Thursday, December 19, 2013

බනිස් කෑම


කොල්ලෝ බනිස් කෑමට රුසියෝය... බනිස් කන්න ආස කෙල්ලෝද සිටියාට වැඩිපුරම බනිස් කන්න කැමති කොල්ලෝය... බනිස් කන්නේ බඩගින්නට නෙවේය... බනිස් කන්නේ ආසාවටය... අවුරුද්ද කාලයට නම් කන්නේ තරගයටය.. ඒ තරගවලත් වැඩිපුරම සිටින්නේ කොල්ලෝය.. කොල්ලෝ හා කෙල්ලෝ එකට බනිස් කනවා පොඩිමෑන් හැබැහින් ජීවිතේට දැක නැත්තේය... දකින්න ආසාවෙන් ඉන්නවාය.. ඒත් ලංකාවේ ඒවා දැකීමට තව අම්බාඑක කලක් යාවිය...

කොල්ලෝ බනිස් කෑමට ආස උනත් බනිස් ගැන දන්නා උන් අඩුය... ඒ නිසා බනිස් කෑම ගැනි කියන්න කලිං බනිස් ගැන ලියනවානං හොදයි කියා හිතෙනවාය... 

බනිස් ජාති මහ හුගක් තියෙනවායා... සිංගල් බනිස් , ඩබල් බනිස් , ක්‍රීම් බනිස් , කැට බනිස් , සීනි බනිස් ගල් බනිස් ආදී වසයෙන්ය... සමහර බනිස් සෝ කේස්වල දමා මැස්සෝ ඇහිරි ඇහිරි තියෙනවාය... ඒවා කන්න කස්ටිය වැඩි කැමැත්තක් නැතිය... ඒත් නැති කමට ඒ බනිස්ද ගිල දාන එවුවෝ නැත්තෙම නැතිය... සෝ කේස් වල තියෙන බනිස් ගෙඩි තියෙන කඩේ අනුව ගාන වෙනස් වෙනවාය... මෝනිස් එක වගේ හයි පයි කඩේකින් ගන්නවානං ගාන සැරය.. පෙට්ටි කඩේකින් ගන්නවානං ගාන අවුලක් නැතිය... කඩේ සෝ කේස් එකට රැවටි එකම බනිස් ගෙඩිය සමහරු වැඩි මිලක් දීලා කනවාය... උන් හෙන පවුය.. 

සීනි බනිස් තියෙනේ පුල් කවර් පිටය... හුලං වැදුනත් සීනි දියවෙනවාය.. ක්‍රීම් බනිසුත් එහෙමය.. යන්තන් ඇත්තං ක්‍රීමී බේරෙනවාය.. ගල් බනිස්නං ඕන මළ දානෙකට ඔට්ටුය.. ඒත් වැඩි දෙනා ආස පැකට් එකේ තියෙන පැකිං පිටිං බනිස් වලටය...

ඔය කොයි බනිසත් කන්නේ ආසාවටය... සමහරු බඩගින්නටද කනවාය.. ඒත් බනිස් ගෙඩියකින් බඩ පිරෙන්නේ යන්තං ඇබිත්තය.. තව චුට්ට වෙලාවකින් බඩගිනි මහ හුගක් එනවාය...

ගොඩක් දෙනා ආසා බනිස් තමන්ගේම කරගෙන කන්නය. තමන්ගේ කරගන්නත් කැමති අලුත්ම බනිස්ය. සිංහලෙන්ම කියනවානං අර කලිං කිවුවා වගේ පැකින් පිටින් බනිස්ය.. පැකින් එක කඩලානං ඒවා ගේන්න කැමති නැතිය.. පැකින් කඩපු බනිස් හොරෙන අහලවලා සමහර හොර මුදලාලි ගොල්ලා හොරෙන් විකුනනවාය.. ගෙදර ගෙනැල්ලා කන්න බලපු වෙලාවට වැඩේ අහු උනොත් මුදලාලිටත් බඩු පැකිංය... ඒත් හයි පයි කඩවලින් ගේන නිසා සමහරුට ඒවා ගානක් නැතිය.. ගානක් තිබුනත් කඩේ කොලටි එක මතක් කොරං නිකං ඉන්නවාය... කොලටි කඩවල තියෙන හෙන ගනං බනිස් හිටපු හැටියේ අඩුවට දෙනවාය... ඒවා පැකිං කඩපු බනිස් බව කොල්ලෝ දැනගත යුතුය...

පැකින් එක අප්සට් උනත් කොළටි බනිස් නැත්තේම නැතිය.. ඒවානං අවුලක් නැතිය.. පැකින් කඩපු එකාලාට ඒවා කන්න පින නැතිය... ඔය පැකින් එකේනං වැඩක් ඇත්තේම නැතිය.. විකුනන්න... ගාන වැඩි කරන්න දාමු උප්පරවැට්ටියක්ය.. බනිස කොලිටි නං එච්චරය...

වෙන එකෙක් කාපු බනිස් වලට කවුරුවත් කැමති නැතිය.. ඒත් නිකන් දෙන නිසා ඒවා කන උන්ද සිටිනවාය... කවුරු හරි පැකින් කඩලා බාගෙට කාලා තියෙන බනිස් ගෙඩියකින් කෑල්ලක් කඩාගන්න වැඩි හරියක් උන්දැලා කැමතිය.. ඒ මොකද කියනවානං තමං කාපු කෑල්ලත් පැකිං කඩපු එකාගේ අකවුට් එකට ඩිපොසිට් වෙන නිසාය... ඒත් හොරෙන් බනිස් කා මාරුවෙන්න හදන වෙලාවල් වල බඩු පැකට් වෙන අවස්තාද ඇත... එහෙම වෙලාවට අතින් පහක් දී අනුන් කාපු පජාත බනිසක් සෙට් වෙනවායා... ඒකනං හොඳම වැඩේය...

බනිං කෑම ගැන කතා කරනවානං ඒක කරන්න ඕනෙ ක්‍රමේටය.. කාලෝචිත උදාහරණයක් අරගෙන 
ඔහෙලාට ඒක මෙහෙම පැහැදිලි කොරලා දෙනවාය

අවුරුද්දට අපි බනිස් කෑමේ තරග ඕනෑ තරං දැක තියෙනවාය.. කොල්ලෝ බනිස් කන්න ගියාම බදාගෙන කන බව දන්නා නිසා උන්ගෙ අත් බඳිනවාය.. හැබැහින් පලවෙනි සැරේට බනිස් ගෙඩිය කන්න යනකොටත් අපේ අත් තියෙන්නේ ඒ වගේම බැඳලාය.. බනිස අල්ලන්නට අපිට බැරිය... ගේම දෙන්නට ඕනේ කටින් ය...

බනිස් වැලට එල්ලෙද්දී ඕනේ තරං බනිස් තියෙනවා නේදැයි සිතා කම්මැලි උනොත් වැඩේ කොට උඩය... ඉස්සෙල්ල දුවන එකා කන්න ලේසි හොදම බනිස තෝරා ගන්නවාය... ඒක නිසා අනිත් එවුට කලින් දුවගෙන ගොස් හොදම බනිස් ගෙඩිය අල්ලා ගැනීමට කොල්ලෝ දස්සයෝ වෙන්ඩ ඕනෑය...

තරගයේ බනිස් තියෙන්නෙ වැලේ එල්ලිලා උඩින්ය.. ඇත්ත බනිසුත් එහෙමමය.. තියෙන්නෙ හෙන උඩිංය.. ඒවා බිමට ගන්න කොල්ලෝ දැනගන්න ඕනෑය.. ඒකත් ක්‍රමේටය...

බනිස් ගෙඩිය ගාව දන ගැහුවොත් බනිස් තව තව උඩ යනවාය... ඒක නිසා දුවගෙන ආවත් බනිස් ගෙඩිය ගාව දනගාන්න හොද නැතිය.. ඒ වගේම පැනපු ගමන් බනිස් කන්නද බැරිය.. බනිස් එතකොට දුර යනවාය... දුවගෙන හොදම බනිස අල්ලගත්තානං කලබල වෙන්න බැරිය... පස්ට් ඔප් ඕල් උඩින් තියෙන බනිස් ගෙඩිය කටිං ගේම දී බිම දාගත යුතුය.. ඒතකොට කන්න පට්ට ලේසිය... බනිස් උඩින් තියෙන විට කන්න අමාරුය. අපේ බෙල්ලේ පොට යනවා විතරය...

බනිස් ගෙඩිය බිම දැම්මාමත් කන්න හදිස්සි වෙන්න හොද නැතිය.. කලබලේට කටට ආව බනිසත් හිරවෙනවාය...ඒක නිසා එක සැරේ මුලු බනිසම කන්න බැරිය. කන්න ඕනෙ චුට්ට චුට්ටය.. චුට්ට චුට්ට කාල බැලින්නං මුලු බනිසම කාලා ඉවරය... ඒ කියන්න ගේම දිනුන්ය...

බනිස් කෑම සැබැවින්ම ගේමක් කරගන්නේ කොල්ලෝ අපිමය... ක්‍රමේට කරනවානං ගේමක් ඇත්තේම නැතිය.. බනිස් පැකිං කඩා බාගෙට කා දමා යාම සුදුසු නැතිය... ඒව හෙන පවුය... කන එකෙක්ටවත් කන්න නැතිය.. පැකින් කඩා බාගෙට කා බනිස් මග දමා යන උන්ට අන්තිමට ලැබෙන්නේත් වෙන එකෙක් කාපු බනිසක්මය... ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නැතිය.. ඒක නිසා අල්ල ගනිපු බනිස කෑම හෙමි හෙමින් හිත සතුටින් කල යුතුය... එතකොට එය ලෝකේ හොදම බනිස වෙනවාය.. අනිත් උන්ගේ බනිස්වලට ඉරිසියා නොකල යුතුය... ඒවා හොරෙන් කෑමද හොද නැතිය.. ඒවා හොරෙන් කන්න යන වෙලාවේදී තම්න්ගේ බනිසට කපුටෝ කොටන්නට පුලුවන්ය... එල්ලෙන බනිසට වඩා බිම දාගත් බනිස හොදය.. කෑමට ලේසිය... පුල් ආතල්ය....

අන්තිමේදී ඔහෙලාට මෙහෙම කියනවාය... 

කොයි කඩේ වික්කත්... ගාන කීය උනත්... සීනි ක්‍රීම් දමා රසට පෙනුනත්... බනිස බනිසමය... කාල බැලුවාම එකමය... වෙනසක් නැත්තේමය.. ආයෙ ඒකේ හෝදන්න දෙයක් ඇත්තේම නැතිය...... ...

Tuesday, December 17, 2013

චූටි මල්ලි සහ ප්‍රේමවන්තිය

පේරාදෙණිය හන්දියෙන් උදෑසන 5.20ට මාතර බලා ධාවනය වන දුම් රියට හනි හනිකට ගොඩ වී ගෑල්ලමයෙක් ලග ආසනයක පස්චාත් භාගය ස්තාන ගත කර වාඩි වී සුව නින්දකට සැරසුනා පමනි.අලුතෙන්ම මිලදී ගත් මාගේ ජංගම මෙව්වා එක එහා පැත්තේ සිටි ගෑල්ලමයාගේද නින්ද කඩමින් දෙදරා ගියේය.ඇය එක් වරක් මා හට ඔරවා ඉවත බලාගත්තාය.මම කුප්ප ලෙස සිනා සුනෙමි.
දුරකතන තිරයේ දිස් වන පරිදි ඇමතුම අම්මගෙනි.පුතෙකු ගෙදර එද්දී හැම අම්මා කෙනෙක්ටම එය ඉවෙන් මෙන් වැටහේ.අපේ අම්මාටද එසේමය.මා අද ගෙදර එන බව අම්මාට නොකිවෙමි.ඇයව පුදුමයට පත් කිරීමට සිතා ගෙනෙ සිටියද වැඩේ කචල් වෙන හැඩය.දැන් ඉතින් ඇමතුමට පිලිතුරු දී මා ගෙදර එන බව පැවසිය යුතුය.

"හෙලෝ අම්මා..."
ඔබන තිරයේ ඇති Answer බොත්තම ඔබමින්ම මම ඇමතුමට පිලිතුරු දුන්නෙමි..

"හෙලෝ ලොකු අයියේ.."

තූ....නෙද්දකින්ය...මේ උදේ පාන්දර ඇමතුම චූටි මල්ලී ගොබිලයාගෙනි..චූටි කාලයේ සිටම මේකාට , කලිසමේ චූ කර ගැනීම නිසා තිබූ නින්ද නොයෑමේ රෝගය නැවත ඉස්මතුවී ඇද්දැයි මට සැකයක් තිබේ.නැති නම් උදෑසන 5.20 ට ලොකු අයියලාට කෝල් කරන චූටි මල්ලිලාත් අද කාලයේ සිටීද?

"මොකෝ උගුඩුවෝ...තොට නින්ද යන්නේ නැද්ද මේ උදේ පාන්දර මිනිස්සුන්ට වද දෙන්නේ..."

මාගේ ආසනයේ සිටි කෙල්ල දෙනෙත් ලොකු කරගෙනම මා දෙස බලාගෙනම සිටී.මා ඇය දෙස බැලූ විටම ඇය තව තවත් ජනේලය දෙසට වූවාය.

"හෙලෝ අම්මා කියලා අම්මලාට උගුඩුවෝ කියලා බනින පුතාලත් අද කාලේ ඉන්නව නේ..." මේ ඇයගේ සිතුවිලි වල ශිෂ්ඨ සංශිප්තයයි.

මම නැවත පෙර කියූ කුප්ප සිනහවෙන්ම ඇයට සංග්‍රහ කලෙමි.

"ලොකු අයියේ...ඔයා ගෙදර එන්නේ කවද්ද ?"

"මේ එනගමන් තමා යකෝ ඉන්නේ...රෙද්ද...තෝ නිසා නිදාගන්නත් නෑ..."

"මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..අයියා තමා විසදන්න ඉන්න එකම එක්කෙනා..."

"නෙද්දකින් හාල්පාරුවා...මම ඒත් බැලුවා , ලොකු අයියා , ඔයා , වගේ හෙන හැගීම් දනවන වචන වලින් මට කතා කරද්දී මොකක් හරි බටර් පාරකට තමා සෙට් වෙන්නේ කියලා...කියපන්..මොකක්ද වෙන්න ඕන?"

මේකාට ඇත්තේ අධ්‍යාපනය සම්භන්ද ගැටලුවක් නොවිය යුතුය.අධ්‍යාපනය සම්භන්ධ ගැටලුවක් නම් මාගේන් උදව් ඉල්ලන්නේ නැත.එසේ නම් මෙම ඇමතුම කෙලින්ම යන්නේ පොඩි මල්ලීගේ ජංගම දුරකතනයටය..එයත් දැන් පාවිච්චි කරන්නේ නවීන පන්නයේ ඔබ ඔබා කතා කරන ජංගම දුරකතනයකි.

