවේදී සිරා 

අහවල් හු@@@ යකෝ බය උනේ... උඹ කියන විදියට ළමයි හම්බවෙනවනං  බස් වල වදින ජැක් වලිනුත් ගෑණු බඩ වෙන්න එපැයි...

අසරණයට පත් දරුවා... 
ඒ කියන්නෙ දැන් මෙත කිසිම සීන් එකක නෑ..


විද්‍යාවේදී සිරා 
නැහැ නේන්නං... ආයෙ බුදු ෂුවර්...


අසරණයට පත් දරුවා... 
මුකුත් වෙන්නෙ නෑ... ???






විද්‍යාවේදී සිරා 
ආයෙත් අහනව...

 ගැරන්ටීඩ්... හෝදන්න  දෙයක් නෑ... 


අසරණයට පත් දරුවා... 
       
එළ එළ



 උම්මාහ්


 :D


මං බයේ උන්නෙ බං සිරාවට.. දැම්මම බඳින්න උනොත් මල හු@@@ යි..


 :D 
   
තෑන්ක්ස් මචං...



පමා නොවන්න...ඔබගේ දැවෙන ප්‍රස්ණයට විසදුම් සොයා... සෙප්පඩ විද්‍යා උපදේශක හා  ඉලවු ලවුනිරවුල් කිරීමේ කතිකාචාර්ය ඔන්ලයින් ගුරු 
විද්‍යාවේදී සිරා  මහතා හමුවන්න...  ඉහත දරුවා මෙන් සැනසිල්ල උදාකරගන්න...

(සැ. යු  - ඉහත අසරණයට පත් දරුවා සිංහල බ්ලොග් අවකාසය පිලිබද අඩුමතරමේ හාංකවිසියක්වත්දන්නේ නැත...   )