Wednesday, March 20, 2013

ආවොත් විදිනවාමයි..!!



                                     





මා හදුනාගැනීම ඔබට එතරම් අපහසුවක් නොවේ. නයිලෝන් කමිසයත්, බම්බු හැඩයෙන් යුත්

විනිලෝන් දිගු කලිසමත්, පොලව හැරීමට තරම් උල්ව ඇති යැංකි සපත්තු කුට්ටමත්, දකුණු අතේ
වැලමිටට ලංව බැද ඇති ඔරලෝසුවත්, ගිනිපෙට්ටි හිදයද නොතකා කළුපාට වී ඇති හීන් උඩු 


රැවුලත්, පොල්තෙල් සහ වතුර මිශ්‍රණයෙන් ගොඩනංවා ඇති කොන්දේ බම්ප් එකත් නිසා මා 
රක්ෂාවක් නැති රස්තියාදුකාර පරපුරට අයත් මදවිකාරයෙකු බව බැලු බැල්මටම ඔබට 
වටහාගත හැක. ඉදින් මා අදුනාගනිමට
 යම අපහසුවක් ඔබට ඇති වෙතොත් ඇති වන්නේ අව්ව වැස්ස නොතකා පාන්දර 6.15 සිට 
රාත්‍රී 9.37 දක්වා
 මා පැළද සිටින සන් ග්ලාස් එක නිසාය.




ඉංග්‍රීසි කියවීමට තරම් මා හට දැනුමක් නැතත්, නිතරම ඉංග්‍රීසි පොතක් අතේ තබාගෙන සිටීමට
තරම් ශක්තියක්

මගේ වම් අතේ ඇඟිලිවලට ඇත. පනං හතරක් හම්බ කිරීමට පුළුවන් කමක් නැතත් මහාචාර්යවරයෙකු
මෙන්

ගාම්භීර ලෙස සිගරට් එක කටට ලංකර නහයෙන් දුම් ඇරීමට මම සමත්වෙමි. යහළුවන් සමග
හෝටලයකට
ගොස් පැය ගණනක් කයිවාරු ගසමින් සිට වේටර්ට ශත විසිපහක් ටිප් එක වශයෙන් දීම මට
සුළුදෙයකි.
එහෙත් කුලියට පොල් කඩන අපේ තාත්තාටත්, පොල් අතු වියන අපේ අම්මටත්, බීඩි ලේබල්
අලවන 
අක්කාටත්, පින් පඩි ගන්න සීයාටත් ශත විසිපහ යනු ලොකු දෙයකි.



ගෙදර තත්වය හා මගේ පුද්ගලික තත්වය මෙසේ වෙතත්, වැදගත් ලොකු මිනිහෙකු මෙන් පෙනී
සීටීමට මා

උත්සහ දරන්නේ කෙල්ලන් දැලේ දමාගැනීම සදහාය. මේ සදහා ඉහත සදහන් පරිදි බස්වල නිතර
නිතර ගමන් කිරීමටත්, බාලිකා පාසල් අසල ගැවසීමත්, බස් නැවතුම්පොළවල් වල රස්තියාදු වීමත්,
පෙරහැර, සංදර්ශන, 
උත්සව, සැණකෙළි සහ ප්‍රදර්ශන එකක් නෑර නැරඹීමත් නොවරදාම මාගෙන් සිදුවන්නේ හුදෙක්
කෙල්ලන් දෙස බලාසිටීමට සහ අවස්ථාව ඇති විට ඔවුන්ගේ ඇඟේ හැප්පීමට මා තුල වූ ඇති බලවත් ආශාව
නිසාය. මේ නිසා 
අපේ පිලිබඳව නගරාධිපතිටත් වඩා වැඩි දැනුමක් මට ඇත.

