Monday, October 21, 2013

බැදපු දාට




එදා ඉන්දන් මගේ වෙලා මා සැනසූ අත
ටික දිනකින් සමු ගන්නා බව කීවා සිත
අනේ මගේ අතවී සැනසිය නුඹ මගෙ සිත
කවදාවත් මම අමතක නොකරමි මගෙ අත 


ගෙදර තනිකමේ වෙලමින් මා සිටිනා විට
ඇඟ ඇතුලේ අමුතුම සිතිවිලි තෙරපෙන විට
උඩ සිට පහලට ගොස් එලියට ගෙන මාගේ ඇ*
මාත් එක්ක සැනසුනු ඔබ අමතක නෑ මට

හොඳ හොඳ කෙල්ලන් පාරේ ඉන්නා දුටු සඳ
බස් රථයේ වුණුදේවල් සිහියට එන සඳ
දුරකතනෙන් පරිගණකෙන් වැ*ක් බැලූ සඳ
ඒ සිතිවිලි ගත්තා එලියට මාගෙන් ඇද

මිතුරන් අතරේ ෆන් එක ගන්නා සැම විට
ඔබ සමඟින් කළ සෙල්ලම් කීවා රසකොට
කොටට තිබුනු එක අරගෙන දීලා දික්කොට
මගේ ලඟින් උන් ඔබ තාමත් සිහිවේ මට

අද හෙට මා ඔබගෙන් සමුගත්තත් හිතවත
සදහටනම් කවදාවත් ඔබ හැර යන්නැත
ඉඳසිට හෝ ඔබත් සමග එක්වී මගෙ අත
සැනසෙන්නම් පෙරදාමෙන් සිහිකර කොලු සිත 

Sunday, October 13, 2013

දැන් කාලේ කෙල්ලො කැමැති කොයි වගේ කොල්ලන්ට ද?



පුස්වැල් කෙතරම් හයිය වුණත් අගමුල නැති වැල් කෙතරම් දුර්වල වුණත් ඒ දෙකම බලන්නේ ගස්වල එතෙන්න. ඒ වගේම තමන් කරන වෘත්තිය කෙතරම් ප්‍රබල වුවත් වෘත්තිය පෞරුෂය කෙතරම් තිබුණත් ආදරයේ දී තරුණියන්ගේ සිත් බොහෝ විට වැල් වගේ. කාලයක් තිස්සේ සම්ප්‍රදායක් ලෙස එන නිසාදෝ සියයට සියයක්ම පෙම්වතියන් සොයන්නේ තමන්ට වඩා ඩිංගක් හරි උස පිරිමින්වයි. පීතෘ මූලික සමාජයේ පිරිමියා උසස් යැයි සම්මතයක් තිබීම එයට හේතුව ද? නැතහොත් ඇමසන් යෝධියන් ආදීන්ගේ මාතෘ මූලික සමාජ විනාශ වී යාම නිසා ක්‍රමිකව විකාශනය වී ජානගත වූ හැඟීමක් දැයි එයට පිළිතුරු සොයා ගත යුතුව තිබෙනවා. 

අපේ සමීක්ෂණයට අනුව අඩුම තරමින් අඩි 5 අඟල් 6 ක්වත් නැත්නම් අද තරුණයකුට තරුණියකගේ හිත දිනා ගැනීමට තරමක් අපහසුයි. තරුණියන්ගෙන් සියයට සියයක්ම තමන්ට වඩා උස පිරිමියකු පතන අතර ඉන් සියයට 10 ක් අඩි 6 ටත් වඩා උස පෙම්වතෙකුගේ සුරතේ වෙලි යාමට ප්‍රිය කරනවා. ගණකාධිකාරීවරියන්, නීතිඥවරියන්, ක්‍රීඩිකාවන්ගේ හිත ගන්න නම් තරුණයන්ට සෑහෙන්න ‘බාර් එක්සර්සයිස්’ කරන්න වෙයි කියලයි හිතෙන්නේ. 

තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගේ ජෝඩු ඕන තරම් පාරේ දැක්කට අපේ සමීක්ෂණයේදී බොහෝ කුමරියන් පතන්නේ කළුකුමාරයන් නොවේ කියලත් අනාවරණය වුණා. හුඟක් අය ‘පිරිමි පාට’ කියා හැඳින්වූයේ තලෙළු පාටට. සුදුම තරුණයකු විය යුතුයි කියන මතයට බොහෝ ඇඟලුම් සේවිකාවන් වගේ ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් එකඟ වුණා. සියයට 20 ක් විතර තරුණියන්ට නම් පාට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් තලෙළු අයට නම් ඉල්ලුම බොහොම වැඩියි. ඒ සියයට 80 ක්. 

සමහර තරුණයෝ ඇඟ හදාගන්න කියල ජිම් ගියාට තරුණියන් ගෙන් සියයට අනූපහක්ම කැමැති සාමාන්‍ය සිරුරු සහිත තරුණයන්ට. ඒකට නම් රැකියා භේදයක් ඇත්තෙම නැහැ. ඉතිරි සියයට පහ වුණත් ඕනවට වඩා මාංශ පේශි උළුප්පගෙන ඉන්න කොල්ලො ගැන කතා කළේ පිඹුරන් වගේ වෙන්න බෑ කියලයි. 

වෙනසක් කරන්න කියලා කොණ්ඩේ වැව්වට තට්ටේ ගෑවට ආකර්ෂණය ඇති වෙන්නේ නෑ කියන්න හොඳම සාධකය තමයි සියයට අනූවක් දෙනා පිළිවෙළට කොණ්ඩේ කපලා ඉන්න තරුණයන් ගැන හීන මැවීම. ‘පොලිස් කට්’ කපන අයටත් සියයට දහයක් විතර කැමැතියි. ඒ ඇඟලුම් ක්ෂේත්‍රයේ තරුණියන් ගෙන් සමහරුයි. විශේෂය තිබෙන්නේ සමහර නීතිඥවරියන් ඉඳහිට කොණ්ඩෙ වවනවාටත් කැමැති වීමයි. ඒත් සියයට පහයි. 

සියයට හැත්තෑවක්ම තරුණියන් රැවුල හොඳට කපලා පිළිවෙළට ඉන්න තරුණයන්ට තමයි කැමැති. 

හැබැයි සමහර නිළියන් චූටි කටු රැවුළක් තිබෙනවටත් කැමැති වුණා. පොන්ටින් කට් එක වගේ පොඩි රැවුල් මෝස්තරයක් ඉවස ගන්න නීතිඥවරියන්, ගණකාධිකාරිවරියන්, ගුරුවරියන් සමහරවිට කැමැතියි. ඒත් රැවුළ වැව්වාම නම් වයසක පාටයි කියලා තමයි බොහෝ තරුණියන් හිතන්නේ. 

ඔය විදිහට පෙනුම බලලා තෝරගන්න පෙම්වතාට ස්ථිර රැකියාවක් තිබෙන්නට ඕන කියන එක නම් සියයට 80 ක්ම අනුමත කළා. සමහරුන්ට එය පෞද්ගලික අංශයේ වුණත් කමක් නෑ. ඒත් සමහර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් වගේම නිළියනුත් රජයේ රැකියාවක් කරනවට කැමැතියි. 

සමහර නීතිඥවරියන් සහ ඇඟලුම් සේවිකාවන් ව්‍යාපාරිකයන්ට කැමැතියි. ඒත් ගුරුවරියන් ගෙන් සමහරුන් කීවේ මාධ්‍ය, ගුරු, නීතිඥ වැනි වෘත්තිකයන්ට අකමැති බවයි. ගණකාධිකාරිවරියන් බොහෝ දෙනකු තමන් වගේම ගණිත ශාස්ත්‍රයට නැඹුරු වෘත්තීන්වල යෙදෙන්නන් ගැන උනන්දුයි. ඒත් රජයේ රැකියාවල කිසිම නිදහසක් නෑ කියලා මතයක් ඇඟලුම් සේවිකාවන් අතර තිබෙනවා. 

