Thursday, April 18, 2013

වෙනස



මම දැන් කීප දවසක දැක්කා තමුසේ අනිත් ය වගේ නෙමෙයි.ගෙදර යන්න කිසිම හදිස්සියක් නෑ.මේකේ ඉන්න අනිත් අය නම් හවස 4.30 වෙන්නේ කොයි වේලාවේද කියල බල බල තමයි ඉන්නේ.එත් එකට තමුසේ, හරිම උනන්දුවෙන් වැඩ කරනවා.ගෙදර යන වෙලාව බලන්නේ නෑ.අනිත් ය වගේ ඔෆ් වෙන වෙලාව බල බල වැඩ කරන්නේ නෑ.තමුසේ වගේ මිනිස්සු තමයි අයිසේ මේ වගේ ආයතන වලට ඕනේ.තමුසේ අනිත් හැමෝටම ලොකු ආදර්ශයක්.
ඇත්තටම තමුසේ මොකද මේ තරම් මහන්සි වෙන්නේ.මොකද ගෙදර යන්න කිසිම හදිස්සියක් නැත්තේ?
සහකාර කොමසාරිස් කරුණාරත්න මහතා ඇදිරි වැටි තම නිස්වසට යාමට පුටුවෙන් නැගිටිමින් තම සේවකයකු වූ සෝමපාලට ප්‍රෂන්ශාත්මක මුඛයෙන් යුතුව ඇසිය.
නෑ සර්.ඇත්තම කියනවා නම් මගේ පවුලත් රස්සාවක් කරනවා.
ඉතිං?
නෑ සර්.මම එයා එන්න කලින් ගෙදර ගියොත් මට උයන්න වෙනවා.එනිසයි.
සෝමපාල හිස කසමින් පැවසිය .

No comments:

Post a Comment