Wednesday, March 20, 2013



ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න!


"ඔයා වෙන කාටහරි ආදරේ කරනවාද?" ඇය ඔහු දෙස එක එල්ලේ බලාගෙන 

විමසුවා.ඇගෙන් දිස්වූයේ එයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙන අයුරුයි.

"ඉස්සෙල්ලා මේක කාලා ඉන්න.ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.." ඔහු 

පිළිතුරු දුන්නා.

"බෑ.. මට ඒක දැනගන්න ඕනේ.."ඇයට ඕනේ වුනේ ඒ උත්තරේ නෙවෙයි.

ඒත් ඔහු,

"ඒ වුනාට කාලා ඉමු අපි.කෑවට පස්සේ මං කියන්නම්.."

"බෑමයි මට. මට කියලා ඉන්න ඒක. නැත්නම් මං මෙතන ඉන්න ඒක 

තේරුමක් නෑ.." ඇය මුරණ්ඩු ලෙස පැවසුවා.

"ඒකත් එහෙමද.. හරි, දැන් මොනවද මගෙන් දැනගන්න ඕනේ..?" 

"ඔයා කාටහරි ආදරේ කරනවාද..?" 

"ඕ.. මං කෙනෙක්ට ආදරේ කරනවා.."

"ඇත්තමද කියන්නේ..?"

"ඕ.. මං ගොඩක් ආදරෙයි එයාට.."

"එහෙනම් මං යන්නම්..!" කියා පැවසු ඈ, වාඩි වී සිටි පුටුව පසෙකට කර 

නැගී සිටියා.ඇගේ මුහුණේන් දිස්වූයේ බලාපොරොත්තු බිදුණු, ශෝකාකූල 
පෙනුමකි.

"ඔහොම වාඩිවෙන්න. ඔයා යන්න කියලා හිතාගෙන නැගිට්ටාට ඔයා දන්නවද 

මෙතන ඉඳලා ක්ලාස් එකට යන විදිය? "

"නෑ. ඒත් මං හොයාගෙන යන්නම්. මං තවත් මෙතන ඉන්න එක තේරුමක් 

නෑනේ..!"

"ඔහොම වාඩිවෙන්න.මං ඔයාව ක්ලාස් එකට ඇරලවන්නම්. අපි කාලා යන්.

අපරාදේ නේ මේවාට වියදම් කරපු සල්ලි.."

"එහෙනම් ඔයා කන්න.මට කන්න බෑ.කාලා ඉවර වෙලා මාව ක්ලාස් එකට දාලා ඔයා යන්න.."

කියමින් පැවසු ඈ නැවතත් පුටුවේ වාඩි වූවාය.ඇය දෙස මොහොතක් බලාසිටි ඔහු,

"මේ.."

"ඇයි..?"

"ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න..?"

"නෑ..!"

"ඒ මොකෝ..? මං ගාව එයාගේ ෆොටෝ එකක් තියෙනවා.ඉන්න මං පෙන්වන්නම්.

" කියූ ඔහු කලිසමේ සාක්කුවට අත දමා බ්‍රවුන් පේපර් බෑගයකින් වැසි තිබු කිසියම්
 දෙයක් ඇය ඉදිරියේ තැබුවේය.ඇය එය නැවත ඔහු වෙත තල්ලු කරේ,

"මට බලන්න ඕනේ නෑ ඒක කොහොමටවත්..! ඒක තේරුමක් නැති දෙයක්." 

යැයි පවසමින්ය.

"ඒ වුණාට ඔයා මේක බලන්න.." නැවතත් ඔහු එය ඇය අසලින් තැබුවා.

"බෑ මට. ඒක බැලුවා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑනේ.නේ?" 

ඇය නැවතත් ඔහු දෙසට එය තල්ලු කළා.

"ඔව්. ඒත් ඔයා ඕක බලනවානම් හොදයි. මං එච්චරටම ආදරේ කරන කෙනා 

ඔයා බලන්නම ඕනේ.මගේ ජිවිතයේ මට හම්බුණු හොදම,ගැලපෙනම කෙනා එයා.
බලන්න ඔයා ඒ කවුද කියලා.!"