රැකියාව වගේම වාහනයකුත් තරුණයකුට තිබීම ගෑනු ළමයින්ගේ හිත ගන්න හේතුවක් ද? ඔව්. සියයට 70 ක් අයට වාහනයක් ඕනමයි. සියයට තිහකට විතර එහෙම නොතිබ්බා ය කියලා හිත වෙනස් වෙන්නෙ නෑ. ඒත් ඉහළ තනතුරු දරන අය ඔහුටත් ඒ මට්ටම පැවැතිය යුතු බව සිතනවා. සමහරු වාහන එපා කියන්නේ තමන්ට වාහනයක් තිබෙන නිසා. ඒත් ගුරුවරියන් නිළියන්, සාමාන්‍ය යතුරුපැදිවලටත්, ක්‍රීඩිකාවන් හා ඇඟලුම් සේවිකාවන් ට්‍රේලර් බයිසිකල්වලටත් කැමැති බව පැහැදිලියි. ත්‍රීරෝද රථයක් හරි තිබීම ඇඟලුම් සේවිකාවකගේ හිත දිනා ගැනීමට ඉතාම වැදගත්. 

වාහනේ ගිහින් නතර කරන්න නිවෙසක් තිබිය යුතුයි ද? අපේ ඊළඟ කුතුහලය වුණේ එයයි. නිවසක් එපා කියා නම් කිසිවකුත් නොකීවාට ඕනැමයි කියා කීවේ සියයට 30 යි. ඇඟලුම් ක්ෂේත්‍රයේ තරුණියන් එයට හේතුව ලෙස කීවේ නිවෙසක් අලුතින් තැනීමට ගියහොත් කල්ගත වන බවයි. නීතිඥවරියන් ගෙන් ඇතැමෙකුගේ මතය වූයේ නිවෙසක් අලුතින් තැනීම කාලය අපතේ යැවීමක් බවයි. තමන් කැමැති අයුරින් නිවසක් තනා ගැනීම අනෙක් බහුතරයගේ ආශාවයි. 

ගේදොර යාන වාහන තිබුණු පලියට කාගේ වුණත් ගතිගුණ හොඳ වෙන්නේ නෑ. හැදියාවක් තිබෙන පවුල් පසුබිමකින් පැවත එන අයට හොඳ පෞරුෂයක් හිමි වෙනවා කියලා සැම දෙනාම පාහේ විශ්වාස කරනවා. බහුතරයක් ඒ කියන්නේ සියයට 70 ක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පවුලට ගැළපෙන සමාජ තත්ත්වයක්. සියයට 60 ක් හොඳ කියන සීමාවේ නතර වෙනවා. 

තමන්ට වඩා උසස් පවුල් පසුබිමක් තිබිය යුතුයි කියා හිතන්නේ සියයට දහයයි. පවුල් පසුබිම කුමක් වුවත් පුද්ගලයා හොඳ නම් ආදරය කරන්න තීරණය කළේ සියයට 10 යි. 

ඒ වගේම කුලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ කියලා සියයට පනහක් කීවාට ඒ අයගෙනුත් සමහරුන්ගේ මවුපියන් ඒ සාධකය සලකයි කියු නිසා කුල සාධකය මේ අයගෙන් සියයට 70 කට බලපානවා. 

වැදගත් කුලවත් පරපුරකට අයිති නම් ඒ තරුණයා ගමේ ද නගරෙ ද කියන එකවත් හොඳම පාසලක ආදි ශිෂ්‍යයෙක් ද කියන එකවත් ලොකු ගැටලුවක් නෙවෙයි. 

ඒත් ලේකම්වරියන් බොහෝ විට නාගරික තරුණයන්ට ප්‍රිය කරන බව තමයි සමීක්ෂණයෙන් හෙළි වන්නේ. ඒත් නීතිඥවරියන් අතරින් සමහරු කීවේ ගමේ පාසලකට ගිය තරුණයකු ඕනවට වඩා තර්ක නොකරන නිසා තමන්ට ගැළපෙන බවයි. 

ඒත් ඉංග්‍රිසි ටික නම් දිව උලුක්කු නොවෙන්න කතා කරගන්න පුළුවන් වීම ඉතා වැදගත් කියා ඔවුන් සිතනවා. විශේෂයෙන් මාධ්‍යවේදිනියන්ගේ ද අදහස වුණේ ලෝකයේ ඕනෑම රටකදී තමන්ට අවශ්‍ය අයුරින් අදහස් ප්‍රකාශ කරගත හැකි පරිදි අන්තර්ජාතික භාෂාවක් හැසිරවීමට හැකි වීම තම අනාගත සැමියා සතු විය යුතු ලක්ෂණයක් බවයි. 

නිළියන් ගෙන් බහුතරයක් කීවේ තමන්ටත් අනුන්ටත් තේරෙන අයුරින් වැදගත් විදිහට කතා කරන්නට හැකි අයුරින් සිංහල ප්‍රගුණ කර තිබීම වඩා වැදගත් බවයි. 

ඒත් ඉංගිරිසි එපා යැයි කීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ. සියයට සියයක්ම සිංහල ඉංග්‍රීසි භාෂා අවශ්‍යයි කියන අතර දෙමළ භාෂාවත් පුළුවන් නම් හොඳ බව නිළියන් වගේම ක්‍රීඩිකාවන්ගෙන් සමහරු කීවා. 

වතුර වගේ ඉංග්‍රීසි කතා කළත් ඕනවට වඩා මෝස්තර දාන කොල්ලන් ගැන නම් කිසිම කෙල්ලක් උනන්දු වන පාටක් නෑ. තමන්ටත් මෝස්තර කරන්න ඕන නිසා පෙම්වතාටත් ඒ අවස්ථාව දෙන්නේ නීතිඥවරියන් ගෙන් කීපදෙනෙකුත් ඇඟලුම් ‍ක්ෂේත්‍රයේ කීපදෙනකුත් පමණයි. සියයට අසූපහක්ම තැනට, අවස්ථාවට ගැළපෙන මෝස්තරයක් කරනවාට විරුද්ධ නෑ. හැබැයි වැදගත් විදිහට. 

එහෙම ජැන්ඩියට ඇඳ පැලඳගෙන උත්සවේකට ගිහින් කබරයා වෙනකල් සුරාපානය කරන එකට සියයට සියයක්ම විරුද්ධ වුණේ වෛද්‍යවරියන් බහුතරයක් හා නිළියන්. දොස්තර නෝනාගේ මහත්තයා බීලා නැති වුණේ කියලා අහගන්න වෘත්තිය ගෞරවය ගැන හිතන කිසි කෙනෙක් කැමැති නැහැ. 

අනිත් ක්ෂේත්‍ර හැම එකකම පාහේ තරුණියන් කීවේ තමන්ගේ සීමාව තේරුම්ගෙන ඉඳහිට මද පමණින් සතුටක් ලබනවාට එරෙහි වීමත් මානුෂික නැහැ කියායි. 

කොතරම් කෑවත් බීවත් විරුද්ධ නොවන අය පවා උත්සවයකදී වෙන කෙල්ලක සමඟ තමන්ගේ කොල්ලා නර්තනයකට සහභාගි වෙනවට එතරම් සතුටු නැහැ. 

අනිත් අතට තමන්ගේ පෙම්වතා හොඳ සමාජශීලී කෙනෙක් වෙන්න ඕන කියලා හැම ක්ෂේත්‍රයකම තරුණියන් කීවාට ගණකාධිකාරිවරියන් වගේ ම වෛද්‍යවරියන් බහුතරයක් කැමැති සීමාවක් ඇතුව කතා කරන අයටයි. ගුරුවරියන්, නිළියන් වගේම ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන්නියන් සියලු දෙනා සමඟ එක විදිහට කතාබහ කරන තරුණයන් අගය කරනවා. ඒත් අපේ තරුණයන් දැනගත යුතු ප්‍රධානම කරුණ වන්නේ ඒ හැම කෙල්ලක්ම කැමැති තමන් සමඟ විශේෂයෙන් හිනාවෙලා කතා කරන තරමටම වෙන කෙල්ලන් සමඟ විහිළු තහළුවට නොයන කොල්ලන්ට පමණක් බවයි. 