"මේක ෆෝන් එකෙන් කියන්න බෑ අයියේ"

"ඈ..යකෝ තොට තියෙන්නේ ලිංගික ප්‍රශ්නයක්ද? "

කෙල්ල නැවතත් මා දෙස බලයි..රවයි..ඔරවයි...ඉන් පසුව නැගිට හිස්ව ඇති වෙනත් ආසනයකට පියමන් කරයි..මම නැවත අර කුප්ප සිනහව...

"පිස්සුද ඕයි...මේක මගේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්"

මම හිතුවා හරීයටම හරිය..මේක අධ්‍යාපන ප්‍රශ්නයක් නොවේය.

"අඩේ....කවුද කෙල්ල? " ඉවෙන් මෙන් ප්‍රශ්නය තෝරාගත් මම චූටි මල්ලීගෙන් ඇසූවෙමි.

"කෙල්ල ගැන කියන්නම්...ඉස්සෙල්ලා තමුසේ ඉක්මනට ගෙදර එනවකෝ.."

"ඉක්මනට එන්න බෑ යකෝ..කෝච්චිය එන වෙලාවට එන්නම්..එතකල් මැරෙන්නේ නැතුව හිටපන්... "

"අනේ මේ ලොකු අයියේ... @$@$#%## "
(සංඛේත ලෙස දක්වා ඇත්තේ නමය වසරේ ඇම්බිත්ති කොල්ලෝ පාවිච්චි ක‍රන කුනුහර්පයකි.. )

මම ජංගම දුරකතනය විසංදි කලෙමි..

චූටි මල්ලීට කෙල්ලෙක්ට වත් හිත ගොස් ඇද්ද? එය අම්බානෙක පුදුමය දනවන සුලුය..උගේ ලොකු අයියා මමය.එම නිසා එක් අතකට එය පුදුමය දනවන සුලු නැත.පුදුමය දනවන සුලු වන්නේ කෙල්ලෙක්ට හිත යෑමට මෙතරම් ප්‍රමාදවීම ගැනය.හරි නම් උගේ හිත මොන්ටිසෝරියේ සිටම කෙල්ලන්ට යා යුතුය.
හිතවත් පාඨකය...මම නැවත නැවත ඔබට මතක් කරමි...මම උගේ ලොකු අයියාය..

නුවර සිට ගෙදර දක්වා පැමිනෙන අතර මගදී චූටි මල්ලීගෙන් ඇමතුම් 5කි. මා අසලින් ඉවත් වූ ගෑල්ලමයින් ගනන 3කි.

කිසිදු උප්‍රද්‍රවයකින් තොරව ගෙදරට සැපැත් වන විට වේලාව මධ්‍යහන 12ටත් කිට්ටු වී ඇත.

වෙනදා දොරට විසි තිස් වතාවක් පමන තඩි බාන්නට සිදු වුනද අද මට එසේ සිදු වූයේ නොමැත. තඩි බාන්නට අත දිගු කරනවාත් සමගම දොර විවෘත විය...

"අම්මේ.....ලොකු අයියා ඇවිල්ලා...."

පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය චූටි මල්ලී මුලු ගමටම ඇහෙන පරිද්දින් කෑගැසුවේය..ඉන් පසු වරක් උඩ පැන්නේය...

"කෝ දෙන්න අයියේ බෑග් ටික..මම ගිහින් තියන්නම්..."

මා කියන්නටත් පෙර මාගේ බෑග් සියල්ල උසුලාගත් ඔහු කාමරයට පිය මැන්නේය.

"ඔන්න මම අද අයියා එන නිසා අයියගේ කාමරේ ලස්සනට පිලිවලට හැදුවා.."

උගේ කතාව හෙන සිරාය.කාමරය අම්බානෙක පිලිවෙලය.මාගේ ඇද පට්ටම පිලිවෙලය.මාගේ ඇදට අඩි දෙකක් පමන වන්නට තිබූ පොඩි මල්ලීගේ ඇද නම් ගන්නට දෙයක් නැත.එහි ඇද රෙද්ද පාපිස්සට ගෙන ඇත.පාපිස්ස ඇද රෙද්දට ගෙන ඇත.පොරවන්නට ඇත්තේ මදුරු දැලකි.පොඩි මල්ලී ගැන මට අම්බානෙක දුකක් දැනුනි..

"ඇයි තෝ පොඩි අයියගේ ඇද හැදුවේ නැත්තේ.. "
චූටි මල්ලීට චෝදනා කරමින් මම ඇසුවෙමි.

"ඕකාගේ ඇද හදලා මට මොනවද ලැබෙන්නේ..ඕන් අද එනවා කියලා තිබ්බා ඌත්..මම නම් හදයි උගේ ඇද...හ..."

මූ නම් රට ඇම්ඩෙකි.පොඩි මල්ලීට කෙලවා ලැබෙන ආත්ම තෘප්තිය මා අම්බානෙක විදිනා බව මූ දනී...එක් අතකට පුදුම වන්න දෙයක් නොමැත..මූ මගේම චූටි මල්ලීය..

"හරි....දැන් කියපන් කවුද කෙල්ල? "

"කෙල්ලෙක් නෑ ඕයි..."

"එහෙනම් යකෝ තෝ දැන් කිව්වේ කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක් කියලා..."

"කෙල්ලෙක් ගැන තමා ප්‍රශ්නේ...මේකයි සීන් එක.. හැමදාම කොච්චියේදී හම්බෙන කෙල්ලෙක් ඉන්නෝ.... "

ඒ වචන කියා අවසන් වීමට පෙර මම , මාගේ ලාබාල කාලයට සිතෙන් පියමන් කලමි..

මා පහ වසරේදී හමු වූ කෝච්චියේ කෙල්ල....
ඇය මා දෙස බලයි...ඉන් පසු සිනා සෙයි..රවයි...අතේ ඇති අපි රජ ඉබ්බෝ ඉස්ටිකර් ඇලවූ පැන්සල් පෙට්ටිය කට කොනකින් හපයි.ඉන් පසු ගස්සා ඉවත බලා ගනී...මා පොඩි කාලේ දැමූ කුප්ප හිනාව දමයි.... රිච්මන්ඩ් කන්ද දුම් රිය පලේදී මාත් සමගම ඇය දුමි රිය වේදිකාවට බසී..වැරදීමකින් ඇයගේ අත මාගේ අත සමග ගැටෙයි.දෑත් ස්පර්ශ වූ ඒ සුලු නිමේශය....ඉන් පසු ඇය සිනා සෙයි...මාගේ කුප්ප සිනාව.... අඩි දහයක් පමන ඇවිද ගොස් ඇය නැවත පසු පස හැරෙයි..මා දිහා බලයි..ගස්සයි....නැවත සිනාසෙයි...මාගේ කුප්ප සිනහව... පසුබිමෙන් මිහිරි හින්දි ගීතයක් ඇසෙයි....

"ඕයි....තෝ අහගෙනද ඉන්නේ...."
චූටි මල්ලී බෙරිහන් දෙයි....හුටාය,..එම කොටස අතීත කාලයට අයිති වූවකි..මා මේ සිටින්නේ වර්තමානයේය.තත්පර දෙකක මනෝ පාරෙන් පසුව මම නැවතත් චූටි මල්ලීගේ ආදර කතාවටම එන්ටර් වූයෙමි.

"කවුද #$#%#@ මගේ නම දාලා ඒ කෙල්ලට ලියුමක් දීලා "
(නැවත පෙර කී සංඛේත කිහිපය )

"ඉතින් මරුනේ ඕයි...කෙල්ල කැමති කිව්වද?"

"කැමති කිව්වා....බම්බුවක් කිව්ව...ඒකි , ඒකිගේ අයියට ගිහින් ලියුම දීලා..අයියා එනවා කිව්වලු සඳුදට මට ගේමක් දෙන්න...ඒකිගේ අයියා හෙන මැරයා ඕයි..අන්තිමට ඉතින් මට මේක කියන්න ඉතුරු වෙලා ඉදියේ තමුසේ විතරයි ලොකු අයියේ...අනේ කියන ඇද රෙද්දක් හදන්නම්... සදුදට මාත් එක්ක කෝච්චියේ යන්න එනවකෝ...ප්ලීස්.. "

හුටාය...
බුදු අම්මෝය....
මෙවන් චූටි මල්ලිලා සතුරෙක්ට වත් ඉන්න එපා කියන්නේ මේකය...මූ හදන්නේ මට හොද හෝටලයකින් ගේමක් සෙට් කරන්නය...මම මාරු විය යුතුය..කන ගුටියක් ඌ තනියෙන් කා යුතුය..අහිංසක පරඩැලක් මෙන් සිටින මම ,මගේ දිවි රැක ගත යුතුය..

"තමුසෙට පිස්සුද ඕයි...මට සදුදට විභාගයක් තියෙනවා..අගහරුවාදට මැච් එකක් තියෙනවා..කොටින්ම ඉරිදා හවස අපේ කොල්ලෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙන්නත් තියෙනවා.. "
මම රටේම නැති පච ටිකක් ඇද බෑවෙමි..

"හ්ම්ම්ම්...එහෙනම් ඉතින් මොනවා කරන්නද..මගේ ප්‍රශ්නේ නේ..මමම විසදගන්නම් අයියේ.."

චුටි මල්ලී හෙන රොමැන්ටික්ය..මගේ හිත වටවල කහට කෝප්පයකටත් වඩා අම්බානෙකට උනු වී ගියෝහුය.චූටි මල්ලී කර බාගෙන කාමරයෙන් එලියට යයි..උගේ ඇස් වල පනින්නට ඔන්න මෙන්න වෙර දරන තඩි කදුලු බෝල දෙකකි..ඒවා දැන් පනී , දැන් පනී යැයි මට සිතේ...
මොනා කරත් පොර මට කතා කලේ උගේ ලොකු අයියා නිසාය.මේ මොහොතේ මම ඌව තනිකර දමා නොයා යුතුය.

"ඒ.....ඔහොම හිටහන්...සඳුදා කීයටද යන්න ඕන.. "

"උදේ උදේ..6.30ට කෝච්චියේ ගිහින් ඔයාට එහෙම්ම නුවර යන්න පුලුවන්..මම ඒවත් ප්ලෑන් කරලයි තියෙන්නේ...අයියගේ සපෝට් එකට මගේ යාලුවෝ දහයක් දොලහක් විතර එන්නම් කියලත් කිව්ව..මම ඒවත් රෙඩි කරා..."

"අඩෝ...තෝ හිතුවද මට එක එකාගේ සපෝට් එක ඕන කියලා...තෝ දන්නෑ යකෝ කැම්පස් එකේ මම දෙන ගේම්...දන්නව නම් ඔහොම දහයක් දොලහක් ලෑස්ති කරන්නෑ...."

"ඔව්..එහෙනම් හැටක් හැත්තෑවක් විතර ලෑස්ති කරනවා... ""

මොකක්ද තෝ කුටු කුටු ගාන්නේ බිම බලන්...තොට සැකද? "

"පිස්සුද අයියේ...මට අයියා ගැන සත පහක සැකයක් නෑ... ඔන්න එහෙනම් සඳුදා උදේ යමු.ගිහින් ඒකිගේ අයියට ඇවිද ගන්න බැරි වෙන්න ගේම දීලා එමු."

ඌ එසේ කියද්දී ඇස් දෙක කාන්තියෙන් බබලයි...අවුරුදු 16-18 කොල්ලන්ගේ හීන මේවා නේදැයි මටද සිතේ.අහෝ...මාගේ තරුණ කාලයත් ගත වන්නට ඇත්තේ මෙලෙසිනි.මට මා ගැනම සියුම් ලැජ්ජාවත් දැනුනි.එය ලැජ්ජාවකට වඩා යටි බඩට කිතියකි...

සඳුදා දිනය එලබෙන්නට වැඩි කාලයක් ගත නොවිනි.උදෑසන 5ට පමන භූමිකම්පාවක් මෙන් දැනුන චූටි මල්ලීගේ ඇද සෙලවීමෙන් පසු මම ඇහැරුනෙමි..දඩ බඩ ගා මුහුනට වතුර පහරක් එල්ල කරගෙනම ඩෙනිම් කලිසමකින් හා සුදු අත් දිග කමීසයකින් සැරසුනෙමි..

"ඒ..ඕයි....තමුසේ කොහේ යන්නද?"

චූටි මල්ලී පාසල් නිල ඇදුමෙන්ම සැරසී මා වෙත දිව විත් අසයි..

"ඇයි අද වලියක් තියෙනෝ කිව්ව නේ..මේ ඒකට යන්න"

"නෙද්දකින්...ඔය ඇදුම නිකන් පන්සල් යන්න වගේ නේ..ඔහොම බෑ ඕයි වලි වලට යන්න..පොඩ්ඩක් ඉන්නවකෝ..."

එසේ කියමින් චූටි මල්ලී කාමරයට රිංගයි..ඉන් පසුව මොකක්දෝ හැට්ටයක් මෙන් ඇදුමක් උසුලාගෙන විත් මට අන්දවයි...

"අහ්....ඔය තියෙන්නේ....දැන් නම් පට්ට මැර ලුක් එක..රැවුලත් වවන් ඉදිය නම් තමා නියමම මැරයා.හැබැයි කන්නාඩි දෙක තමා අවුල්...කෝ බලන්න..."

එසේ කියමින් පොර කන්නාඩි දෙක ගලවන්නට දිව එයි...

"අඩෝ...තෝ හදන්නේ මාව මරවන්නද...ඕක නැතුව මට පේන්නේ නෑ පොලොස් කොට්ටෝරුවෝ..ඒක නෙමේ...කාගෙයි මේ මැර ඇදුම්...?"

"වෙන කාගෙද..පොඩි අයියගේ තමා..මේ...මම ඕන ආයුධ ටික කලිසම් සාක්කු වලට දැම්මා..චෙක් කරලා බලනෝ..බැරිම උනොත් විතරක් වෙපන් එකක් පාවිච්චි කරනෝ...නැති නම් වෙපන් එකකට යන්න එපා..අතම විතරක් පාවිච්චි කරලා වැඩේ ගොඩින් ඉවරයක් කරගන්න බලමු.,."

මම සාක්කු අත ගා බැලුවෙමි..හුටා...එක සාක්කුවක ඇට බෝල විදින තුවක්කුවකි..අනෙකේ නියපොතු කපන කතුරකි.අස්සටම වන්නට රේසරයකි.."

හ්ම්ම්ම්...16-18 උන්ගේ හීන...මට නැවත සිතුනි...

"තොට කොයින්ද රේසරයක්? තොගේ රැවුල වැවෙන්නේ නෑ නේ..."

"ඕක පොඩි අයියගේ රේසරේ...කියන්නෙපා හොදේ.."