පසුගිය පෝයදා පුරුදු පරිදි ඇඳ පැළඳ ගෙන මම ගෙදරින් එළියට බැස්සෙමි. කිසිම බයක් සැකයක්
නැතුව බස් 
එකෙ කෙල්ලක් ලඟින් වාඩි වුයේ කිරිපිටි පැකට් එකක් ගෙන ඒම සඳහා අම්මා විසින් දෙන ලද
රුපියල් දහය මගේ සාක්කුවෙන් ලෙල දෙමින් තිබුණු හැටි නයිලෝන් රෙද්දෙන් පිළිබිඹු වූ බැවිනි. මම කමිස
ඇත ඉහල අකුලා අත් 
දෙක පළල් කලෙමි. ඉංගිසි පොත දිග හැරියෙමි. වංගුවකදී ඇගේ පැත්තට බරවිමි. පොතේ පිටුවක්
පෙරලිමේදී 
වැලමිට ඇගේ ශරීරයේ ස්පර්ශය ලැබුවේය. ඈ කරබාගෙන සිටියාය. මම තවත් පිටුවක් පෙරලිමි. ඈ කතා
නොකලාය. ඇගේ ශරීරයේ පිහිටීම අනුව මගේ වැලමිට සකස් කල මම තවත් පිටුවක් පෙරලිමි. ඇගේ
මුහුණට යන්තම් සිනහවක් පහල විය.මම පොතේ පිටු පෙරලා ගෙන පෙරලා ගෙන ගියෙමි. ඈ මගේ
මුහුණ දෙස බලා හොර සිනහවක් පහල කළාය. බස් එක ගැස්සෙන අනු තාලයට මගේ වැලමිටද
ගැස්සුනි. බස් එකෙ වේගයට වඩා වැඩි වේගයකින් පොතේ 
පිටු පෙරළිණි. පොතේ කතාව අවසන් විය. මම කතාව පටගත්තෙමි.



"ඔයා කොයි ඉස්කෝලෙටද යන්නේ..?"



"මං ඉස්කෝලේ යන්නේ නෑ.."



"ඇයි ඒ..?"



"වැඩක් නෑ.."



"එහෙම වැඩක් නෑ කියන්න එපා. ඉගෙනීම කොච්චර වටිනා දෙයක්ද..!!"



"ඒ වුනාට අද පෝය දා ඉස්කෝලේ නිවාඩුනේ..!!"



"ආ.. මම ඇහුවේ මේ.. මේ.. මේ.. තවම ඉගෙනගන්නවද කියලයි.."



"ඔව්.."



"කීයේද..?"



"උසස් පෙළ.."



"සයන්ස් ද..?"



"නෑ.. ආර්ට්.."



"චා..!! සයන්ස් කලානම් කොච්චර හොදද..!!"



"ම්හ්හ්.." කියා ඈ නිශ්ශබ්ද වූවාය. එහෙත් පාරේ වංගු තවදුරටත් නොතිබීම නිසා නිශ්ශබ්ධව සිටිම මගේ 

වාසියට හේතු නොවිය. මම දෙවෙනි පරිච්ඡේදයට මුල පිරුවෙමි.


"හරිම කම්මැලියි ගෙදෙට්ට වෙලා ඉන්න. හොද පිචර් එකකුත් නෑ.." කියා මම නළල රැළි ගැස්සිමි.



"ඇයි සිංහල එකකුත් ඇවිත් තියෙන්නේ..!!"



"මොකද්ද..?" මම නොදන්නා බවක් ඇගවීමි.



"ආවොත් විදිනවාමයි..!!"



"ඒක හොදද..?"



"හොදයිලු.."



"ඔයා කොහෙද යන්නේ..?"



"මාළිගාවට.."



"මාළිගාව හැමදාමත් තියෙන එකනේ. බයිස්කෝප් අද එනවා හෙට යනවා..!!"



"ඒ වුනාට මාළිගාවට සල්ලි ඕනේ නෑ.."



"බයිස්කෝප් වලටත් නෑ.."



"අ.. ඇයි නැත්තේ..?"



"ඒක මං බලාගන්නම්කො.. මොකද කියන්නේ..?"



"ගෙදර කට්ටිය මොනවා කියයිද..?"



"මොනවා හරි බොරුවක්.. දන්නේ නැද්ද.."



"මං කියන්නම් එහෙනම්.... හොද..ට අඳුරන.."



