Saturday, July 27, 2013

ලොව හොදම ජායාරුප සහ සැගවුණු අනුවේදනීය කථා



ගිජුලිහිණියා සහ දරුවා



මෙම ඡායාරූපය 1994 වසරේ පුලිට්සර් සම්මානය දිනා ගත් ඡායාරූපයකි. නමුත් එම සම්මානය ලබා ගැනීමට එය සිය කාචයේ සටහන් කරගත් ඡායාරූප ශිල්පියා පැමිණ සිටියේ නැත. මන්ද යත් ඒ වන විට ඔහු දැඩි මානසික ආතතියකින් පීඩා විඳීම නිසාය. මෙම ඡායාරූපයට පුලිට්සර් සම්මානය ලැබි දින හතරක් තුළ ඔහු සිය දිවි හානි කරගෙන තිබිණි. මෙම දිවි නසා ගැනීම පිටුපස ඇත්තේ අතිශය ශෝචනීය කතා පුවතකි. සම්මාන දිනූ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සුඩාන දරුවෙකි. සුඩානය දරුණු ආහාර හිඟයකට ලක්ව තිබූ කාලයේ එහි වැසියන් මන්ද‍පෝෂණයෙන් පෙළෙන්නට වූහ. විවිධ රටවලින් බෙදාදුන් වියළි ආහාර සලාක ලබා ගැනීම සඳහා කිලෝමීටර් ගණනාවක් පයින් ගමන් කළයුතු විය. රූපයේ දැක්වෙන්නේ සුඩාන දරුවකු සිය ආහාර සලාකය ලබා ගැනීම සඳහා ගමන් කරන අතර දැඩි කුසගින්නත් මහන්සියත් නිසා ගිමන් හරිමින් සිටින ආකාරයයි. ඔහු අසල සිටින ගිජුලිහිණියා දරුවා ඩැහැගෙන යාමට මාන බලමින් සිටී. 1993 වසරේ දකුණු අප්‍රිකානු ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පී කෙවින් කාටර් විසින් සුඩාන සංචාරයක් අතරතුර සටහන් කරගන්නා ලද මෙම ඡායාරූපය එම වසරේ සඟරා සහ වාර ප්‍රකාශන විශාල ප්‍රමාණයක පළවිය. ඡායාරූපය දුටුවන්ගේ ඊළඟ පැනය වූයේ එහි සිටින දරුවා අත්විඳි ඉරණම කුමක් ද යන්නයි. නමුත් එය කිසිවකු දැන සිටියේ නැත. මන්ද‍පෝෂණයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටි දරුවාට තව අඩියක් හෝ දුර ඇවිද යන්නට තරම් ශක්තියක් නොතිබුණු බව කාටර් දැන සිටියේය. ඒ නිසාම දරුවා ගිජුලිහිණියාගේ ගොදුරක් බවට පත් වන්නට ඇති බව ඔහුට හොඳ හැටි විශ්වාසය.
උසස් මට්ටමේ ඡායාරූපයක් සටහන් කරගෙන ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙකු ලෙස නියමාකාරව සේවය කළ ද මානුෂීය වශයෙන් ඒ මොහොතේ තමාගෙන් ඉටුවිය යුතු යුතුකම ඔහු පැහැර හැර තිබිණි. ගිජුලිහිණියා එළවා දමා දරුවා මරණයෙන් බේරා ගන්නට තමාට සිත් නොදුන්නේ මන්දැයි ඔහු සෑම අවස්ථාවකම දෙවියන්ගෙන් ප්‍රශ්න කළේය. ඡායාරූපය සටහන් කරගත් දින සිට මහත් සිත් තැවුලින් සිටි ඔහු මාස කීපයක් ගත වූ පසු ඡායාරූප ක්ෂේත්‍රයෙන් සමුගත්තේය. ඒ මෙම රැකියාව නිසා ඔහුට තව තවත් මෙම සිදුවීම අමතක කර දමන්නට තිබූ නොහැකියාව නිසාය. නමුත් ඔහුට තම හෘද සාක්ෂියෙන් ගැලවීමක් තිබුණේ නැත. ඒ අතර 1994 වසරේ ලොව හොඳම විශේෂාංග ඡායාරූපයට හිමි පුලිට්සර් සම්මානය මෙම ඡායාරූපය විසින් හිමිකරගෙන ඇති බව ඔහුට දැනගන්නට ලැබිණි. නැවත වරක් ඔහුගේ හිතේ වූ ආතතිය දෙතුන් ගුණයකින් වැඩි වූයේය. සම්මාන දිනය දා රාත්‍රියේදීම සියදිවි හානි කරගන්නට ගත් උත්සාහය මිතුරෙකුගේ පැමිණීම නිසා නතර විය. පසුදින පුවත්පත්වල පිටු කාටර්ගේ සහ එම ඡායාරූපයේ තොරතුරුවලින් පිරී තිබිණි. තුන්වන වරටත් ඔහුගේ මානසික ආතතිය අධික ලෙස වර්ධනය වූයේය. ඒ අනුව 1994 වසරේ ජූලි මස 27 වන දින ඔහු සිය හෘද සාක්ෂියෙන් පැන ගියේය. ඒ දකුණු අප්‍රිකාවේ බ්‍රෑම්ෆොන්ටින් ස්පෘට් නම් ගංගාව අසල සවිකර තිබූ දැවැන්ත බටයක් තුළදීය. ඇතුළු වීම තහනම් කර තිබූ එම බටය තුළදී කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය වීමෙන් කැමරා කාචය දෙස එල්ල කරගෙන තිබූ දෙනෙත් ඔහු සඳහටම පියා ගත්තේය.