ඔහු එය නැවතත් ඈ වෙතට තල්ලු කළේය.අකැමැත්තෙන් එය අතට ගත් ඈ, බෑගය 

විවෘත කර ඇතුලේ තිබු ඡායාරූපය අතට ගත්තාය.ඇයට දිස්වූයේ ඡායාරූපයේ අනිත් 
පසය.උදාසීන බවකින් යුතුව ඡායාරූපය අනෙක් පස හරවා බැලූ ඇගේ මුහුණෙන් 
දිස් වූයේ පුදුමයකට පත්වූ පෙනුමකි.ඔහු දෙස වරක් බැලූ ඈ නැවතත් ඡායාරූපය දෙස බලාසිටියාය.අවසානයේ ඔහුට දක්නට ලැබුනේ ඇගේ දෑස් ප්‍රීතියෙන් බැබළෙන අයුරුය.

සිදු වී ඇත්තේ නොසිතු දෙයකි.ඔහු ඇයව රවටා ඇත.ඡායාරූපයේ ඉන්නේ ඇයමය.

ඔහු සිනා සී ඇය දෙස බලාසිටියේය.මෙතෙක් වෙලා දුක්මුසු පෙනුමකින් සිටි ඈත් 
අවසානයේ සිනාසුණාය.

"මං ඔයාට ආදරෙයි..!" ඔහු ඇගේ දෑස් දෙස බලාගෙන පැවසුවේය.

"මාත් ඔයාට ගොඩක් ආදරෙයි අයියා..!"

"එහෙනම් දැන්වත් කමුද අපි..?"

"හ්ම්ම්.."

මේ එක්තරා ආදර කතාවක ඇරඹුම සිදු වූන ආකාරයයි.මේ ආදර කතාවේ 

ආරම්භය වෙනස් ඇයගේ පැත්තෙන් මේ කතාව පටන්ගත්ත විදිය ලියන්න 
ගියොත්.කෙටියෙන් කියනවානම් ඇය මේ කතාවේ සමහර දේවල් කතාව 
පටන්ගන්නත් කලින්ම දැනන් හිටියා.

ඔහුට ඇයව මුලින්ම දකින්න ලැබෙන්නේ ලැබෙන්නේ තම නෑදෑ නිවසක ඉද්දි.නමුත් 

ඇය ඔහුව ඊට කලින් ඉදලාම දැක තිබුනා.ඇය මේ කියන නෑදෑ ගෙදරට එහා ගෙදර 
ඉන්නේ.ඔහු ඇයව දැක්කත් මුලින් ඔහුගේ සිතේ ඇය ගැන ආදරයක් තිබුනේ නෑ.
ඒ ඔහුට තවත් කෙනෙක් එක්ක විසදාගන්න ප්‍රශ්නයක් තිබුණු හින්දා.නමුත් ඔහු 
ඇයගේ වරලසට කැමැත්තක් තිබුනා.ඒ තරම් ලස්සන වරලසක් ඔහු දැක නොතිබුණු හින්දා.

ඔහුගේ නම අහද්දී ඇය පුදුමයට පත්වෙන්නේ "මේ ඔහුමද?" යන්න සැකය හිතට 

එළඹීමෙන්.

කෙසේ හෝ මොවුන් දෙදෙනාට ආශ්‍රය කරන්න ලැබෙනවා.ඒකෙටි පණිවිඩ 

මාර්ගයෙන්.මේ වෙද්දී ඔහු ඔහුගේ ප්‍රශ්නෙන් නිදහස්.ඉතින් මේ හමුවීම සිද්ධ 
වෙන්නේ කලින් දවසක දෙන්නා තීරණය කරගත්ත විදියට.එතකන් දෙන්නා 
කරේ දෙදෙනාගේ ගති ගුණ, හැසිරීම් තේරුම් ගන්න උත්සහ කරපු එක.ඒ මාස 
දෙක, තුනක් මහා රෑ ඇහැරන් කරපු කෙටි පණිවුඩ වලින්.මේ දවස වෙද්දී 
ඇයගේ හිතේ තමන් ගැන ආදරක් තියෙනවා කියන එක ඔහු තේරුම් අරන් හිටියා.
ඒත් ඔහු ඔහුගේ හිතේ තියෙන දේ ඇයට නොහැගෙන ලෙසයි හැසිරුණේ,කටයුතු 
කලේ.ඉතින් ඇයට ඒ ගැන දෙගිඩියාවක් තිබුනා,ඔහුට වෙන කෙනෙක් ඉන්නවා 
ඇති කියන සැකෙත් හිතේ තිබුනා.ඉතින් මේ දේ හමුවෙලාම අවසානයක් 
දකින්න දෙන්නාටම ඕනේ වුනා.