"අන්න හරි!!" මට ඇති වූ ප්‍රීතිය නිම්හිම් නැති විය. ප්‍රීතියෙන් මගේ රස නහර පිනා ගොස් පිටාර
ගලන්නට විය. බයිස්කෝප් එක නිකන් පේන්නා පේන්නා වගේ විය. සිනමා ශාලාවේ පස්සෙම
ඇති ආසන දෙකක් ද, චිත්‍රපටිය ආරම්භයට පෙර සංගීතරාවයට අනුව ඇගේ ඇස් දෙක බලා බැලුම්
හුවමාරු කර ගන්නා ආකාරයද, චිත්‍රපටිය 

ආරම්භ වූ පසු අන්ධකාරයද, ව්වෙකයේ චොකලට් කෑමද මගේ සිහියට නැගෙන්නට විය. බසය
නතර විය. මම බැස්සෙමි. ඇයද වටපිට බලා පස්ස නලවාගෙන බසයෙන් බහිද්දී මම ඇයට ඇහෙන්
ඉඟි කලෙමි. 


"ඉන්ට පොඩ්ඩක් අම්මා බහිනකම්..!!"



"මොනවා!! අම්මා..?" මට ච්ත්‍රපටියට පෙර තරු පෙනෙන්නට විය. එහෙත් අම්මලාගේ ඇස් වසා
දුවලා රවුමේ  

යාම ගැන මට බය නොවිය.


"ඔව්. අම්මායි, තාත්තායි.."



"මොනවා!! දෙන්නාම..?" මට අකනිටා බ්‍රහ්ම ලෝකයද පෙනුනි.



"නෑ. ඒ දෙන්නා විතරක් නෙවෙයි. තව නංගිලයි, මල්ලිලයි, අක්කලයි, ආච්චි, සීයා, පුංචි අම්මගේ
දුවයි, 

නැන්දයි..!!"


"එහෙනම් පිච්චර් බලන්න හම්බවෙන එකක් නෑ..!!"



"නෑ.. නෑ.. බය වෙන්ට එපා!! ඒ කට්ටිය නෑවිත් ඉන්න එකක් නෑ.." යනුවෙන් ඇය පවසද්දී ඇගේ
මව හා පියා 

විය යුතු දෙදෙනෙක්ද, නැන්දා යැයි කිව හැකි අම්මන්ඩියක්ද හතුරෙකු දුටු පාබල හමුදාවක් මෙන්
බසයෙන්
බැස අප කරා ආවෝය. මේ අය බසයේ පිටුපස අසුන් ගෙන සිටිනු දැක මා ගණන් නොගත් අතර,
මා සිතා 
සිටියේ මේ කෙල්ල තනියෙන් ගමන් කරන්නියක කියාය.



"අම්මේ.. මේ මහත්තයා මං හොදට අඳුරන එක්කෙනෙක්. බයිස්කෝප් බලන්ට යන්ද කියලා අහනවා.
යන් 

නේද..?"


"අනේ ඇත්තට..!! යන් දුවේ යන්. මෙහෙම පිනක් බුදුන් ජීවමානව වැඩ උන් කාලේවත් ලැබෙන්නේ
නෑ. මං 

පෙරුම් පුර පුරා හිටියේ කවද්ද බයිස්කෝප් එකක් බලන්න යන්නේ කියලා. අනේ මහත්තයෝ ඔබට
මෛත්‍රී 
බුදුන් දැක නිවන් යන්න ලැබේවා..!!"යැයි පැවසු කෙල්ලගේ මව අනෙක් අය දෙස බලා..



"මොකද උඹලා කියන්නේ..? බයිස්කෝප් බලන්න යනවද? නැත්නම් ආපු ගමන් යනවද..?" කියා
ඇසුවාය.



"බයිස්කෝප් බලන්ට යන්..!! මාළිගාව වන්දනා මාන කරන්න කවදා යන්න බැරිද..!!"දහපහළොස් 

දෙනෙකුගෙන් යුත් හැත්තෑවරිගයම උත්තර දුන්හ. එක තැන හිටගෙන සිටීමට තරම් ශක්තියක්
නොතිබුණු මට 
ඉබේම ඇවිදිනි. මාර සෙනඟ මා පස්සෙන් ආහ. සප්ත මහා සාගරයේ ජලප්‍රවාහයට අසු වූ
පඩරැලක් මෙන් 
මගේ සාක්කුවේ රුපියල් දහය කොයි අතට විනාශ වේදැයි මම නොදත්තෙමි.