අම්මා



ශිල්පියාගේ නම සඳහන් නොවන මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉරාක දැරියකි. ඉරාක යුද සමයේ මවුපියන්ගෙන් වෙන් වූ මෙම දැරිය වයස අවුරුදු තුනේදී අනාථ දරු සැරැකුම් මධ්‍යස්ථානයක් භාරයට ගැනිණ. එහි මිතුරු මිතුරියන් කොතෙක් සිටියද අම්මාගේ උණුසුමේ අඩුව ඇයට හොඳින්ම දැනිණ. හැබැහින් ඒ උණුසුම විඳ ගන්නට නොලැබෙන බව දන්නා ඇය තමාගේ මතකයේ ඇති අම්මාගේ රුව චිත්‍රයට නැගුවාය. පසුව එයින් හෝ මව් උණුසුම ලබනු සඳහා චිත්‍රයේ සිටින අම්මාට තුරුළු වී ගුලි වී සිටියේ සිතින් අම්මා මවා ගනිමිනි.
ඉරාක වීදි දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයකදී මෙම ඡායාරූපයට පළමු වන ස්ථානය හිමි වුවද එහි හිමිකරු පැමිණ ජයග්‍රාහී ත්‍යාගය සහ අදාළ මුදල ලබාගත්තේ නැත. මාස 6ක කාලයක් ගතවුවද ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ බැවින් ජයග්‍රාහී මුදල මෙම දැරිය සිටින අනාථ දරු සුරැකුම් මධ්‍යස්ථානයට පිරිනමන ලදී.


ජල ගැල්ම



ඇමෙරිකානු ජාතික ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පිනියක වන ඇනී වෙල්ස්ගේ කැමරා කාචයේ සටහන් වූ පුලිට්සර් සම්මාන ලාභී ඡායාරූපයයි මේ. මෙය ද පේ‍රස් ඩිමොක්‍රැට් නම් ප්‍රාදේශීය පුවත්පතේ පළවූවකි. කැලිෆෝනියාවේ සැන්ටා රෝසා ප්‍රදේශයේ ඇති වූ දරුණු ගංවතුරින් ගසාගෙන යන තරුණ ගැහැනු ළමයෙකුගේ ජීවිතය හමුදා ජීවිතාරක්ෂක නිලධාරියෙකු විසින් බේරා ගන්නා ආකාරය ඉන් නිරූපණය වේ.
තරුණියගේ ජීවිතය බේරාගෙන, ගුවන් මගින් විපතට පත් වූවන් බේරා ගනිමින් සිටි ගුවන් හමුදාවට භාර කළ ඔහු නැවත වරක් දැඩි ජල පහර තුළින් පිහිනා ගියේ තවත් ජීවිතයක් බේරා ගනු සඳහාය. නමුත් මෙම නිලධාරියාට තවත් ජීවිතයක් බේරා ගන්නට හැකි වූයේ නැත. ඒ දැඩි ජල පහර ඔහුගේ ජීවිතය රැගෙන ගොස් ගං පතු‍ලේ සැඟ වූ බැවිනි. ජීවිතය හැර යන්නට තත්පර කීපයකට පෙර මෙම නිලධාරියාගේ වගකීම ප්‍රදර්ශනය කරනු සඳහා ලබාගත් මෙම ඡායාරූපයට 1997 වසරේ පුලිට්සර් සම්මානය ලැබිණි. පුලිට්සර් සම්මානයක් ලැබිමේ සතුට වෙනුවට ඇනී වෙල්ස්ගේ දෑසින් ඒ මොහොතේ ගලා ගියේ මෙම නිලධාරියා වෙනුවෙන් ඉනූ උණු කඳුළුය.



