Thursday, June 6, 2013

ටයිම් බොම්බ්



මේක ඇවිල්ලා සිරා ඕලෙවල්  පන්තියෙදී වෙච්ච සින් එකක්.ඉස්සර ඕලෙවල් කරද්දී සිරා හිටියේ තට්ටු දෙකේ බිල්ඩිමක තියෙන යට තට්ටුවේ එක කොනකම තියෙන පංති කාමරේක.උදේට නම් මෙලෝ රහක් නැති උනාට දවල් වෙද්දී කොල්ලෝ සෙට් එක එක්ක ෆුල් ෆන් එකක් ගන්නවා.

පැනයට ආපු මුල් දවස් වලම පංති නායකයා තෝරද්දී කොල්ලෝ ඔක්කොම සීරාව නම් කලේ සිරාගේ පුඋරුවේ කරුමයකටයි අදත් සිරා සිතයි.මරන්න එනයන හරකෙකු මෙන් නායක කම බාර ගත සිරාට එය එදාම එපා වුනි.එත් එය වෙන එකෙක් වත් ගන්නේ නැති බැවින් ඒ කරුමයට සිරාම කර ගැසුවේය.
ඔන්න ඔය කාලේ වෙච්ච වැඩක් තමයි සිර අද කියන්න යන්නේ.හැමදාම උදේට උඩ පංතියේ උන් වහලයේ තිබුන සිදුරෙන් දාන කුනුටික අයින් කිරිම වගේම චෝක් කුරු හිගා කන්නටත් යන්නේ සිරාය.සමහර දවසට කොල්ලෙක් වරදක් කලාම සර් කාරයා කොටුවක් කඩාගෙන එන්න කියන අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වන්නේද සිරාටය.එවැනි වෙලාවට තරහ කාරයෙක් නම් ටිකක් ලොකු කොට්ටක් කඩාගෙන එන එක තරම් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන කටයුත්තක් ඒ කාලේ සිරාට තිබ්බෙම නැද්ද කොහෙද.
මේ කාලේ තමයි අර කොටි බෝම්බ දාපු කාලේ.අම්මල මුත්තල ඇතුළු හත්මුතු පරපුරම පාසල ආරක්ෂා කරන්නට එක්කරගෙන එන්න කියලා පිනා අන්කල් නොවදිනා වැඩුමක් නෑ.සිරාගේ නම් මෙලෝ යකෙක් එකට සහභාගි උනේ නැත්තේ පුරුවේ පිනකට වෙන්න ඇති.නැත නම් සේරම අතේ කොට්ය.ඒකාලේ පන්ති වලින් එලියට යන්න වෙනම කාඩ් එකක් අරගෙන යන්න ඕනේ.ඔව් ඔව්.උබලා කවුරුත් කියනවා වගේ අපි කිවුවේත් චූ පාස් එක කියලා තමයි.මේක ලස්සන ප්ලාස්ටික් කෑල්ලක ප්‍රින්ට් කරපු ෆට්ට ලස්සන එකක්.මොකද මේක ලැබෙනවා තරම් සතුටක් ඒකාලේ එක කොල්ලෙක්ට වත් තිබ්බේ නෑ.මේක නැතුව එළියේ ඉදලා මාට්ටු උනොත් රජකාලේ දඩුවම් සැපයි කියල තමයි කට්ටිය කියන්නේ.එක පන්තියකට කාඩ් 2යි.එත් කරුමයක මහත් ඒ කාඩ් එක ජිවිතේට දැකපු නැති කොල්ලොත් ඒකාලේ හිටියා.මොකද නායකයෝ දෙන්න ලග තමයි ඒ දෙක තියෙන්නේ.පන්තියේ කොල්ලෝ චූ නොකලට පන්ති නායකයෝ දෙන්න නම් හැමතිස්සෙම ටොයිලට් ගතවී ඇත.හාවා හද දැක්කද කවදාවත් උන් දෙන්නා නම් පන්තියේ නැත.
කොහොම උනත් කාගේත් හොද හිත දිනාගෙන ඉදපු සිරා හැම දේකදිම හොද එකා බවට පත් උනා.එත් හැම මගොදියක් පිටුපසම ඇති අදිසි හස්තය ද සිරා බව කොල්ලෝ දනන් ඉදියා.
එහෙම වුන දෙයක් තමයි අද මේ කියන්න යන්නේ.ඒ දවස් වල හැම තැනම බෝම්බ නිසා සිරාටත් හිතුන බෝම්බයක් හදන්න.වැඩේට තව බොක්කවල් දෙකක් සබ එක දුන්න.බෝම්බයක් කිවුවට මේක පුස් එකක්.
සිරාගේ ක්ලේවර් මයින්ඩ් එක යුස් කරලා ගැහුවා හොද ප්ලෑනක්.හැදුවා බොම්බේ.මේක ගෙනිහින් දැම්මා සිරාලගේ පන්ති ලග තියෙන කුණු බාස්කට් එකට.ඔය තියෙන්නේ බැබලි බැබලි.මේ වැඩේ කොලේ සිරාගේ අති ජාත පාප මිත්‍රයෙක්.පස්සේ දැනේ නෑ වගේ ඉදියා.