සිගරටයක් ගැනීමට යන මුවාවෙන් උනුන් සැම පාරේ නවත්වා කඩයකට ගිය මම සන්ග්ලාස්
එක රුපියල් 

දහයකට  විකුණා එළියට ආවෙමි.


"මහත්තයෝ.. අපි උදේට තේ බීලා අවේ නෑ..!! " යැයි කෙල්ලගේ මහා එකා සල්ලි දුටු හැටියේ
පැවසු පසු 

මම ඔවුනට ආහාර පාන සපයා ඒ අතරේ මගේ අත් ඔරලෝසුව කඩේ මුදලාලිට විකුණා රුපියල්
තිහක් 
ලබගත්තෙමි.



දෙවෙනි පන්තියේ ටිකට් අවසන් වී තිබුණු බැවින් මට සිදු වූයේ දහදෙනාටම පළමු පන්තියේ ටිකට්
මිලදී 

ගැනීමටය. සියල්ල ඉවසාගෙන මම කෙල්ල ළගින්ම වාඩි වූයෙමි. එහෙත් කෙල්ලගේ මව ඇය
නැගිටුවා 
ඈත කෙළවරක අසුනකට යවා මා ළගින්ම වාඩි වූවාය. ආච්චි මගේ අනිත් පැත්තෙන් වාඩි වූවාය.
නිකම් 
ඉන්න මට ඒත් කමක් නැතැයි කියා මා සුසුමක් හැරිය පසු චිත්‍රපටිය ආරම්භ වීම සඳහා පහන
නිවෙන්නට විය. කෙල්ලගේ පියා සහ සීයා වහාම මා ළගට අවුත් බවලත් දෙදෙනා නැගිටුවා
ඈතට යවා මා දෙපස වාඩි වූහ. 
මගේ මතකයේ හැටියට මට සිහි නැති විය.



විවේක කාලයේදී විකිණීමට ගෙනෙන ලද ටොෆි, චොකලට් සහ ඔරේන්ජ් බාර්ලි දිගට හරහට
මගේ නෑයන්ගේ අත්වලට ගියේය.ඒ සඳහා ගෙවීමට ප්‍රමාණවත් මුදලක් මා සතුව නොතිබුනු හෙයින්
ශාලාවෙන් පිටට ආ මම 

නයිලෝන් කමිසය ටොෆි කාරයට පූජා කර සියල්ල අමතක කිරීමට බාර් එක ළගට ගියෙමි.
කෙල්ලගේ පියා 
සහ සීයා එතනට පැමිණ..



"මහත්තයෝ.. අපිත් කන බොන මිනිස්සු.." යැයි කියා බියර් ඕඩර් කර බොන්නට විය. ඒම බිලද
ගෙවා දැමු 

මම විවේක කාලය අවසන චිත්‍රපට ශාලාව යලිත් ඇඳිරි වී ගිය පසු හොරෙන්ම එළියට පැන පස්ස
නොබලා 
ගෙදර දුව ආවෙමි..




උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න.


ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න!


"ඔයා වෙන කාටහරි ආදරේ කරනවාද?" ඇය ඔහු දෙස එක එල්ලේ බලාගෙන 

විමසුවා.ඇගෙන් දිස්වූයේ එයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙන අයුරුයි.

"ඉස්සෙල්ලා මේක කාලා ඉන්න.ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.." ඔහු 

පිළිතුරු දුන්නා.

"බෑ.. මට ඒක දැනගන්න ඕනේ.."ඇයට ඕනේ වුනේ ඒ උත්තරේ නෙවෙයි.

ඒත් ඔහු,

"ඒ වුනාට කාලා ඉමු අපි.කෑවට පස්සේ මං කියන්නම්.."

"බෑමයි මට. මට කියලා ඉන්න ඒක. නැත්නම් මං මෙතන ඉන්න ඒක 

තේරුමක් නෑ.." ඇය මුරණ්ඩු ලෙස පැවසුවා.

