Thursday, June 27, 2013

හොලිවුඩ් /බොලිවුඩ් / කොලිවුඩ් /හෙලවුඩ් (ලංකාවේ ඇ)

(හොරෙන් උස්සපු එකක් හොදයි කියලා හිතුන නිසා දැම්මේ )


හොලිවුඩ්

කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන කෙට්ටු පොරියක් .ඔන්න දැන් දුෂ්ටයාගෙ සෙට් එක කෙල්ලව හෙලිකොප්ටරයකින් පැහැර ගෙන යන්නයි සුදානම . කොල්ලගෙ උර හිසට වෙඩි වැදිලා බිම . දුෂ්ට ගැන්සියෙ ලොක්ක ගෝලය තුන් හතර දෙනාට උපදෙස් දෙමින් ඉන්නවා කෙල්ලවත් අල්ලගෙනම .. කෙල්ලත් බිම වැටිලා ඉන්න කොල්ල දිහා බල බල අරුගේ අතින් ගැලවෙන්න හදනව ඌට බැන බැන (සමහර වෙලාවට භාග කුණුහරුපෙනුත් ) . ඔන්න දැන් උපදෙස් දීල ඉවරයි දුෂ්ට බොසා කෙල්ල ඇදගෙන හෙලිකොප්ටරේ ගාවට යනව (මේ වෙලාවෙදි කෙල්ලගෙ ගවුම හෙලිකොප්ටරේ හුලඟ නිසා සැහෙන උඩ යන්න එහෙම පුලුවන් ). ඔය අතරදි බිම වැටිල ඉන්න කොල්ලා ටිකක් එහාහින් තියන තුවක්කුවක් (ඔව් මැශින් ගන් එකක් තමයි ) දකිනව , හෙලිකොප්ටරේ ඉහල නගිනවාත් එක්කම කොල්ලා හෙනගේමක් දීල තුවක්කුව ගන්නව . හාන්සි වෙල ඉඳගෙනම දුෂ්ටයින්ගේ ගෝලයින්ට වෙඩි තියාගෙන යනව . ඒක දැකපු හෙලිකොප්ටරේ ඉන්න දුෂ්ට බොසා කොල්ලට වෙඩි තියනව කොල්ලත් ප්‍රතිචාර දෙනව . අහෝ ඛේදයකි ... කොල්ලගෙ වෙඩි පාර වදින්නේ හෙලි කොප්ටරේ පිටිපස්සෙ තියන පෙතිටිකට , හෙලිය එතනම දොයි (ඒත් එක්කම මහා පිපුරුමක් ) . කොල්ලයි කෙල්ලයි දෙන්නම ආදරේ නාමෙන් ගෝටු හෙවන් කිව්වලු

බොලිවුඩ්

කොල්ල උස කෙට්ටු පැත්තට බර ඒත් කඩවසම් සිරුරක් තියන සුදු පොරක් , කෙල්ලත් හින්දැරි සුදු ලස්සන කෙල්ලෙක් ,කෙල්ල ඇඳල ඉන්නේ පාටි එකක්ට යන්න වගෙ ඇඳුමක් , ඒතරමටම මේකප් තොගයකුත් දාල ඉන්නේ . ඔන්න දැන් දුෂ්ට නායකය කලින් වගේම කෙල්ලව අරන් පනින්න තමයි සූදානම , පොරට ගෝලයන් 10 ක් 12ක් ඉන්නව . උන් සෙට් එක කොල්ලට ඇඩ්ද්‍රස් නැති වෙන්න නෙලලා ඉන්නේ මේ වෙනකොට . කොල්ලගේ ශර්ට් එක ඉරිල , ඔලුව පැලිලා, නහයෙන් කටෙන් ලේ ඇවිල්ලා හරහා වැටිලා ඉන්නේ හරියට සැන්ඩි නැතුවම ගල් බෝතලයක් ගහපු එකෙක් වගෙ . ඔන්න දුශ්ට බොසා හෙලිකොප්ටරයට යනව කෙල්ලවත් ඇදගෙන යන ගමන් කෙල්ල දුක හිතෙන විදිහට අඩනව අරුත් බැන බැන ඇදගෙන යනව . ඔන්න හෙලියට නගින්න ඔන්න මෙන්න . කෙල්ල කොල්ලගෙ නම් කියල කැගහනව (රාජ් හෝ රාහුල් තමයි ගොඩක් වෙලාවට ) රා.................ජ්(මේක දෙතුන් පාරක් එකෝ වෙන්නත් ඕනි ) .

කෙල්ලගෙ මේ කැගිල්ල ඇහුණාම තමයි අර මාස 6ක් ඇක්සිඩන්ඩ් වෝඩ් හිටියත් ගොඩ යන්න බැරි තරමට ගුටිකාල හිටපු කොල්ලට ගට එන්නේ පොර කැගහගෙන , ඔරෝගෙන දත්කිටි කාගෙන නැගිටිනව . දුෂ්ටයයි කෙල්ලයි දැන හෙලියට නැඟල හෙලිය ස්ටාර්ට් කරලත් ඉවරයි . කොල්ල දැන් හුසේන් බොල්ට් ගානට දුවනව , දුෂ්ටයගෙ ගෝලයො මැද්දට ආවත් උන් එක්කෙනාට දෙන්නෙ එක පාරයි බිම වැටෙනව කෙසෙල් ගස් වගේ , සමහර වෙලාවට කොල්ල පිනුමක් දෙකකුත් ගහගෙනමයි එන්නේ කොල්ල ලඟට එනකොටම ඕං හෙලිය උඩ යන්න පටන් ගන්නව . කොල්ල සැහෙන ගේම ක් දිල තනි අතින් හෙලියේ එල්ලෙනව . දැන් හෙලිය යඩ යනව කොල්ල හෙලියට නගින්න හදනව දුෂ්ටය ඒක වලක්වන්න හදනව , සමහර වෙලාවට කොල්ල වැටෙන්නත් යනව (කෙල්ල එතකොට කැගහනව ) , ටික වෙලාවක් ට්‍රයි කරල අන්තිමේදි කොල්ලා හෙලිය්ට ගොඩ වෙනව . දුෂ්ටයටයි පයිලට් ටයි දෙන්නටම නෙලල බිමට දානව ,

අයි ලවු යු සන්ජනා .. අයි ලවු යූ රාජ්

කියල දෙන්නා බදාගන්නව (පයිලට් නැතත් හෙලිය යනව , ) ඔන්න හෙලිය වැටෙන්න් වගෙ යන්නෙ කොල්ල දඩි බිඩි ගාල නියමු ආසනයට පනිනවා . අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියන නියමුවෙක් වගේ කෙල්ලත් එක්ක මුකුලු කර කර කොල්ල හෙලිය පැදගෙන යනව . මේක ගිහින් ගොඩ බාන්නේ කෙල්ලගෙ අම්ම තාත්ත , චිත්‍රපටිය පුරාම ජෝක කර කර හිටපු ජෝකර්(ඌ මෙතනදි සිරියස් )මේක්ප් නාගෙන ඉන්න කෙල්ලගෙ යාලුව වගෙ සෙට් එකක් ඉන්න තැනකට

කොලිවුඩ්

මේකෙදි කොල්ලා තල එලලු කොන්ඩෙ ක්‍රේල් , උඩු රැවුලක් වවපු හාදයෙක් . සරම ගහල බැනියම පෙන්න ශර්ට් එකේ බොත්තම් සේරම ඇරල දාල තමයි ඉන්නේ . කෙල්ල සුදු ,ටිකක් විතර මහත පැත්තට බර කෙනෙක් . දුෂ්ටය ගෙ ගැන්සිය තිහ හතලිහක් ඉන්නව . ඔන්න දැන් දුශ්ඨය කෙල්ල අරන් මාරු වෙන්නයි හදන්නේ . කොල්ලා තාම අර සෙට් එකත් එක්ක වලිය (සෙල්ලංයැ තිහ හතලිහක් එක්ක තනියම ගේම දෙනකොට ) කොල්ල කොච්චර ගේමෙ හිටියත් තමන්ගේ තියන ඇක්ෂන් අමතක කරන්නෙ නැ (මුලු චිත්‍රපටිය පුරාවටම තිබුන ඇක්ෂන් ටික ) ඔන්න දැන් දුෂ්ටය කෙල්ල එක්ක හෙලිකොප්ටරේට ගොඩ වෙලා ඉවරයි . කොල්ලට ගානක් වත් නැ කොල්ල ගේමේ . හෙලිය උඩට ය්නකොටම වගේ හතර අතේ වැටිල ඉන්න දුශ්ට ගැන්සියෙන් උන් සේරම උන් පැනල කොල්ලව බිම දාගන්නව . දැන තමයි ලස්සනම හරිය ..කොල්ල අර සෙට් එකම උඩ විසික් කරග්න නැගිටිනව (ටික වේලාවක් ස්ලෝමෝශන් වලින් එක එක කෝන වලින් මේක පෙන්නනවා ) ඊට පස්සෙ තමන්ට පුරුදු ඇක්ෂන් එක (කොණ්ඩය අත්ගැම වැනි ) දැම්මටත් පස්සෙ තමයි අර උඩ ගිය උන් ටික එකා දෙන්නා බිම වැටෙන්නේ , දැන් හෙලිය උඩ කොල්ලට ගානක් නැ .පොර හෙමින් සැරේ සරම කැහැපොට ගහල ආයෙමත් අර ඇක්ෂන් එක දාල එහෙම එක පාරටම පනිනව උඩ , කෙලින්ම හෙලිකොප්ටරේ ඇතුලේ . චූටි වලියකින් පස්සෙ දුෂ්ටය බිම . හැබැයි පයිලට්ව බිම දාන්නෙ නැ , එක පාරටම ඉනෙන් පිහියක් ඇදල අරන් පයිලට්ගෙ බෙල්ලට තියන ඌව බය කරගෙන බිමට එනව

හෙලවුඩ් (ලාංකාවෙ සිනමාව )

කොල්ල උසෙන් අඩු තල එලලු පොරක් හෝ මෙලේ හැඟීමක් දැනීමක් නැති ලාදුරු ලපයක් වගෙ උස හාදයෙක් , කෙල්ල සුදු මහත අවුරුදු 40ක විතර ඇන්ටි කෙනෙක් . දුෂ්ටය දැන් කෙල්ලව අරන් යන්න හදන්නේ . හෙලිකොප්ටරෙන් ??? පිස්සුද ....නැ ත්‍රිවීල් එකෙන් . කොල්ල ම්ටි හාදයෙක් නම් රැවුල වවල ඉන්න දුෂ්ටයො දෙතුන් දෙනා එක්ක කැත විදිහට ගහ ගන්නව (තමන්ගෙ මූනටත් දෙකතුනක් ගහ ගන්නව ) ගහනවටත් වඩා කුණුහරුප වගේ ඒවා කිය කිය බනිනව . කොල්ල උස එකා නම් වැනි වැනි ඔහේ ගහගන්නව . ඒ අතරේ කෙල්ල එක්ක දුෂටය වීල් එකේ පැනල යන්න හදනව , යන්න වෙන්නේ ටික දුරයි පොලිස් ජීප් එකක් ඇවිත් දඩස් ගාල නතර කරනව . දුශ්ටයව අල්ලනව .කොල්ලත් වැඩ්ඩ වගෙ අතට අහුවෙලා ඉන්න දුෂ්ටයගෙ ගෝලයෙක්ව පොලිසියට භාර දීල කෙල්ල්ව බදා ගන්නව යාන්තමට . කෙල්ලත් යාන්තමින් කොල්ලගෙ පපුවට හේත්තු වෙනව....

Tuesday, June 11, 2013

චූ පාට් ටූ

චූ පාර්ට් වන් පෝස්ට් එකෙන් චූ හිර කරන් ඉන්න හැටි තමයි මම කතා කලේ..එක බලපු නැති අය ඒක කියවන්න..අද පෝස්ට් එක චූ ගැන ඔයාලා නොදන්න දේවල් ටිකක් ගෑන..