ඔන්න දැන් ඉස්කෝලේ අරින බෙල් එක ගැහුවා.කට්ටියම බෑග් ලේස්ති කරගත්තා.
ගාථ කියන්නත් පටන් ගත්තා මෙන්න ඒ අස්සේ 
කික්..කික්...කික්...කික්...කික්...
කට්ටියම ඩ්ම් වෙලා.සද්දේ මොකද්ද හොයනවා.
සිරත් ඉතින් දන්නේ නෑ වගේ උඩ බිම හොයනවා.මෙන්න එකෙක් කෑගහපි
 "සර්..කුණු බාස්කට් එකෙන් සද්දේ එන්නේ... " කියල.
හුටා මේ මොකද්ද මේ.
සර් කාරයා දුවලා දුවලා ගිහින් වැඩේ හතර වටේම ගිනි තිබ්බා.ඔක්කොම වට උනා.
සිරා ඉතින් ඒ කාලෙත් මේ වගේම තමා.අයෙත් සුපර් මෑන්ස් පරාදයි.කොල්ල බැස්ස වැඩේට.
"සර්ලා භිය නොවන්න....මැරෙන සැටි මම පෙන්නවමි.." කියල කොල්ල බැස්සා බොම්බේ නිෂ්ක්‍රිය කොරන්න.මෙන්න එතකොටම නාලනී මිස් (බ්ලොග් එක මුල ඉදන් කියවපු ය දන්නවා සිරලගෙ ඉස්කෝලේ නාලනී මිස් කවුද කියලා.එයා දකිනකොට කොල්ලොන්ගේ මවිල් කෙලින් වෙනවා.) පැනපු ගමන් සිරගෙ අතින් අල්ල ගත්තා.
"පිස්සුද ළමයෝ ඔය බොම්බේ ලගට යන්න එපා" කියල.
සිරාට නිකන් සුරංගනාවියෝ අතරින් නාලනී මිස් ඇවිත් නිකන් පවන් සලනවා වගේ.
අනිත් එවුන්ට නිකන් කොයිල් වගේ.සර් ලාටත් ෆට්ට මල.මොකද කාගේත් ලයින් එකනේ.
සිරට තව ගට ආව.
"එහෙම කියල බෑනේ මිස්...මේක පිපිරුවොත් හැමෝම මැරෙනවානේ.ඊට කලින් මම බලන්නම් මිස්.මැරුණත් එක්කෙනයිනේ"
නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ.දාල යන්න එපා කියන්න වගේ මිස් සිරාගේ අතේ එල්ලිලා.
"අනේ එපා......අපි පොලිසියට කියමු"
"නෑ මිස් " 
සිරා පැනලා පෙට්ටිය ගත්තා අතට.ඒ කිවුවේ අර බෝම්බ පෙට්ටිය හොදේ.
ඇරියා පියන.
කට්ටියම ඇස් නළලේ තියන් එබිලා බැලුව.
හුටා
"අයියෝ සර්.මේක මේ බොරු එකක්නේ...
බැට්රි කෙසින් එකක් ඇතුලට දාපු එලාම් එකක්නේ.."


මිස්ටත් ෆට්ට ලැජ්ජාව.මොනවා කරන්නද?
බිම බලාගෙන යන්න ගියා.තිබ්බ මලටත් එක්ක සර් ලා මිස්ට පෙන්න කොරපු එකාව හෙවුවත් අද වෙනකන් හම්බ උනේ නම් නෑ.
සිරගෙ පොට් එක කියවන නිසා ඒ සර් ලාත් අද දැනගන්න ඇති වැඩේ උන විදිය.

ඉතින් කොල්ලනේ මේකයි උනේ.
ඒ කාලේ ඔය බැට්රි දාන්න ගත්තේ ලි කෙසින්.ඉතිං සිරා ගත්තා ඔය කෙසින් එකක්.ඇතුලට දැම්මා එලාම් වොච් එකක්.කීයටද?
හරියටම 1යි 58ට එලාම් එක වදින්න.වැඩේ තාත්වික වෙන්න ඕනෙත් නිසා වයර් කෑලි ටිකකුත් ඇතුලෙන් එලියට වැටෙන්න දැම්ම.ෆට්ට බොම්බේ.

කට්ටියට කොරලා බලන්න පුළුවන්.හැබැයි පරිස්සමින් රජෝ.එහෙනම් අදට සිරා කැපුනා.තව දවසක හම්බවෙමුකෝ.

1 comment: