Thursday, April 18, 2013

කුකුලෙක් ඉන්නවා ඕනෙද?



සිරා ඔන්න අදත් ආව ඔයාලට රසම රස කථාවක් අරගෙන.මේක මේ ස්රලගේ ගෙවල් පැත්තේ වුන සිද්ධියක්.අන්තිමට උබට උන එකක්ද කියල නම් කොමෙන්ට් කොරල යනවා එහෙම නෙමෙයි.
සිරලගේ ගමේ උක්කුන් කියල එකෙක්ට වුන සිරා සිද්ධියක්.උක්කුන් කාරයත් රට ඇම්ඩන්.
අර උබලගේ ගමේ ඉන්න ඇම්ඩන් නෙමෙයි හොදේ.
ඔන්න ඉතිං සිරාලගේ ගමේ හිටියලු ගැනු කෙනෙක්. මෙයා එයාගේ ස්වාමි පුරුෂයාට හිතවත් උනාට එයාට හොරෙන් පාර්ට් ටයිම් විදියට ලෝකේ පරණම රස්සාව කරනවලු. එහෙම නැතිව බැනේ අප්පා, හෙට අනිද්දට ආපහු ලයිට් බිලත් වැඩි වෙන එකේ අමතර අදායමක් කියලා තියෙන්න එපාය. ඔන්න කොහොමින් කොහොම හරි දවසක් මෙයාගේ මහත්තයා ගමනක් ගියාලු. මෙයා ඉතිං බලාගෙන හිටියලු ගැනුම් කාරයෙක් එනකම්. මොකද මුලු ගමටම නිව්ස් එක යනවලු මහත්තයා ගිය ගමන්ම. හැබැයි එදා නම් ටික වෙලාවක් යනකල් කිසිම කෙනෙක් ආවේ නෑලු. අර ගැනු මනුස්සයත් හුල්ල හුල්ලා ඉන්නවලු.
ඔය අතරේ කොහෙන්දෝ උස්සපු කුකුලෙකුත් අරන් උක්කුං ගේ ළගින් යන්න හදනවලු. 
උක්කුං අර ගෑණු මනුස්සයා දැකලා පොඩ්ඩක් ට්‍රයි එකක් දාන්න බැලුවාලු කබල රත් වුන වෙලවෙදිවත් රොටියක් බෑ ගන්න. මොකද මේකා අතේ කවදාවත් සල්ලි තියන එකක් යැ. කොහොම හරි ඔන්න උක්කුං කුකුළා දීලා අහුවල් එක කරන්න කැමති කර ගත්තලු. ගෑනිත් ඉතිං නිකන් තියන එකනේ. අනික කිලෝව උනත් කියක් වෙනවද කියලා වැඩේට කැමති උනාලු.
දෙන්නා වැඩ පටන් ගන්න යද්දී ම වගේ ඔන්න කවුද දොරට තට්ටු කරනවලු. ගැනී අම්බානක භය උනාලු, මිනිහා ආවේ කියලා. අනික ඉන්නෙත් පොඩි එකෙක්නෙ. හෙමිට කිට්ටු කරලා ඇහුවලු කව්ද කියලා. මිනිහත් කොදුරනවා වගේ කිව්වලු 2000ක් දෙන්නම් මම ඇතුලට ගනින් කියලා. බැලින්නම් ඔන්න ගනුදෙනු කරුවෙක්ලු. කුකුලා වගේ ද 2000 කියලා ගැනී 
උක්කුං ඇද යටට ඔබලා කටවහගෙන ඉදපන් කියලා අර මනුස්සයා ඇතුලට ගත්තලු.
දැන් ඉතිං 
උක්කුං මල ලු උපරිම. එත් එලියට එන්නත් බැනේ. ඉතිං අපු එකාට හිතින් බැන බැන කරබාගෙන ඉන්නවලු. ඔන්න ඔය වෙලේම ආපහු මොකෙක්දෝ එකෙක් දොරට ගහනවලු. බැලින්නම් ඇත්තම මිනිහා ඇවිල්ලලු. කර කියා ගන්න නැති කමට අර ගනුදෙනු කාරයා අනිත් පැත්තෙන් ඇද යටට ඔබලා ගිහින් දොර ඇරිය ලු. අර මිනිහට ඉතිං ගැනු මනුස්සයා ගැන අවිශ්වාසයක් නැති හින්දා කිසිම අවුලක් නෑලු.
ඔන්න දැන් ඒ දෙන්නා උඩ මොනවදෝ කරනවලු. අර මනුස්සය දැන් දත් මිටි කකා ඉන්නවලු ඇද යටට වෙලා. ඔය අතරේ 
උක්කුං කොදුරනවා වගේ අර මනුස්සයගෙන් මෙහෙම අහනවලු.
"එයි අංකල්"
අරු අම්බානක බය උනාලු. කරන්නට දෙයක් නැනේ දැන්. ඉතිං හෙමිට අහනවලු,
"මොකද?"
"මේ මේ කුකුලෙක් ඉන්නවා ගන්නවාද?"
අර මනුස්සයට මල ලු දැන්.
"තොට පිස්සුද යකෝ. මට මොකටද කුකුල්ලු"
"එහෙනම් මම කෑ ගහනවා ඔන්න"
"අනේ පුතේ කෑගහන්න නම් එපා, කෝ දියන් එහෙනම්" කියලා අර මිනිහා හෙමිට කොදුරලා කියලා කුකුලා අර ගෙන සාක්කුව ත ගලා සල්ලි දුන්නලු.
ඔහොම ටික වෙලාවක් යද්දී 
උක්කුං අපහු කතා කරනවලු අර මනුස්සයට.
"ඒයි මගේ කුකුලා දීපන්"
"මොන කුකුලද මම මේකා සල්ලි දීලනේ ගත්තේ"
"ඒවා මම දන් නෑ මගේ කුකුලා දීපන් නැත්තම් කෑ ගහනවා"
මොනවා කරන්නද ඉතිං. මේකා කෑ ගැහුවොත් වසලා හමාරනේ. ඉතිං ආපහු කුකුලා දුන්නලු. ටිකක් වෙලා යද්දී 
උක්කුං අහනවලු.
"අංකල් අංකල් කුකුලෙක් ඉන්නවා දෙන්නද? ශෝක් කුකුලා. මේ.."
අර මිනිහට දැන් නහුතෙට තද වෙලාලු. වෙව්ලනවලු මල පැනල. එත් ඉතිං කෑගහන්න බැනේ මෙතන. ඒ හින්දා කරබාගෙන ආපහු සල්ලි දීලා ගත්තලු. ඔය විදියට එලිය වැටෙනකල්ම 
උක්කුං එකම අරුට කුකුලා විකුනනවලු.
ඔන්න උදේ වෙලා. ගෙදර මනුස්සයා එහෙ මෙහේ වෙන වෙලාවක් බලලා අද යට හිටියා මිනිහා මුලින් ම එලියට අරන් ගෙදර යැව්වා ලු. ආපහු වෙලාවක 
උක්කුං එලියට දැම්මාලු. සේවාවක් ලබා ගත්තේ නැති හින්දා කුකුලත් උක්කුංටම තියා ගන්න දුන්නාලු. ඔන්න දැන් උක්කුං කුකුලත් කිහිල්ලේ ගහගෙන ගෙදර යද්දී තාත්තා හෙන අවුලෙන් මිදුලේ ඇවිද ඇවිද ඉන්නවලු. ඉතිං උක්කුං හෙමිට තාතාත්තාට කිට්ටු කරලා අහනවලු,
"තාත්තේ ශෝක් කුකුලෙක් ඉන්නවා ගන්නවද" කියලා
තාත්තා මල පැනලා 
උක්කුං දිහා බලලා කියනවලු,
"තෝ මේ මගුලක් කතා කරනවා. මම ඊයේ රෑ එකම කුකුලා දහ පාරකට වඩා සල්ලි දීලා ගත්තා"

වෙනස



මම දැන් කීප දවසක දැක්කා තමුසේ අනිත් ය වගේ නෙමෙයි.ගෙදර යන්න කිසිම හදිස්සියක් නෑ.මේකේ ඉන්න අනිත් අය නම් හවස 4.30 වෙන්නේ කොයි වේලාවේද කියල බල බල තමයි ඉන්නේ.එත් එකට තමුසේ, හරිම උනන්දුවෙන් වැඩ කරනවා.ගෙදර යන වෙලාව බලන්නේ නෑ.අනිත් ය වගේ ඔෆ් වෙන වෙලාව බල බල වැඩ කරන්නේ නෑ.තමුසේ වගේ මිනිස්සු තමයි අයිසේ මේ වගේ ආයතන වලට ඕනේ.තමුසේ අනිත් හැමෝටම ලොකු ආදර්ශයක්.
ඇත්තටම තමුසේ මොකද මේ තරම් මහන්සි වෙන්නේ.මොකද ගෙදර යන්න කිසිම හදිස්සියක් නැත්තේ?
සහකාර කොමසාරිස් කරුණාරත්න මහතා ඇදිරි වැටි තම නිස්වසට යාමට පුටුවෙන් නැගිටිමින් තම සේවකයකු වූ සෝමපාලට ප්‍රෂන්ශාත්මක මුඛයෙන් යුතුව ඇසිය.
නෑ සර්.ඇත්තම කියනවා නම් මගේ පවුලත් රස්සාවක් කරනවා.
ඉතිං?
නෑ සර්.මම එයා එන්න කලින් ගෙදර ගියොත් මට උයන්න වෙනවා.එනිසයි.
සෝමපාල හිස කසමින් පැවසිය .

Sunday, April 14, 2013

Kiss එකේ විස්තර...සිංහලෙන්ම කියනව නම් කොහොමද කෙල්ලෙක් එක්ක තොලක් දාන්නේ (18+ හොදේ)







ඔන්න සිරා ගෙන් තවත් 18+ පොස්ට් එකක් .. 


ඉතින් .. කොහොමද .. ? 



මේ පොස්ට් එක දාන්න හිතුනේ ඇයි කියලා ඉන්නද පොඩ්ඩක් ? 


ඔන්න අද සිරා ගියා අලුත් අවුරුද්දට රෙදි ගන්න ගාලු ටවුමට .. 

රෙදි අරන් ඉවර වෙද්දී පොඩි චු බරක් ආව නිසා ගියා ධර්මපාල පාර්ක් එක පැත්තට . 


හෆ්ෆා ... පාර්ක් එක පුරාම හංස පුට්ටු .. දැක්ක ගමන් චූ බරත් උනා බොලවූ .. 

මෙහෙමත් ප්‍රසිද්දියේ ඕවා කොරනවා ද ? 

අනික ගාල්ල කියන්නේ ලංකාවේ අනික town වගේද ?  ( ලංකාවේ හදවත නේ බොලවූ  )

හික් හික් .. හා .. 




ඉතින් සිරා ගෙදර ඇවිල්ලා ආතල් එකේ ඉන්න ගමන් හිතුනා පොඩ්ඩක් මේ කැත වැඩේ 

ගැන හොයලා පුරුදු උනොත් හොදයි කියලා .. 

ඉතින් පන දාගෙන හොයද්දි මෙන්න හමු උනා එල විස්තරයක් .. 

මම දැන් ඔයාලට දෙන්න යන සමහර දේ ගත්තේ "මම තමයි "කියන බ්ලොග් අඩවියෙන් .. 

එකේ කතෘ තුමාට මාගේ ගවුරවනිය උත්තමාචාරය ...! 


ඕන එහෙනම් මෙතැන්සිට දැන ගම්මු මක්කැයි මේ තොල දානවා කියන්නේ ..  කොහොමද මේවා කරන්නේ කියලා ... 


මට මතකයි එක තැනක විස්තර කරලා තිබුනා ලිප් කිස් එකක් කියන්නේ .. ලොකු උස ගොඩනැගිල්ලක පහත මාලයේ තියන ලිෆ්ට් එක වගෙයි කියලා .

මූකද එකට නගින්න එපයි උඩම එක දක්වා යන්න .

කොහොම උනත් මේක තමයි ආරම්භය .. නෝටි වැඩ වලට .. 


"ආදරේදි හාදුවක් තරම් ලොකෙම නෑ උතුම් තව දෙයක්"........කියලත් කවුද කියනවාලු....කොහොම හරි ආදරේ කරන දෙන්නෙකුට පොදු හා නැතුවම බැරි දෙයක්නේ ඔය කිස් එක...ඔකමනේ ගොඩක් එවුන් හැම වෙලෙම ඉල්ලන්නේ...වෙන එවුවා ඉල්ලන්ට බැරි නිසා වෙන්ටෑ...කොහොම හරි ඔක නිසා සමහරුන්ගේ ආදරේ වැඩි වෙනවා...සමහරුන්ගේ කෑදරේ වැඩි වෙනවා....එහෙම එවුන් නම් මෙක කියවන්න එපා....මොකද උන් ඊට පස්සේ මෙවුවා බලලා තවත් එක්ස්පට්ලා වෙලා..මෙවුවා කියපු අපිටත් බැනුම් අහන්න වෙනවා...

බැක්ටු ස්ටොරි.... 




කිස් එකක් කියන්නේ තමන්ගේ තියන ආදරේ අනිකාට පෙන්නන්න පුලුවන් හොදම විදිහ සමාන්යෙන් අපි කෙල කියන ජාතියට අප්පිරිය කරනවා...නමුත තමන්ගේ ආදර වන්තියගේ ආදර වන්තයාගේ එහෙම දෙයක් නෑ දෙන්නම එකයි වගේ දෙයක්...සහ තමාගේ ඇති ලැදිකම පෙන්නන්න පුලුවන් ක්‍රමයක් තමයි ඔය කියන කිස් එක...

ආ අනිත් එක මම මෙකෙන් ගොඩක් පොයින්ට් කරන්නේ කොල්ලො ඈ...කියන්න අමතක උනා.... 




එහෙනම් එකත් හරි අයෙත් කතාවට...එත් ගොඩක් වෙලාවට කොල්ලොන්ගේ පලවෙනි අවස්තාවෙදි එ කොල්ලා අපහසුතාවයට පත් වෙන්න පුලුවන් එ කොහොමද අපි හිතමු කොල්ලට කලින් කෙල්ලෙක් නොහිටියට කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා කියලා....එකි පනින්න ඔනේ කොටු තිස් දෙකම ඌත් එක්ක පැනලා හොදට හන්ටර් උන එකියක් නම් කොල්ලට හොම්බෙන් යන්න වෙනවා..

මොකද එකිට කෙල්ල එක්ක හැරෙන්නවත් බැරි වෙනවා...




දැනපි බලමු මොනවද මේ කිස් වර්ග් කියලා...කිස් කිවුවට කිස් වර්ගත් ගොඩක් තියනවා මේ වගේ....



French Kiss 

Butterfly Kiss 

Single-Lip Kiss 

Spiderman Kiss 

Lip Gloss Kiss 

Eskimo Kiss 

Cheek Kiss 

Hickey Secret 

Message Kiss




ඔය ඔක්කොම අතරින් අපේ එවුන් කරන්නේ එකයි.එ පලවෙනි එක එ කියන්නේ French 

කිස් එක ඔකෙන් තමයි අර කට ඇතුලට දිව දාගෙන සෙල්ලම් දාන්න...එක රොමෑන්ටික් 

වැඩි නිසා ගොඩකය කරන්න දන්නෙත් කරන්නෙත් එක විතරයි...එක කරන්න හැටි පුළුවන් 

උනොත් කියලා දෙන්නම්..ඊට කලින් වැදගත් කියලා හිතෙන පොඩි පොඩි ටිප් ටිකක් දෙන්නම්...

හරියට කිස් කරන්න නම් එවුවත් සපුරලා ඉන්න ඔනේ...අපි ආවට ගියාට කරාට හරියට 

දැනෙන්න නම් අපි කරන එ පොඩි පොඩි දෙවල්ගොඩක් වැදගත් වෙනවා...




සමාන්යෙන් කෙල්ලො කියන්නේඋපතින්ම ලැජ්ජකාර ජාතියක්...සමහරු මිනිස්සු ඉන්න 

තැන අතිවත් අල්ලනවට කැමති නෑ...සමහරු නම් එහෙම නෑ මොක උනත් සිප ගැනිමකට 

කලින් නිදහස් තැනක් හොයා ගන්න පුලුවන් නම් වඩා හොදයි මිනිස්සු හිටියට කමක් නෑ...

දැන් අහන්න එපා උබ කොහොමද එක දන්නේ කියලා...

මම කොහොම හරි දන්නවා ඈ..සිප ගැනිමකට කලින් කරන්න ඔනේ පලවෙනිම හා 

වදගත්මදේ....දත් මැදපන්...කට ගඳයි නම් කිස් නෙමෙයි බොට කෙල්ලත් නැති වෙයි....

පුලුවන් නම් චුයිනග්ම් එකකුත් කාලා ඉදපන් එක ගොඩක් හොදයි....ඊට සිප ගැනිමට කලින් 

මොනවා හරි දෙයක් ගැන කතා කරන්න..කොටියා වගේඑක පාරට කඩා පනින්න එපා..

හිමින් සැරේ කලබලයක් නෑ .. 




හිමින් හිමින් වේලාව අරගෙන එයාට ලන් වෙන්න...මුලින්ම එයාගේ නලල ඉබින්න පස්සේ කම්බුල...එයාට ඔයාගේ ලගට එන්න දෙන්න..හිමින් සැරේ එයාගේ බෙල්ලේ පිටි පස්සෙන් 

අත තියා ගන්න අනිත් අටහ එයාගේ ඉන වටේ දාගන්න...එයාට ඈත් වෙන්න දෙන්න එපා...

ඔයා තමයි එයාව පොලබවන්න ඔනේ...

අර බෙල්ලේ පිටි පස්සේ තියන අතින් එයාව ඔයාගේ මුනට හෙමින් ලන් කර ගන්න හිමින් 

ඉස්සලා කිවුවා වගේ එක පාරට කරන්න ගිහිල්ලා වැඩේ දෙල් කර ගන්න එපා...හිමින් 

හිමින් කලබල නැතුව.........හිමින් සරේ ඔයාගේ ඔලුව පොඩ්ඩක් දකුනට ඇල කරන්න...




දැන් හිමිහිට එයාගේ ඇස් දෙක දිහා බලන්න..අනිවා ඩෙෆා එයාගේ ඇස් පියවිලා...

දැන් තමා චාන්ස් එක... දැන් උබත් උබේ ඇස්දෙක වහ ගනින්...නැත්තම් බැරි වෙලාවත් 

එ කෙල්ල ඇස් අරියොත් උබ ඇස් ලොකු කරගෙන ගොරක යකා වගේ ඉන්නවට 

කෙල්ල අකමැති වෙන්න පුලුවන් නැත්තම් ලැජ්ජා හිතෙයි...දැන් ඔයාගේ තොල් එයාගේ 

තොල් එක්ක සෙට් වෙනකන් ඔළුව ලං කරන්න මග නවත්ත ගන්න එපා....මුලින්ම තොල් 

දෙකම සිප ගන්න..




ඊට පස්සේ උඩ තොල පොඩ්ඩක් ඊට පස්සේ යටි තොල..හිමිට හැපුවත් කමක් නෑ බොහොම හිමින් වැදගත් විදිහට..ඔය අතර ඔයාගේ ඔලුව එක එක විදිහට හදා ගන්න ට්‍රයි කරන්න..පස්සේ ඔක කරන ගමන් ඔයාගේ දිව එයාගේ කට ඇතුලට දාන්න..එයා දත් ලංකරගෙන හිටියොත් දත් වලට පිටින් විදුලු මහා ඔයාගේ දිවෙන් පිරිමදින්...සමහර විට එතකොට එයා කට අරි නැත්තම් සිප ගන්න එක නවත්තලා එයාට එක කියන්න....ඊට පස්සේ ඔයාගේ දිව එයාගේ කට අදුලට දාලා එයාගේ දිව එක්ක පටලවන්න...කබර ගොයා වගේ කෙල්ලගේ උගුරටම දිව දාන්න එපා..ඔයාට පුලුවන් තරමට 

එයාගේ කටේ හැම තැනටම දිව ගෙනියන්න...



සමහර විට එයා එයාගේ දිවත් ඔයාගේ කට ඇතුලට එවයි එක ඔයාගේ කටින් අල්ල ගන්න 

අල්ලගෙන උරන්න අත අරින්න එපා...එයාගේ දිව එක්ක ඔයාගේ දිවෙන් සෙල්ලම් කරන්න 

ඔය අතරේ දිව විතරක් නෙමෙයි ඔයාගේ අත් ඉදන් වැඩ කරන්න ඔනේ...එයාගේ කොන්ඩේ 

අත ගාන්න පිට අත ගාන්න..මම දන්න විදිහට එක මාර ෆිලින්ග්...එහෙම නැතුව මල මිනිය 

වගේ ඉන්න එපා...එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් 

එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...කලබල වෙන්නත් 

එපා බය වෙන්නත් එපා..හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත 

රින්න.. 




නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු 

වෙන්න එක වඩා හොදයි.....ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න 

ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...අනිත් එක විනාඩියකට වඩා 

කට කන්න යන්න එපා..එක බොරින් වෙයි...එක නවත්තන්න හිමිට එයාගේ බෙල්ල කිස් 

කරන්න ගන්න කන් පෙත කන ඇතුලට දිව දාන්න...එක නම් මරු ආතල් ඈ..කෙරලා නැති එවුන් කෙල්ලට කියලා කරගෙන බලාපල්ලා... 




එහෙනම් ඔන්න අපි ගියා .. උබලට 







සිරා
 ම තමයි ඉතිං මෙහෙම දෙයක් දෙන්නේ .. 


Saturday, April 13, 2013

මෙහි එන සියලු නම් ගම් මනංකල්පිතය






කතාව කොතනින් කොහොම පටන්ගන්නද කියල මට හිතාගන්න අමාරුයි.. 
කතාව මම මෙහෙම පටන්ගන්නම්.. මගේ නම සම්පත්.. මම වැඩ කලේ පුද්ගලික
 ආයතනයක.. හැම සේවකයෙක්ටම වගේ මටත් වැඩ ඉවර වෙන්නෙ හවස පහට
 වගේ.. මාත් එක්ක වැඩ කරන තවත් යාලුවො තුන්දෙනෙක් හිටියා.. රශ්මික, උදේශ්,
 අසිත් කියලා.. අපි හතර දෙනාටම ඒ දවස්වල වාහන තිබුණෙ නෑ.. ඒක නිසා අපි 
හතර දෙනාම ගෙවල් වලට ගියේ බස් එකේ.. වැඩ ඉවර උන ගමන්ම අපි හතර දෙනා 
පයින්ම බස් ස්ටෑන්ඩ් එකට එනවා කතාවක් දාගෙනම.. රශ්මිකයි මමයි යන්නෙ එකම 
බස් එකේ උනත්, උදේශ් යන්නෙ තවත් බස් එකක, අසිත් යන්නෙ තවත් බස් එකක.. 
අසිත්ගෙ ගෙවල් පැත්තට යන බස් වැඩිය නෑ.. ඒක නිසා එයා යන බස් එක එනකන් 
අපි බස් ස්ටෑන්ඩ් එකට වෙලා කතා කරකර ඉන්නවා.. දවසක්.......

“මචං සම්පත්.......” එකපාරම අපි හතර දෙනාම වගේ පිටිපස්ස හැරුනා.. කවුද මේ 

කියලා හිතාගන්න බැරිවෙච්ච නිසා.. කාට අඳුනගන්න බැරි උනත් මට නම් ඒ කවුද කියලා 
අඳුනගන්න අමාරු වුණේ නෑ එයා මගේ යාලුවෙක්.. නමින් ඩිල්ෂාන්.. ඒත් අපි ඌට කතා 
කරන්නෙ බඹරා කියලා.. ඔය නම හැදුන කතාව නම් ටිකක් දිගයි.. ඒක නොකිය ඉන්න 
තරමටම හොදයි කියල හිතෙනවා..