පුද්ගලයෙක් දවසකට චූ කරන ප්‍රමානය කෝප්ප 6.3ක්

පුරාන රෝමානුවන් චූ දත් මැදීමට යොදාගෙන තියනවා,මොකද එහි ඇති චූ වලින් දත් සුදෝසුදු කරන නිසා

චූ කිරීමේ ලෝක වාර්ථාව එකදිගට තත්පර 508ක්

පුරාථන රෝමයේ කාන්තාවන් ටර්පන්ටයින් බීල තියනවා..ඒ මගින් ඔවුන්ගේ චූ රෝස සුවඳ වෙන හංදා

බොහොමයක් සත්තු චූ කරලා තමුන්ගේ ලිංගික ආකර්ශනය පෙන්නනවා

අලුත් චූ නං වැඩි ගඳක් නෑ..ඒත් ටිකක් පල් වෙච්ච චූ වල බැක්ටීරියා ක්‍රියා කරලා අමෝනියා වෙලා පල් ගඳක් ගහන්න පුලුවන්

සමහර බල්ලන්නට මිනිස්සුන්ගේ චූ ඉව කරලා පිලිකා හැදීමේ අවදානමක් තියෙයි

ගොඩාක් අරාබි රටවල මුස්ලිම් මිනිස්සු ඉඳගෙනයි චූ කරන්නේ..ඔවුන් හිත්හනවා සත්තු තමයි හිටගෙන චූ කරන්නේ කියලා

අලින්ට දවසකට ගැලුන් 13ක් චූ කරන්න පුලුවන්

තල්මසෙක්ගේ මුත්‍රාශයේ ගැලුන් පහ හමාරක් චූ ස්ටෝර් කරන් ඉන්න පුලුවන්

ජීවිත කාලෙටම වකුගඩු මගින් චූ ගැලුන් මිලියන එකකට වඩා සුද්ද කරනවා.ඒ ප්‍රමානය කුඩා වැවක් පුරවන්න ප්‍රමානවත්



ඔන්න අදට චූ කතාව....තවත් චූ පොස්ට් එකකින් හමුවෙමු.

චූ පාට් වන්

කාටත් වැදගත් වෙන චූ සම්බන්ද කාරනවක් කතා කරන්නයි අපි දැන් හදන්නේ..ගොඩක් දෙනාට චු හිර කරන් ඉන්න උනොත් දැඩි අපහසුතාවකට පත් වෙලා ඉන්න සිද්ද වෙනවා.ඔහොම ඉන්න අතරේ චූ කරන්න තැනක් හොයා ගන්නකං චු හිර කරන් ඉන්න පොඩි ටිප්ස් ටිකක් තමයි මුලින්ම කියන්න යන්නේ


ගොඩක් දෙනෙක් චූ බර උනාම සුලු සහනයක් උදෙසා චුට්ටක් චු කලිසමේ යවා ගන්නවා..ඒත් ඒ දේ සුදුසු නෑ..ලෝඩ් එක වැඩි උනොත් කලිසමේ ම යන්න පුලුවන්.ඒක හංදා හෙමිහිට අතින් මුත්රා වාහිනිය අතින් තද කර වසා දැමීම සුදුසුයි..ඒ අතර අනෙක් මාංශ පේශි ලිහිල් කරන්න..ඒ අතර උකුල් ප්රදේශය සහ යටි බඩ හැකිතාක් ලිහිල් කරන්න...

ශරීරයේ අවයව වල හැඩයන් චූ බර වැඩි නොවෙන අයුරට පවත්වා ගන්න.කිසිම විටෙක බඩේ පහල කොටස තද කරන්න එපා.හිටගෙන ඉන්නවා නම් කකුල් දෙක ක්රොස් කරන් ඉන්න..වාඩි වෙනවා නම් කකුල් ක්රොස් කරල ඉඳගන්න එපා.
ඒ වගේම කකුල් දෙක හැකි තරම් දුරට ඈත් කරන් හිටියාමත් ඔබට යම් තාක් ද්රකට චූ හිර කරන් ඉන්න පුලුවන් වේවි..මේක ම්ලින් අපහසු කාර්යක් වගේ දැන්නත් තත්පර 20ක් වගේ යනකොට පහසුවක් වෙයි
යටි බඩ ඇතුලට මිරිකන්න,කිසිවිටෙක ඉදිරියට නැවෙන්න එපා..
හැකිතාක් උනුසුම් වෙන්න..රෙද්දක් තියෙයි නම් ඒක පොරවගන්න..උනුසුම් කරගන්න එක ගොඩක් හොඳයි..මේකෙදි වෙන්නේ ඔබේ ශරීරයේ උශ්නත්වයේඅදි ශක්තිය අවශ්ය වෙනවා මුත්රාශයට යුරින් තබා ගන්න..
කිසිම විටෙක ශරීරය හොල්ලන්න යන්න එපා..එක්කො එක තැනක ඉඳගෙන ඉන්න..ඉන්න ආකාරය විටෙන් විට වෙනස් කරන්න යන්න නම් එපා..සන්සුන් වීම රෙද්දේ චූ නොකරගැනීමට ලොකු පිටුවහලක්.

චූ බරක් හැදුනු වෙලාවට වතුර ගැන හිතන එක නවත්තන්න...දිය ඇලි වැස්ස ගැන හිතන එකෙන් වෙන්නෙ ඔබේ මුත්රාශය තව දුරටත් පිම්බෙන එක විතරයි...ඒ වගේම චූ කරන තැනක් ගැන හිතන්න එපා..බාතෘම් හිතින් මවා ගන්න එපා..කිසිම විටෙක චූ කරන සිතිවිල්ල,ලැට් පෙනෙන හැඟීම් ඔබේ මනසින් ඈත් කරගන්න එක අන්ඩවෙයාර් එක තෙමා නොගැනීමට හේතු වෙනවා..
චූ කරන තාක් කිසිම දෙයක් බීමට ගන්න නම් එපා..
හිනා වෙන්න හදන්නත් එපා..ඒ ව්ගේම සත්ටු උනු දේවල් ගැන හිතන්න යන එකත් බයානකයි..සාමාන්්යයෙන් හිනා වෙනකොට මාංශ පේශි ඇකිලෙනවා..එතකොට මුත්රා වාහිනි වලට පීඩනයක් ඇති වෙලා චූ යන පුලුවන් කලිසමේම

ඕවා තම්යි අදට චු ගැන කියන්න තියෙන්නේ..මේ වැස්ස දවස් වල ටිකක් හරි ප්රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා..වැදගත් කියලා හිත්නා නම් කමෙන්ට් කාරි නෑ....නැවතත් චූ පොස්ට් එකකිං හමු වෙමු..


