Wednesday, March 20, 2013



සූදු සල්ලි..



සිරිපාල කියන්නේ සල්ලි,දේපළ තියෙන සූදුවට බොහෝ සෙයින් ඇබ්බැහි 

වුන මනුස්සයෙක්.සූදුවට ගිහින් දිනුවාට වඩා වුනේ හුඟක් පැරදුනු එක.
මේ නිසා තමන්ගේ වත්කම් එන්න එන්න අඩු වුනා.ඒත් සූදුවට යන ගමන 
නතර කරේ නෑ.

ඔන්න ඉතින් සිරිපාල වෙනදා වගේම හවසක ටවුන් එකේ තියෙන ක්ලබ් 

එකට ගියා සූදු කෙළින්න.මේ වතාවේ සූදු කෙළිය අවසන් වුනේ සිරිපාලට 
දිනුම ලැබිලා.දිනපු ගාන රුපියල් කෝටියකටත් එහා.ඉතින් මේ සල්ලි අරන් 
ගෙදර යන ගමන් සිරිපාල කල්පනා කළා මේ සල්ලි ගැන කව්රුවත් 
දැනගන්නේ නැත්නම් හොදයි කියලා. මොකද එහෙම වුනොත් තමන් 
ණය වෙලා ඉන්න අය ඇවිත් මේ සල්ලි වලින් තමන්ගේ ණය බේරන්න 
කියයි කියලා.ඉතින් සිරිපාල කරේ ගෙදර ගිය ගමන්, ඒ මහ රෑ  ගේ 
පිටිපස්සට ගිහින් වත්තේ වලක් කපලා අර දිනන් ආව සල්ලි ටික වල දාපු එක.

ඉතින් ඊළඟ දවසේ උදේ සිරිපාල සල්ලි තියෙන වළලපු තැනට ගිහින් 

බලද්දී කලින් දවසේ රෑ වලේ හංගපු සල්ලි ටික නෑ.වල හිස්! සිරිපාලට 
මේ වෙච්ච දේ ගැන හිතාගන්න බෑ.හෙන අවුල්. රුපියල් කෝටියක්‌නේ.
හෙන අවුල් පි‍ට ඒ හරිය පොඩ්ඩක් පරික්ෂා කරලා බලද්දී සිරිපාල දැක්කා 
මනුස්සයෙකුගේ අඩි සටහන් වගයක්. තව ටිකක් හොදට ඒ ගැන හොයලා 
බලද්දී සිරිපාල දැක්කා ඒ අඩි සටහන් අල්ලපු ගේ පැත්තට තමා ගිහින් 
තියෙන්නේ කියලා.

ඒ ගෙදර ඉන්නේ ගොළු, කන් ඇහෙන්නේ නැති මනුස්සයෙක්

ගොළුවෙක් එක්ක කතා කරන්න තේරෙන්නේ නැති, ගොළු අය කියන 
දේ තේරුම් ගන්න බැරි සිරිපාල තීරණය කරා ගොළු බාසාව දන්නේ 
කෙනෙක් එක්ක ගිහින් මේ ගණුදෙනුව ඉවරයක්‌ කරගන්නවා කියලා.
සිරිපාල ගෙදරට ගිහින් යාළුවෙක්ට කෝල් කරා.යාළුවා ගොළු බාසාව 
හොදට දන්න,ටිකක් තදයෙක්.ඉන්නෙත් සිරිපාලගේ ගෙවල් කිට්ටුව.
යාළුවා ආවට පස්සේ, ගෙදර තියෙන රයිෆල් එකට උණ්ඩ පුරවගෙන, 
ඒකත් අරන් ගියා දෙන්නාත් එක්කම ගොළුවාගේ ගෙදරට.ගොළුවා 
මේ තදයා දැක්කා විතරයි පොර බය වුනා.

"කියපන් ඌට මගෙන් හොරකම් කරපු සල්ලි දෙන්න කියලා. 

නැත්නම් මං ඌව මෙතනම ඉවරයක් කරනවා කියහන්..!" 

සිරිපාල යාළුවාට කිව්වා. යාළු තදයා මේක ගොළු බාසාවට පරිවර්තනය කරලා,

 සිරිපාල කියපු දේ ගොළුවාට කිව්වා.ගොළුවත් අත පය එහෙ මෙහෙ කරලා 
උත්තර දුන්නා.ගොළුවා ගොළු බාසාවෙන් කිව්වේ,

"ඒ සල්ලි මං, මගේ ගේ පිටිපස්සේ දොඩම් ගහ යට වලක් කපලා හැංගුවා.

මං එතෙන්ට ඔයාලව එක්කන් යන්නම්. අනේ අයියේ.. මාව සිරිපාලගෙන් 
බේරලා දෙන්න..!" කියලා.

"මොනවද ඌ කියන්නේ?" සිරිපාල යාළුවගෙන් ඇහුවා.

"මචං! ඌ උඹට කිසිදෙයක් කියන එකක් නෑ. ඌ කියනවා උඹ ඌව මෙතන 

වෙඩි තියලා නෙවෙයි,කෑලි කෑලි කපලා මැරුවත් සල්ලි තියෙන තැන 
කියන්නෑ කියලා. පුලුවන්නම් මරලා දාපන්ලු..!"



No comments:

Post a Comment