කන්නාඩිය ඉදිරිපසට ගොස් නිකමට වාගේ මම මාගේ මැර පෙනුම දෙස වරක් බලා ගත්තෙමි..ඇට සැකිල්ලක් රෙද්දකි වැසුවාක් මෙන් දිස් වෙයි.අද නම් ඉස්පිරිතාලේ ලගින්න වෙන දවසකි..වෙනදාටත් නැතුව මම බුදු පහනද පත්තු කලෙමි...ඉන් පසුව දකුණු කකුලත් ඉදිරියට තබා ගෙදරින් පිටත් වූයෙමි..

නියමිත වේලාවට විනාඩි කිහිපයක් පමන ප්‍රමාද වී දුම් රිය පැමිනියේය.අපි හනි හනිකට දුම් රියට ගොඩ වූයෙමු
ඉස්සර කාලයේදී මෙම දුම් රියේ අයිතිකාරයෝ අපිය.මෙහි චන්ඩි අපිය..මෙය පාලනය කරන්නෝද අපි වෙමු.දැන් කාලය වෙනස් වී ගොසිනි.දැන් චූටි මල්ලිලාගේ කාලයයි....

දුම් රිය පෙට්ටියේ අයිනටම වන්නට තිබූ ආසනයක ලස්සනම ලස්සන චූටි නංගියෙක් වාඩි වී සිටියාය.පෙනුමෙන් නම් ඇය නමය වසරේ විය යුතුය.කොන්ඩය තනි කරලට ගොතා ඇත.දුම් රියේ වේගවත් ගමන නිසා ඇති වන සුලගින් ඇයගේ බෙල්ල හිර වෙන්නට දමා තිබූ කොල පැහැ ටයි පටිය ඒ මේ අත වැනේ.ටයි පටිය පපුවට තද කර ගැනීමට ඇය විශාල උත්සහයක් ගනී...

"ලොකු අයියේ..."

මා කටත් ඇරගෙන සිටිනවා දුටු චූටි මල්ලි මට ආමන්ත්‍රනය කලේය.

"මේ....අර කෙල්ලටද උඹේ හිත ගියේ.."

මම ඒ නංගී දෙටස අත දිගු කරමින් ඇසුයෙමි..

පිස්සුද ඕයි.එයා තරූශි , ඉන්නේ හික්කඩුවේ...තාත්තා බැංකුවක වැඩ කරන්නේ...ඒ කෙල්ලගෙන් මම කලින් ඇහුවා..ඒත් එයා කැමති උනේ නෑ...

"හුටා...මම උඩ ගියෙමි...දැන් හැදෙන පොඩි උන් නම් ගන්නට දෙයක් නැත...අසික්කිතය...කෙල්ල ගැන මට හිත යද්දී මුන් මගුලුත් කතා කර අවසානය.එක් අතකට මූ මගේම චූටි මල්ලීය..ඉතින් පුදුම වන්නට දෙයක් ඇත්තේම නැත...

"එහෙනම් කෝ ඕයි කෙල්ල.."

"ඒකි අද නැද්ද මන්දා...හෙන තාර බැරල් එකක් වගේ කෙල්ලෙක් ඕයි..අම්මපා මගේ නම දාලා ඕකිට ලියුම දීපු එකා අහු උනොත් මම උගේ ඔලුව පලනවා..."

මම නැවත සිනා සුනෙමි...අවුරුදු 16-18 කොල්ලන්ගේ හීන....

මහත තඩි තාර බැරල් එකක් සොවීමට මාගේ දෑස් දුම් රිය පෙට්ටිය පුරා එහා මෙහා ගියේය..එක් ඇසිල්ලෙක මාගේ දෑස් එක් සුපුරුදු මුහුණක් අසල නතර විය...හනි හනිකට මම ඔහු අසලට පිය මැන්නෙමි...

"අඩෝ...තරිඳු"
මම ඔහුව ආමන්ත්‍රණය කලෙමි.
ඔහු පුදුමයෙන් මෙන් පසු පස හැරී මා දෙස බැලුවේය,,

"අප්පටසිරි...රත්තා..."
ඔහු පෙරලා මාව ආමන්ත්‍රණය කලේය..

"පන්ති යන කාලේ දැක්කට පස්සේ උඹව ඔය දැක්කමයි බන්...ඉතින් ඉතින්...මොකද දැන් කරන්නේ... "
මම ඔහු ගෙන් ඇසුවෙමි.

"දැන් ඉතින් ජොබ් එකක් කරනවා බන්...උඹ මොකද කරන්නේ.."
ඔහු මගෙන් ඇසුවේය.

"මම ඉතින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා පව් ගෙවනෝ...ඉතින් ඉතින් අද නිවාඩුද?"

"පිස්සුද බන්..මොන නිවාඩුද..පොඩි කේස් එකකට ආවේ..උඹත් සෙට් උන නිසා ගේම ලේසි වෙයි.."

"මොකෝ සීන් එක, වලියක්ද? "

"ඔව් බන්...කවුද #@$#$ අපේ නංගිට ලියුමක් දීලා...ඌයි උගේ අයියයි අද එනවලු මගෙන් ගේම ඉල්ලන්න... #$#%^%^ යවන්නේ #@$#$ දෙන්නට...උන් දන්නෑ මේ තරිඳුවගේ හැටි...."
(සංඛේත ලෙස දක්වා ඇත්තේ විශ්ව විද්‍යාල මට්ටමේ අසභ්‍ය වචන කිහිපයකි. )

එසේ කියමින් ඔහු මස් කපන පිහියක් වැනි තඩි පිහියක් අතේ තිබූ ටියුලිප් බෑගයෙන් එලියට ගත්තේය,,,

"ඉතින්, උඹ කොහේද මේ යන්නේ..."

"මම...මේ....මේ....මම..මචන්...මම මේ... කැම්පස් එකට යනවා.. "

කෙල ගුලි දෙකක් එක විටම ගිල දැමූ මම පැවසූවෙමි.

Tuesday, December 10, 2013

කහන තෙල

ඔන්න එකමත් එක කාලෙක......... රජ වාසලක වෙච්ච වැඩක්..
රජ වාසලේ දොරටු පාලකයාට මාර ආසාවක් ඇතිවුනාලු... ඒ ආසාව තමා රැජිණ... ඒ කිව්වේ රජාගේ ගෑණිට.. මොනවා හරි කරන්න ආසාවක් ආවලු (මාරම ආසාවක් තමා, මගෙන් අහන්න එපා මොනවා හරි කරන්න කිව්වම ඒ මොකක්ද කියල) ඉතිං මේ ආසාව ඉෂ්ට කරගන්න බැරිව ඉන්න දොරටුපාලයා දවසින් දවස කෙට්ටු වෙනවලු, මේ වෙනස තෙරුනාලු රාජකීය වෙදාට.. ඉතින් වෙදා ඇහුවම දොරටුපාලයා ඇත්ත කිව්වලු,

වෙදා:- හරි මම ඔය ආශාව ඉෂ්ට කොරලා දෙන්නම්... හැබැයි ඉතින් මට කහවනු වලින් ගෙවන්න ඕනේ..
දොරටුපාල:- කොහොමද වෙද ඇත්තෝ ඕක කරන්නේ?
වෙදා:- එව්වා කාරී නෑ, මම කොරන්නම්, බොලා එකඟද?
දො :- එකඟයි.

ඉතින් වෙද උන්නැහේ කලේ කසන ඖෂධයක් රැජිනගේ යට ඇඳුම්වල තැවරුවා.
පසුදින
රජා:- අපේ උන්දෑට ලෙඩක් ගොහින් බලාපන්
වෙදා:- මේක දරුණු රෝගයක්, මේකට සුවිශේෂී වූ කෙල ඕනේ ඒවා තියෙන්නේ අපේ රජ වාසලේ දොරටුපාල ළඟ විතරයි.
රජා:- වහාම ඔහු කැඳවාගෙන එව.

ඉතින් දොරටුපාල ගිහින් අතට කෙල අරන් ගෑවලු, ඒත් අඩු නැහැලු... පස්සේ ඉතින් මිනිහා ලෙව කෑවලු හොඳටම.. මිනිහට ඉතින් හොඳටම ඇතිලු..
පස්සේ වෙදා ගියාලු කහවනු ඉල්ලගන්න......
වෙදා:- අර පොරොන්දුව?
දොරටු:- මොන?
වෙදා:- ඒවා දෙන්නේ නැහැ, ඇයි උඹ රජාට කියන්නද උඹයි කහන තෙල, රැජිනගේ යට ඇඳුමේගෑවේ කියලා? පල පල
කියලා. වෙදාව එලව ගත්තලු..........

ඉතින් වෙදා ගිහින් අර කසන තෙල රජාගේ යට ඇඳුමේ ගෑවලු.......

Sunday, November 24, 2013

බැදීම් කෙතරම් චමත්කාරද?


ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා.විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.

"
 පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"

තොරතුරු සේවය
 ,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල් 
ගොඩක් දැන ගන්න ආකාරය ඊලග දින කිහිපයේදි මම දුටුවා.

සති කිහිපයක් ගත වුනා
 . එදින නිවසේ කිසිවෙකුත් සිටියේ නෑ. මම සුපුරුදු පරිදි බිම් මහලේ වූ මගේ පියාගේ ගරාජයේ ආයුධ පෙට්ටිය රැගෙන තනිවම සෙල්ලම් කිරීමට පටන් ගත්තා.ගත වුනේ සුළු මොහොතයි, අඩුවකට හසු වූ මගේ වමතේ සුලැගිල්ල තුවාල උනා.

දැනුනු වේදනාවට දෑසින් කදුළු වැටුනු නමුත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා හැඩීමෙන් පලක් නොමැති බව ඊළග මොහොතේ මගේ ළමා මනසට වැටහුනා
 .පිහිටක් පතා වටපිට බැලූ මම දුරකතනය දුටු අතර ක්‍ෂනිකව මගේ මනසට පැමිනියේ "තොරතුරු සේවයයි". දුරකතනය වෙත ලගා වූ මා තරු සලකුන එබුවා.

"
 තොරතුරු සේවය" අනෙක් පසින් ආදරණීය කට හඩක් ඇසුනා.

"
 මගේ ඇගිල්ල තුවාල උනා..." මම ඉකිබිදිමින් පැවසුවා.

මද වේලාවක් යනතුරු අනෙක් පසින් හඩක් පැමිනියේ නෑ
 .දරා ගත නොහැකි වේදනාවෙන් මගේ සිත හඩා වැටුනු අතර දෙනෙතින් කදුලු වැගිරුනා.

"
 මගේ ඇගිල්ල තුවාල උනා..." මම යලිත් පැවසුවා.

මද වේලාවකින් අනෙක් පසින් ශබ්දයක් ඇසුනා,ඒ පෙර කතා කල ආදරණීය කටහඩමයි
"ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර නැද්ද පැටියෝ?"

"
 අම්මයි තාත්තයි ලොකු අම්මලගේ ගෙදර ගියා...මම විතරයි ගෙදර ඉන්නේ" ඉකිබිදින අතර මම පැවසුවා.

"
 හා...ඔයාගේ අතින් ලේ එනවද බබෝ?" ඇය ආදරෙන් ඇසුවා.

"
 ඔවු...මට ගොඩක් රිදෙනවා"

"
 පැටියෝ කලබල වෙන්න එපා,ඔයාලගේ ගෙදර ශීතකරනයක් තියනවද?"

"
 ඔව්"

"
 එහෙනම් ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියා ගන්න,එතකොට ලේ ගලන එක නතර වෙයි,බය වෙන්න එපා පැටියෝ එතකොට ඔක්කොම හරි යාවි"
ඇය ඉතා ඉවසිලිමත් ලෙසත් ආදරණීය ලෙසත් මට පැහැදිලි කර දුන්නා
 .

එදා පටන් මගේ සියලුම ප්
 ‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයට.

"ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?"

"
 ඇයි කුරුල්ලෝ පලතුරු විතරක් කන්නේ?"

"
 අපිට පියාඹන්න බැරි ඇයි?"

"
 මට මගේ පුංචි බලු පැටියා එක්ක කතා කරන්න බැරිද?"

ආදී මගේ සිතට නැගෙන දහසකුත් එකක් වූ ප්
 ‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයේ මගේ ආදරණීය මිතුරියට. ඒ සෑම පැනයකටම ඉතා ඉවසිලිවන්තවත් ආදරණීයවත් ඇගේ සුමිහිරි කට හඩින් ඇය මට පිලිතුරු ලබා දුන්නා.

දිනක් අපේ නිවසේ සුරතලයට ඇති කල කැනරි කුරුල්ලා මිය ගියා
 . මම කතා කලේ තොරතුරු සේවයේ මගේ මිතුරියටයි.මගේ පැනය අසා සිටි ඇය කැනරි කුරුල්ලා මිය ගොස් ඇති බව මට වටහා දුන්නා.

"ඉතින් එයා කොහොමද ආයෙත් සින්දු කියන්නේ? එයාට ආයේ ඉගිල්ලෙන්ත් බැරිද?" මම ඇගෙන් ඇසුවේ ශෝකයෙන්.

මගේ පැනය සාවධානව අසා සිටි ඇයට මගේ සිතේ වූ ගැඹුරු ශෝකය දැනෙන්න ඇති
 .
"පෝල්...මතක තියා ගන්න...අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් තියනවා...දැන් ඔයාගේ කැනරි කුරුල්ලා ඉන්නේ ඒ ලෝකෙක ...එයා ඒ ලෝකෙට වෙලා ආයෙමත් ලස්සනට සින්දු කියාවි"

තවත් දවසක මම තොරතුරු සේවයට ඇමතුමක් ලබා ගත්තා
 
"ෆික්ස් කියන වචනේ අකුරු මොනවද කියන්නකෝ"

මගේ අධ්
 ‍යාපනය ගැන ඉහල බලාපොරොත්තු තබා සිටි මගේ දෙමව්පියන් මාව නගරයේ පාසලකට ඇතුල් කලා,අප නගරයේ පදිංචියට පැමිනියා,මට මගේ මිතුරියව අහිමි උනා.

වසරින් වසර ගෙවී ගියා මගේ අධ්
 ‍යාපන කටයුතු අවසන් වූ අතර අප නැවතත් අපේ පැරණි නිවසට පැමිනියා.එවිට මම නව යොවුන් වියේ වූ තරුණයෙකු වූ නමුත් මගේ පැරණි මිතුරිය පිලිබද වූ මතකය මගේ සිතින් ඈත් වුනේ නෑ.ඇය තුල වූ ආදරය කරුණාව ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව තවමත් මා විශ්මයට පත් කලා.

අප නිවසට අලුත් දුරකතනයක් මිලදී ගත් අතර මම පලමු ඇමතුම ගත්තේ මගේ ළමා කාලයේ සුපුරුදු අංකයටයි.

"
 තොරතුරු සේවය " වියපත් වූ නමුත් ආදරණීය සුපුරුදු කටහඩක් මට ඇසුනා.මම විශ්මයට පත් වුනා,ඇය තවමත් සේවය කරනවා.මගේ ගොරෝසු පිරිමි කටහඩ අවදි වුනා,

"
 මගේ ඇගිල්ල තුවාල උනා..."