උපුටාගැනීමකි

Monday, June 10, 2013

ජිවිතයට පාඩමක්







පළමු වසර වෛද්‍ය ශිෂ්‍යයෝ සහ ශිෂ්‍යාවෝ පිරිසක් සිය පළමු කායව්‍යවච්ඡේද විද්‍යා (anatomy) පාඩම සඳහා මේසයක් වටා එක්රැස්ව සිටියහ. මේසය මත සැබෑ බල්ලකුගේ මළකුණක් විය.

කාමරය ඇතුළු වූ මහාචාර්ය වරයා මෙසේ කීය.

"මට ඔබට කියන්න තියෙන්නේ පාඩම් දෙකයි. පළමු එක තමා කවමදාකවත් ශරීරයක ඇති කිසිම කොටසකට අප්‍රිය කරන්න එපා. එය වෛද්‍යවරයකු පුහුණු කරගත යුතු පළමු පුරුද්දයි."

මෙසේ කී ඔහු, සිය අත්වැසුම ගළවා, බල්ලාගේ ගුද මාර්ගය තුළට ඇඟිල්ල යවා පිටතට ගෙන ලෙවකා පෙන්වීය. කළා පමණක් නොව, අනික් සිසුන්ට ද එසේ කරන ලෙස කීවේ ය. අකමැත්තෙන් වුවත් සිසුහු එකා දෙන්නා ගානේ එසේ කළෝය.

සියල්ලන්ම මේ අභ්‍යාසය කර අවසන් වූ පසු මහාචාර්ය වරයා මෙසේ කීය.

"මට ඔබට උගන්වන්නට තිබෙන දෙවෙනි පාඩම තමා, සෑම තත්පරයකම, අවධානයෙන් සිටින්න. එක මොහොතක අනවධානය, ජීවිතයක් නැති වීමට හේතු වෙන්න පුළුවනි. උදාහරණයක් ලෙස, ඔබ කිසිවෙක් දුටුවේ නැහැ, මම බල්ලාගේ ගුදයට ඇතුළු කළේ මගේ සුලැඟිල්ල; නමුත් මා ලෙව කෑවේ මගේ දබරැඟිල්ල..."

Thursday, June 6, 2013

ටයිම් බොම්බ්



මේක ඇවිල්ලා සිරා ඕලෙවල්  පන්තියෙදී වෙච්ච සින් එකක්.ඉස්සර ඕලෙවල් කරද්දී සිරා හිටියේ තට්ටු දෙකේ බිල්ඩිමක තියෙන යට තට්ටුවේ එක කොනකම තියෙන පංති කාමරේක.උදේට නම් මෙලෝ රහක් නැති උනාට දවල් වෙද්දී කොල්ලෝ සෙට් එක එක්ක ෆුල් ෆන් එකක් ගන්නවා.

පැනයට ආපු මුල් දවස් වලම පංති නායකයා තෝරද්දී කොල්ලෝ ඔක්කොම සීරාව නම් කලේ සිරාගේ පුඋරුවේ කරුමයකටයි අදත් සිරා සිතයි.මරන්න එනයන හරකෙකු මෙන් නායක කම බාර ගත සිරාට එය එදාම එපා වුනි.එත් එය වෙන එකෙක් වත් ගන්නේ නැති බැවින් ඒ කරුමයට සිරාම කර ගැසුවේය.
ඔන්න ඔය කාලේ වෙච්ච වැඩක් තමයි සිර අද කියන්න යන්නේ.හැමදාම උදේට උඩ පංතියේ උන් වහලයේ තිබුන සිදුරෙන් දාන කුනුටික අයින් කිරිම වගේම චෝක් කුරු හිගා කන්නටත් යන්නේ සිරාය.සමහර දවසට කොල්ලෙක් වරදක් කලාම සර් කාරයා කොටුවක් කඩාගෙන එන්න කියන අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වන්නේද සිරාටය.එවැනි වෙලාවට තරහ කාරයෙක් නම් ටිකක් ලොකු කොට්ටක් කඩාගෙන එන එක තරම් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන කටයුත්තක් ඒ කාලේ සිරාට තිබ්බෙම නැද්ද කොහෙද.
මේ කාලේ තමයි අර කොටි බෝම්බ දාපු කාලේ.අම්මල මුත්තල ඇතුළු හත්මුතු පරපුරම පාසල ආරක්ෂා කරන්නට එක්කරගෙන එන්න කියලා පිනා අන්කල් නොවදිනා වැඩුමක් නෑ.සිරාගේ නම් මෙලෝ යකෙක් එකට සහභාගි උනේ නැත්තේ පුරුවේ පිනකට වෙන්න ඇති.නැත නම් සේරම අතේ කොට්ය.ඒකාලේ පන්ති වලින් එලියට යන්න වෙනම කාඩ් එකක් අරගෙන යන්න ඕනේ.ඔව් ඔව්.උබලා කවුරුත් කියනවා වගේ අපි කිවුවේත් චූ පාස් එක කියලා තමයි.මේක ලස්සන ප්ලාස්ටික් කෑල්ලක ප්‍රින්ට් කරපු ෆට්ට ලස්සන එකක්.මොකද මේක ලැබෙනවා තරම් සතුටක් ඒකාලේ එක කොල්ලෙක්ට වත් තිබ්බේ නෑ.මේක නැතුව එළියේ ඉදලා මාට්ටු උනොත් රජකාලේ දඩුවම් සැපයි කියල තමයි කට්ටිය කියන්නේ.එක පන්තියකට කාඩ් 2යි.එත් කරුමයක මහත් ඒ කාඩ් එක ජිවිතේට දැකපු නැති කොල්ලොත් ඒකාලේ හිටියා.මොකද නායකයෝ දෙන්න ලග තමයි ඒ දෙක තියෙන්නේ.පන්තියේ කොල්ලෝ චූ නොකලට පන්ති නායකයෝ දෙන්න නම් හැමතිස්සෙම ටොයිලට් ගතවී ඇත.හාවා හද දැක්කද කවදාවත් උන් දෙන්නා නම් පන්තියේ නැත.
කොහොම උනත් කාගේත් හොද හිත දිනාගෙන ඉදපු සිරා හැම දේකදිම හොද එකා බවට පත් උනා.එත් හැම මගොදියක් පිටුපසම ඇති අදිසි හස්තය ද සිරා බව කොල්ලෝ දනන් ඉදියා.
එහෙම වුන දෙයක් තමයි අද මේ කියන්න යන්නේ.ඒ දවස් වල හැම තැනම බෝම්බ නිසා සිරාටත් හිතුන බෝම්බයක් හදන්න.වැඩේට තව බොක්කවල් දෙකක් සබ එක දුන්න.බෝම්බයක් කිවුවට මේක පුස් එකක්.
සිරාගේ ක්ලේවර් මයින්ඩ් එක යුස් කරලා ගැහුවා හොද ප්ලෑනක්.හැදුවා බොම්බේ.මේක ගෙනිහින් දැම්මා සිරාලගේ පන්ති ලග තියෙන කුණු බාස්කට් එකට.ඔය තියෙන්නේ බැබලි බැබලි.මේ වැඩේ කොලේ සිරාගේ අති ජාත පාප මිත්‍රයෙක්.පස්සේ දැනේ නෑ වගේ ඉදියා.