“ආහ්.. උඹ මේ කොහේ යන ගමන්ද බං..?” මම උගේ කරට අතදාගන්න ගමන් ඇහුවා. 

ඩිල්ෂාන් දන්නෙ මාව විතරයි.. එතන හිටපු අනිත් කවුරුවත් දන්නෙ නෑ.. ඒත් ඌට එහෙම 
අවුලක් නෑ.. නොදන්න එකෙක් එක්ක උනත් පැනල කතා කරනවා.. ඒ අතින් බැලුවම 
ඩිල්ෂාන් කියන්නෙ අභ්‍යන්තරය පිරිසිදු පොරක්.

“යන්නෙ නම් පොඩි සැපක් ගන්න කියලා.. මම යන ගමන් උඹ මුන් තුන්දෙනත් එක්ක 

මේ පැත්තට ඇදෙනව දැක්කා.. ඒකයි ආවෙ..” ඩිල්ෂාන් එහෙම කියන ගමන් අනිත් කොල්ලො 
තුන්දෙනා දිහාත් හොදට ඇස් ලොකු කරලා බැලුවා. මොකද ඩිල්ෂාන් මගේ කාර්යාලයෙ යාලුවො 
න්නෙ නැති නිසා.

“සැපක් කිව්වෙ..?” මම ඩිල්ෂාන් දිහා බලලා පුංචි හිනාවක් දාන ගමන්ම ඇහුවා.

“උඹ දන්නවනේ සම්පතයා මං ගැන..? ආ.. මුන් තුන්දෙනා අවුලක් නැද්ද..?” ඔව් මම ඩිල්ෂාන් 

කියන්නෙ කවුද කියල නම් හොඳට දන්නවා.. ඩිල්ෂාන් කියන්නෙ උපන් දවසෙ ඉඳන්ම සල්ලි 
උඩ පීනපු කෙනෙක්.. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම ලංකාවෙ වැඳගත් රැකියා දෙකක් 
කලේ.. හැබැයි ඩිල්ෂාන් නම් ඒ දෙන්නගෙ පුතෙක් කියල කියන්නත් අමාරුයි.. ඒවට 
හේතුත් තියෙනවා.. ඩිල්ෂාන් ඉස්කෝලෙ ගියපු කාලෙ ඉඳන් එකම බලාපොරොත්තුව උනේ 
කෙල්ලොත් එක්ක සැප ගන්න එකම විතරයි.. පොර ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ 
පොරගෙ අනාගත බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න පුළුවන් උනා.. ඒත් උගේ අනාගත 
බලාපොරොත්තුව ගැන මට නම් දැනෙන්නෙ මහ අප්‍රියක් විතරයි.. කවදාවත් ඩිල්ෂාන් 
කෙල්ලෙකුට හදවතින් ආදරේ කලේ නෑ.. හදවත පැත්තක දාමුකො.. අපි ටියුෂන් ක්ලාස් 
න දවස්වල ඩිල්ෂාන්ට කැමැත්තෙන් ඕන තරම් කෙල්ලො හිටියා.. ඒ සල්ලි වලට ආසාවෙද, 
උගේ ලස්සනට වහ වැටිලද කියලා මං දන්නෑ.. කොහොම උනත් ඩිලා ඒ එක කෙල්ලෙක්වත් 
තඹේකට ගණන් ගත්තෙ නෑ.. ඒ ඩිල්ෂාන්ගෙ හැටි.. හැබැයි මූ කෙල්ලො පස්සෙ නොගියට 
කෙල්ලොත් එක්ක කරන අහවල් වැඩේ ගැන නිතරම වගේ කතා කලා.. ඒකනේ උගේ 
බලාපොරොත්තුවත්.. දවසක් මම ඩිල්ෂාන්ගෙන් ඕකට හේතුව ඇහුවා.. මෙන්න මේ විදියට..

“මචං ඩිලා.. උඹට කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කරලා.. කසාඳයක් බැඳලා ෆන් එකේ 

ඉන්න එහෙම අදහසක් නැද්ද..?” ඒත් මං ඩිල්ෂාන්ගෙන් අහපු ප්‍රශ්නෙට ලැබුනෙ මහ අති 
පජාත උත්තරයක්.. හැබැයි ඉතිං ඌ දැකපු, අහපු, අත්විඳපු දේවල් වලින් ඌ කසාඳ ජීවිතේ 
ගැන එහෙම කතා කරන එක වැරදියි කියලා කියන්න මට හිතුනෙ නෑ..