"ඒකත් එහෙමද.. හරි, දැන් මොනවද මගෙන් දැනගන්න ඕනේ..?" 

"ඔයා කාටහරි ආදරේ කරනවාද..?" 

"ඕ.. මං කෙනෙක්ට ආදරේ කරනවා.."

"ඇත්තමද කියන්නේ..?"

"ඕ.. මං ගොඩක් ආදරෙයි එයාට.."

"එහෙනම් මං යන්නම්..!" කියා පැවසු ඈ, වාඩි වී සිටි පුටුව පසෙකට කර 

නැගී සිටියා.ඇගේ මුහුණේන් දිස්වූයේ බලාපොරොත්තු බිදුණු, ශෝකාකූල 
පෙනුමකි.

"ඔහොම වාඩිවෙන්න. ඔයා යන්න කියලා හිතාගෙන නැගිට්ටාට ඔයා දන්නවද 

මෙතන ඉඳලා ක්ලාස් එකට යන විදිය? "

"නෑ. ඒත් මං හොයාගෙන යන්නම්. මං තවත් මෙතන ඉන්න එක තේරුමක් 

නෑනේ..!"

"ඔහොම වාඩිවෙන්න.මං ඔයාව ක්ලාස් එකට ඇරලවන්නම්. අපි කාලා යන්.

අපරාදේ නේ මේවාට වියදම් කරපු සල්ලි.."

"එහෙනම් ඔයා කන්න.මට කන්න බෑ.කාලා ඉවර වෙලා මාව ක්ලාස් එකට දාලා ඔයා යන්න.."

කියමින් පැවසු ඈ නැවතත් පුටුවේ වාඩි වූවාය.ඇය දෙස මොහොතක් බලාසිටි ඔහු,

"මේ.."

"ඇයි..?"

"ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න..?"

"නෑ..!"

"ඒ මොකෝ..? මං ගාව එයාගේ ෆොටෝ එකක් තියෙනවා.ඉන්න මං පෙන්වන්නම්.

" කියූ ඔහු කලිසමේ සාක්කුවට අත දමා බ්‍රවුන් පේපර් බෑගයකින් වැසි තිබු කිසියම්
 දෙයක් ඇය ඉදිරියේ තැබුවේය.ඇය එය නැවත ඔහු වෙත තල්ලු කරේ,

"මට බලන්න ඕනේ නෑ ඒක කොහොමටවත්..! ඒක තේරුමක් නැති දෙයක්." 

යැයි පවසමින්ය.

"ඒ වුණාට ඔයා මේක බලන්න.." නැවතත් ඔහු එය ඇය අසලින් තැබුවා.

"බෑ මට. ඒක බැලුවා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑනේ.නේ?" 

ඇය නැවතත් ඔහු දෙසට එය තල්ලු කළා.

"ඔව්. ඒත් ඔයා ඕක බලනවානම් හොදයි. මං එච්චරටම ආදරේ කරන කෙනා 

ඔයා බලන්නම ඕනේ.මගේ ජිවිතයේ මට හම්බුණු හොදම,ගැලපෙනම කෙනා එයා.
බලන්න ඔයා ඒ කවුද කියලා.!"

ඔහු එය නැවතත් ඈ වෙතට තල්ලු කළේය.අකැමැත්තෙන් එය අතට ගත් ඈ, බෑගය 

විවෘත කර ඇතුලේ තිබු ඡායාරූපය අතට ගත්තාය.ඇයට දිස්වූයේ ඡායාරූපයේ අනිත් 
පසය.උදාසීන බවකින් යුතුව ඡායාරූපය අනෙක් පස හරවා බැලූ ඇගේ මුහුණෙන් 
දිස් වූයේ පුදුමයකට පත්වූ පෙනුමකි.ඔහු දෙස වරක් බැලූ ඈ නැවතත් ඡායාරූපය දෙස බලාසිටියාය.අවසානයේ ඔහුට දක්නට ලැබුනේ ඇගේ දෑස් ප්‍රීතියෙන් බැබළෙන අයුරුය.

සිදු වී ඇත්තේ නොසිතු දෙයකි.ඔහු ඇයව රවටා ඇත.ඡායාරූපයේ ඉන්නේ ඇයමය.