ඉරාක සිරකරුවා සහ පුතු



2003 වසරේදී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡායාරූපය ඇසෝසියේටඩ් පේ‍රස් හි ඡායාරූප ශිල්පියෙකු වන ජීන් මාක් බූජුගේ කැමරා කාචයේ සටහන් වූවකි. ඉරාක සිරකරුවකු වූ අන් නජාෆ් යුද කටයුතුවලදී සිදු කළැයි සැලකෙන වැරදි කීපයකට වරදකරු වීම නිසා ඔහුට ඇමෙරිකානු රජයෙන් මරණ දඬුවම උරුම වී තිබිණි. ඔහුට තම ජීවිතයේ අවසන් වතාවට පුතු දැක ගැනීමට ලැබුණු අවස්ථාව මෙයයි. මේ පිළිබඳ කිසිත් නොදත් දරුවා පිය උණුසුමට තුරුළු වී සුවසේ නිදා ගත් ආකාරය ජීන්ගේ කැමරාවට හසු විය. දරුවා සමග කතා කිරීමට විනාඩි 2ක් පමණක් ලබා දුන් හමුදා නිලධාරීන් මෙම අවස්ථාව දුටු පසු නජාෆ්ට විනාඩි 20ක පමණ කාලයක් ලබා දී තිබිණි. මෙම දසුන අවසානයේ අන් නජාෆ් ඇමෙරිකානු 101 වෙනි එයාබෝන් හමුදාංශය විසින් දඬුවම් දීම සඳහා රැගෙන යන ලදී. ඉන්පසු ඔහු කිසි දිනෙක සිය අඹුදරුවන් හෝ මව්බිම දුටුවේ නැත. මෙම ඡායාරූපය වෙනුවෙන් 2013 වසරේ මාර්තු 31 වන දින පුලිට්සර් සම්මානය ලබා ගත් ජීන් මාක් බූජු 1995 සහ 1999 වසරවල ද පුලිට්සර් සම්මාන ලැබූ ඡායාරූප ශිල්පියෙකි.


විශේෂ ස්තුතිය dwpsg

Saturday, July 20, 2013

කාන්තා නිදහස

ඔන්න එකමත් එක කාලෙක තිබුනලු ලෝක කාන්තා මහා සමුළුවක්… මේක අවුරුද්දක් අවුරුද්දක් ගානේ වරද්දන්නේ නැතිව පවත්වගෙන යන එකක්ලු හොඳේ… මේ කතාවට අදාල සමුළුව නම් පැවැත්වුනේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන ස්විට්සර්ලන්තේ ජිනීවා නුවරලු…

කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට අනුව සමුළුව පටන් අරගෙන ඉස්ඉස්සෙල්ලාම තිබුනේ පසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මකවීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං මූලාසනයේ හිටපු සභාපතිනිය, ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ කාන්තා අයිතීන් පිළිබඳ නියෝජිත වරිය වැඩේ පටං ගත්තලු…

“හොඳයි අපිට අද මුලින්ම කරන්න තියෙන්නේ පසුගිය සභා වාරයේදී සම්මත කරගත්ත යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කල ආකාරය ගැන සාකච්ඡා කිරීමයි. ඒ කතිකාවතේ හැටියට පසුගිය යෝජනා වල තිබුණු අඩුපාඩු සහ අළුතින් කල යුතු කාර්යයන් පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වේවි. අපි ගියවර සම්මත කරගත්ත යෝජනා වල මුලින්ම තිබුනේ “තමුන්ගේ වැඩ වලින් කොටසක් පුරුෂයාට පැවරිය යුතුයි” යන්නයි. මම මේ පිළිබඳව මුලින්ම අදහස් දක්වන්න කියලා ආරාධනා කරනවා අපේ ඇමරිකානු නියොජිත වරියට.“