ඇය බොහෝ වේලාවක් යන තුරු කතා කලේ නෑ
 ,නමුත් ඇය දුරකතනයේ රැදී සිටින බව මම දැන සිටියා.අවසානයේ ඇය කතා කලා,

"
 ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියාගත්තොත් ලේ ගලන එක නැවතෙයි පෝල්"

මම මහ හඩින් සිනා සුනා
 .

"
 ඕහ් දෙවියනේ... මම හිතුවා ඔයාට දැන් අමතකයි කියලා"

"
 මට ගොඩක් පුදුමයි පෝල්" ඇය සෙමින් පිලිතුරු දුන්නා.

අප දෙදෙනා බොහෝ වේලාවක් කතා කලා
 . ටික දිනකට මම සොයුරිය හමු වීමට වෙනත් නගරයකට යන බව පැවසූ මම යලිත් ආ විගස ඇයට අමතන්නට පොරොන්දු වුනා.

"නොවරදවාම කතා කරන්න පෝල්...මගේ නම සැලී" ඇය පැවසුවා.

සොයුරියගේ නිවසේ මාස තුනක් පමන මා ගත කල අතර නැවත පැමිනි විගස මා ඇමතුවේ තොරතුරු සේවයටයි
 .

"
 තොරතුරු සේවය " අනෙක් පසින් ඇසුනේ නුපුරුදු තරුණ කට හඩක්.

"
 මට සැලීට කතා කරන්න පුලුවන් ද?" මම විමසුවා.

"
 ඔබ ඇයව දන්නවද?" ඒ කට හඩින් පැනයක්.

"
 ඔව් ඇය මගේ යෙහෙලියක්...ගොඩක් පරණ යෙහෙලියක්" මම පිලිතුරු දුන්නා.

"මට ගොඩක් කණගාටුයි මේ දේ ඔබට පැවසීමට සිදුවීම ගැන... ඇය සති දෙකකට පෙර මිය ගියා"

මගේ සිත ශෝකයෙන් පිරී ගියා
 ,උගුරේ යමක් සිර වූ ආකාරයක් දැනුනු අතර මගේ මුවින් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.මම රිසීවරය යලි තැබීමට පෙර ඇය යලි කතා කලා

"
 මහත්මයා ඔබේ නම පෝල්ද?"

"
 ඔව්" මම සෙමින් පැවසුවා.

"ඇය අසනීප වී සිටි සමයේ ඇය ඔබට ලබා දෙන්න ලිපියක් මට ලබා දුන්නා,මට ඔබේ නිවසේ ලිපිනය කියනවද,මම එය තැපැල් කරන්නම්"

නිවසේ ලිපිනය ලබා දුන් මා රිසීවරය තැබූ අතර දිගින් දිගටම මගේ සිහියට නැගුනේ ළමා කාලයේ මගේ අනේක විධ පැන වලට පිලිතුරු ලබා දුන් ඇගේ කරුණාබර ආදරණීය කට හඩයි
 .

දින කිහිපයක් ගත වූ අතර දිනක් මගේ නමට ලිපියක් පැමිනියා
 ,ඒ මගේ මිතුරිය සැලී මිය යාමට ප්‍රථමයෙන් මට ලියූ ලිපියයි. එහි මෙසේ සටහන් වුනා

"
 පෝල්...ඔබ යලි පැමිනීමට පෙර මා මිය යාවි යැයි ඇති සැකය නිසයි මම මේ ලිපිය ලියන්නේ.
වසර ගණනාවකට පසු ඔබෙන් ලැබුනු ඇමතුමෙන් මම ගොඩක් පුදුම වුනා
 ,ඊටත් වඩා ගොඩාක් සතුටු වුනා. පෝල් ඔබ දන්නේ නෑ ඔබෙන් ලැබුනු ඇමතුම් වලින් දරුවන් නොමැති මම කොතරම් සතුටට පත් වුනාද කියලා,ඔබ මගේ පාලු ජීවිතයට ආශිර්වාදයක් වුනා පෝල්.කෙසේ නමුත් දැන් අපිට සමුගැනීමට කාලය ඇවිල්ලා.මතකයි නේද, අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් පවතිනවා,මම ඒ ලෝකෙකට ගිහින් ඔයාගේ කැනරි කුරුල්ලා කියන ලස්සන සිංදු අහගෙන ඉන්නම්.ඔයාට නැවතත් ස්තූතියි.
ඔබේ මිතුරිය සැලී
 .

ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අයුරින් විවිධ පුද්ගලයන් සමග ඇති වන බැදීම් කෙතරම් චමත්කාරදැයි සිතෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසුවයි
 . පරක් තෙරක් නොපෙනෙන ජීවන ගමන තුලදී අප ඇති කර ගන්නා බැදීම් කෙතරම් අපූරුද?

Sunday, November 10, 2013

මිඩියම්ද නැත නම් ලාජ් ද අයියා



ජෙන්ස් අයිටම් විකුනන තැන්වල කෙල්ල් දාන්නෙ නෑ සාමාන්‍යෙන් .. ඒත් අද ගාල්ලෙ ඩියෝල් එකේ පට්ට සෙනග .. ඒක නිසා වෙන්න ඇති මට අද සෙට් උනේ කෙල්ලෙක් ... මුලින් ෂර්ට් එකක ගත්තා ..... සර්විස් එකෙන්ම තේරුනා මේකි අලුත් කියල එක්ස්පීරියන්ස් බිංදුවයි ... ඒත් ජම්බු ගෙඩිය වගේ කෑල්ල නිසා මුකුත් කියන්න හිතෙන්නෙ නෑ ... ඊට පස්සෙ මට ඕනෙ ජොකෙක් ගන්න ...

" රායිට් ඒක හරි .... ම්ම්ම් මට තව බොක්සස් ඕනෙ .. කැල්වින් කෙවින් තියෙනවද.. ?? "

කෙල්ල තුෂ්නිම්බූතයි ....

" ම්ම් අන්ඩවෙයාර් .... "

මම හිතන්නෙ ඒකෙ වැඩට ආවට පස්සෙ කොල්ලෙක්ට ඔයින් එකක් විකුනන්න සෙට් උනාමයි වෙන්න ඇති ... සුදු කෙල්ල රතු උනා ...

එක්කගෙන ගියා මාව තියෙන තැනට ... ෂෝ කේස් එක ඇරල දුන්න ... මේකි වට පිට බලනව .....

" මේක විතරද .. එම්බාක් තියෙනවද ... රිකෝ .. " ??

කෙල්ල දන්න මගුලක් නෑ ... මටත් ඇති කියල හිතුන නිසා මේකෙන් දෙකක දෙන්න කියල මම කැල්වින් කෙවෛන් එක පෙන්නුවා ...

" සර් මීඩියම් නේද .... "

යකෝ .. කිසිම අන්ඩවෙයාර් එකක දන්නෙ නැති කෙල්ල මගේ සයිස් එක දන්නවා ...

" ඔයා කොහොමද මගෙ මීඩියම්ද කියල දන්නෙ ... ඔයාට පේන්නෙ එහෙමද ... එහෙම පෙනුනට මම ලාර්ජ් අනේ .... ""

රතුවෙලා හිටුපු කෙල්ල නිල් වෙලා දම් උනා .. තව එක වචනයක්වත් කතා කරේ නෑ ......

...........................

එක්ස්පීරියන්ස් බිංදුවයි කියල මට මුලින් හිතුනට එහෙම නෙවෙයි වෙන්න ඇති නෙද ... ? ?

ඉස්සුවේ රිද්මයාගෙන්


Wednesday, November 6, 2013

බ්ලොගේ වහපු දිල්ද? පිළිකාවෙන් මැරුණ මීනුද? ලිහිණි කිරිල්ලිද? ඔයා කව්ද?

මෙය හුදෙක් සියලුම පුද්ගලයන්ගේ දැනගැනීම සදහා පලකරන්නක් පමණි.කිසිදු පුද්ගලයකුගේ චරිතයට හානි කිරීම උදෙසා පල නොකරන අතර විවිධ තැන් වල දැනටමත් පලවී ඇති කරුණු සම්පිණ්ඩනය කර පළකිරීමක් පමණක් සිරා විසින් සිදුකරන බව කරුණාවෙන් සලකන්න.තරමක් දිගු පොස්ටුවක් උවත් මා විසින් මෙතෙක් මේ බ්ලොගයේ දැමු සොචනියම පොස්ටුව මෙය වෙයි.
මෙය බොහෝ බ්ලොග් කරුවන්ට මෙනම සියලුම ජිවිතයේ අර්ථය සොයන පුද්ගලයන්ට වැදගත් වේවි යයි සිතමි.

මෙහි සමහරක් කොටස් ලකෆ්‍රාන්ස් ගෙන් ලබාගත් අතර සමහර කොටස් එළකිරියේ පලවී තිබුණි.

Monday, April 8, 2013 ලකෆ්‍රාන්ස්
ඉල්ලීම් ගොඩක් විය. නමුත් ලකෆ්‍රාන්ස්ට ඒ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට හැකිවූයේ නැත. ලකෆ්‍රාන්ස් දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටිමින් බ්ලොග්කාරයන්ගෙන් ගාණ කපාගත් බ්ලොග්කාරිනිය ගැන වචනයක්වත් ලිව්වේ නැත. 
නමුත්  සත්‍යය කවදා හෝ එළිවේ. දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටි තැනැත්තියගේ සත්‍යය එළිවී ඇත. සිංහලෙන් කියනවානන් ඇයගේ රෙද්ද බෝස් ගා ගැලවී වැටී ඇත. ඒ රෙද්ද ගලෝපු විස්තරේ දවසකට දහයක් පහළොවක් කියවන බ්ලොග් කඩමාල්ලක නොව ලංකාවේ ජාතික පත්තරේක ෆුල් පේජ් එකක් ලෙස ගොස් ඇත. එය එසේ සිදුකිරීම පිළිබඳව ලකෆ්‍රෑන්ස් එම ලිපිය ලියූ, කරුණු සෙවූ සහ පත්තරේ පළකළ පාර්ෂවයන් සියල්ලටම තම අතිමහත් ස්තූතිය පළකරන්නේය. 

මේ ලකෆ්‍රෑන්ස් පාඨකයෙක් එවන ලද ලිපියකි. මෙම ලිපිය ඊයේ (අප්‍රේල් 7) රන්දිව ජාතික පුවත්පතේ පළවී තිබුණ බව ඒ පාඨකයා කියා තිබුණේය. පත්තරේ දුටු සටහන ටයිප් කර එවූ එම පාඨකයාට ස්තූතිය.

දිල් මීනු ලිහිණි ඔබ කව්ද?