ඔහු සිනා සී ඇය දෙස බලාසිටියේය.මෙතෙක් වෙලා දුක්මුසු පෙනුමකින් සිටි ඈත් 
අවසානයේ සිනාසුණාය.

"මං ඔයාට ආදරෙයි..!" ඔහු ඇගේ දෑස් දෙස බලාගෙන පැවසුවේය.

"මාත් ඔයාට ගොඩක් ආදරෙයි අයියා..!"

"එහෙනම් දැන්වත් කමුද අපි..?"

"හ්ම්ම්.."

මේ එක්තරා ආදර කතාවක ඇරඹුම සිදු වූන ආකාරයයි.මේ ආදර කතාවේ 

ආරම්භය වෙනස් ඇයගේ පැත්තෙන් මේ කතාව පටන්ගත්ත විදිය ලියන්න 
ගියොත්.කෙටියෙන් කියනවානම් ඇය මේ කතාවේ සමහර දේවල් කතාව 
පටන්ගන්නත් කලින්ම දැනන් හිටියා.

ඔහුට ඇයව මුලින්ම දකින්න ලැබෙන්නේ ලැබෙන්නේ තම නෑදෑ නිවසක ඉද්දි.නමුත් 

ඇය ඔහුව ඊට කලින් ඉදලාම දැක තිබුනා.ඇය මේ කියන නෑදෑ ගෙදරට එහා ගෙදර 
ඉන්නේ.ඔහු ඇයව දැක්කත් මුලින් ඔහුගේ සිතේ ඇය ගැන ආදරයක් තිබුනේ නෑ.
ඒ ඔහුට තවත් කෙනෙක් එක්ක විසදාගන්න ප්‍රශ්නයක් තිබුණු හින්දා.නමුත් ඔහු 
ඇයගේ වරලසට කැමැත්තක් තිබුනා.ඒ තරම් ලස්සන වරලසක් ඔහු දැක නොතිබුණු හින්දා.

ඔහුගේ නම අහද්දී ඇය පුදුමයට පත්වෙන්නේ "මේ ඔහුමද?" යන්න සැකය හිතට 

එළඹීමෙන්.

කෙසේ හෝ මොවුන් දෙදෙනාට ආශ්‍රය කරන්න ලැබෙනවා.ඒකෙටි පණිවිඩ 

මාර්ගයෙන්.මේ වෙද්දී ඔහු ඔහුගේ ප්‍රශ්නෙන් නිදහස්.ඉතින් මේ හමුවීම සිද්ධ 
වෙන්නේ කලින් දවසක දෙන්නා තීරණය කරගත්ත විදියට.එතකන් දෙන්නා 
කරේ දෙදෙනාගේ ගති ගුණ, හැසිරීම් තේරුම් ගන්න උත්සහ කරපු එක.ඒ මාස 
දෙක, තුනක් මහා රෑ ඇහැරන් කරපු කෙටි පණිවුඩ වලින්.මේ දවස වෙද්දී 
ඇයගේ හිතේ තමන් ගැන ආදරක් තියෙනවා කියන එක ඔහු තේරුම් අරන් හිටියා.
ඒත් ඔහු ඔහුගේ හිතේ තියෙන දේ ඇයට නොහැගෙන ලෙසයි හැසිරුණේ,කටයුතු 
කලේ.ඉතින් ඇයට ඒ ගැන දෙගිඩියාවක් තිබුනා,ඔහුට වෙන කෙනෙක් ඉන්නවා 
ඇති කියන සැකෙත් හිතේ තිබුනා.ඉතින් මේ දේ හමුවෙලාම අවසානයක් 
දකින්න දෙන්නාටම ඕනේ වුනා.

ඉතින් එදා ඔහු ඇය හමුවීමට යනවා.ඇයට එදා ක්ලාස් තියෙන දවසක්.

ක්ලාස් යන්න කලින් හමුවෙන්නයි තීරණය කරගෙන තිබුණේ.මඟදී හමුවෙලා 
ඔවුන් දෙදෙනා යනවා නිදහසේ කතා කරන්න පුළුවන් අවන්හලකට.ඔහු ඇයව 
මේසෙක වාඩි කරවා ගිහින් කෑම රැගෙන එනවා.මුලින් එක එක දේවල් කතා 
කරලා  අවසානයේ දෙදෙනාට ඕනේ කරන තැනට එනවා.