සභාවේ උණුසුම් පිළිගැනීමත් එක්කම සෑහෙන අත්පුඩි ගානකුත් වැදුනට පස්සේ ඇමරිකන් නියෝජිත වරිය නැගිටලා ගියාලු ප්‍රධාන වේදිකාවට, බොහොම ආඩම්බරෙන්… තමන් අර කියපු යෝජනාව ක්‍රියාත්මක කරපු හැටි ගැන දැන් මේ උන්දෑ දේශනා කරනවලු…

“මම එදා ගෙදර ගිය ගමන් මගේ මහත්තයට කිවුවා… “මින් මත්තට මම තමුසෙගෙ රෙදි හෝදන්නේ නැහැ… කොහොම හරි කරලා තමුසෙගේ රෙදි ටික තමුසෙම හෝදගන්නවා!!“ කියලා…. හැබැයි මට පළවෙනි දවසෙ නම් මොකවත් අමුත්තක් පෙනුනේ නැහැ… දෙවෙනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැ… ඒත් තුන් වෙනි දවසේ මම දැක්කා මහත්තයා එයාගෙ රෙදි ටිකයි මගේ රෙදි ටිකයි ඔක්කොම එකතු කරගෙන තනියම හෝදනවා… ඉතිං හැමෝටම මේ වගේ පුරුෂාධීපත්‍යයට යට වෙන්නේ නැතිව ඉන්න පුළුවන් කම ලැබෙන්න ඇති කියලා මම හිතනවා…“

මෙහෙම කියපු ඇමරිකන් නෝනට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුනලු සභාවෙන්… ඊළඟට උදා වුනේ එංගලන්ත නියෝජිත වරියගේ අවස්ථාවලු… එයත් තමුනගේ පුරාජේරුව සභාවට කියලා දැම්මලු…

“මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා “ආයෙ නම් මට මේ ළමයි බැලිල්ල කරන්න බැහැ… තමුසේටනේ මෙච්චර ගොඩක් ළමයි හදා ගන්න උවමනාව තිබ්බේ… දැන් ඒක හින්දා ළමයින්ගේ වැඩ ටික තමුසේම කරනවා.. මට නම් ආයෙ කියන්න එපා ඕවා කරන්න හොඳද!!…” කියලා. මටත් පළවෙනි දවසේ කිසි දෙයක් වෙනවා පෙනුනේ නැහැ. දෙවනි දවසෙත් කිසි දෙයක් පෙනුනේ නැහැ… ඒත් මෙන්න තුන්වෙනි දවසේ මේ මනුස්සයා ළමයි ටික නාවලා.. කවලා.. පොවලා… ඉස්කෝලෙටත් ගිහිල්ලා දැම්මා… ඒ මදිවට ළමයින්ගේ ගෙදර වැඩ ටිකත් කරලා දෙනවා… දැන් නම් මම ඒ කරදරෙන් නිදහස් වෙලයි ඉන්නේ…“

මේ කතාව අහපු සභාවෙ කට්ටිය ඇමරිකන් සුද්දිට දුන්නට වඩා චියර් පාරක් දුන්නලු එංගලන්තෙ සුද්දිට… දැන් තියෙන්නේ ශ්‍රී ලංකා නියොජිත වරියගේ අවස්ථාවලු… ශ්‍රී ලංකා නෝනත් ලස්සන ඔසරියක් එහෙම ඇදගෙන බොහොම හෙමින් සැරේ වේදිකාවට ගොඩ වුනාලු තමුන්ගේ කතාව සභාගත කරන්න.