අප ඇයව දන්නේ දිල් නමිනි. ඇය පිළිබඳ කතාබහ කරනා කිසිවකුත් ඇයව හැබහින් දැක නැත. නමුත් ඇය මනඃකල්පිත චරිතයක් නොවේ. එය එසේ වන්නේ කෙසේදැයි මම ඔබට කියන්නම්. මෙම කතාව ආරම්භ වන්නේ මෙයට වසර කීපයකට පෙරය. එනම් 2008 වසරේදීය. සිංහලෙන් බ්ලොග් අඩවි නිර්මාණය කරගෙන තම අදහස්, කවි, නිසඳැස්, කෙටිකතා හා විහිළු කතා ඉඳිරිපත් කිරීමේ උන්මාදයක් තරුණ තරුණියන් අතර ඇතිවූ කාලයයි. තරුණ තරුණියන්ට නිදහසේ නිර්මාණයක් එළි දැක්වීමට ප්‍රසිද්ධ වෙබ්සයිඩ් එකක් නිර්මාණය වීමත් සමඟම මෙම කතාවේ ප්‍රධාන චරිතය සමාජය ඉඳිරියට සම්ප්‍රාප්ත විය. ඇයද එම වෙබ් පිටුවේ කවි, නිසදැස් පළ කළාය. ඒ දිල් යන නමිනි. නොයෙකුත් මනඃකල්පිත නම්වලින් හා තම සැබෑ නමින්ද මෙම වෙබ් පිටුවේ කවි පළ කළ තරුණ තරුණියෝ සිටියෝය. මේ අතර මීනු නමින් තවත් චරිතයක් මෙකී වෙබ් කවි සංසදයට එකතු විය. මේ සියළු දෙනා යතුරු පුවරු පිටුපස සැඟවීගත් චරිත විය. කිසිවකුත් කිසිවෙකුව ඔවුන් කවි ලියනා නම්වලින් දැන හඳුනාගත්තා මිසක සැබවින්ම මෙකී චරිත කව්රුන්දැයි කියා දන්නේ නැත. ලංකාවේ පමණක් නොව වෙනත් විදේශ රටවල ඉගෙන ගන්නා රැකියාවල් කරනා ලාංකික පුද්ගලයන්ද සිංහල බසින් මෙම වෙබ් පිටුවට තම නිර්මාණයන් ඉඳිරිපත් කළෝය. ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නා ලාංකික තරුණයෙකුද මෙම නිදහස් පාරාදීසයේ තම අදහස්, කවි, නිසඳැස් එළිදැක්වූයේය. ඔහු නමින් කසුන් ය. මව්පියන් විසින් දහසක් බලාපොරොත්තු සිහින මැද ඔහුව ඕස්ට්‍රේලියාවට යවා තිබුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මුලින් සඳහන් කළ දිල් නමැති තරුණිය මීනු තමන්ගේ නැගනිය යැයි හඳුන්වා දී තිබුණි. මේ සියල්ල සිදුවන්නේ පරිගණකයේ කී බෝඩ් එක පිටුපස සිටිමිනි. මීනුගේ කවිවලට කසුන් පෙම් බදින්නට පටන් ගන්නේ ඇගේ කවි කාලයක් පුරා රසවිඳීමෙන් පසුවය. ටික කලකින් මීනු නමින් කවි ලියනා හැබහින් දැක නොමැති කතා කර නොමැති මේ තරුණියට ඔහු ආදරය කරන්නට පටන් ගන්නේය. ඒ වනවිට මීනු කියා තිබූ ආකාරයට ඇය සිටියේ ඉතාලි රටේය. ඇය ඉතාලි රට පිළිබඳවත් කවි පළ කළේය. ඊ මේල් හරහා කසුන් සහ මීනු දෙදෙනා කතාබහ කරන්නට පටන් ගන්නේ මේ අතරවාරයේදීය. කසුන් තම ආදරය ඊ මේල් හරහා මීනුට ඉඳිරිපත් කරයි. නමුත් මීනු එම ආදරය ප්‍රතික්ෂේප කරන්නේ ඇය පිළිකා රෝගියෙකු බවත් ඇයගේ ජීවිතයේ ඇති අනියත බවත් කීමෙනි. එයින් කසුන් මහත් කම්පාවට පත් වෙයි. මේ අතර දිල් නමින් කවි පළකරනා මීනුගේ අක්කා යැයි හඳුන්වා දී ඇති දිල් කසුන්ට ඇය ආදරය කරන්නේ යැයි පවසයි. කසුන් එය ප්‍රතික්ෂේප කරන්නේ ඔහු ඇයගේ නැගණියට ආදරය කරන බව පැවසීමෙනි. මෙකී චරිත තුනේ කතාව සැබවින්ම ආරම්භ වන්නේ එකිනෙකාට තම ආදරය ප්‍රකාශ කිරීමේ තැන සිටය.
මේ අතර මීනු පිළිකා රෝගය ඇතිවීමට පෙරදී ගත් යැයි කියන ඇගේ ඡායාරූප කීපයක් ඕස්ට්‍රේලියාවේ සිටින කසුන්ට ඊ මේල් කරයි. එම ඡායාරූප දකිනා කසුන් තව තවත් මීනුට පෙම් බඳින්නට පටන් ගන්නේ එම ඡායාරූපවල සිටින මීනු නම් වු තරුණියගේ රූමත් බව දැකීම නිසාය. ඉතාලියේ ජිවත්ව සිටිනවායැයි කියූ මීනු ලංකාවට පැමිණෙන්නේ මේ අතරවාරයේදීය. දිල් නමැති ඇයගේ සහෝදරිය ජීවත් වී සිටින්නේ ලංකාවේ තම මව්පියන් සමඟ යැයිද මීනු මුලදීම කසුන්ව දැනුවත් කර තිබුණි. ලංකාවට පැමිණෙන මීනු ඩයලොග් නම්බර් එකක් කසුන්ට ලබා දෙන්නේ එයට කතා කිරීමටය. කසුන් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ සිටින මීනුට කතාබහ කිරීමට පටන් ගන්නේය. පිළිකා රෝගය නිසා කසුන්ගේ ආදරය බාරගැනීමට නොහැකි යැයි කියූ මීනු නමැති තරුණිය ලංකාවට පැමිණි පසු කසුන්ගේ ආදරය බාරගනී.
දෙදෙනා දුරකතනය ඔස්සේ ආදරය කිරීමට පටන් ගනී. එසේම දෙදෙනා විසින් බ්ලොග් අඩවි නිර්මාණය කර ඒවා ඔස්සේ ආදරය වෑහුන කවි පදවැල් එළි දැක්වීමට පටන් ගන්නේය. දැන් දෙදෙනා සිටින්නේ පිවිතුරු ආදරය විඳිමිනි. මීනුගේ අක්කා වන දිල් ද කසුන්ගේ හා මීනුගේ ආදර සම්බන්ධතාවය අතරට පැමිණෙන්නේ ක්‍රම ක්‍රමයෙනි. තමන් ආදරය කරන මීනුගේ කටහඩ පමණක් අසා ඇති කසුන්ට ඇය දැක ගැනීමට බලවත් උවමනාවක් ඇති වෙයි. තාක්ෂණය දියුණුය. නොයෙක් ක්‍රම හරහා වෙනත් රටවල සිටිනා අයට එකිනෙකා දැකබලාගැනීමට හැකිය. ස්කයිප් හරහා මීනුව දැකබලාගැනීමට කසුන්ට උවමනා වෙයි. නමුත් මීනු පවසා සිටියේ තමන් පිළිකා රෝගය නිසා බොහෝමත් විඩාබරව සිටින නිසාත් ඇයගේ රූපය ඔහුට එවූ ඡායාරූපවල මෙන් නොවන බවත්ය. එසේ වුවත් තමන් ආදරය කරන්නේ රුවට නොවන බවත් එම නිසා ඇයගේ දැන් පෙනුම කිසිසේත්ම තමන්ට අදාළ නොවන බවත් කසුන් තරයේ කියා සිටියේය. නමුත් කසුන්ගේ අදහසට අකමැතිවන මීනු කියා සිටියේ තමන්ගේ හිස කෙස් සියල්ල පිළිකා රෝගකාරකය නිසා හැලී ගොස් ඇති නිසා තමන්ට එම අයුරින් කසුන් ඉදිරියට පැමිණෙන්නට නොහැකි බවයි. පිළිකා රෝගය සෑදී අසාධ්‍යව සිටින සිටින තම පෙම්වතියට දැක්වූ තදබල ආදරය නිසාවෙන් කසුන් මීනුගේ අදහසට විරුද්ධව කිසිවක් කීවේ නැත. මේ අතරවාරයේ දිල්ද කසුන්ට කතා කිරීමට පටන් ගත් අතර ඒ තම නැගණියගේ රෝගී තත්වය පිළිබඳ වැඩි විස්තර කීමටය.
මීනු නිරන්තරයෙන් අසනීප වන්නටද විය. තම මව්පියන් අධ්‍යාපන කටයුතු සඳහා එවන මුදල පමණක් කසුන්ට හිමිවී තිබුණ නිසා ඔහු අත වැඩිපුර මුදල් ගැවසුනේ නැත. නමුත් පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට හැකි ආකාරයෙන් උපකාර කිරීමට ඔහුට අවශ්‍ය වූ නිසා කසුන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල්වල සහ කැෆේවල පුංචි පුංචි රැකියා කිරීමට පටන් ගත්තේය. එසේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ඔහු වියදම් කළේ මීනුටය. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ ජීවත් වන මීනුට මුදල් එවීමට ඔහුට මීනුගේ බැංකු ගිණුම් අවශ්‍ය වුවද මීනු ඔහුට ලබා දුන්නේ තම සහෝදරියගේ බැංකු ගිණුමයි. එය එසේ කිරීමට හේතුව වශයෙන් ඇය කසුන්ට දැක්වූයේ තමන්ගේ හිසකෙස් සියල්ල හැලී ගොස් ඇති නිසාත් නිරන්තරයෙන් නිවස තුළත් රෝහලේත් කල් ගතකරන බැවින් බැංකුවට යාමට තරම් වේලාවක් හෝ ශාරීරික ශක්තියක් ඇයට නැති බවයි. මීනුගේ ජංගම දුරකතන බිල් මෙන්ම ඇයට අවශ්‍ය ප්‍රතිකාර සඳහාත් කසුන් විය පැහැදම් කළේ ඕස්ට්‍රේලියාවේ දුක්විඳ උපයාගත් මුදල් ය. වසර තුනක් ඔහුගේත් මීනුගේත් ප්‍රේමය ගලා ගියේය. එහෙත් මේ වසර තුන තුළදී එකවරක්වත් ඔහු මීනුව හැබහින් දැක තිබුණේ නැත. කෙටි නිවාඩුවලදී කසුන් ලංකාවට පැමිණි නිතරම වාගේ මීනු සිටියේ රෝගාතුර වී ඇයගේ නිවස තුළය. නැත්නම් රෝහල තුළය. බලෙන් හෝ ඇයව බැලීමට උත්සාහගත් සෑම මොහොතකදීම මීනු ඔහු හා ගැටුම් ඇතිකරගත්තාය. ඇයගේ තර්කය වූයේ හිසකෙස් හැළී ගිය, කෘෂ වූ තමාව දැකීමෙන් පසු කසුන්ට තමාව එපා වේ යැයි කියාය. මේ අතරවාරයේ රෝගය උත්සන්න වී මීනු දකුණු අප්‍රිකාවට යන්නේ එහි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමටය.

දිල් , කසුන් සහ තවත් කොල්ලෙකු අතර සිදු වූ personal massages කිහිපයක්.පෞද්ගලිකත්වය රැකීමේ අරමුණින් සිරා විසින් සමහර නම් සංස්කරණය කරන ලදී. 

Quote:
Originally Posted by k*****
manussayekuta prasiddiye samawa illannath godak loku dignity ekak tiyenne one.

eka nisa mage aulak na,eth machan ubala oya hitana jathuiya manussayek neme mama.

be brave and be strong
TC
Quote:
Originally Posted by DiLakshika
Tawa ekak,

oya monada Kasunge hati dannawa kiyanne?
oya dannawada kasun kiyanne kauda kiyala?
e manussaya manussayek neme Devikenek brother...

mage nanga minuta tiyenne Cnacer ekak. a welath minuta panawage adare kala madiwata eyawa badinnath yanawa......a wage manussayekuta baninna epa deiyane..................pllllllllllzzzzzzzzzzzzz: (

(
Quote:
Originally Posted by DiLakshika
ow...doly tama

eya mage nanga...plz
thanks oya comment eka delete kalata

i wanted to do it coz of not me
becoz of K****`s happiness

Thanks brother
Quote:
Originally Posted by DiLakshika

mama oya gana waradiyata dakinawa neme. joke wala unath seemawak tiyenna onene. anith ayage hita riddala karana joke ekakin aoita labena satuta monawada ? mata nam katawath ehema karanna ba.....eka hitanna.. .....mama oyawa yaluwek karagannam....


thanks mata karapu help ekata. nanga gana kassagen ahanna yanna epa. kassa oyata monawa hari kiwwoth eka mama balagannam.

doly me dawaswala lankawe na. eya S/Africa we under treatments.....mama lankawe taniyama ekai kassa ma gana concern karanne.
මෙයින් බොහෝ සේ දුක්වන කසුන් ඇයට අවශ්‍ය කරන මුදල් ඇය ලබාදුන් බැංකු ගිණුමට බැර කරයි. දකුණු අප්‍රිකාවට ගිය මීනු ඩයලොග් අංකයකින් කසුන්ට කතා කරන්නේ තමාගේ අංකයට රෝමිං පහසුකම ඇති බව පවසමිනි.
පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතිය වෙනුවෙන් කසුන් නොකළ දෙයක් නැත. ඕස්ට්‍රේලියාවේ ඇති පන්සල්වලට ගොස් ඔහු බුදුන්ගෙන් තම පෙම්වතිය බේරා දෙන ලෙස ඉල්ලුවේය. මිනු කැමති සියල්ලම ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවත එව්වේය. රෝගීව සිටින මීනු හේතු සාධක නොමැතිව කසුන් සමඟ නිතරම ගැටුම් ඇති කර ගත් අතර එම ගැටුම් අවස්තාවලදී ඉතා අසභ්‍ය ලෙසින් කසුන්ට බැණ වැදුනේය. කසුන් වෙනත් තරුණියන් සමඟද සම්බන්ධතා ඇතැයි කසුන්ව සැක කළාය. මෙයින් දිනෙන් දිනම කසුන්ගේ යහපත් මානසික මට්ටම පහත වැටුනේය. ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා මගහැරුණේය. තවත් විටෙක මීනු කසුන්ට පවසා සිටියේ තමන් වැඩිකල් ජීවත් නොවන බවත් එම නිසා තම අක්කා සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගන්නා ලෙසයි. එයත කසුන් දැඩි ලෙස තම අකමැත්ත ප්‍රකාශ කළ දින සිට මෙම ගැටළුව උග්‍ර විය. මීනුට අවශ්‍යව තිබුණේ තම සහෝදරියව තම පෙම්වතාට බාර දීමටය. ඒ ඇය වැඩිකල් ජීවත් නොවන බව ඇය දැන සිටි බැවිනි. මෙය ඉතා ගැටළුකාරී තත්වයක් වූ නිසාත් මීනු ඉතාම ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන් ගත් නිසාත් එයින් අසරණ වූ කසුන් තීරණය කළේ මෙම ආදර සම්බන්ධතාවට කෙටි විරාමයක් ලබා දීමටය. එසේ ඔහු තීරණය කිරීමට මූලිකම හේතුව වූයේ පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට තව තවත් මානසික අර්බුධ ලබා නොදිය යුතු නිසාය.
මීනුගෙන් තාවකාලිකව අයින්ව සිටි කසුන් එයින් ලැබුවේද මහත් වේදනාවකි. උදාවන්නේ 2012 වසරයි. වසර තුනක ප්‍රේම සම්බන්ධතාවට කෙටි විරාමයක් දුන් කසුන්ට කෙටි කලකින්ම දැනගැනීමට හැකිවන්නේ මීනු පිළිකා රෝගයෙන් මියගිය පුවතයි. මුළු ලෝකයම ඔහු පාමුළ කඩාවැටී සුණු විසුණුව යන අතර ඇයගේ මළගමට කෙසේ හෝ සහභාගීවීමට ඔහුට අවශ්‍ය වෙයි. නමුත් වසර තුනක් ප්‍රේම කළද මීනු ස්ථිර ලිපිනයක්ද ඔහුට දී තිබුණේ නැත. ලංකාවේ සිටි අනෙකුත් මිතුරන්ද මීනු දැක තිබුණේත් කිසිඳු විස්තරයක් දැන සිටියේත් නැත. දිල්ට කතා කිරීමට ගත් උත්සාහයද අසාර්ථක වූයේ ඇයගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ නිසාය. බෙහෙවින්ම අසරණ වන කසුන් සිය දිවි නසාගැනීමට අතෙත් කරයි. නමුත් ඔහුගේ යාළු මිත්‍රයන් විසින් ඔහුව බේරාගනී. ඔහු වෙනුවෙන් කිරීමට හැකි දාන දීම හා බණක් කියවීම ඔහු ඕස්ට්‍රේලියාවේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිදුකරවා ගනී. මේ අතර වෙබ් පිටුවේ කවි නිර්මාණ පළ කළ අනෙකුත් තරුණ තරුණියන් එකතුව මීනු කසුන්ට පෙර කලකදී එවා තිබූ ඡායාරූපයක් ගෙන එහි නිවන් සුව අත්වේවා යනුවෙන් සටහන් කළ මරණ දැන්වීමක්ද නිර්මාණය කරයි. 




