
පළමු වසර වෛද්‍ය ශිෂ්‍යයෝ සහ ශිෂ්‍යාවෝ පිරිසක් සිය පළමු කායව්‍යවච්ඡේද විද්‍යා (anatomy) පාඩම සඳහා මේසයක් වටා එක්රැස්ව සිටියහ. මේසය මත සැබෑ බල්ලකුගේ මළකුණක් විය.
කාමරය ඇතුළු වූ මහාචාර්ය වරයා මෙසේ කීය.
"මට ඔබට කියන්න තියෙන්නේ පාඩම් දෙකයි. පළමු එක තමා කවමදාකවත් ශරීරයක ඇති කිසිම කොටසකට අප්‍රිය කරන්න එපා. එය වෛද්‍යවරයකු පුහුණු කරගත යුතු පළමු පුරුද්දයි."
මෙසේ කී ඔහු, සිය අත්වැසුම ගළවා, බල්ලාගේ ගුද මාර්ගය තුළට ඇඟිල්ල යවා පිටතට ගෙන ලෙවකා පෙන්වීය. කළා පමණක් නොව, අනික් සිසුන්ට ද එසේ කරන ලෙස කීවේ ය. අකමැත්තෙන් වුවත් සිසුහු එකා දෙන්නා ගානේ එසේ කළෝය.
සියල්ලන්ම මේ අභ්‍යාසය කර අවසන් වූ පසු මහාචාර්ය වරයා මෙසේ කීය.
"මට ඔබට උගන්වන්නට තිබෙන දෙවෙනි පාඩම තමා, සෑම තත්පරයකම, අවධානයෙන් සිටින්න. එක මොහොතක අනවධානය, ජීවිතයක් නැති වීමට හේතු වෙන්න පුළුවනි. උදාහරණයක් ලෙස, ඔබ කිසිවෙක් දුටුවේ නැහැ, මම බල්ලාගේ ගුදයට ඇතුළු කළේ මගේ සුලැඟිල්ල; නමුත් මා ලෙව කෑවේ මගේ දබරැඟිල්ල..."
No comments:
Post a Comment