(සමීක්ෂණයට ලක් වූ ක්ෂේත්‍ර - වෛද්‍ය, නීතිඥ, ගුරු, ගණකාධිකාරි, මාධ්‍ය, ක්‍රීඩා, ලේකම්, ඇඟලුම්, රංගන, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්)

Friday, October 11, 2013

ඔන්න කපල්

කපල් කිව්ව ගමන් මොකක්ද කට්ටියට හිතට ආවේ ?
හරි හරි ආපු එක හිතේම තියාගන්නකෝ. ඉතිං මේ කපල් ගත්තම කැටගරි ගොඩකට වෙන් කරන්න පුළුවන්නේ. පිරිමි-ගැහැණු, ගැහැණු-ගැහැණු, පිරිමි-පිරිමි, තවත් තියෙනවද මන්ද ! අර ගැහැණුපිරිමි-ගැහැණු වගේ.තේරුනාද මන්ද. හරි හරි කොහොම වුනත් ප්‍රධාන වශයෙන් ඕවනේ මේ දවස්වල ප්‍රසිද්ධ කපල් කැටගරීස්. ඕකෙන් අපි ගමු ගැහැණු-පිරිමි කපල් ගැන.



 

ඒ වර්ගයේ කපල්නම් ඉතිං හැම තැනම දැකල ඇතිනේ. ඉස්කෝලේ, බස් එකේ, කැම්පස් එකේ, හොටෙල් වල, පාරවල් වල,කැලෑ වල, මුහුදු වෙරළේ, යන ආදී වශයෙන් ගත්තම කපල් නැති තැනක් නැති තරම්නේ. ඔතනින් අපි බස් එක සිලෙක්ට් කරගමුකෝ.

කපල් වලින් කොල්ලා ගත්තම එතනත් සබ් කැටගරි හෙන ගොඩකට කඩන්න පුළුවන්නේ. කොහොම වුනත් කෙල්ලො නම් සබ් කැටගරි වලට කඩලා තේරුමක් නෑනේ,මොකද ලඳුන් කවදත් ලඳුන්නේ. ඒ අය කෙනෙක්ට කෙනෙක් අනිවාර්යෙන්ම වෙනස්. වෙනත් සාධක නොසලකා හැරලා පාලනය කරන ලද තත්ත්ව යටතේ උපරිම ට්‍රයි එකක් දීලා අපිට පුළුවන් වෙයි සමහරවිට ගැහැනුන් දෙන්නෙක්ව ආසන්න වශයෙන් සමාන කරගන්න.ඒකත් සීමිත කාලයකට පමණයි.

හරි දැන් මේ කොල්ලෝ ගැනනේ කියාගෙන ආවේ. ඉතිං මේ කපල් වල සමහර කොල්ලෝ හිතාගෙන ඉන්නේ උගේ කෙල්ල එක්ටැම් ගෙදරකතියන්න.



 

කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක හිනාවෙන්න බෑ. කතා කරන්න බෑ. ලඟින් යන්න බෑ. කෙල්ල දිහා වෙන කොල්ලෙක් බැලුවත් කෙල්ලට දෝසෙ. කොල්ලෝ නිතර ගැවසෙන දවස් හෝ ස්ථාන වලට යනකොට කෙල්ලට ලස්සනට ඇඳුමක් අඳින්නවත් දෙන්නේ නෑ. ඉතිං උගේ ලව මහප්‍රානෙන්ම කුඩා බඩවැලේ කෙලවරේ සිට නැගී එන්නක්.
එහෙම එකෙක් සෙට් වුනු කෙල්ල ඒ කොල්ලව වෙනස් කරලා හදාගන්නේ නැතුව කොල්ලගේ විදියට ඉන්න ගියොත් දෙයියන්ගේම පිහිටයි. කාටද ඔහොම ජීවත්වෙන්න පුළුවන් ? උගේ ආදරේ මහමෙරක් කියන්නේ මේකට තමා කියලා හිතාගෙන අරූවම පතාගෙන ඉන්න කෙල්ලොත් නැත්තේම නෙවෙයි. හැබැයි වැඩි කාලයක් එහෙම ඉන්නවද කියලනම් මම දන්නේ නෑ. මොකද කෙල්ලගේ වුනත් සීමාවක් තියෙනවනේ.

සමහර කොල්ලොනම් ඉතිං එහෙම මොකුත් නෑ කෙල්ලව යම් මට්ටමකට තියාගෙන ඉන්නවා.කාටවත් හානියක් නෑ.දෙන්නම දෙන්නගෙම යම් යම් නීතිවලට යටත්ව සතුටෙන් සාමයෙන් ඉන්නවා. නීති කියන්නේ ඉතිං මහා නීතිමත් නෙවෙයි හදිසියකට කඩාගන්න පුළුවන් නීති වගේ වෙන්නැති.

තව වර්ගයක් තියෙයි කොල්ලට කෙල්ල වෙන එකෙක් එක්ක පැනල ගියත් ගානක් නැති ගානට තමයි ඉන්නේ. දෙන්නා අතර තියෙන්නේ ප්‍රේමයකට වඩා මිතුදමක්ද කියලයි හිතෙන්නේ. දෙන්න අතර හැසිරීමත්, කතාවත් ලිමිට් එක පැනලද මන්ද. එකෙත් ඉතිං හොඳයි නරකයි දෙකම දකින්න පුළුවන්.
කොහොමවුනත් ඔය කැටගරි ගැන වැඩි විස්තර නැතුව ඔතනින් මම අර මුලින් කිව්ව එක්ටැම් ගෙදර තියාගෙන කෙල්ලව පරිස්සම් කරන කොලු වර්ගය සිලෙක්ට් කරගෙන ඉස්සරහට යමු.

බස් කපල් ගත්තම ඉතිං ආයෙත් එක එක කොටස් වලට කඩන්න පුළුවන්නේ. (අද මු කැටගරි බෙදනවා විතරයිද කොහෙද නෙහ් ?). අර අලියෙක්ව අන්ධයෝ අතපත ගාලා එක එක විධි වලට කිව්වලුනේ. ඒ වගේ බස් එකත්, ප්‍රේමයෙන් අන්ධ වෙලා නිසා එක එක කපල් වලට එක එක විධි වලට තමයි පේන්නේ.
සමහර කපල් වලට බස් එක ගමනක් යන්න තියෙන අනිත් මිනිස්සුත් යන හැමෝගෙම බස් එක වගේ, සමහර අයට ටොපියක් දෙකක් දාගෙන කිරි කර්මාන්තයත් කෙහෙල් කර්මාන්තයක් අතපත ගාගෙන ඉන්න පුළුවන් ෆිල්ම් හෝල් එකක බොක්ස් එකක් වගේ. සමහර අයටනම් මධුසමේ ඇඳ වගේ. සමහර අයට පවුලේ ඔක්කම රණ්ඩු ප්‍රශ්න විසඳන ගෙදර සාලේ හෝ කාමරේ වගේ. ඔහොම ඔහොම නානාප්‍රකාර විධි වල කපල්.

ඔව් ඔව් දැන් අවුල මොකක්ද බං අර ටොපි කතාව කියලනේ. ටොපිය ගැන නොදන්නා උන්ට ඒ ටොපි කලාව ගැන මුලින්ම කියලා ඉන්නම්.
ඉතිං මේක ඉස්සර හොරෙන් හොරෙන් හැංගිලා කරපු දැන් කාලේ ඉන්න සමහරක් බස් එකේම කරන එකක් තමා. ඒකත් අමුතු කලාවක් තමයි.කෙල්ලයි කොල්ලයි ටිකක් වෙලා මුකුළු කර කර ඉන්නවා. මෙන්න ටිකවෙලාවකින් මුන්ගේ ඔළු ගෙඩි මූට්ටු වෙලා. ටික වෙලාවක් එහෙම ඉඳලා ඔන්න දැන් දෙන්නත් එක්ක හිතින් මවාගන්නවා දෙන්නගේ මුණු මැද ටොපියක් තියෙයි කියලා. ඊළගට ඉක්මනට ටොපිය අයිතිකරගන්න වෙරදානවා. ඕක තමා කලාව. ඉතිං ඔහොම ටොපියක් බස් එකේ දෙන්නත් එක්ක දමාගෙන උරනකොට මට නිකං ඇහෙනවා ඇහෙනවා පොඩි එකෙක් කියනවා"කට කාපිය නයිට්රයිඩර් කට කාපිය" කියලා.