07-24-2012 elakiri

තම පෙම්වතිය අහිමි වීමෙන් මානසිකව ඇද වැටෙන කසුන්ගේ අධ්‍යාපන කටයුතුද බිඳවැටෙයි. මේ කතාව අවසන් වන්නේ මෙතැනින් නොවේ.
කතාවේ අවසානය ආරම්භ වන්නේ දිල් නමැති තරුණිය ලංකාවේ ජීවත්වන කසුන්ගේ මව්පියන් මුණ ගැසීමට ඔවුන්ගේ නිවස කරා යාමත් සමඟමය. කිසිවෙකුත් මෙතෙක් දැක නොමැති දිල් නමැති චරිතය ප්‍රථමයෙන්ම දැක බලාගැනීමේ අවස්ථාව හිමිවන්නේ කසුන්ගේ මව්පියන්ටය. එම අවස්ථාවෙන් පසු අද වෙනතුරු ඇයව කව්රුවත් දැක නැත. කසුන්ගේ නිවසට පැමිණි දිල් පවසා ඇත්තේ මීනු නම් වූ තම නැගණිය පිළිකාවකින් මිය ගිය බවත් ඇය හා කසුන් එකිනෙකාට ආදරය කළ බවත් ය. එසේම තම නැගණියගේ අවසාන කැමැත්ත වූයේ තමන් කසුන් සමඟ එකතු වීම බවත් ය. මෙම කතාවෙන් ඉතාම විශ්මයට පත්වූ කසුන්ගේ මව්පියන් කසුන්ට දන්වා සිටියේ පිරිමියෙක් වැනි ගැහැනියක් නිවසට කඩා වැදී පවසා සිටි කතාවේ සත්‍ය අසත්‍යතාවයය. තමන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශගතකළ තම පුතු අතිරේක රැකියාවල් කරමින් පිළිකා රෝගයක් සෑදී තිබූ කිසිම දවසක දැක නැති තරුණියකට වියදම් කළේ යැයි ඔවුන් දන්නේ නැත.
මීනු පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීමට තැත් කළද එය අපොහොසත් වීම නිසා ඇය වෙනුවෙන් හැකිතාක් දුරට ඕස්ට්‍රේලියාවේ පින් දහම් කිරීමට ඔහු උත්සාහ කළේය. වැඩිපුර වේලාවක් පන්සලේ ගතකළ ඔහුගේ අරමුණ වූයේ මහණ වීමටය.
නවකතා පොත්වල ලියැවී ඇති අවසානය දුක්බර වූ රොමෑන්ටික ආදර කතා කෙතෙක් නම් අප කියවා ඇතිද? හින්දි චිත්‍රපටියක් බලනවිට අප ඇඟිලි ගනින්නේ පෙම්වතාත් පෙම්වතියත් ඔවුන්ගේ ආදර කතාව ජය ගන්නා තුරුය. පෙම්වතිය පෙම්වතා හුදකලා කර මියැදෙන විට එය සත්‍ය කතාවක් නොවුවද අප දෙඇසේ කඳුළු සඟවා බලා සිටින්නේ මිනිසුන් ලෙසින් මානුෂීය සඹන්ධකම් කෙරෙහි අප තුළ ඇති සංවේදීකම නිසාය. මෙය සත්‍ය කතාවකි. පෙම්වතා ඉඳිරියේම පෙම්වතිය පිළිකාවෙන් මියයයි. කිසිම දිනක හැබහින් දැක නැති තරුණියකට බෙහෙවින්ම ආදරය කර ඇය වෙනුවෙන් හැකි සියල්ල කළ පෙම්වතෙකුගේ කතාවයි.
නමුත් මෙහි අවසානය මදක් වෙනස් ය. එය එසේ වන්නේ ඇයි දැයි මම ඔබට කියන්නම්. 2012 වසරේදී මීනු මියගිය පසු එම දුකින් ජීවිතය කළකිරී ඕස්ට්‍රේලියාවේ සිටි කසුන්ට දිනක් යහළුවෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. එයින් කියැවුණේ ඔහුට මීනු ඇයගේ කියා එවා තිබූ තරුණියගේ රුව ඇති තරුණියක් ෆේස්බුක් හි සිටිනා බවත් එම තරුණිය තවම ජීවත්ව සිටිනා බවත්ය. එයින් කසුන් මහත් විශ්මයට පත්වෙයි. පසුව ඔහු එම තොරතුර හරහා වඩාත් විස්තර සෙවීමට පටන් ගත්තේය. මීනු තමන්වෙත එවා තිබුනේ වෙනත් තරුණියකගේ සොරා ගත් ඡායාරූප බවත් ඔහු සොයා ගනී. තවත් තොරතුරු හඹා යෑමේදී ඔහුට දැන ගැනිමට හැකිවන්නේ දකුණු අප්‍රිකාවේ සිට ඩයලොග් රෝමිං ඇතැයි ඩයලොග් දුරකතන අංකයකින් කතාකළ මීනුගේ එම අංකය කිසිඳු දින ලංකාවෙන් පිටත භාවිතා වී නැති බවත්ය. ඔහු වඩාත් කම්පා වන්නේ තමන් මෙතෙක් කල් ආදරය කර ඇත්තේ සහ කතාබහ කර ඇත්තේ මීනු නමින් චරිතයක් මවා පෑ දිල් නමැති තරුණිය සමඟ බව සොයා ගැනීමෙන් අනතුරුවය. ඔහු මුදල් එවා ඇත්තේද එම මුදල් ලබාගෙන ඇත්තේද දිල් නමැති තරුණියයි. වසර තුනක් නොදුටු තරුණියකට ආදරය කළ ඔහු තමන් වසර තුනක් පුරාවටම තරුණියකගේ උගුලකට රැවටුනු බව සොයාගත් පසු ඔහුගේ මුළු ලෝකයම උඩුයටිකුරු විය.
දිල් නමැති තරුණිය බ්ලොග් අඩවියක් හරහා මීනු නමින් වෙනත් චරිතයක් මවා පා ඇති අතර මේ සියල්ල කීබෝඩ් එකක් පිටුපස සිටිමින් ඇය විසින් සිදුකරන ලද රංගනයකි. එම රංගනයට මුළා වූ කසුන් ඔහු ඉපයූ සියළු මුදල් මනඃකල්පිත තරුණියකට ප්‍රේම කරමින් වියදම් කර ඇත. දිල් නමැති තරුණිය කසුන්ගෙන් පමණක් නොව වෙනත් තරුණයන්ගෙන්ද වෙනත් ආකාරයේ නාටක රඟ දක්වමින් මුදල් ලබාගෙන ඇත. අදටත් තමන් ආදරය කළ මීනු නමැති චරිතය දිල් විසින් නිර්මාණය කළ මනඃකල්පිත චරිතයක් බව පිළිගන්නට කසුන්ගේ හිත ශක්තිමත් නැත. වසර තුනක් පුරා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි එම මනඃකල්පිත චරිතයට කළ ආදරය කොතරම්දැයි දන්නේ කසුන් පමණි. ඇය වෙනුවෙන් වියදම් කළ මුදල් කන්දරාව දන්නේ ඔහුම පමණි. දිල් නමැති තරුණිය ඇය විසින් නිර්මාණය කළ මීනු නමැති චරිතයද සමඟින් පරිගණක දත්ත අතරින් අතුරුදහන් විය.
කසුන් අදටත් ජීවත් වන්නේ වික්ෂිප්තවය.
කතාව මෙතැනින් අවසන් වන්නේද නැත. මේ 2013 වසරයි. දිල් නමැති තරුණිය කිරිල්ලියකගේ නමින් වෙනත් බ්ලොගයක් නිර්මාණය කරගෙන මනඃකල්පිත කතාවක් ගොඩනඟමින් පවතී.මේ මොහොත වන විටත් ඇය විසින් මවාපානා ඇයගේ ජීවිත කතන්දරය කියවා ඇය පිළිබඳ අනුකම්පාවක් සෙනෙහසක් ඇතිකරගත් තරුණයන් බොහෝ ප්‍රමාණයක් ඇයගේ බ්ලොග් පිටු අතර දක්නට ලැබෙයි. මේ ගතවන මොහොතේදී කව්රුන් හෝ දිල් විසින් නිර්මාණය කර දී ඇති මනඃකල්පිත චරිතයකට ආදරය කරමින් සිටිනවා විය හැකිය. අප දන්නා සමාජයේ අප නොදත් කළුවර තැන් බොහොමයක් මෙසේ තිබෙන බවත් එම කළුවර අතර බොහෝ දේ සිදුවෙමින් පවතිනා බවත් ඔබ දැනගත යුතුය.

රමේෂා සිරිවර්ධන

ලකෆ්‍රෑන්ස්ට පැමිණි ලිපිය කිසිඳු සංස්කරණයකින් තොරව එළෙසම පළ කර ඇත. මෙම ලිපිය පිළිබඳ සම්පූර්ණ ගෞරවය එම ලිපියේ හිමිකාරීත්වය දරණ පුද්ගලයන් සතු විය යුතුය. 
ලකෆ්‍රෑන්ස් කළේ එය ප්‍රචාරය කිරීම පමණකි.


ඉතින් සිරාට කියන්න තියෙන්නේ මේ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා විතරයි.මේ හැම දේම කිසිම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ ආයතනයකට හානි වන ලෙස ඉදිරිපත් නොකළ අතර හුදෙක් අන්‍යන් ගේ දැනගැනීම උදෙසා පල කලෙමි.

දිනපොත

Monday, October 21, 2013

බැදපු දාට




එදා ඉන්දන් මගේ වෙලා මා සැනසූ අත
ටික දිනකින් සමු ගන්නා බව කීවා සිත
අනේ මගේ අතවී සැනසිය නුඹ මගෙ සිත
කවදාවත් මම අමතක නොකරමි මගෙ අත 


ගෙදර තනිකමේ වෙලමින් මා සිටිනා විට
ඇඟ ඇතුලේ අමුතුම සිතිවිලි තෙරපෙන විට
උඩ සිට පහලට ගොස් එලියට ගෙන මාගේ ඇ*
මාත් එක්ක සැනසුනු ඔබ අමතක නෑ මට

හොඳ හොඳ කෙල්ලන් පාරේ ඉන්නා දුටු සඳ
බස් රථයේ වුණුදේවල් සිහියට එන සඳ
දුරකතනෙන් පරිගණකෙන් වැ*ක් බැලූ සඳ
ඒ සිතිවිලි ගත්තා එලියට මාගෙන් ඇද

මිතුරන් අතරේ ෆන් එක ගන්නා සැම විට
ඔබ සමඟින් කළ සෙල්ලම් කීවා රසකොට
කොටට තිබුනු එක අරගෙන දීලා දික්කොට
මගේ ලඟින් උන් ඔබ තාමත් සිහිවේ මට

අද හෙට මා ඔබගෙන් සමුගත්තත් හිතවත
සදහටනම් කවදාවත් ඔබ හැර යන්නැත
ඉඳසිට හෝ ඔබත් සමග එක්වී මගෙ අත
සැනසෙන්නම් පෙරදාමෙන් සිහිකර කොලු සිත 

Sunday, October 13, 2013

දැන් කාලේ කෙල්ලො කැමැති කොයි වගේ කොල්ලන්ට ද?



පුස්වැල් කෙතරම් හයිය වුණත් අගමුල නැති වැල් කෙතරම් දුර්වල වුණත් ඒ දෙකම බලන්නේ ගස්වල එතෙන්න. ඒ වගේම තමන් කරන වෘත්තිය කෙතරම් ප්‍රබල වුවත් වෘත්තිය පෞරුෂය කෙතරම් තිබුණත් ආදරයේ දී තරුණියන්ගේ සිත් බොහෝ විට වැල් වගේ. කාලයක් තිස්සේ සම්ප්‍රදායක් ලෙස එන නිසාදෝ සියයට සියයක්ම පෙම්වතියන් සොයන්නේ තමන්ට වඩා ඩිංගක් හරි උස පිරිමින්වයි. පීතෘ මූලික සමාජයේ පිරිමියා උසස් යැයි සම්මතයක් තිබීම එයට හේතුව ද? නැතහොත් ඇමසන් යෝධියන් ආදීන්ගේ මාතෘ මූලික සමාජ විනාශ වී යාම නිසා ක්‍රමිකව විකාශනය වී ජානගත වූ හැඟීමක් දැයි එයට පිළිතුරු සොයා ගත යුතුව තිබෙනවා. 

අපේ සමීක්ෂණයට අනුව අඩුම තරමින් අඩි 5 අඟල් 6 ක්වත් නැත්නම් අද තරුණයකුට තරුණියකගේ හිත දිනා ගැනීමට තරමක් අපහසුයි. තරුණියන්ගෙන් සියයට සියයක්ම තමන්ට වඩා උස පිරිමියකු පතන අතර ඉන් සියයට 10 ක් අඩි 6 ටත් වඩා උස පෙම්වතෙකුගේ සුරතේ වෙලි යාමට ප්‍රිය කරනවා. ගණකාධිකාරීවරියන්, නීතිඥවරියන්, ක්‍රීඩිකාවන්ගේ හිත ගන්න නම් තරුණයන්ට සෑහෙන්න ‘බාර් එක්සර්සයිස්’ කරන්න වෙයි කියලයි හිතෙන්නේ. 

තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගේ ජෝඩු ඕන තරම් පාරේ දැක්කට අපේ සමීක්ෂණයේදී බොහෝ කුමරියන් පතන්නේ කළුකුමාරයන් නොවේ කියලත් අනාවරණය වුණා. හුඟක් අය ‘පිරිමි පාට’ කියා හැඳින්වූයේ තලෙළු පාටට. සුදුම තරුණයකු විය යුතුයි කියන මතයට බොහෝ ඇඟලුම් සේවිකාවන් වගේ ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් එකඟ වුණා. සියයට 20 ක් විතර තරුණියන්ට නම් පාට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් තලෙළු අයට නම් ඉල්ලුම බොහොම වැඩියි. ඒ සියයට 80 ක්. 

සමහර තරුණයෝ ඇඟ හදාගන්න කියල ජිම් ගියාට තරුණියන් ගෙන් සියයට අනූපහක්ම කැමැති සාමාන්‍ය සිරුරු සහිත තරුණයන්ට. ඒකට නම් රැකියා භේදයක් ඇත්තෙම නැහැ. ඉතිරි සියයට පහ වුණත් ඕනවට වඩා මාංශ පේශි උළුප්පගෙන ඉන්න කොල්ලො ගැන කතා කළේ පිඹුරන් වගේ වෙන්න බෑ කියලයි. 

වෙනසක් කරන්න කියලා කොණ්ඩේ වැව්වට තට්ටේ ගෑවට ආකර්ෂණය ඇති වෙන්නේ නෑ කියන්න හොඳම සාධකය තමයි සියයට අනූවක් දෙනා පිළිවෙළට කොණ්ඩේ කපලා ඉන්න තරුණයන් ගැන හීන මැවීම. ‘පොලිස් කට්’ කපන අයටත් සියයට දහයක් විතර කැමැතියි. ඒ ඇඟලුම් ක්ෂේත්‍රයේ තරුණියන් ගෙන් සමහරුයි. විශේෂය තිබෙන්නේ සමහර නීතිඥවරියන් ඉඳහිට කොණ්ඩෙ වවනවාටත් කැමැති වීමයි. ඒත් සියයට පහයි. 

සියයට හැත්තෑවක්ම තරුණියන් රැවුල හොඳට කපලා පිළිවෙළට ඉන්න තරුණයන්ට තමයි කැමැති. 

හැබැයි සමහර නිළියන් චූටි කටු රැවුළක් තිබෙනවටත් කැමැති වුණා. පොන්ටින් කට් එක වගේ පොඩි රැවුල් මෝස්තරයක් ඉවස ගන්න නීතිඥවරියන්, ගණකාධිකාරිවරියන්, ගුරුවරියන් සමහරවිට කැමැතියි. ඒත් රැවුළ වැව්වාම නම් වයසක පාටයි කියලා තමයි බොහෝ තරුණියන් හිතන්නේ. 