ඔන්න දැන් ඉස්කෝලේ අරින බෙල් එක ගැහුවා.කට්ටියම බෑග් ලේස්ති කරගත්තා.
ගාථ කියන්නත් පටන් ගත්තා මෙන්න ඒ අස්සේ 
කික්..කික්...කික්...කික්...කික්...
කට්ටියම ඩ්ම් වෙලා.සද්දේ මොකද්ද හොයනවා.
සිරත් ඉතින් දන්නේ නෑ වගේ උඩ බිම හොයනවා.මෙන්න එකෙක් කෑගහපි
 "සර්..කුණු බාස්කට් එකෙන් සද්දේ එන්නේ... " කියල.
හුටා මේ මොකද්ද මේ.
සර් කාරයා දුවලා දුවලා ගිහින් වැඩේ හතර වටේම ගිනි තිබ්බා.ඔක්කොම වට උනා.
සිරා ඉතින් ඒ කාලෙත් මේ වගේම තමා.අයෙත් සුපර් මෑන්ස් පරාදයි.කොල්ල බැස්ස වැඩේට.
"සර්ලා භිය නොවන්න....මැරෙන සැටි මම පෙන්නවමි.." කියල කොල්ල බැස්සා බොම්බේ නිෂ්ක්‍රිය කොරන්න.මෙන්න එතකොටම නාලනී මිස් (බ්ලොග් එක මුල ඉදන් කියවපු ය දන්නවා සිරලගෙ ඉස්කෝලේ නාලනී මිස් කවුද කියලා.එයා දකිනකොට කොල්ලොන්ගේ මවිල් කෙලින් වෙනවා.) පැනපු ගමන් සිරගෙ අතින් අල්ල ගත්තා.
"පිස්සුද ළමයෝ ඔය බොම්බේ ලගට යන්න එපා" කියල.
සිරාට නිකන් සුරංගනාවියෝ අතරින් නාලනී මිස් ඇවිත් නිකන් පවන් සලනවා වගේ.
අනිත් එවුන්ට නිකන් කොයිල් වගේ.සර් ලාටත් ෆට්ට මල.මොකද කාගේත් ලයින් එකනේ.
සිරට තව ගට ආව.
"එහෙම කියල බෑනේ මිස්...මේක පිපිරුවොත් හැමෝම මැරෙනවානේ.ඊට කලින් මම බලන්නම් මිස්.මැරුණත් එක්කෙනයිනේ"
නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ.දාල යන්න එපා කියන්න වගේ මිස් සිරාගේ අතේ එල්ලිලා.
"අනේ එපා......අපි පොලිසියට කියමු"
"නෑ මිස් " 
සිරා පැනලා පෙට්ටිය ගත්තා අතට.ඒ කිවුවේ අර බෝම්බ පෙට්ටිය හොදේ.
ඇරියා පියන.
කට්ටියම ඇස් නළලේ තියන් එබිලා බැලුව.
හුටා
"අයියෝ සර්.මේක මේ බොරු එකක්නේ...
බැට්රි කෙසින් එකක් ඇතුලට දාපු එලාම් එකක්නේ.."


මිස්ටත් ෆට්ට ලැජ්ජාව.මොනවා කරන්නද?
බිම බලාගෙන යන්න ගියා.තිබ්බ මලටත් එක්ක සර් ලා මිස්ට පෙන්න කොරපු එකාව හෙවුවත් අද වෙනකන් හම්බ උනේ නම් නෑ.
සිරගෙ පොට් එක කියවන නිසා ඒ සර් ලාත් අද දැනගන්න ඇති වැඩේ උන විදිය.

ඉතින් කොල්ලනේ මේකයි උනේ.
ඒ කාලේ ඔය බැට්රි දාන්න ගත්තේ ලි කෙසින්.ඉතිං සිරා ගත්තා ඔය කෙසින් එකක්.ඇතුලට දැම්මා එලාම් වොච් එකක්.කීයටද?
හරියටම 1යි 58ට එලාම් එක වදින්න.වැඩේ තාත්වික වෙන්න ඕනෙත් නිසා වයර් කෑලි ටිකකුත් ඇතුලෙන් එලියට වැටෙන්න දැම්ම.ෆට්ට බොම්බේ.

කට්ටියට කොරලා බලන්න පුළුවන්.හැබැයි පරිස්සමින් රජෝ.එහෙනම් අදට සිරා කැපුනා.තව දවසක හම්බවෙමුකෝ.

Wednesday, June 5, 2013

හිමිනම

මෙය උපුටාගැනීමකි.නමුත් මෙය සත්‍ය කරුණක් බවට පොරොන්දු වෙමි.
තවත් දෙයක් ඇත.මොකා මොනවා කිවුවත් සිරා මේ හිමි නමට බොක්කෙන්ම ගවුරව කරනවා.ඒ වගේම කොන්ද පන නැති සිංහලයන් අතර තවමත් කෙලින් වැඩ කරන මිනිසුන් කිහිප දෙනෙකු හෝ සිටීම ගැන සතුටු වෙන්ව.එක එක පක්ෂ වලයි එක එක රට වලටයි ආගම වලටයි කත අදින හිකනලන් මොනවා කිවුවත් සිරාට කමක් නැත.
මෙය කියවලා වත් තමන්ගේ මනස නිවැරදි කරගන්නවා නම් ඒක වටිනා දෙයක් නිසයි මේක දැම්මේ.ඕන එහෙනම් බලා ගනිල්ලා.