ඔහොම ඉතිං තනි ටොපියක් කටවල් මැද තියන් සූප්පු කරන උන් දෙන්නා දිහා ඔන්න ඉස්කෝලේ ඇරිලා යන පොඩි උන් හොරෙන් බලනවා. පොඩි උන් හරිම වෙට්ට පිත්තලයෝ තමයි. උන්ගේ මුණ, ඔලුව හැරවෙන්නේ වෙන දිහාවකට ඇස් තියෙන්නේ ටොපියට. දන්න ශිල්ප ඔක්කම දාලා සීන් එක බලාගන්න එකෙක්, අනිකට ඒක පෙන්වන්න ගන්නේ පුදුම ට්‍රයි එකක්. සමහර උන් කකුලෙන්, අතින්, අනිකට අනිනවා. සමහර උන් ඔළුවෙන්. හැබැයි අම්මලත් එක්ක යන උන්ට නෝ චාන්ස්. අම්මලා "චික් විතරක්" කියලා ළමයාගේ ඇස් අතින් වහලා අනිත් පැත්තේ සීට් අල්ලගන්නවා. නැත්නම් ඉස්සරහට හෝ පස්සට යනවා. සමහර ළමයි ඔය මොකුත් නෑ. ගෙදර කවුරුවත් එන්නේ නෑ කියලා බුදු ශුවර් පිට නිදහසේ අධ්‍යාපන චිත්තර පටියක් බලනවා වගේ ඔහේ බලාගෙන ඉන්නවා. ආයේ හැංගිලි නෑ වංචා නෑ හොර බොරු නෑ.

කිරි කර්මාන්තපුරය හා කෙසෙල් කර්මාන්තය ගැන නම් කවුරුත් දන්නවනේ. ඒවා දැන් කාලේ බස් ඒකෙ වෙනවා කියලත් දන්නවනේ. ඔය ඉතිං කොළඹ පරණ පාර දුර ගමන් බස්වල වගේ නෙවෙයි කඩුවෙල කොල්ලුපිටිය 177 බස්වලනම් ගියොත් ටිකක් හයිෆයි ලවර්ස්ලා කියලා හිතන් ඉන්න මහා ගොබ්බ කපල් ඔහොම දමාගෙන ටොපි උරනවා දකින්න පුළුවන්.හැම එවුන්ම නෙවෙයි. ඒකත් 177 ලේලන්ඩ් බස් එකට වඩා එයාලගේ රැඟිලි ඒසී එකක තමා තියෙන්නේ. හීතලට වෙන්ට. දැන් එහෙම කිව්ව කියලා 177 බස් වල යන හැම කපල් එක දිහාම ඔය කෝනෙන් බලනවා එහෙම නෙවෙයි.
කොහොමහරි මම මේ කියන්න ආවේ ඕකක් නෙවෙයි. ඔන්න ඉතිං මම බස් එකේ යනවලු. මම යන්නේ දුර ගමන් බස් එකක කඩුවෙල බලා. යනකොට යනකොට වරදක් නෑ ඉතිං ඩ්‍රයිවර් හොඳට පැදගෙන යනවා බස් එක. එදා ඉතිං සීට් සෙට්වුනේ නෑ.මම කොල්ලා හිටගෙන. මම හිටගෙන ඉන්නතැනට දකුණට වෙන්න තියෙන සීට් එකේ ලාබාල පෙනුම තියෙන කපල් එකක් යනවා. ඒ කිව්වේ මගේ කෙලින් තියෙන සීට් එකට පිටිපස්සේ සීට් එක. මම ඉතිං යන්නේ හෙඩ් මොනාද දෙක කනේ ගහගෙන සිංදුවක් දෙකක් දමාගෙනනේ. කොහොමවුනත් මුල ඉඳලම කොල්ලට පොඩි ගායක් තිබුනා. කෙල්ල දිහා බලන උන්ගේ දිහා මූ රවලා බලනවා. අර එක්ටැම් ගෙදරින් බස්සපු කෙල්ලෙක් වෙන්ට.

ඒ කෙල්ලත් ඉතිං ටිකක් විතර ඉතිං ඇහැට කනට පේනවලු. හැබැයි ඉතිං කොල්ලත් ඉන්න ඒවාට බහින්නේ මොකටද අපි. මම සිංදුව අහගෙන යනකොට කොල්ලා කෙල්ල දිහා බලාගෙන මොනාද කියවනවා.කෙල්ලත් කියවන ගමන් මම දිහා බලනවා. ඔව් ඔව් ඉතිං මම දිහාමද දන්නේ නෑ. මම හිතුවේ මම දිහා කියලා. මම ඉතිං කිරි සප්පයටත් වඩා අහිංසක ළමයනේ. කොහොමහරි කෙල්ල බලන දෙපාරම කොල්ලත් මගේ දිහා බැලුවා, නිකං මම උගේ කෑල්ලට අද රෑට පැනලා යන්න කතාකලා වගේ. කෙල්ල තව එක පාරක් බැලුවා.ඒක තමා අවසාන පාර මොකද කොල්ලා ඒ වෙලාවේ ඉඳලා මොකුත් කතා නැතුව මගේ දිහා හෙන ගේමේ බලාගෙන ඉන්නවා.

ඌ දැන් එහෙම අනිමිසේ කරන ගමන් උගේ පුරුෂ ශක්තිය වඩවනවා. මම සිංදුව අහගෙන ඔහේ ජනේලෙන් එලිය බලාගෙන යනවා. මටත් ඉතිං උගේ බැල්ම හරියන්නේ නැතිකමටද මන්ද උන් දෙන්න දිහා ආයේ බැලුවා. බැලුවා විතරයි කොල්ලා මොනවද කිව්වා. මට කොහෙද ඇහෙන්නේ. මම අර හෑන්ඩ් ෆ්‍රී දෙක ගලවලා කොල්ලා දිහා බැලුවා.
මෑන් අහනවා

"අයියේ වෙලාව කීයද ?"

ඉබාගාතේ ලියාගෙන ගියාට මොනා ලිවුවද කියලා සිරාට වත් මතක නෑ.ඔන්න ඔහේ පොස්ට් මැ කළා.පස්සේ වෙලාවක කියවලා බලනවා.

පොර ටෝක්ස්

ශාන්දික කියන්නෙ අපේ සැට් එකේ හිටිය සල්ලිය බාගේ ටිකක් වැඩිපුර තිබ්බ කොල්ලෙක්. උගේ තාත්තට තිබ්බා ඉසුසු ලොරි තුනක්. ඒ උනාට ඌ කියන්නේ හරියට අර දඩ ට්‍රක් තුනක් තියෙන විදිහට. සල්ලිකාරයා නිසා තව්සන්ඩ් ටෝක්ස් තමා දෙන්නේ. අපිත් ඉතින් වැඳගෙන උම්බෑ...... කිය කිය ඉන්නවා. මොකද හැමදාම හවසට පකිස්තානෙන් කෑම කන්න වැඩිපුර ගානක් කඩා ගන්න ඕනි නිසා.

Posted Image

මේ සිද්දිය උනේ අපේ කොල්ලෙක්ගේ අක්කගේ මගුල් ගෙදරදි. අපි ඉතින් ආදරේට මොන වයස් සීමාද කියල හිතා ගෙන ඇහට කනට පේන කෙල්ලන් දිහා ඉතාම මැදහත් සිතින් බලලා, කසාදත් බැඳලා ළමයිනුත් හදගෙන ජීවත් වෙවී හිටියා. අපේ ශාන්දිකයා, පොර වෙනම ලයින් එකක්. පොරට තිබ්බා ඒ දවස් වල හැන්-පෝන් එකක්. ඌට විතරමයි එහෙම එකක් තිබ්බේ අපේ සෙට් එකෙන්. මූ එකෙන් බොරුවට එහා මේසේ ඉන්න කෙල්ලන්ට ඇහෙන්න කොල් අරං බිස්නස් ටෝක්ස් දෙනවා. 