ඔය විදිහට පෙනුම බලලා තෝරගන්න පෙම්වතාට ස්ථිර රැකියාවක් තිබෙන්නට ඕන කියන එක නම් සියයට 80 ක්ම අනුමත කළා. සමහරුන්ට එය පෞද්ගලික අංශයේ වුණත් කමක් නෑ. ඒත් සමහර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් වගේම නිළියනුත් රජයේ රැකියාවක් කරනවට කැමැතියි. 

සමහර නීතිඥවරියන් සහ ඇඟලුම් සේවිකාවන් ව්‍යාපාරිකයන්ට කැමැතියි. ඒත් ගුරුවරියන් ගෙන් සමහරුන් කීවේ මාධ්‍ය, ගුරු, නීතිඥ වැනි වෘත්තිකයන්ට අකමැති බවයි. ගණකාධිකාරිවරියන් බොහෝ දෙනකු තමන් වගේම ගණිත ශාස්ත්‍රයට නැඹුරු වෘත්තීන්වල යෙදෙන්නන් ගැන උනන්දුයි. ඒත් රජයේ රැකියාවල කිසිම නිදහසක් නෑ කියලා මතයක් ඇඟලුම් සේවිකාවන් අතර තිබෙනවා. 

රැකියාව වගේම වාහනයකුත් තරුණයකුට තිබීම ගෑනු ළමයින්ගේ හිත ගන්න හේතුවක් ද? ඔව්. සියයට 70 ක් අයට වාහනයක් ඕනමයි. සියයට තිහකට විතර එහෙම නොතිබ්බා ය කියලා හිත වෙනස් වෙන්නෙ නෑ. ඒත් ඉහළ තනතුරු දරන අය ඔහුටත් ඒ මට්ටම පැවැතිය යුතු බව සිතනවා. සමහරු වාහන එපා කියන්නේ තමන්ට වාහනයක් තිබෙන නිසා. ඒත් ගුරුවරියන් නිළියන්, සාමාන්‍ය යතුරුපැදිවලටත්, ක්‍රීඩිකාවන් හා ඇඟලුම් සේවිකාවන් ට්‍රේලර් බයිසිකල්වලටත් කැමැති බව පැහැදිලියි. ත්‍රීරෝද රථයක් හරි තිබීම ඇඟලුම් සේවිකාවකගේ හිත දිනා ගැනීමට ඉතාම වැදගත්. 

වාහනේ ගිහින් නතර කරන්න නිවෙසක් තිබිය යුතුයි ද? අපේ ඊළඟ කුතුහලය වුණේ එයයි. නිවසක් එපා කියා නම් කිසිවකුත් නොකීවාට ඕනැමයි කියා කීවේ සියයට 30 යි. ඇඟලුම් ක්ෂේත්‍රයේ තරුණියන් එයට හේතුව ලෙස කීවේ නිවෙසක් අලුතින් තැනීමට ගියහොත් කල්ගත වන බවයි. නීතිඥවරියන් ගෙන් ඇතැමෙකුගේ මතය වූයේ නිවෙසක් අලුතින් තැනීම කාලය අපතේ යැවීමක් බවයි. තමන් කැමැති අයුරින් නිවසක් තනා ගැනීම අනෙක් බහුතරයගේ ආශාවයි. 

ගේදොර යාන වාහන තිබුණු පලියට කාගේ වුණත් ගතිගුණ හොඳ වෙන්නේ නෑ. හැදියාවක් තිබෙන පවුල් පසුබිමකින් පැවත එන අයට හොඳ පෞරුෂයක් හිමි වෙනවා කියලා සැම දෙනාම පාහේ විශ්වාස කරනවා. බහුතරයක් ඒ කියන්නේ සියයට 70 ක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පවුලට ගැළපෙන සමාජ තත්ත්වයක්. සියයට 60 ක් හොඳ කියන සීමාවේ නතර වෙනවා. 

තමන්ට වඩා උසස් පවුල් පසුබිමක් තිබිය යුතුයි කියා හිතන්නේ සියයට දහයයි. පවුල් පසුබිම කුමක් වුවත් පුද්ගලයා හොඳ නම් ආදරය කරන්න තීරණය කළේ සියයට 10 යි. 

ඒ වගේම කුලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ කියලා සියයට පනහක් කීවාට ඒ අයගෙනුත් සමහරුන්ගේ මවුපියන් ඒ සාධකය සලකයි කියු නිසා කුල සාධකය මේ අයගෙන් සියයට 70 කට බලපානවා. 

වැදගත් කුලවත් පරපුරකට අයිති නම් ඒ තරුණයා ගමේ ද නගරෙ ද කියන එකවත් හොඳම පාසලක ආදි ශිෂ්‍යයෙක් ද කියන එකවත් ලොකු ගැටලුවක් නෙවෙයි. 

ඒත් ලේකම්වරියන් බොහෝ විට නාගරික තරුණයන්ට ප්‍රිය කරන බව තමයි සමීක්ෂණයෙන් හෙළි වන්නේ. ඒත් නීතිඥවරියන් අතරින් සමහරු කීවේ ගමේ පාසලකට ගිය තරුණයකු ඕනවට වඩා තර්ක නොකරන නිසා තමන්ට ගැළපෙන බවයි. 

ඒත් ඉංග්‍රිසි ටික නම් දිව උලුක්කු නොවෙන්න කතා කරගන්න පුළුවන් වීම ඉතා වැදගත් කියා ඔවුන් සිතනවා. විශේෂයෙන් මාධ්‍යවේදිනියන්ගේ ද අදහස වුණේ ලෝකයේ ඕනෑම රටකදී තමන්ට අවශ්‍ය අයුරින් අදහස් ප්‍රකාශ කරගත හැකි පරිදි අන්තර්ජාතික භාෂාවක් හැසිරවීමට හැකි වීම තම අනාගත සැමියා සතු විය යුතු ලක්ෂණයක් බවයි. 

නිළියන් ගෙන් බහුතරයක් කීවේ තමන්ටත් අනුන්ටත් තේරෙන අයුරින් වැදගත් විදිහට කතා කරන්නට හැකි අයුරින් සිංහල ප්‍රගුණ කර තිබීම වඩා වැදගත් බවයි. 

ඒත් ඉංගිරිසි එපා යැයි කීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ. සියයට සියයක්ම සිංහල ඉංග්‍රීසි භාෂා අවශ්‍යයි කියන අතර දෙමළ භාෂාවත් පුළුවන් නම් හොඳ බව නිළියන් වගේම ක්‍රීඩිකාවන්ගෙන් සමහරු කීවා. 

වතුර වගේ ඉංග්‍රීසි කතා කළත් ඕනවට වඩා මෝස්තර දාන කොල්ලන් ගැන නම් කිසිම කෙල්ලක් උනන්දු වන පාටක් නෑ. තමන්ටත් මෝස්තර කරන්න ඕන නිසා පෙම්වතාටත් ඒ අවස්ථාව දෙන්නේ නීතිඥවරියන් ගෙන් කීපදෙනෙකුත් ඇඟලුම් ‍ක්ෂේත්‍රයේ කීපදෙනකුත් පමණයි. සියයට අසූපහක්ම තැනට, අවස්ථාවට ගැළපෙන මෝස්තරයක් කරනවාට විරුද්ධ නෑ. හැබැයි වැදගත් විදිහට. 

එහෙම ජැන්ඩියට ඇඳ පැලඳගෙන උත්සවේකට ගිහින් කබරයා වෙනකල් සුරාපානය කරන එකට සියයට සියයක්ම විරුද්ධ වුණේ වෛද්‍යවරියන් බහුතරයක් හා නිළියන්. දොස්තර නෝනාගේ මහත්තයා බීලා නැති වුණේ කියලා අහගන්න වෘත්තිය ගෞරවය ගැන හිතන කිසි කෙනෙක් කැමැති නැහැ. 

අනිත් ක්ෂේත්‍ර හැම එකකම පාහේ තරුණියන් කීවේ තමන්ගේ සීමාව තේරුම්ගෙන ඉඳහිට මද පමණින් සතුටක් ලබනවාට එරෙහි වීමත් මානුෂික නැහැ කියායි. 

කොතරම් කෑවත් බීවත් විරුද්ධ නොවන අය පවා උත්සවයකදී වෙන කෙල්ලක සමඟ තමන්ගේ කොල්ලා නර්තනයකට සහභාගි වෙනවට එතරම් සතුටු නැහැ. 

අනිත් අතට තමන්ගේ පෙම්වතා හොඳ සමාජශීලී කෙනෙක් වෙන්න ඕන කියලා හැම ක්ෂේත්‍රයකම තරුණියන් කීවාට ගණකාධිකාරිවරියන් වගේ ම වෛද්‍යවරියන් බහුතරයක් කැමැති සීමාවක් ඇතුව කතා කරන අයටයි. ගුරුවරියන්, නිළියන් වගේම ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන්නියන් සියලු දෙනා සමඟ එක විදිහට කතාබහ කරන තරුණයන් අගය කරනවා. ඒත් අපේ තරුණයන් දැනගත යුතු ප්‍රධානම කරුණ වන්නේ ඒ හැම කෙල්ලක්ම කැමැති තමන් සමඟ විශේෂයෙන් හිනාවෙලා කතා කරන තරමටම වෙන කෙල්ලන් සමඟ විහිළු තහළුවට නොයන කොල්ලන්ට පමණක් බවයි. 

(සමීක්ෂණයට ලක් වූ ක්ෂේත්‍ර - වෛද්‍ය, නීතිඥ, ගුරු, ගණකාධිකාරි, මාධ්‍ය, ක්‍රීඩා, ලේකම්, ඇඟලුම්, රංගන, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්)

Friday, October 11, 2013

ඔන්න කපල්

කපල් කිව්ව ගමන් මොකක්ද කට්ටියට හිතට ආවේ ?
හරි හරි ආපු එක හිතේම තියාගන්නකෝ. ඉතිං මේ කපල් ගත්තම කැටගරි ගොඩකට වෙන් කරන්න පුළුවන්නේ. පිරිමි-ගැහැණු, ගැහැණු-ගැහැණු, පිරිමි-පිරිමි, තවත් තියෙනවද මන්ද ! අර ගැහැණුපිරිමි-ගැහැණු වගේ.තේරුනාද මන්ද. හරි හරි කොහොම වුනත් ප්‍රධාන වශයෙන් ඕවනේ මේ දවස්වල ප්‍රසිද්ධ කපල් කැටගරීස්. ඕකෙන් අපි ගමු ගැහැණු-පිරිමි කපල් ගැන.



 

ඒ වර්ගයේ කපල්නම් ඉතිං හැම තැනම දැකල ඇතිනේ. ඉස්කෝලේ, බස් එකේ, කැම්පස් එකේ, හොටෙල් වල, පාරවල් වල,කැලෑ වල, මුහුදු වෙරළේ, යන ආදී වශයෙන් ගත්තම කපල් නැති තැනක් නැති තරම්නේ. ඔතනින් අපි බස් එක සිලෙක්ට් කරගමුකෝ.

කපල් වලින් කොල්ලා ගත්තම එතනත් සබ් කැටගරි හෙන ගොඩකට කඩන්න පුළුවන්නේ. කොහොම වුනත් කෙල්ලො නම් සබ් කැටගරි වලට කඩලා තේරුමක් නෑනේ,මොකද ලඳුන් කවදත් ලඳුන්නේ. ඒ අය කෙනෙක්ට කෙනෙක් අනිවාර්යෙන්ම වෙනස්. වෙනත් සාධක නොසලකා හැරලා පාලනය කරන ලද තත්ත්ව යටතේ උපරිම ට්‍රයි එකක් දීලා අපිට පුළුවන් වෙයි සමහරවිට ගැහැනුන් දෙන්නෙක්ව ආසන්න වශයෙන් සමාන කරගන්න.ඒකත් සීමිත කාලයකට පමණයි.

හරි දැන් මේ කොල්ලෝ ගැනනේ කියාගෙන ආවේ. ඉතිං මේ කපල් වල සමහර කොල්ලෝ හිතාගෙන ඉන්නේ උගේ කෙල්ල එක්ටැම් ගෙදරකතියන්න.



 

කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක හිනාවෙන්න බෑ. කතා කරන්න බෑ. ලඟින් යන්න බෑ. කෙල්ල දිහා වෙන කොල්ලෙක් බැලුවත් කෙල්ලට දෝසෙ. කොල්ලෝ නිතර ගැවසෙන දවස් හෝ ස්ථාන වලට යනකොට කෙල්ලට ලස්සනට ඇඳුමක් අඳින්නවත් දෙන්නේ නෑ. ඉතිං උගේ ලව මහප්‍රානෙන්ම කුඩා බඩවැලේ කෙලවරේ සිට නැගී එන්නක්.
එහෙම එකෙක් සෙට් වුනු කෙල්ල ඒ කොල්ලව වෙනස් කරලා හදාගන්නේ නැතුව කොල්ලගේ විදියට ඉන්න ගියොත් දෙයියන්ගේම පිහිටයි. කාටද ඔහොම ජීවත්වෙන්න පුළුවන් ? උගේ ආදරේ මහමෙරක් කියන්නේ මේකට තමා කියලා හිතාගෙන අරූවම පතාගෙන ඉන්න කෙල්ලොත් නැත්තේම නෙවෙයි. හැබැයි වැඩි කාලයක් එහෙම ඉන්නවද කියලනම් මම දන්නේ නෑ. මොකද කෙල්ලගේ වුනත් සීමාවක් තියෙනවනේ.

සමහර කොල්ලොනම් ඉතිං එහෙම මොකුත් නෑ කෙල්ලව යම් මට්ටමකට තියාගෙන ඉන්නවා.කාටවත් හානියක් නෑ.දෙන්නම දෙන්නගෙම යම් යම් නීතිවලට යටත්ව සතුටෙන් සාමයෙන් ඉන්නවා. නීති කියන්නේ ඉතිං මහා නීතිමත් නෙවෙයි හදිසියකට කඩාගන්න පුළුවන් නීති වගේ වෙන්නැති.

තව වර්ගයක් තියෙයි කොල්ලට කෙල්ල වෙන එකෙක් එක්ක පැනල ගියත් ගානක් නැති ගානට තමයි ඉන්නේ. දෙන්නා අතර තියෙන්නේ ප්‍රේමයකට වඩා මිතුදමක්ද කියලයි හිතෙන්නේ. දෙන්න අතර හැසිරීමත්, කතාවත් ලිමිට් එක පැනලද මන්ද. එකෙත් ඉතිං හොඳයි නරකයි දෙකම දකින්න පුළුවන්.
කොහොමවුනත් ඔය කැටගරි ගැන වැඩි විස්තර නැතුව ඔතනින් මම අර මුලින් කිව්ව එක්ටැම් ගෙදර තියාගෙන කෙල්ලව පරිස්සම් කරන කොලු වර්ගය සිලෙක්ට් කරගෙන ඉස්සරහට යමු.