මම මේක ලියන්න හිතුවේ ගොඩක් හිතල. නොලියනවද ලියනවද කියල හිතල.. එත් මට හිතුන මේක ඒ පුද්ගලයට ගව්රවයක් විදිහට ලියන්න ඕන කියල .

මගේ යාලුවෙක් ඉන්නවා Telecom එකේ. මිනිහ නිතරම outstation යනවා ජොබ් වලට. පොර කිසිම විදිහකින් හාමුදුරු නමකටවත් අගමටවත් විශේෂ ලැදියාවක් තියන කෙනෙක් නෙවෙයි. ආතල් එකේ කාල බීල ඉන්න පොරක්. 
දැන් අවරුද්දකට විතර කලින් Telecom එකේ වැඩකට පොර ඇඹිලිපිටියේ යනකොට පාගමනින් දාඩිය පෙරාගෙන ඇවිදින හමුදුරුවෝ දෙන්නෙක් දැකල. මගේ යාළුවගේ වාහනේ ගිය Driver හෙන ආගමට දහමට ලැදී පොර. Driver පොර අමාරුවෙන් ඇවිදින මේ හාමුදුරු දෙනමට ලිෆ්ට් එකක් දෙන්න හිතාගෙන වාහනේ නවත්තල හමුදුරෝවෝ කොහෙද යන්නේ නගින්න කියල විස්තර කතා කරලා. විස්තර අහනකොට හමුදුරුවෝ කියල තියෙන්නේ ගව ඝාතනයට විරුද්දව කරන සත්‍යග්‍රහයකට ඇඹිලිපිටිය පැත්තේ ඉදන් අනුරාධපුරයට පයින් වඩිනවා කියල. එයාල වහනයට නගින එකත් ප්‍රතික්ශේප කරලා. Driver පොර හාමුදුරුවන්ට Diary එකකුත් දීල වෙලාවේ හැටියට දෙන්න වෙන දෙයක් නෑ කියල. ඔය හාමුදුරුවරු දෙන්නගෙන් එක හාමුදුරු නමකගේ කකුලේ සෙරෙප්පු දෙකක්වත් තිබුනේ නෑ. මගේ යාළුවා මට කිව්වා පව් මචන් අව්වේ රත් වෙච්ච පාරේ සෙරෙප්පු දෙකක්වත් නැතිව යන හැටි දැක්කම උටත් මාර අප්සෙට් කියල.
ඒ හාමුදුරුවෝ වෙන කව්රුවත් නෙවෙයි ලගදි දළදා මාලිගාව ලග ජීවිතේ පුජ කරපු බෝවත්තේ ඉන්ද්‍රරත්න හාමුදුරුවෝ.
මගේ යාළුවා දවස් 3ක් Telecom එකේ වැඩේ කරලා ආපහු එනකොටත් අර දහාමුදුරු දෙනම හම්බවෙලා තියනවා. මට හම්ඹුනා කිව්වා තැන මතක නෑ. එදා හාමුදුරුවන්ගේ විස්තරත් ඉල්ලගෙන ගිලන්පස එහෙමත් අරන් දීල තමා එයාල ඇවිත් තියෙන්නේ. හාමුදුරුවෝ එක්ක පස්සේ දවසක Driver බුවා contacts මාර්ගයෙන් කතා කරලා තියනවා මේ අපවත් වෙන්න මාසෙකට විතර කලින්. එදා ගමනට දවස් 15ක් විතර ගිය කියල හාමුදුරුවෝ කියල තියනවා. Driver පොරට කියල තියනවා මහත්තය එදා දුන්න Diary එක ගොඩක් ප්‍රයෝජනවත් ..මගේ දැනටත් අතේ තියෙන්නේ එකේ කියල..ඒ වෙලාවෙත් නුවර ඇවිල්ල තිබිල තියෙන්නේ මස් කඩයක් Open කරන එකකට විරුද්දව කරපු වැඩකට. ඊට පස්සේ දවසක Driver ම තමා කතා කරලා මගේ යාලුවට කියල තියෙන්නේ හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන. Driver මාර අප්සෙට් එකකින් කතා කලේ කිව්වා ඒ ගැන, මගේ යාලුවටත් එක අහල මාර අප්සෙට් උන කිව්වා. මොකද ඒ හාමුදුරුවන්ගේ කතා කල විලාශය.ගති පැවතුම් ගැන හරි පැහැදිලා හිටියේ එයාල.

මම මේක ලිව්වෙ මම කියන දේ බොරුවක් නෙවේ කියල මම සහසුද්දෙන්නම දන්නා නිසා. වෙන මොන කතන්දර තිබ්බත් මම ඒ දේවල් ඇත්ත නැත්ත දන්නේ නෑ. මේ දේ ඇත්ත. ඒ ගැන හිතල මම මේක ලිව්වේ. මොකක් හරි අරමුණක් වෙනුවෙන් ජීවිතේ නැති කරගන්න කොච්චර නම් ශක්තියක් හිතේ තියෙන්න ඕනෙද කියල මට හිතුන. අපි මරුන විදිහ ගැනයි අරකයි මෙකයි ගැන ගහ මරාගන්නවට වඩා හිතන්න ඕනේ හාමුදුරුවෝ හිතන්න දෙයක් ඉතිරි කරලා අපිට ගිය එක ගැන.. ඒ ගැන හිතමු..කතා කරමු...


අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!
හැමෝටම තෙරුවන් සරණයි.

Tuesday, June 4, 2013

මල් වඩම් අනවශ්‍යයි- No flowers required



ඉස්සර කෙනෙක් මැරුණම, රේඩියෝ එකේ දාන එක තමයි ළොකුම දේ. මේ මරණ දැන්වීම් කියවන්න විශේෂඥ නිවේදකයෝ ඒ කාළේ ගුවන් විදුලියේ හිටියා. සංනිවේදනය බොහෝම දුර්වල ඒ කාළේ, මේකට සවන් දෙන්න හැමෝම වගේ පුරුදු වෙලා උන්නා. "ඇන් ඇම්ට පුළුවන්ද 77 ජයගන්න" ටියුන් එක ගහලා, නිව්ස් කියෙව්වයින් පස්සෙ, මරණ දැන්වීමක් දෙකක් යනවමයි. මොකෝ අද වගේ ජංගම දුරකථන තියා ලෑන්ඩ් ෆෝන් එකක් තිබුනෙත් කළාතුරකින් ගෙදරක තමයි. අද දරුවෙක් ඉස්කෝලෙකට දාගන්නවා වගේ තමයි ඒ දවස්වල ගෙදරට ටැලිපෝන් එකක් ගන්න වැඩෙත්.