“අර 8433 දැම්මද ගැරෙජ් එකට, ඒක පොඩ්ඩක් ඉක්මන් කරලා බලන්න කියන්න, ඔරිජිනල් පාට්ස්ම දාන්න කියන්න“
“3245 හවසට සවිස් එකට දාන්න, ෆුල් ග්‍රීස් කරලා ඒ හැම දෙයක්ම කරන්න“
“මං දැක්කා කළු මාමා ගෙනියන එකේ ටයර් සව්ත්තු වෙලා තියෙනවා, පොඩ්ඩක් ඒකත් බලන්න, අයිසේ පොඩි පොඩි ඒවා හදාගන්න බැරි උනොත් පස්සේ ලොකු ගණන් වලින් යන්නේ. කියන කන් ඉන්නැතුව පොඩ්ඩක් එව්වා බලලා කරනවා“

පොරගේ ටිකට් එක ඇදුනා අපේ ඇස් ඉදිරිපිටම, කෙල්ලො දෙන්නෙක් හැරුනා අපි ඉන්න පැත්තට, පොඩ්ඩක් හිනාවකුත් දැම්මා ශාන්දිකයට, පස්සේ කිව්වා,
“කොච්චර කලත් අයිතිකාරයන්ට තියෙන උවමනාව වැඩ කරන අයට නෑ නේ?“
“හ්ම්... හොයලා බැලුවේ නැත්තන් ඉවරයි“ ඒ ශාන්දික
“ඉතින් මල්ලි දැන් ඔයාලගේ ඔක්කොම වාහන ගැරෙජ් වලද?“
(ඒ වචන ටික පිට වුනාම කෙල්ලන්ගේ මේසෙන් ආපු හිනාව නං මට තාමත් ඇහෙනවා වගේ)

පැය කීපයක් පමන දිගු වූ තප්පර කීපෙකට පසුව, ශාන්දියා වචන ගලපන්න ගත්තා
“ නෑ මේ... නෑ එවා මේ... ; හලෝ ආහ් අසේල කියපන්“

වෙලාවට ඌගේ ෆෝන් එකේ එලාම් එක වැදුනා, එලාම් එකට ආන්ස(ර්) කර ගෙන මෑන්ස් මාරු.
අපිත් ඉතින් කලිසන් ඇදන්න ඉන්න පුලුවන් කමක් නැති නිසා හෙමීට වාශ්ප වෙලා ගියා.

Posted Image

ඔය ශාන්දිකයා ඉහලින්ම සමාන්‍ය පෙළ සමත් නිසා තාත්තගේ බිස්නස් වලටම හව්ල් වෙලා හිටියේ. ඌ නං කියන්නේ ඌ නොට්ටිගේ පුතා නෙමෙයි කියලා ඔප්පු වුනා කියලයි. උන් අවුරුද්දකට සැරයක් හැමදාම අර බර කරත්ත තුනත් දක්කගෙන කතරගම යනවා, දාලා තියෙන ඉන්ශුවරන්ස් එක අලුත් කරන්න ඕනි නිසා. අපිත් අරූ එක්ක ලොරියක එල්ලෙනවා. සින්දුවක් එහෙම කියාගන ලොරි බොඩියට තල තල යනවා. 

♫♪...කතර ගමට ගියා තමයි කතර ගමත් වහාලා... 

දෙවියන්ගේ පූජා භුමි‍යෙත් ඉතින් සුරංගනාවියො ඉන්වනෙ. අපේ පොර එකපාරට අර සෙනඟ ගොඩක් අස්සේ බය වෙලා අපි දිහා බැලුවා. 

“මචං යතුර නැතිවෙලා“ 
“මොන යතුරද?“ කියලා මං ඇහුවා
“වැන් එකේ යතුර බං“
“මොන වෑන් එකක්ද බං?“ 
“යකෝ මගෙ වෑන් එකේ, සාක්කුවට දාගත්ත මට හොඳට මතකයි“

දැනුයි තේරුනේ මූ මේ පොර ටෝකක් දෙන්නෙ කියලා. මාත් ඉතින් ඌට අත හිත දීමක් විදිහට ගත්ත කටට මේ විදිහට කිව්වා.

“ආහ්.......... ගෙදර දාලා ඇවිත් ඇති බං“

අරුං බඩවල් අල්ලං හිනා වෙද්දියි මතක්වුනේ යතුර ගෙදරදාලා වෑන් එක අරං කතරගම එන්න බැරි විත්තිය. 

Monday, October 7, 2013

(රූ) ms



(මෙහි එන නම් ගම් බොහොමයක් මනක්කල්පිත වෙයි.)

අප බොහෝ දෙනකු කැමැති වැඩි වෙලාවත් තම නිවසේ කාලය ගත කිරීමටයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තමාගේ නිවසේ රැඳී සිටීම හැම පැත්තෙන්ම වාසිදායක තත්වයක්‌ උදාකරයි. තම නිවසට හෝ සමීප ඥාතියකුගේ ගෙයකට අමතරව අපට රැඳී සිටිය හැකි තැන් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ හෝටල්, තානායම් හෝ ලැගුම්හල්ය.

පෙර කාලයේ නම් රෑ බෝ වී හෝ ගමන් මහන්සිය නිසා නිවසට යන්නට බැරි වූ කල්හි අපේ අයට පිහිට ආවේ අම්බලමයි. අවම පහසුකම් ඇති මෙම අම්බලම්වල නෂ්ටාවශේෂ තවමත් සමහර නගරවල දකින්නට තිබේ. පිටකෝට්‌ටේ හන්දියේ ඇති ගල් අම්බලම ඊට නිදසුනකි. සමහරු අම්බලම යන නම යොදා හෝටල්, ආපන ශාලා ආදියද පවත්වාගෙන යති. එහි වරදක්‌ නැත. මහදැනමුත්තලා, අන්දරේලා, දසමහ යෝධයෝ, ආඬි හත්දෙනා වැනි අය අම්බලම්වල රාත්‍රිය ගත කළ අයුරු අප ජනශ්‍රැතියේ සඳහන් වෙද්දී නස්‌රුදීන්ලා, විරුඩන්ලා ලැගුම්හල්වල සිටි බවට ජාත්‍යන්තර කතා අප අසා ඇත. ගැබ්බර මරියා සහ ජෝසප් ජන සංගණනයකට පෙනී සිටිනු පිණිස ගලීලයේ නාසරෙත් සිට යුදයේ බෙත්ලෙහෙමට එන අතර එහි තිබූ සියලුම ලැගුම්හල් පිරී ඉතිරී තිබුණු නිසා තානායමක පිළකන්නේ තිබූ ගව මඩුවක තම බිළිඳා බිහි කර ගව ඔරුවක බහා යේසුස්‌ යන නම තැබූ බව ඉතිහාසය පවසයි.

ගවලෙන් සහ අම්බලම් වලින් එහාට ගොස්‌ ඇති වර්තමාන සමාජයේ අද නවාතැන් පළවල් වී ඇත්තේ හෝටල් කාමර හෙවත් ලැගුම්හල් යෑයි මා කීවොත් බොහෝ දෙනකු මා සමග එකඟ වනු ඇත. රෙස්‌ට්‌ හවුස්‌, ඉන්, රෙස්‌ට්‌, ලො-, ගෙස්‌ට්‌ හවුස්‌, මොටෙල්, හොටෙල්, රූම්ස්‌, විලා, තානායම් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන මේ තාවකාලික ලැගුම්හල් නම් කතා කළ යුතුම මාතෘකාවකි.


තාවකාලික නවාතැන් ගැනීම සඳහා ලැගුම්හල් වෙත යන පුද්ගලයන් මෙසේ අපට වර්ග කළ හැක.

* විනෝද චාරිකා හෝ වන්දනා නඩ ලෙස යන පවුලේ සාමාජිකයන් හෝ මිතුරු කණ්‌ඩායම්.