"ඔයා වෙන කාටහරි ආදරේ කරනවද?" ඇය විමසුවා.

කතාවේ මෙතනින් එහාට දැනටමත් කට්ටිය දන්නවනේ.

කතාව එතනින් ඉවරයි.මේ ආදර කතාවේ ඔහු කියලා හදුන්වලා තියෙන්නේ 

ඉෂාන් ව. ඒ කියන්නේ මේ මං. එතකොට ඇය ජානු.

මේ සිදුවීම සිද්ධ වෙලා හරියටම අදට අවුරුදු 3 දවස් 3යි. ඒ කියන්නේ මේ 

ආදර කතාව පටන්ගත්තේ2010.02.05 වෙනිදා ඉදලා.මේ 02.05 වෙනිදාට 
අවුරුදු 03ක් ඉවර කරලා 04 වෙනි අවුරුද්දට යන්න පටන්ගත්තා විතරයි. 
මේ කතාව තාමත් ඉවර නෑ.

මං මැදින් කිව්වා වගේ මේ කතාවේ එයා සමහර දේවල් ගැන කලින්ම දැනන් හිටියා.

මගේ නම (මගේ නමේ මුල් කොටස.එයා මගේ නම දැනගන්නේ මගෙන්මයි.),
 අපි ආදරය කරන්න පටන්ගන්න දවස එහෙමත් ඇය දැනන් හිටියා.
මේ ගැන එයා මට පස්සේ කාලෙක කිව්වේ.මං ඒ කියපු දේ විශ්වාස නොකළත්, 
එයා ඒ සටහන් ලියපු එයාගේ පරණ දිනපොත් මට ගෙනත් පෙන්නුවාම මට ඒ ගැන මුකුත් කියන්න,හිතාගන්න බැරි වුනා.ඒ මොන දේ වුනත් මං ඇයට ආදරේ කරනවා.

කතාවේ අන්තිම ටික ටිකක් අමුතුයි නේ? මේ තුන් වෙනි සංවත්සරය 

වෙනුවෙන් ලියවුනු පෝස්ට් එක.පෝස්ට් එක දාන්න හිටියේ 5 වෙනිදා වුනත්,
ඒක ලියලා ඉවරකරගන්න බැරිවුනේ එහෙ මෙහෙ ගිය හින්දාත්, ක්ලාස් හින්දාත්.
ඉතින් ඒ වැඩේ දවස් තුනක් පහු වුනා.

මේ තියෙන්නේ මේ පාර ඇනිවර්සරී එකට කරපු වැඩේ.Couple Mug එකක්.

මේකේ ප්‍රින්ට් එක හතර පස් වතාවක් වෙනස් කරන්න වුනා මග් එකට හරියන විදියට.
මට ඕන කරපු විදියටම කරගන්න බැරිවුනා.ඒත් අවුලකුත් නෑ වගේ..


මේ තියෙන්නේ මග් එකේ ඉස්සරහ පැත්ත

මේ අනිත් පැත්ත
නින්ද යාම 

වයසක ආච්චිලා දෙන්නෙක් බස් හෝල්ට් එකක වාඩි වෙලා ඉන්නවා 

ටවුන් එකට යන බස් එකක් එනකම්.සෑහෙන වෙලාවක් යනකම් බස් 
එකක් ආවේ නෑ. අන්තිමේදී එක ආච්චි කෙනෙක් අනිත් ආච්චි දිහාට හැරිලා,

"මං දැන් පැයකටත් වැඩියි මෙතනට ඇවිත්.සෑහෙන වෙලාවක් වාඩි 

වෙලා ඉදලා මට දැනෙන්නේ මගේ පස්ස නිකන් නින්දට ගිහින් 
වගේ කියලා.."

අනිත් ආච්චි කින්ඩියට වගේ මේ ආච්චි දිහා බලලා කිව්වා..

"මං දන්නවා මං දන්නවා ඒක! මට ඇහුනා එහෙන් ගොරවන සද්දයක්..!"