ශාන්දික කියන්නෙ අපේ සැට් එකේ හිටිය සල්ලිය බාගේ ටිකක් වැඩිපුර තිබ්බ කොල්ලෙක්. උගේ තාත්තට තිබ්බා ඉසුසු ලොරි තුනක්. ඒ උනාට ඌ කියන්නේ හරියට අර දඩ ට්‍රක් තුනක් තියෙන විදිහට. සල්ලිකාරයා නිසා තව්සන්ඩ් ටෝක්ස් තමා දෙන්නේ. අපිත් ඉතින් වැඳගෙන උම්බෑ...... කිය කිය ඉන්නවා. මොකද හැමදාම හවසට පකිස්තානෙන් කෑම කන්න වැඩිපුර ගානක් කඩා ගන්න ඕනි නිසා.

මේ සිද්දිය උනේ අපේ කොල්ලෙක්ගේ අක්කගේ මගුල් ගෙදරදි. අපි ඉතින් ආදරේට මොන වයස් සීමාද කියල හිතා ගෙන ඇහට කනට පේන කෙල්ලන් දිහා ඉතාම මැදහත් සිතින් බලලා, කසාදත් බැඳලා ළමයිනුත් හදගෙන ජීවත් වෙවී හිටියා. අපේ ශාන්දිකයා, පොර වෙනම ලයින් එකක්. පොරට තිබ්බා ඒ දවස් වල හැන්-පෝන් එකක්. ඌට විතරමයි එහෙම එකක් තිබ්බේ අපේ සෙට් එකෙන්. මූ එකෙන් බොරුවට එහා මේසේ ඉන්න කෙල්ලන්ට ඇහෙන්න කොල් අරං බිස්නස් ටෝක්ස් දෙනවා.
“අර 8433 දැම්මද ගැරෙජ් එකට, ඒක පොඩ්ඩක් ඉක්මන් කරලා බලන්න කියන්න, ඔරිජිනල් පාට්ස්ම දාන්න කියන්න“
“3245 හවසට සවිස් එකට දාන්න, ෆුල් ග්‍රීස් කරලා ඒ හැම දෙයක්ම කරන්න“
“මං දැක්කා කළු මාමා ගෙනියන එකේ ටයර් සව්ත්තු වෙලා තියෙනවා, පොඩ්ඩක් ඒකත් බලන්න, අයිසේ පොඩි පොඩි ඒවා හදාගන්න බැරි උනොත් පස්සේ ලොකු ගණන් වලින් යන්නේ. කියන කන් ඉන්නැතුව පොඩ්ඩක් එව්වා බලලා කරනවා“
පොරගේ ටිකට් එක ඇදුනා අපේ ඇස් ඉදිරිපිටම, කෙල්ලො දෙන්නෙක් හැරුනා අපි ඉන්න පැත්තට, පොඩ්ඩක් හිනාවකුත් දැම්මා ශාන්දිකයට, පස්සේ කිව්වා,
“කොච්චර කලත් අයිතිකාරයන්ට තියෙන උවමනාව වැඩ කරන අයට නෑ නේ?“
“හ්ම්... හොයලා බැලුවේ නැත්තන් ඉවරයි“ ඒ ශාන්දික
“ඉතින් මල්ලි දැන් ඔයාලගේ ඔක්කොම වාහන ගැරෙජ් වලද?“
(ඒ වචන ටික පිට වුනාම කෙල්ලන්ගේ මේසෙන් ආපු හිනාව නං මට තාමත් ඇහෙනවා වගේ)
පැය කීපයක් පමන දිගු වූ තප්පර කීපෙකට පසුව, ශාන්දියා වචන ගලපන්න ගත්තා
“ නෑ මේ... නෑ එවා මේ... ; හලෝ ආහ් අසේල කියපන්“
වෙලාවට ඌගේ ෆෝන් එකේ එලාම් එක වැදුනා, එලාම් එකට ආන්ස(ර්) කර ගෙන මෑන්ස් මාරු.
අපිත් ඉතින් කලිසන් ඇදන්න ඉන්න පුලුවන් කමක් නැති නිසා හෙමීට වාශ්ප වෙලා ගියා.

ඔය ශාන්දිකයා ඉහලින්ම සමාන්‍ය පෙළ සමත් නිසා තාත්තගේ බිස්නස් වලටම හව්ල් වෙලා හිටියේ. ඌ නං කියන්නේ ඌ නොට්ටිගේ පුතා නෙමෙයි කියලා ඔප්පු වුනා කියලයි. උන් අවුරුද්දකට සැරයක් හැමදාම අර බර කරත්ත තුනත් දක්කගෙන කතරගම යනවා, දාලා තියෙන ඉන්ශුවරන්ස් එක අලුත් කරන්න ඕනි නිසා. අපිත් අරූ එක්ක ලොරියක එල්ලෙනවා. සින්දුවක් එහෙම කියාගන ලොරි බොඩියට තල තල යනවා.
♫♪...කතර ගමට ගියා තමයි කතර ගමත් වහාලා... ♫♩
දෙවියන්ගේ පූජා භුමියෙත් ඉතින් සුරංගනාවියො ඉන්වනෙ. අපේ පොර එකපාරට අර සෙනඟ ගොඩක් අස්සේ බය වෙලා අපි දිහා බැලුවා.
“මචං යතුර නැතිවෙලා“
“මොන යතුරද?“ කියලා මං ඇහුවා
“වැන් එකේ යතුර බං“
“මොන වෑන් එකක්ද බං?“
“යකෝ මගෙ වෑන් එකේ, සාක්කුවට දාගත්ත මට හොඳට මතකයි“
දැනුයි තේරුනේ මූ මේ පොර ටෝකක් දෙන්නෙ කියලා. මාත් ඉතින් ඌට අත හිත දීමක් විදිහට ගත්ත කටට මේ විදිහට කිව්වා.
“ආහ්.......... ගෙදර දාලා ඇවිත් ඇති බං“
අරුං බඩවල් අල්ලං හිනා වෙද්දියි මතක්වුනේ යතුර ගෙදරදාලා වෑන් එක අරං කතරගම එන්න බැරි විත්තිය.

No comments:
Post a Comment