* නගරයෙන් බැහැරව ගොස්‌ වෙළදාමේ යෙදෙන සේල්ස්‌මන් ලා හෝ සේල්ස්‌ රෙප්ලා.

* දෙස්‌ විදෙස්‌ සංචාරකයන්, ගවේෂකයන්, විමර්ශකයන් සහ දේශාටකයන්.

* රාජකාරී කටයුතු සඳහා නගරයෙන් බැහැරව යන නිලධාරීන් සහ සේවකයන්.

* මධු සමය ගත කිරීමට යන නව මංගල ජෝඩු.

* ගණිකාවන්, සහකාරියන් සොර අඹුවන් වැනි අය සමග කම් සැප වීඳීමට රිසි සල්ලාලයන්.

* අනියම් සබඳතා ඇති හෝර ජෝඩු සහ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි හෝ ගැහැනු.

* සමාජයෙන් වෙන්ව සමීපව කාලය ගත කිරීමට කැමැති පෙම්වතුන්.

මේ අය අතරින් ලැගුම්හල් වෙත ඇදෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක්‌ වන්නේ අසම්මත ප්‍රේමවන්තයන්, හොර ජෝඩු සහ යොවුන් පෙම් යුවළවල් බව අද වැඩිදෙනා දන්නා සත්‍යයකි. දෙවැනි කණ්‌ඩායම වන්නේ වෙළෙඳ නියෝජිතවරුන් හෙවත් සේල්ස්‌ රෙප් ලා බව අප කළ සමීක්‍ෂණවලදී හෙළිවිය.

"අපි ගාවට එන අයගෙන් වැඩි දෙනා හරි අමුතු ඩයල්. ගැළපෙන්නෙම නැහැ. මාර බොරු තමයි කියාගෙන එන්නේ. ඒත් අපි දන්නවා මේ කියන්නෙ බොරු කියල. සමහරු හරියට තාත්තයි දුවයි වගේ තවත් අය අම්මයි පුතයි වගේ කියන්නත් ලැජ්ජයි ඒත් ඒක තමයි ඇත්ත. ඒ අය කියන බොරු ඇහුවම අපිට හිනාත් යනවා. බස්‌ එක මග ඇරුණා අද රෑට මටයි අපේ නැන්දටයි නවතින්න තැනක්‌ ඕනි. අපි මේ ළඟට ආවා ඉන්න තැනක්‌ නැහැ. ඔය වගේ දේවල් අහල අපේ කන් පැසවලා".



මෙසේ කියන්නේ හෝමාගම ප*ණ පාරේ පිහිටි ලැගුම් හලක සේවය කරන මට හිතවත් කොලු ගැටයෙකි. ඔහු එම ස්‌ථානයෙහි වේටර්, රූම්බෝයි මෙන්ම රිසෙප්ෂනිස්‌ට්‌ හෙවත් පිළිගැනීමේ නිලධාරියා යන කාර්ය තුනටම විටෙන් විට දායක වෙයි.

"එහෙම බොරු කෙළින්නෙ එල් බෝඩ් කාරයොයි, ලැජ්ජකාරයොයි. ඒත් පුරුදුකාරයෝ නම් කිසි ගාණක්‌ නැතිව පෝවඩ් එකේ එනවා අයිඩෙන්ටිය දික්‌ කරනවා. ඉන්න පැය ගාණ කියනව පැයකින් කාමරේට රයිස්‌ එකකුයි කෝක්‌ දෙකකුයි එවන්න කියනව. ගාන ගෙවනව. කෙල්ලගෙ කර වටේ අතක්‌ දාගෙන ගෙදර යනව වගේ පඩිපෙළ නැගල කාමරේට යනවා".

ඔහු එසේ කියා නිම වෙන්නටත් කලින් එම ලැගුම්හලේ සාලය කෙළවරින් වැටී ඇති ඇන්ටික්‌ ලෑලි තරප්පු පෙළ දිගේ නව යොවුන් යුවළක්‌ උඩු මහලේ සිට පහළට බැස එනු මම දුටිමි. තරුණයාගේ අතේ ජංගම දුරකථනයකි. ඩෙනිම් කලිසමට උඩින් දැමූ කමිසයේ උඩ බොත්තම් දෙකම පියවා නැත. තාමත් වතුර බේරෙන දිගු කෙස්‌ කලඹක්‌ සහිත රූබර ළාබාල පෙනුමැති යුවතියගේ කරේ මල්ලකි. එහි ඇත්තේ පොත් කීපයක්‌ සහ වතුර බෝතලයක්‌ බව මට නිසැකව තේරුණි. "යන්නං කොල්ලෝ" කියා තරුණයා මගේ ගෝලයාට අත කපද්දී කෙල්ල අහිංසක ලෙස අප දෙදෙනාටම දසන් නොපෙන්වා සිනා සී බිම බලා ගත්තාය. අපේ ඒකාද "එළකිරි බොස්‌ ගිහින් එන්න. ලබන සතියෙත් එනවනේ" කියා ඔවුන්ට ළෙන්ගතුව සමු දුනි යුවළ කවුන්ටරය පසු කර මිදුලට පය තබද්දිම ගෙවත්තේ කොහේ හෝ ගසක්‌ යට සැඟවී සිටි ත්‍රීවිලරයක්‌ බරාස්‌ ගාස්‌ ස්‌ටාට්‌ වන හඬත් දෙදෙනා එයට ඇතුල්වූ පසු සැර දමා පිටවී යන සද්දයත් මට ඇසුණි.

"ක්‌ලාස්‌ යන ඩබලක්‌ බොස්‌. අපේ හොඳ කස්‌ටමස්‌ලා. කිසි කරදරයක්‌ නැහැ. ඉල්ලීම් නැහැ. චෝදනා නැහැ. සතියට දෙතුන් පාරක්‌ එනවා. අපි දැන් අයිඩෙන්ටි බලන්නෙත් නැහැ".

අප දන්නා පරිදි කාමරයක්‌ ගැනීම සඳහා ලැගුම්හලකට ඇතුල් වෙද්දීම මුදල් ගෙවිය යුතු අතර ඒ සමගම තමන්ගේ ජාතික හැඳුනුම්පතත් කවුන්ටරය වෙත ලබා දිය යුතුය. සමහර හෝටල් කාරයෝ දෙදෙනාගේම අයිඩෙන්ටිය ඉල්ලති. මෙවැනි අවස්‌ථාවල තරුණිය හෝ කාන්තාව ඇස්‌ උඩ යවමින් අන්දමන්ද වන බව හෝ විපරීත බවක්‌ පෙන්නුම් කරන අයුරු මා කීප විටක්‌ම නිරීක්‍ෂණය කර ඇත. ඒ පිළි*න්*ල ද*පේ පාරේ පිහිටි රෙස්‌ට්‌ එකක මා කාමරයට යන එන අයගේ හැසිරීම් අධීක්‍ෂණය කරද්දීය.

"මුන් කෙල්ලගෙ අයිඩෙන්ටිය ඉල්ලන්නෙ කුපාඩිකමටයි මහත්තයෝ. මොකද කෙල්ල පාරක්‌ වගේ පේන µdස්‌ට්‌ කෑල්ලක්‌ නම් පස්‌සෙ කන්ටැක්‌ කරගන්න. එහෙම නැත්නම් ඉන්න තැන බලාගෙන ටෝක්‌ කරන්න. ඒක නිසා මං නං කවදාවත් එහෙම තැනකට කපල් එකක්‌ ඇඩ්මිට්‌ කරන්නෙ නැහැ."