ඔය වයර්ලස් එකේ දානවට අමතරව, පත්තරේ "අවමංගල දැන්වීම්" තීරයෙත් මරණ ගැන විස්තර තිබුනා. තාමත් තියෙනවා. මැරුණ කෙනාට වඩා විස්තර තියෙන්නේ ජීවත් වෙන උන් ගැන ළොකු කතාවක්. ඒ කියන්නේ, දරපු හෝ දරන්නාවූ තනතුරු, ඉන්න කොම්පැනි, ඉන්න රටවල් ගැන ළොකු විස්තරයක් ඕකේ තියෙනවා. ඔය කතන්දරේට පස්සෙ සමහර මරණ දැන්වීම් වල තියෙන දෙයක් තමයි "මල් වඩම් අනවශ්‍යයි" කියලා දාන එක.

සමහර උන් නම් කියන්නේ, මල් වඩමක් දෙකක් තිබුනම, නිකන් තත්වෙටත් සවුත්තු නිසා එහෙම දානවා කියලා. සමහර උන් නම් කියන්නේ, මල් වඩම් තියන්න ඉඩක් නැති නිසා එහෙම දානවා කියලා. කොහොම උනත්, ඔහොම නිවේදන දාලා තියෙන මළ ගෙවල් වලත්, මල් වඩම් තියෙනවා මම අනන්තවත් දැකලා තියෙනවා. මල් වඩම ගෙනියන්නෙත් තමන්ගේ තත්වෙ පෙන්නන්න පුළුවන් විදියට, පුළුවන් තරම් ළොකු, මිළ අධික මල් වලින් හදපුවා ගෙනිච්චම, කවුරුත් ඒ දිකා බලනවා. අනික මැරිච්ච එකාට දැන ගන්න, මල් වඩම ගෙනාවේ කව්ද කියලත් ලේබල් එකක් ගහලා තියෙනවා.මම දැකලා නැති උනාට. කස්ටිය එහා මෙහා වෙනකන් බලන් ඉඳලා, මැරිච්ච එකා මේවා සමහර විට බලනවත් ඇති.

ඉස්සර ඔය ලේබල් එක හරි විශාලයි, ළඟට ගිහින් කියවන්න ඕන නෑ. ජේවීපී පෝස්ටර් වගේ පොල් අකුරෙන් තිබුනේ. අකුරුත් ටිකක් ඊට සමානයි. වටේට විතරයි මල් තිබුනේ, අද ඒවත් එක්ක බැලුවම ඒවත් නිකන් දෙකයි පනහේ ඇන්තූරියම් මල් වගේ ඒවා තමයි තිබුනේ. අද නම් වෛවාරන්න ඒවා තියෙනවා. මිනිස්ටර්ලගෙ ඒවා අතරේ ප්‍රසිඩන්ට්ගේ එකකුත් තිබුනා නම් තමයි, නියම මරණයක් වෙන්නේ. ඒ වගේම තමයි ඒයා එන එකත්, ඒයත් ඉතින් හිත් රිද්දන්නේ නැතුව ඕන මළ ගෙයක් අස්සෙ රිංගනවා. මොකෝ කරන්න කියලා වෙන වැඩකුත් නෑනේ. රට කරවන්න අති දස්ස, පස්සපාති, කාර්යස්සම සෙට් එකක් ඉන්න එකේ. ඒ නිසා එයාට තියෙන්නේ ඔය මළ ගෙවල්, දාන ගෙවල්, කොටහලු ගෙවල්, කසාද අස්සන් කරන ඒවා වගේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි.

පොඩි කාළේ තියෙන චාටර්ම වැඩක් තමයි, මළ ගෙවල් වල මල් වඩම් උස්සගෙන පෙරහැරේ යන එක. සමහර උන් නම් පැනලා එන්නේ. මළ ගෙදර උන් හූ තියාගෙන අඬන අස්සේ, මල් වඩමක් නෑ කියලා අඬන උනුත් මම අනන්ත දැකලා තියෙනවා. "අනේ මාවත් අරන් පලෝ" කිය කියා අඬ අඬ ගියාට, වලට පස් දාන්නෙත් වලෙන් බොහොම ඈතට වෙලා පරෙස්සමෙන්, මොකෝ වලට වැටුනොත්, වැටුන එකත් දාලා වහයි කියන බයට. ඒත් මම එකම මළ ගෙදරක දැක්කා, එකෙක් වලට පැනලා පෙට්ටිය බදාගෙන ඌවත් දාලා වහන්න කියනවා. හැබයි හොඳ සිහියෙන් උන්න එකෙක් නෙමෙයි, බීපු එකෙක්. අනේ ඉතින් මැරිච්ච එකාගේ තනියට ඉතුරුවෙන්නෙ අර මල් වඩම් ටික විතරයි. ඒ නිසාමද මන්දා අපි මෙච්චර මල් වලට ලව් කරන්නේ.

කොමුපිළි - Lingerei


මේක දැම්මේ හුදෙක්ම කොල්ලෝ සදහා පමණයි.අනික අද කාලේ මේවා සුලභ දෙයක් නිසා කවුරු කවුරුත් දැනගෙන ඉන්න එක හොදයිනේ.ඔන්න සිරා වල කමට දැම්ම එහෙම කියනවා නෙමෙයි හරිය.මේකේ වැඩිම ඉස්තුතිය යන්න ඕනේ මාතලන් අයියට.එයාගේ අත හිත තමයි ඉතින්.
 මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා. නමුත් මාතලන් කතා කරන්න යන්නේ පහලට අඳින ඇදුම් වල එක ඇඳුමක් ගැන. ඒ තමයි පෑන්ටී. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජ*ගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජ*ගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ සස්පැන්ඩර් කියලා. දැන් නම් කවුරුත් දන්නේ ජොකා කිව්වම තමයි. මේ ජොකා ගැන අපේ කතන්දර ශූරීන් පලු යන්න කතා ලියලා තියෙනවා. ඒ වගේම ටැබූ මුත්තත් "යටි වතට ඇයි මේ සරදම්" වගේ මාතෘකාවක් යටතේ පෝස්ට් එකක් දැම්මා.. නමුත් මම හිතන්නේ ජංගි ගැන ලියුවේ නෑ.