“පිස්සුද බං.. මං කවදාවත් කසාඳ බඳින්නෑ.. ඒක මම ඕන තැනක දිවුරනවා..” ඌ ඔහොම 

මුලින් ලාවට කතාවට එන්ටර් උනා.. මම ආයෙම ඩිල්ෂාන් මැද්දට පැනලා මෙහෙම ඇහුවා.

“ඇයි බං ඒ..? යකෝ ඒ ලයිෆ් එක කොච්චර ෆන්ද..? පොඩ්ඩක් නිදහසට නම් කෙලවෙනවා 

තමයි.. ඒත් කෙල්ලෙක් නැති ජීවිතේ පාලු අම්බලමක් වගේ ඩිලා.. උඹට විසි කරන්න සල්ලිත් 
තියෙන එකේ.. දෙන්නටම ෆන් එකේ ඉන්න බැරියෑ.. මම උඹ උනා නම්... ෂිහ්.. අපිට කොයින්ද 
එච්චර වාසනාවක්.. හැබැයි උඹ නම් මහ පවුකාරයෙක් ඩිලා..” මම කියාගෙන කියාගෙන ගියා.. 
ඩිලාන් මගේ දිහා ඩිංග වෙලාවක් බලන් ඉඳලා ආයෙම කතාව පටන්ගත්තා.

“මේ අහපන් සම්පත්.. උඹ හිතන්නෙ කසාඳ බැන්ඳම කොල්ලෙක්ට සතුටින් ඉන්න ලැබෙයි 

කියලද..? උඹ එහෙම හිතනව නම් වැරදියි මචං.. උදාහරණයක් අපේ ගෙදරම තියෙනවා.. 
උඹ දන්නවද..? උඹ දන්නවද සම්පත්.. අපේ අම්මයි තාත්තයි කවදාවත් හිනාවෙලා ඉන්නවා 
මං මේ ඇස් දෙකට දැකලා නෑ.. ඒ දෙන්නා කවදාවත් ආදරෙන් එක වචනයක් කතා කරනවා 
මගේ මේ කන් දෙකට ඇහිලා නෑ.. කතා කලොත් කතා කරන්නෙ අවශ්‍යම දෙයක් විතරයි.. 
උඹ විශ්වාස කරපන් මචං ඒ දෙන්නා නිදාගන්නෙත් කාමර දෙකක.. තවත් මොන කතාද බං..
 මම මේ ජීවිතේ වැඩි හරියක් දැකලා තියෙන්නෙ අපේ අම්මගෙයි තාත්තගෙයි වලි විතරයි.. 
අපේ ගෙදර තනිකර අපායක් බං.. තනිකර අපායක්.. පුංචි කාලෙ ඉඳලා මං ඔය ගෙදර හිටියෙ 
හිතේ සතුටකින් නෙමෙයි.. පොඩ්ඩක් හරි ෆන් එකේ හිටියෙ ඉස්කෝලෙදි, ටියුෂන් ක්ලාස් 
එකේදි විතරයි.. ඒ උඹලා නිසා.. ඒකයි මං ලෙඩ උනත්, පිච්චෙන්න උණ තිබුණත් කවදාවත් 
ඉස්කෝලෙ නෑවිත් නොහිටියෙ.. කවදාවත් මගේ අම්මයි තාත්තයි මාව නිවාඩු දවසකට උනත් 
බීච් එකකට, ෆිල්ම් එකක් බලන්න, නිදහසේ ඇවිදින්න එක්කන් ගිහින් තියෙනවද..? නෑ බං.. 
නෑ.. පුංචි කාලෙ මම තාත්තගෙන් අම්මගෙන් ඔය ගැන ඇහුවොත් කියන්නෙ පුතා කරදර 
කරන්න එපා.. අපිට වැඩ තියෙනවා කියල විතරයි.. එයාලා කවදාවත් මාව සතුටින් තියල නෑ.. 
මට හය හතර තේරෙන කාලෙදිම මාව බලාගන්න මනුස්සයෙක් ගෙදරට ගෙනාවා.. මාව එයා 
ගාව දාලා අම්මයි තාත්තයි එයාලගෙ වැඩ.. මට කැව්වෙ, පෙව්වෙ, ලෙඩ උනාම ලඟින් හිටියෙ 
ඒ මනුස්සයා විතරයි.. සිරාවට මම ඒ මනුස්සයට මගේ අම්මටයි තාත්තටයි වඩා ආදරෙයි.. 
මගේ හිතට ගෙදරදි පුංචි හරි සැනසීමක් දැනුනෙ ඒ මනුස්සයා නිසා.. අපේ තාත්තා අම්මා හිතන් 
ඉන්නෙ සල්ලි වලට හැමදේම කරන්න පුළුවන් කියලා.. මෙතන උඹ කියනවා මට කසාඳ බඳින්න, 
බැඳලා සතුටින් ඉන්න කියලා.. මං බැන්ඳත් ඔය ටිකම තමා.. කසාඳය කියන්නෙ තනිකරම 
ගිණි ගොඩක්.. බැඳලා උන් දෙන්නා විඳවනවා නම් කමක් නෑ බං.. අහිංසක දරු පැටවුන්ට 
ගින්දර නොදී.. මට ඕන නෑ බං කසාඳ.. ආයෙ මාත් එක්ක ඔය දේවල් ගැන කතා කරන්නත් 
එපා.. උඹට ඕන නම් බැඳගනිං.. බැඳගෙන ජීවිතේම කාලකන්නි කරගනිං.. මං මේ 
ගන්න ෆන් එක මං ගන්නවා..”