පිළියන්දල බොල්ගොඩ පාරේ හෝටල් ගොන්න පැත්තට හැරෙන හන්දියේ වීල් පාක්‌ එකේ වාහනේ ගහගෙන ඉන්න සුදු කියන පරිදි කාමර සහ ත්‍රිරෝද රිය අතර ඇත්තේ මහා සමීප සබඳතාවයකි. එය අපි ඇස්‌ පනා පිට දැක ඇත්තෙමු. පිට නගරයේ තැනකදී හෝ බස්‌ රියේදී අහම්බයකින් හෝ නොසිතූ අයුරින් මුණ ගැසෙන ජෝඩුවකට තම හදිසි අවශ්‍යතාවය පියවා ගැනීමට කාමරයක්‌ අවශ්‍යවෙයි. ඒ සඳහා ඔවුන් සරණ පතා යන්නේ ළඟම ඇති ත්‍රීවීල් පාක්‌ එකටයි. සහකාරියව බස්‌ නැවතුමේ හෝ මදක්‌ ඈතින් සිටුවා පාක්‌ එකට යන පිරිමියා රියෑදුරෙක්‌ වෙත ළංවෙයි. මෙතැනදී ඔහු තෝරා ගැනීමක්‌ද කරයි.

"අයියා හොඳ රූම් එකක්‌ ගන්න තියෙන්නෙ කොහෙද? හැබැයි ඩිනස්‌ට්‌ තැනක්‌ හරිද."

මා තෝරා ගැනීමක්‌ යෑයි කියුවේ ඔවුන් උපකාර ඉල්ලන රියෑදුරා තරුණයකු මෙන්ම මදාවි පාට නැති වැදගත් යෑයි සිතිය හැකි අයකුද වන නිසාය. නගරයේ තියෙන හෝටල් කාමර ලො-, රෙස්‌ට්‌ ආදි සියල්ලේම ජාතකය පවා කටපාඩමින් කියන්න හැකි ඒවා ගැන අතැඹුලක්‌ සේ දන්නා රියෑදුරා ඒ බව හාන්කවිසියක්‌ නොපෙන්වා නළල රැලි කොට මුහුණට ගම්භිර බවක්‌ පෙන්වා අවසානයේ "නගින්නකෝ මං එක්‌කන් යන්නං" කියා ගැහැනියවද රථයට නග්ගවා ගෙන අවශ්‍ය තැනට රැගෙන යයි, මෙහිදී රියෑදුරා කරන පළමුවැනි ක්‍රියාව වන්නේ රියට නැගුණු තරුණියගේ හෝ කාන්තාවගේ මුහුණ, ඇඟපත පෙනුම ආදිය පිරිමියාට හොරා තම වාහනේ කණ්‌ණාඩියෙන් බලමින් හොඳහැටි ස්‌කෑන් කිරීමයි.



"ආයි ඉතින් කොහේ දැක්‌කත් ඒ ඩයල් එක මට අඳුන ගන්න පුළුවන් "ඒ මොරටුව කටුබැද්දේ වීල් එක දුවන චූටී මල්ලිගේ හපන්කමයි.

තැන කොහොමද පිරිසිදුද ගාණ කීයද නිතරම සෙනගද පොලිසියෙන් පනිනවද ලයිසන් තියෙනවද ආදී ප්‍රශ්න වැලක්‌ පිරිමියා විසින් ගමන යන ගමන් ත්‍රීවිල් රියෑදුරාගෙන් අහන්නේ සහකාරියට නෑසෙන්නය. තත්වය කෙසේ වුවත් සැම ප්‍රශ්නයටම රියෑදුරා හොඳයි, නියමයි, එළකිරි ආදී උත්තර සපයන්නේ වෙන විකල්ප නැති නිසාත් තමන්ට ලැබෙන්නට යන කොමිසන් මුදල නිසාත්ය. හොර ජෝඩු කාමර වෙත දක්‌කන ත්‍රීවිල් කරුවෝ බොහෝ විට හයර් එකට ඩබල් ගාණ කපති. එසේම ඔවුන්ට හෝටලයෙන්ද රුපියල් සියයක දෙසීයයක කමිෂන් එකක්‌ ලැබේ. එය ලැබෙන්නේ ජෝඩුව කාමරයට ඇතුල් වුණාට පසුව බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

ජෝඩුව ලැගුම් හලට දාන රියෑදුරා අහන අවසන් ප්‍රශ්නය වන්නේ කීයටද මං එන්න ඕනි එක්‌කන් යන්න හෝ මං ඉන්නද එළියෙන් කියාය. ඒ තව ගාණක්‌ කපා ගැනීමටය. මේවා හැම තැනම හැමදාම වෙන බොහෝ සරල, සුලබ දේවල්ය. සමහර ජෝඩු වලට මේවාට උත්තර දෙන්න තියා අහන්නවත් වෙලාවක්‌, ඉස්‌පාසුවක්‌ නැත. උන් කාමරයට දුවන්නේ තමාට ලැබී ඇති සෑම තත්පරයෙන්ම උපරිම පල නෙළා ගැනීම සඳහාය.

කෙසේ වෙතත් කාමරයට ඇතුල් වූ සැණින් එහි ඇති ගඳට ඇඳට සහ හැඩයට නහය හකුළා ගෙන මුහුණ ඇඹුල් කරගෙන අනේ මෙයා මෙතන හැටි විතරක්‌ චිඃ අපායක්‌ වගේනේ අපි යමු කියා කිසිම ගැහැනියක්‌ මට කියා නැතත් ගැහැනුන් එසේ කියනවා මා සියෑසින් දැක නැතත් නිසැකව මෙවන් කාමරයකට එන බවලතියන් එලෙස හැසිරෙන බව මට පරිකල්පනය කර ගත හැක්‌කේ ගැහැනුන්ගේ චර්යාවන් ගැන හොඳ අවබෝධයක්‌ මා සතුව ඇති නිසාය. ඇත්ත වශයෙන්ම අප රටේ ඇති බොහෝ ලැගුම් හලකට වැදගත් ගැහැනියක්‌ රැගෙන යාමට බැරිය. එහි ඇති ඇඳක ඇලවෙනවා තියා වාඩි වෙන්නවත් බැරිය. සමහර ඇඳන් කිරි කිරි ගායි. ඇඳ ඇතිරිලි, කොට්‌ට උර. තුවා ආදිය දුර්වර්ණ වී පඩංගු බවට පත්වී ඇත. ඇටෑච් බාත් හෙවත් යාබද වැසිකිළි යෑයි කීවාට ඒවා අන්තිම අපිරිසිදු තත්වයේ පවතී. හරිහැටි ජලය ගලා ඒමක්‌ නැත. බිත්තිවල පුස්‌ හෝ සෙවල ඇත්තේය. හරියට හරක්‌ මඩු මෙනි.

"ලොක්‌ක ඔය කියන්නෙ තර්ඩ් ක්‌ලාස්‌ රූම්ස්‌ ගැනනේ. යන්නකො මවුන්ට්‌ වල අහවල් පොට්‌ එකට. එතන හරියට රජ ගෙවල් වගේ ඒසී ටීවී ඩෙක්‌ ඩීවීඩී එක්‌කොම තියෙනව කෑම බීමත් නියමයිනේ" එසේ මට කිව්වේ දෙහිවල රත්නෙ අයියායි. ඔහු කියන කතාවේ ඇත්තක්‌ තිබේ. නමුත් එම කාමරවල මිල ගණන් අති ඉහළය. අවම වශයෙන් පැය කීපයක්‌ හෙවත් ෂෝට්‌ ටයිම් එකකට රුපියල් තුන්දාහක්‌ වත් ගෙවිය යුතුය. නයිට්‌ එකකට හාරපන්දාහක්‌ අය කරයි. මා කලින් විස්‌තර කළේ ජනාකීර්ණ නගරාශ්‍රිතව ඇති අවම පහසුකම් සහිත කාමර ගැනයි. ඒවා පැය කීපයක්‌ වෙනුවෙන් අලෙවි වෙන්නේ රුපියල් හයසීයේ සිට දාහ දක්‌වා වැනි මිල ගණන්වලටය.

"වැඩි හරියක්‌ කාමර හොයන් එන්නෙ ටියුෂන් ජෝඩු, ගාමන්ට්‌ කෙල්ලො කොල්ලෝ, ආමිකාරයින්, පේමන්ට්‌ බිස්‌නස්‌කාරයෝ වගේ සාමාන්‍ය අය. ඉතින් ඒ අය කොහොමද අයියෙ ලොකු ගණන් ගෙවන්නෙ. ඒ නිසා තමයි අපි පුළුවන් විදියට අඩු ගාණට කාමර දෙන්නෙ".