ඉතින් එදා ඔහු ඇය හමුවීමට යනවා.ඇයට එදා ක්ලාස් තියෙන දවසක්.

ක්ලාස් යන්න කලින් හමුවෙන්නයි තීරණය කරගෙන තිබුණේ.මඟදී හමුවෙලා 
ඔවුන් දෙදෙනා යනවා නිදහසේ කතා කරන්න පුළුවන් අවන්හලකට.ඔහු ඇයව 
මේසෙක වාඩි කරවා ගිහින් කෑම රැගෙන එනවා.මුලින් එක එක දේවල් කතා 
කරලා  අවසානයේ දෙදෙනාට ඕනේ කරන තැනට එනවා.

"ඔයා වෙන කාටහරි ආදරේ කරනවද?" ඇය විමසුවා.

කතාවේ මෙතනින් එහාට දැනටමත් කට්ටිය දන්නවනේ.

කතාව එතනින් ඉවරයි.මේ ආදර කතාවේ ඔහු කියලා හදුන්වලා තියෙන්නේ 

ඉෂාන් ව. ඒ කියන්නේ මේ මං. එතකොට ඇය ජානු.

මේ සිදුවීම සිද්ධ වෙලා හරියටම අදට අවුරුදු 3 දවස් 3යි. ඒ කියන්නේ මේ 

ආදර කතාව පටන්ගත්තේ2010.02.05 වෙනිදා ඉදලා.මේ 02.05 වෙනිදාට 
අවුරුදු 03ක් ඉවර කරලා 04 වෙනි අවුරුද්දට යන්න පටන්ගත්තා විතරයි. 
මේ කතාව තාමත් ඉවර නෑ.

මං මැදින් කිව්වා වගේ මේ කතාවේ එයා සමහර දේවල් ගැන කලින්ම දැනන් හිටියා.

මගේ නම (මගේ නමේ මුල් කොටස.එයා මගේ නම දැනගන්නේ මගෙන්මයි.),
 අපි ආදරය කරන්න පටන්ගන්න දවස එහෙමත් ඇය දැනන් හිටියා.
මේ ගැන එයා මට පස්සේ කාලෙක කිව්වේ.මං ඒ කියපු දේ විශ්වාස නොකළත්, 
එයා ඒ සටහන් ලියපු එයාගේ පරණ දිනපොත් මට ගෙනත් පෙන්නුවාම මට ඒ ගැන මුකුත් කියන්න,හිතාගන්න බැරි වුනා.ඒ මොන දේ වුනත් මං ඇයට ආදරේ කරනවා.

කතාවේ අන්තිම ටික ටිකක් අමුතුයි නේ? මේ තුන් වෙනි සංවත්සරය 

වෙනුවෙන් ලියවුනු පෝස්ට් එක.පෝස්ට් එක දාන්න හිටියේ 5 වෙනිදා වුනත්,
ඒක ලියලා ඉවරකරගන්න බැරිවුනේ එහෙ මෙහෙ ගිය හින්දාත්, ක්ලාස් හින්දාත්.
ඉතින් ඒ වැඩේ දවස් තුනක් පහු වුනා.

මේ තියෙන්නේ මේ පාර ඇනිවර්සරී එකට කරපු වැඩේ.Couple Mug එකක්.

මේකේ ප්‍රින්ට් එක හතර පස් වතාවක් වෙනස් කරන්න වුනා මග් එකට හරියන විදියට.
මට ඕන කරපු විදියටම කරගන්න බැරිවුනා.ඒත් අවුලකුත් නෑ වගේ..


මේ තියෙන්නේ මග් එකේ ඉස්සරහ පැත්ත

මේ අනිත් පැත්ත

No comments:

Post a Comment