“කලින් වතාවෙ ඉදිරිපත් වෙච්ච යෝජනාවෙ විදියට මමත් ගෙදර ගිය ගමන් මහත්තයට කිවුවා “මීට පස්සේ මට නම් කියන්න එපා තමුසෙගේ කෑම හදන්න කියලා… තමුසේ කන විදියකට කනවා… මම මින් මත්තට කෑම හැදුවෙත් හදන්නේ මට කන්න විතරයි. තමුසෙට කන්න ඕනෙ නම් තමුසේ උයාගෙන කනවා!!…” කියලා. මටත් අනිත් හැමෝටම වගේ පළවෙනි දවසෙදි නම් මෙලෝ දෙයක් පෙනුනේ නැහැ…. දෙවෙනි දවසෙත් කිසිම දෙයක් පෙනුනේ නැහැ… ඒත් තුන් වෙනි දවසේදි මට යාන්තමට වගේ ඇස් අරින්න පුළුවන් වෙනකොට දැක්කා General Hospital එකේ සිවිලිම….”

උපුටා ගැනිමකි

මල්ලිට දෙන්නද පොඩි වරමක්?




මුහුදු වෙරළක ඇවිද ඇවිද හිටිය මනුස්සයෙක් පොරගෙ කකුලේ වැදුනු 
ලාම්පුවක් ඇහිදල අර ගත්තා. දන්නවනේ ඉතින් ඔහොම ලාම්පු හම්බුනාම
භුතය ගෙන්න ගන්න පොඩි පිරිමැදිමක් කලා, හිතුව වගේම භුත පොරක් ආව, 
ඇවිත්
"මාව නිදහස් කරගත්තට මල්ලිට මම වරමක් දෙනව, බ්ලා බ්ලහ් බ්ලහ් ..
මට දැන් මේක ඒපා වෙලා තියෙන්නේ, තමුසේ මේ මාසෙ හතර වැනි පොර, 
වැඩිය බෑ, එක වරමක් දෙන්නම් හොදට හිහල මතල ඉල්ලනවකො "කියල භුත්ස් කිවුව..
ඉතින් අපේ අර පොර දැන් හොදට හිතනව, මොන මගුලටත් එක වරමයිනේ තියෙන්නේ, 
ඉතින් අපේ පොර මෙහෙම කියපි,
"පොඩි කාලේ ඉදන් මට හවායි දුපත්වලට යන්න ආසවක් තිබ්බා, එත් උඩින් යන ගමන් 
වලට මම බයයි, මුහුදු ගමන් ගැන හිතන්නවත් බෑ, ඔහේ පුලුවන්නම් මට පාලමක් හදල 
දෙන්න, කාර් එකෙ ගිහින් එන්න පුලුවන්නේ.."
මේක අහපු භුතය මහ හයියෙන් හිනා වෙල,
"මොන භුතයට මනුස්සයො ඔහොම පාලම් හදන්න පුලුවන්? ටිකක් ප්‍රයොගිකව හිතන්නකො, 
මහ සාගරයක් මැදින් පාලමක් හදන්නේ කොහොමද, කොච්චර කොන්ක්‍රීට්, 
යකඩ තව අනන්මනන්, හොපෝ ඒකනම් බෑ, වෙන එකක් කියන්න බලන්න.."
ආයිත් ටිකක් වෙලා හිතපු පොර කිවුවලු මෙහෙම
" මම හතර පාරක් දික්කාසද වෙච්ච මනුස්සයෙක්, ඒ හැම ගෑනිම කිවුවේ, 
මට දේයක් තේරුම් ගන්න බෑ,මම ඒ අයගේ හැගීම් දන්නේ නෑ " කියල,
මට දෙන්න මෙහෙම වරමක්,
ගැහැනු උදවිය තේරුම් ගන්න පුලුවන් විධියේ, එයාලගේ හැගිම්, එයාල මොනවද හිතන්නේ වගෙ, ඇයි හිටිය ගමන් කතා නොකර ඉන්නේ, 
හිටිය ගමන් අඩන්නේ, එයලගෙ තියෙන ප්‍රශ්ණ මොනවගෙද තේරුම් ගන්න පුලුවන් වරමක්, කොටින්ම ගැහැනුන්ව සතුටින් තියන්න පුලුවන් 
විදියෙ වරමක් දෙන්න,,,,,,,,,,,,,,

භුතය ඇහුවලු,"මල්ලිට ඕන ලේන් 2ක් තියෙන පාලමක් ද 4ක් තියෙන එකක්ද..?"

උපුටාගැනිමකි