මෙසේ කියන සමන් අවුරුදු දහයක්‌ පමණ මහරගම හයිලෙවල් පාරේ රෙස්‌ට්‌ එකක සේවය කරන තරුණයෙකි. ඔහු සතුව ඇති අත්දැකීම්ද සම්භාරයකි. රටම පිළිගත් දානපති වයෝවෘද්ධ භක්‌තිමත් ප්‍රභූ කාන්තාවකට අයත් භූමියක පිහිටා ඇති මෙම හවුස්‌ එකේ අරලිය ගසක්‌ යටට වී එහි එන ජෝඩු නිරීක්‍ෂණය කරමින් මම සමන්ගේ අත්දැකීම්වලට සවන් දුනිමි.



"හරි දුකයි මල් වගේ ගැහැනු ළමයින් මෙහෙට එනව. සමහරු පෙම්වතා එක්‌ක. හැබැයි කෙල්ලෙක්‌ව කාමරයකට අරන් එනව නම් ඌ ප්‍රේමවන්තයෙක්‌ නෙමේ කියලයි මට හිතෙන්නෙ. එතන ආදරයක්‌ නැහැ. රාගය තියෙන්නෙ. සමහර නාකි බල්ලො පොඩි කෙල්ලන්ව ගේනව. ඒ විතරක්‌ද ඇන්ටිලා පොඩි කොල්ලෙ එක්‌කන් එනව. ඔපිස්‌ වල බොස්‌ල තමන්ගෙ සෙකටි්‍ර එක්‌ක ඇවිත් කාමර ගන්නව. ගිය සුමානේ ආවා නුවර පැත්තෙ ලොකු පෝස්‌ට්‌ එකක්‌ කරන මැදි වයසෙ නෝන කෙනෙක්‌. රාජකාරී වැඩකට කියල ඇවිත් තමන්ගෙ වාහනේ එළවන් ආපු තරුණ කොල්ල එක්‌ක එක කාමරේ පැය විසි හතරක්‌ හිටිය. අපිට මේව අලුත් දේවල් නෙමේ සර් පුංචි සමනලියො වගේ සතුටින් මෙහෙට එන සමහර කෙළි පැංචියෝ සමහර විට යන්නෙ අඬඅඬා කෙඳිරි ගාගෙන. උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්‌කම අපිට අපේ නංගිල මතක්‌ වෙනව."

සමන් කියන පරිදි බහුතරයක්‌ ලැගුම්හල්වල මෙන්ම මෙම ස්‌ථානයේද බලන්නන් ඇස්‌ ආසික්‌ කාරයන් හෙවත් දර්ශකාස්‌වාදීන් සඳහා (නිරීක්‍ෂණ කාමුකත්වය ඩදහැමරසිප හෙවත් දර්ශාස්‌වාදය) අවස්‌ථාවන් ඇත. සමහර හෝටල් සේවකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් නිරන්තරයෙන් මෙම කාමර වල වෙන දේ බලන්නට හුරුවී සිටින්නේ ඒ සඳහා වෙනමම හදා ගෙන ඇති සූක්‍ෂම සිදුරු වලිනි. ජංගම දුරකථන වලින් සහ කුඩා කැමරා වලින් මෙම අනග රැඟුම් කැමරා කර ගන්නා අවස්‌ථාද එමටය. මේවා අද රටේ බහුතරයක්‌ ලැගුම්හල් වල සිදුවෙයි.

"අපි ගාවට එන අය අතරින් ගණිකාවෝ තමයි හොඳම කස්‌ටමර්ලා. ඒ අය දවසටම ඩබල් ගෙවල කාමරයක්‌ ගන්නවා. ඒකට විටින් විට හත් අට දෙනා ගේන දවස්‌ තියෙනවා. හැබැයි ඒකාට එකෙක්‌ දන්නෙ නැහැ තව අය ආවයි කියල. සමහර පිරිමිත් ඉන්නව එහෙම කාමරයක්‌ ගත්තම දවසකට ගෑනු තුන් හතර ගේනව. මේ අයට තමයි නියම සල්ලාලයො කියන්නේ. සල්ලිකාර ගෑනු යන්නෙ ගල්කිස්‌සෙයි කොල්ලුපිටියෙයි තියෙන ඉස්‌තරම් රූම්ස්‌ වලට. මං එහෙම තැනක වැඩ කළා හොඳට ටිප් එක ලැබෙනව" ඒ තවත් රූම් බෝයි කෙනෙක්‌ගේ අත්දැකීමයි.

පිටකොටුවේත් මෙවැනි රූම්ස්‌ දෙන තැන් අනන්තවත් ඇත. ඒවාට ලො- කියාද කියයි. හදිසි සහ ටෙම්පරිකාරයෝ වෙනුවෙන් සේවය ලබාදීමට සැදී පැහැදී සිටින මෙම ලො- වල පිරිසිදුකම ඇත්තේ බින්දුවේය. පොලිසිය පැමිණ නිතර නිතර කරදර කරන බවද සැලවිය.

හමුදා කඳවුරු අසල, සංචාරක පුරවරයන් තුළ ගාමන්ට්‌ බහුල ප්‍රදේශවල මෙවැනි ලැගුම්හල් බොහෝ ලෙස දකින්නට ඇත. අනුරාධපුරය, කතරගම, මහනුවර වැව රවුම, කුරුණෑගල වැව රවුම, හෝමාගම පනාගොඩ කඳවුර අවට, කටුනායක වෙළෙඳ කලාපය, ජාඇල, වත්තල, කැලණිය, රත්මලාන, මොරටුව, කළුතර, ගාල්ල වැනි ප්‍රදේශ මෙවැනි ලැගුම් හල් රාශියක්‌ ඇති පළාත්ය. අප දන්නා පරිදි මෙවැනි ස්‌ථාන කීපයක හිමිකාරත්වය ඇත්තේ විශ්‍රාමික උසස්‌ පොලිස්‌ නිලධාරීන්ටය. එමෙන්ම දැනටද රැකියාව කරන නිලධාරීන්ගේ භාර්යාවෝ සහ සහෝදරියේද රෙස්‌ට්‌ පවත්වාගෙන යති. ඒ සෑම එකකටම පළාතේ පාතාලයන්ගේ, හොර ජාවාරම්කරුවන්ගේ, දේශපාලනඥයන්ගේ සහ පොලිසියේ සමහර නිලධාරීන්ගේ සහාය සහ රැකවරණය ලැබෙන බව රහසක්‌ නොවන බවද ලියන්නට කැමැත්තෙමි.

කලින් කී පරිදි කාමර පන්සියයකට වඩා මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි. ඒ අතරින් බොහෝ කාමරවල දොර පිටු පස්‌සේ හෝ වැසිකිළියේ මිල ගණන් දක්‌වා ඇති දැන්වීමක්‌ තියෙනවා මම දුටිමි. නගරයට හැරලීම සඳහා සිටින ත්‍රීවිල් රියෑදුරන්ගේ දුරකථන අංක මෙහි මුල් තැන ගන්නා අතර සබන් වල මිල ගණන් ශැම්පු වල මිල ගණන් උපත් පාලන කොපු හෙවත් කොන්ඩම්වල මිල ගණන් හදිසි ගැබ් ගැනීමක්‌ වණළකන පෙති, බික්‌ රේසර්, කාන්තාවන්ගේ රෝස පාට රේසර්, කාන්තා යට ඇඳුම්, සනීපාරක්‍ෂක තුවා වැනි එකී නොකී මෙකී දේවල් පිළිබඳ විස්‌තර ඒවායේ ඇත. එසේම කීමට, ලිවීමට බැරි දේවල්ද මෙම කාමර තුළ සිදුවෙයි. දකින්නට ලැබෙයි ඒවා ගැන ලිවවොත් පොස්ට් ගණන් ලියන්නට හැක.

කෙසේ නමුත් අවසානයේ සිරාට පැවසීමට ඇත්තේ විදින්න තිබෙන ජීවිතය විදවන්න එපා යනුවෙනි .

අතහිත රූ ගෙන්.