බස් කපල් ගත්තම ඉතිං ආයෙත් එක එක කොටස් වලට කඩන්න පුළුවන්නේ. (අද මු කැටගරි බෙදනවා විතරයිද කොහෙද නෙහ් ?). අර අලියෙක්ව අන්ධයෝ අතපත ගාලා එක එක විධි වලට කිව්වලුනේ. ඒ වගේ බස් එකත්, ප්‍රේමයෙන් අන්ධ වෙලා නිසා එක එක කපල් වලට එක එක විධි වලට තමයි පේන්නේ.
සමහර කපල් වලට බස් එක ගමනක් යන්න තියෙන අනිත් මිනිස්සුත් යන හැමෝගෙම බස් එක වගේ, සමහර අයට ටොපියක් දෙකක් දාගෙන කිරි කර්මාන්තයත් කෙහෙල් කර්මාන්තයක් අතපත ගාගෙන ඉන්න පුළුවන් ෆිල්ම් හෝල් එකක බොක්ස් එකක් වගේ. සමහර අයටනම් මධුසමේ ඇඳ වගේ. සමහර අයට පවුලේ ඔක්කම රණ්ඩු ප්‍රශ්න විසඳන ගෙදර සාලේ හෝ කාමරේ වගේ. ඔහොම ඔහොම නානාප්‍රකාර විධි වල කපල්.

ඔව් ඔව් දැන් අවුල මොකක්ද බං අර ටොපි කතාව කියලනේ. ටොපිය ගැන නොදන්නා උන්ට ඒ ටොපි කලාව ගැන මුලින්ම කියලා ඉන්නම්.
ඉතිං මේක ඉස්සර හොරෙන් හොරෙන් හැංගිලා කරපු දැන් කාලේ ඉන්න සමහරක් බස් එකේම කරන එකක් තමා. ඒකත් අමුතු කලාවක් තමයි.කෙල්ලයි කොල්ලයි ටිකක් වෙලා මුකුළු කර කර ඉන්නවා. මෙන්න ටිකවෙලාවකින් මුන්ගේ ඔළු ගෙඩි මූට්ටු වෙලා. ටික වෙලාවක් එහෙම ඉඳලා ඔන්න දැන් දෙන්නත් එක්ක හිතින් මවාගන්නවා දෙන්නගේ මුණු මැද ටොපියක් තියෙයි කියලා. ඊළගට ඉක්මනට ටොපිය අයිතිකරගන්න වෙරදානවා. ඕක තමා කලාව. ඉතිං ඔහොම ටොපියක් බස් එකේ දෙන්නත් එක්ක දමාගෙන උරනකොට මට නිකං ඇහෙනවා ඇහෙනවා පොඩි එකෙක් කියනවා"කට කාපිය නයිට්රයිඩර් කට කාපිය" කියලා.

ඔහොම ඉතිං තනි ටොපියක් කටවල් මැද තියන් සූප්පු කරන උන් දෙන්නා දිහා ඔන්න ඉස්කෝලේ ඇරිලා යන පොඩි උන් හොරෙන් බලනවා. පොඩි උන් හරිම වෙට්ට පිත්තලයෝ තමයි. උන්ගේ මුණ, ඔලුව හැරවෙන්නේ වෙන දිහාවකට ඇස් තියෙන්නේ ටොපියට. දන්න ශිල්ප ඔක්කම දාලා සීන් එක බලාගන්න එකෙක්, අනිකට ඒක පෙන්වන්න ගන්නේ පුදුම ට්‍රයි එකක්. සමහර උන් කකුලෙන්, අතින්, අනිකට අනිනවා. සමහර උන් ඔළුවෙන්. හැබැයි අම්මලත් එක්ක යන උන්ට නෝ චාන්ස්. අම්මලා "චික් විතරක්" කියලා ළමයාගේ ඇස් අතින් වහලා අනිත් පැත්තේ සීට් අල්ලගන්නවා. නැත්නම් ඉස්සරහට හෝ පස්සට යනවා. සමහර ළමයි ඔය මොකුත් නෑ. ගෙදර කවුරුවත් එන්නේ නෑ කියලා බුදු ශුවර් පිට නිදහසේ අධ්‍යාපන චිත්තර පටියක් බලනවා වගේ ඔහේ බලාගෙන ඉන්නවා. ආයේ හැංගිලි නෑ වංචා නෑ හොර බොරු නෑ.

කිරි කර්මාන්තපුරය හා කෙසෙල් කර්මාන්තය ගැන නම් කවුරුත් දන්නවනේ. ඒවා දැන් කාලේ බස් ඒකෙ වෙනවා කියලත් දන්නවනේ. ඔය ඉතිං කොළඹ පරණ පාර දුර ගමන් බස්වල වගේ නෙවෙයි කඩුවෙල කොල්ලුපිටිය 177 බස්වලනම් ගියොත් ටිකක් හයිෆයි ලවර්ස්ලා කියලා හිතන් ඉන්න මහා ගොබ්බ කපල් ඔහොම දමාගෙන ටොපි උරනවා දකින්න පුළුවන්.හැම එවුන්ම නෙවෙයි. ඒකත් 177 ලේලන්ඩ් බස් එකට වඩා එයාලගේ රැඟිලි ඒසී එකක තමා තියෙන්නේ. හීතලට වෙන්ට. දැන් එහෙම කිව්ව කියලා 177 බස් වල යන හැම කපල් එක දිහාම ඔය කෝනෙන් බලනවා එහෙම නෙවෙයි.
කොහොමහරි මම මේ කියන්න ආවේ ඕකක් නෙවෙයි. ඔන්න ඉතිං මම බස් එකේ යනවලු. මම යන්නේ දුර ගමන් බස් එකක කඩුවෙල බලා. යනකොට යනකොට වරදක් නෑ ඉතිං ඩ්‍රයිවර් හොඳට පැදගෙන යනවා බස් එක. එදා ඉතිං සීට් සෙට්වුනේ නෑ.මම කොල්ලා හිටගෙන. මම හිටගෙන ඉන්නතැනට දකුණට වෙන්න තියෙන සීට් එකේ ලාබාල පෙනුම තියෙන කපල් එකක් යනවා. ඒ කිව්වේ මගේ කෙලින් තියෙන සීට් එකට පිටිපස්සේ සීට් එක. මම ඉතිං යන්නේ හෙඩ් මොනාද දෙක කනේ ගහගෙන සිංදුවක් දෙකක් දමාගෙනනේ. කොහොමවුනත් මුල ඉඳලම කොල්ලට පොඩි ගායක් තිබුනා. කෙල්ල දිහා බලන උන්ගේ දිහා මූ රවලා බලනවා. අර එක්ටැම් ගෙදරින් බස්සපු කෙල්ලෙක් වෙන්ට.

ඒ කෙල්ලත් ඉතිං ටිකක් විතර ඉතිං ඇහැට කනට පේනවලු. හැබැයි ඉතිං කොල්ලත් ඉන්න ඒවාට බහින්නේ මොකටද අපි. මම සිංදුව අහගෙන යනකොට කොල්ලා කෙල්ල දිහා බලාගෙන මොනාද කියවනවා.කෙල්ලත් කියවන ගමන් මම දිහා බලනවා. ඔව් ඔව් ඉතිං මම දිහාමද දන්නේ නෑ. මම හිතුවේ මම දිහා කියලා. මම ඉතිං කිරි සප්පයටත් වඩා අහිංසක ළමයනේ. කොහොමහරි කෙල්ල බලන දෙපාරම කොල්ලත් මගේ දිහා බැලුවා, නිකං මම උගේ කෑල්ලට අද රෑට පැනලා යන්න කතාකලා වගේ. කෙල්ල තව එක පාරක් බැලුවා.ඒක තමා අවසාන පාර මොකද කොල්ලා ඒ වෙලාවේ ඉඳලා මොකුත් කතා නැතුව මගේ දිහා හෙන ගේමේ බලාගෙන ඉන්නවා.

ඌ දැන් එහෙම අනිමිසේ කරන ගමන් උගේ පුරුෂ ශක්තිය වඩවනවා. මම සිංදුව අහගෙන ඔහේ ජනේලෙන් එලිය බලාගෙන යනවා. මටත් ඉතිං උගේ බැල්ම හරියන්නේ නැතිකමටද මන්ද උන් දෙන්න දිහා ආයේ බැලුවා. බැලුවා විතරයි කොල්ලා මොනවද කිව්වා. මට කොහෙද ඇහෙන්නේ. මම අර හෑන්ඩ් ෆ්‍රී දෙක ගලවලා කොල්ලා දිහා බැලුවා.
මෑන් අහනවා

"අයියේ වෙලාව කීයද ?"

ඉබාගාතේ ලියාගෙන ගියාට මොනා ලිවුවද කියලා සිරාට වත් මතක නෑ.ඔන්න ඔහේ පොස්ට් මැ කළා.පස්සේ වෙලාවක කියවලා බලනවා.

පොර ටෝක්ස්

ශාන්දික කියන්නෙ අපේ සැට් එකේ හිටිය සල්ලිය බාගේ ටිකක් වැඩිපුර තිබ්බ කොල්ලෙක්. උගේ තාත්තට තිබ්බා ඉසුසු ලොරි තුනක්. ඒ උනාට ඌ කියන්නේ හරියට අර දඩ ට්‍රක් තුනක් තියෙන විදිහට. සල්ලිකාරයා නිසා තව්සන්ඩ් ටෝක්ස් තමා දෙන්නේ. අපිත් ඉතින් වැඳගෙන උම්බෑ...... කිය කිය ඉන්නවා. මොකද හැමදාම හවසට පකිස්තානෙන් කෑම කන්න වැඩිපුර ගානක් කඩා ගන්න ඕනි නිසා.

Posted Image

මේ සිද්දිය උනේ අපේ කොල්ලෙක්ගේ අක්කගේ මගුල් ගෙදරදි. අපි ඉතින් ආදරේට මොන වයස් සීමාද කියල හිතා ගෙන ඇහට කනට පේන කෙල්ලන් දිහා ඉතාම මැදහත් සිතින් බලලා, කසාදත් බැඳලා ළමයිනුත් හදගෙන ජීවත් වෙවී හිටියා. අපේ ශාන්දිකයා, පොර වෙනම ලයින් එකක්. පොරට තිබ්බා ඒ දවස් වල හැන්-පෝන් එකක්. ඌට විතරමයි එහෙම එකක් තිබ්බේ අපේ සෙට් එකෙන්. මූ එකෙන් බොරුවට එහා මේසේ ඉන්න කෙල්ලන්ට ඇහෙන්න කොල් අරං බිස්නස් ටෝක්ස් දෙනවා. 

“අර 8433 දැම්මද ගැරෙජ් එකට, ඒක පොඩ්ඩක් ඉක්මන් කරලා බලන්න කියන්න, ඔරිජිනල් පාට්ස්ම දාන්න කියන්න“
“3245 හවසට සවිස් එකට දාන්න, ෆුල් ග්‍රීස් කරලා ඒ හැම දෙයක්ම කරන්න“
“මං දැක්කා කළු මාමා ගෙනියන එකේ ටයර් සව්ත්තු වෙලා තියෙනවා, පොඩ්ඩක් ඒකත් බලන්න, අයිසේ පොඩි පොඩි ඒවා හදාගන්න බැරි උනොත් පස්සේ ලොකු ගණන් වලින් යන්නේ. කියන කන් ඉන්නැතුව පොඩ්ඩක් එව්වා බලලා කරනවා“

පොරගේ ටිකට් එක ඇදුනා අපේ ඇස් ඉදිරිපිටම, කෙල්ලො දෙන්නෙක් හැරුනා අපි ඉන්න පැත්තට, පොඩ්ඩක් හිනාවකුත් දැම්මා ශාන්දිකයට, පස්සේ කිව්වා,
“කොච්චර කලත් අයිතිකාරයන්ට තියෙන උවමනාව වැඩ කරන අයට නෑ නේ?“
“හ්ම්... හොයලා බැලුවේ නැත්තන් ඉවරයි“ ඒ ශාන්දික
“ඉතින් මල්ලි දැන් ඔයාලගේ ඔක්කොම වාහන ගැරෙජ් වලද?“
(ඒ වචන ටික පිට වුනාම කෙල්ලන්ගේ මේසෙන් ආපු හිනාව නං මට තාමත් ඇහෙනවා වගේ)

පැය කීපයක් පමන දිගු වූ තප්පර කීපෙකට පසුව, ශාන්දියා වචන ගලපන්න ගත්තා
“ නෑ මේ... නෑ එවා මේ... ; හලෝ ආහ් අසේල කියපන්“

වෙලාවට ඌගේ ෆෝන් එකේ එලාම් එක වැදුනා, එලාම් එකට ආන්ස(ර්) කර ගෙන මෑන්ස් මාරු.
අපිත් ඉතින් කලිසන් ඇදන්න ඉන්න පුලුවන් කමක් නැති නිසා හෙමීට වාශ්ප වෙලා ගියා.

Posted Image

ඔය ශාන්දිකයා ඉහලින්ම සමාන්‍ය පෙළ සමත් නිසා තාත්තගේ බිස්නස් වලටම හව්ල් වෙලා හිටියේ. ඌ නං කියන්නේ ඌ නොට්ටිගේ පුතා නෙමෙයි කියලා ඔප්පු වුනා කියලයි. උන් අවුරුද්දකට සැරයක් හැමදාම අර බර කරත්ත තුනත් දක්කගෙන කතරගම යනවා, දාලා තියෙන ඉන්ශුවරන්ස් එක අලුත් කරන්න ඕනි නිසා. අපිත් අරූ එක්ක ලොරියක එල්ලෙනවා. සින්දුවක් එහෙම කියාගන ලොරි බොඩියට තල තල යනවා. 

♫♪...කතර ගමට ගියා තමයි කතර ගමත් වහාලා... 

දෙවියන්ගේ පූජා භුමි‍යෙත් ඉතින් සුරංගනාවියො ඉන්වනෙ. අපේ පොර එකපාරට අර සෙනඟ ගොඩක් අස්සේ බය වෙලා අපි දිහා බැලුවා. 

“මචං යතුර නැතිවෙලා“ 
“මොන යතුරද?“ කියලා මං ඇහුවා
“වැන් එකේ යතුර බං“
“මොන වෑන් එකක්ද බං?“ 
“යකෝ මගෙ වෑන් එකේ, සාක්කුවට දාගත්ත මට හොඳට මතකයි“

දැනුයි තේරුනේ මූ මේ පොර ටෝකක් දෙන්නෙ කියලා. මාත් ඉතින් ඌට අත හිත දීමක් විදිහට ගත්ත කටට මේ විදිහට කිව්වා.

“ආහ්.......... ගෙදර දාලා ඇවිත් ඇති බං“

අරුං බඩවල් අල්ලං හිනා වෙද්දියි මතක්වුනේ යතුර ගෙදරදාලා වෑන් එක අරං කතරගම එන්න බැරි විත්තිය.