මේ පෝස්ට් එක දාන්න කියලා කිව්වේ මාතලන් ගේ හාමිනේ. මොකද රට රටවල ගිහිල්ලා මාතලන් මේ ගැන හොඳට දන්න නිසා හාමිනේටත් එක එක ජාතිවල ඒව ගෙනත් දීලා තියෙනවා. දැන්නම් කොළඹ රටේ බස් එකේ යන කොටත් ජංගී විතරක් ඇඳගෙන ඉන්න ඩමීස් තියෙන සාප්පු වැහි වැහලා. ඒ නිසා මේක දැන් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නමුත් මේවල එක එක හැඩේ ඒවා තියෙනවා. ප්‍රධානම වෙනස තමයි පසු පස ප්‍රදේශය වැසෙන ප්‍රමානයේ ඇති වෙනස. මොකෝ ඉදිරි ප්‍රදේශය වැහෙන්න එපාය. ඉතින් ඒ කාලේ ඇඳපු පොල් ජංගියේ (මේවා ඇන්දම උඩ ඇඳුමටත් උඩින් පැහැදිලිව පේනවා. වාටී ලොකු නිසා.) පටන්, වර්ථමානයේ අපේ සීයලා ඇඳපූ අමුඩේ වගේ වෙනකන් සියල්ලම වගේ මෙහි තියෙනවා

බ්‍රීෆ්ස්

බ්‍රීෆ්ස් වර්ග කීපයක් තියෙනවා. ක්ලැසික්, බොයි ලෙග්, ෆ්‍රෙන්ච් කට් සහ කන්ට්‍රෝල් වශයෙන්. මේ වර්ගයේ ඒවා තමයි අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ. පසු පස ප්‍රදේශය සම්පූර්නයෙන්ම වැසෙනවා. නාභියට තරමක් පහල දක්වා ඉදිරියෙන් ආවරනය වෙනවා

ක්ලැසික්
කන්ට්‍රෝල්



ෆ්‍රෙන්ච් කට්

බොයි ලෙග්


හිප්ස්ටර්ස්

මේ වර්ගයත් බ්‍රීෆ් වලට බොහෝ සෙයින් සමානයි. නමුත් ඉඟටිය ප්‍රදේශය ආවරණය කරන ප්‍රමාණය අඩුයි. ඒත් මේක ඉඟටිය ප්‍රදේශයට පහසු බවයි මත විමසුම් වලින් හෙලිවන්නේ මේ වර්ගයත් විවිධ හැඩ වලින් එනවා.

 ටැන්ගාස්

මේක ඇමේසන් වනයේ ගෝත්‍රිකයන්ගෙන් ආපු එකක් ලෙසයි පිළිගැනෙන්නේ. ත්‍රිකෝනාකාර රෙදි කැබලි දෙකක් ඉනවටා යන පටියකට සම්බන්ධ කිරීමක් තමයි මේයින් වෙන්නේ.


 

 බිකිනීස්

කියපු ගමන් මතක් වෙන්නේ 'සුද්දියෝ නායි බිකිනි සූට් ඇඳගෙන" කියන ගීතය. බිකිනිය ඉස්සරහ ප්‍රදේශය හා පසුපස හොඳින් ආවරනය කලත් ඉඟ වටා යන ප්‍රමාණය ඉතා කෙටියි. සමහර බිකිනි රෙදි පටිවලින් ඉඟ ප්‍රදේශයෙදී එකතු කළ හැකි අතර, සමහරක් ඒවා එසේ නොමැතිවද තියෙනවා. ඉස්සර අපේ තාත්තලා ඇන්ද, "සස්පැන්ඩර්" වගේ. නමුත් ඒවා, එකම පැත්තේ ගැට දෙකකින් සම්බන්ද වෙනවා.


  








තොන්ග්ස් 
සාර්ථක ලිංගික ජීවීතයකට මග පෙන්වන තොන්ග්ස්, ටැන්ගා වලට බොහෝ දුරට සමානයි. නමුත් පසු පස ප්‍රදේශය ආවරණය වන්නේම නෑ. (අපේ සීයගේ අමුඩේ වගේ.) ඉදිරියත් යාන්තමින් විලි වැසෙනවා විතරයි. මේව ඇඳලා ලෝ වේස්ට් ඩෙනිම් ඇඳලා යන බටහිර යුවතියන්ගේ ඇඳන් ඉන්න බ්‍රෑන්ඩ් එකත් පේනවා. ඒක විලාසිතාවක්. මෙහිත් වර්ග කීපයක් තියෙනවා. ජී ස්ට්‍රින්ග්, වී ස්ට්‍රින්ග්, සී ස්ට්‍රින්ග් සහ චීකී කියලා

මෙයින් වඩාත් ජනප්‍රිය චීකී... සී ස්ට්‍රින්ග් කියන එක නවතම සොයාගැනීමක් වගේම යට ඇඳුම් ළොවේ පෙරලියක්. ඉඟ වටා කිසිම සම්බන්ධයක් නොමැති මෙය රැඳි සිටීම සඳහා විශේෂ රෙදි වර්ගයකින් නිපදවා තිබෙනවා. සැටින් වයේ ඇඳුම් අඳින විට, වාටී නොපෙනන ලෙස ඇඳීම සඳහා මෙය නිපදවා තිබෙනවා.
වී ස්ට්‍රින්ග්
චීකී

ජී ස්ට්‍රින්ග්

සී ස්ට්‍රින්ග්

දැන් ඉතින් කෙල්ලන්ට පුළුවන් චන්ඩි වගේ ගිහින් නම කියලම ඉල්ලන්න. අරක මේක කියන්නේ නැතුව. කොල්ලොත් දැණුවත් උනා. ලිංගික ගැටළු තියෙන බැඳපු අයටත් මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන්. ඔය හැම ජාතියම දැන්න් මෙහේ තියෙනවා.