ඩිල්ෂාන්ගෙන් ලැබුණෙ ඔන්න ඔය වගේ උත්තරයක්.. කතාව අවසන් වෙනකොට උගේ 

ඇස් දෙක හොඳටම රතුවෙලා තියෙනවා මං දැක්කා.. ආයෙම මං ඩිල්ෂාන්ගෙන් මේ 
ප්‍රශ්නයත් ඇහුවා.. මොකද මට ඒකටත් උගෙන් උත්තරයක් ඕන වුණ නිසා.

“හරි උඹ කසාඳ බැන්දෙ නෑ කියමුකො.. ඒත් දැන් උඹ ඔය කරන වැඩේ හරිද..?” 

ඩිල්ෂාන් ඒකටත් මට මෙහෙම උත්තරයක් දුන්නා.

“මොකක්ද මං කරන වැරැද්ද.. මචං මාත් මනුස්සයෙක්.. මටත් ආශාවන්, හැඟිම් 

දැනෙනවා.. මම ගලක් නෙමෙයිනේ.. උඹ දන්නව මං කසාඳ බඳින්නෑ කියලා.. 
ඒත් මගේ ආශාවන් මට ඉෂ්ඨ කරගන්න ඕන.. මට ඒවා හිර කරන් ඉන්න බෑ.. 
අනික මං කවදාවත් කෙල්ලෙක් අනාත කරල නෑ.. බොරුවට ආදරේ කරලත් නෑ.. 
කරන්නෙත් නෑ.. මං උන්ව ගන්නෙ සල්ලි දීලා.. මොකද උන් සල්ලි වලට විකිණෙන 
එවුන් නිසා.. හරියට පුස්ථකාලෙන් පොතක් ගන්නව වගේ..” ඊට පස්සෙ මං ඩිල්ෂාන්ගෙන් 
මුකුත්ම ඇහුවෙ නෑ.. ඔය ගැන කතා කරන්න ගියෙත් නෑ.. ඒ කතාව අවසන් උනේ ඔන්න 
ඔය විදියට. මං ඔය කතාව කිව්වෙ ඩිල්ෂාන්ගෙ ගැන වැඩිදුර දැනගැනීම සඳහා.

අද ඩිල්ෂාන් ආපු කාරණාව මං හොඳටම දන්නවා.. ඌ ඒක අහපු විදියෙන් මට ඒ බව 

හොඳටම තේරුණා.. හැමදාම වගේ කොහෙන් හරි සල්ලි දීලා කෙල්ලෙක් අරගෙන එන්න ඇති..

“නෑ නෑ.. මුං තුන්දෙනා මගේ බොක්කෙ ෆිට් තුනක්.. මාත් එක්ක එකට වැඩ කරන එවුන් බං..” 

මං ඩිල්ෂාන්ට කිව්වා.

“ආහ්.. එහෙමද..? එහෙනම් නෝ ප්‍රොබ්ලම්.. මේකයි කේස් එක කොල්ලනේ.. 

අද සෙට් උනා නියම එකක්.. යමුද පොඩි ෆන් එකක් ගන්න.. අපි පස් දෙනාම වැඩි 
නැතිවෙයි සමහර විට..” එහෙම කියලා ඩිල්ෂාන් හිනාවෙන්න ගත්තා.. මගේ අනිත් 
යාලුවො තුන්දෙනා ඩිල්ෂාන් දිහා බැලුවෙ අමුතු විදියකට.. මම, රශ්මික, උදේශ්, 
අසිත් හතර දෙනාම ඩිල්ෂාන් උගේ කාර් එක නවත්තලා තිබ්බ පැත්තට ඇදගෙන ගියා.. 
අපි හතර දෙනාම කාර් එක ගාවට ගිහින් නැවතුනා.. මං ආයෙම කතාව පටන් ගත්තා.

“උඹ දන්නවනේ ඩිලා මං ඔය සබ්ජෙක්ට් එකට වැඩි ආසාවක් නෑ කියලා.. ඒක නිසා 

උඹ කරන දෙයක් කරගනිං.. මං වාශ්ප වෙනවා.. ගෙදර යන්නත් පරක්කුනේ.. හෙට 
අනිද්දා ඕන නම් පොඩියට ඩ්‍රින්ක් එකක් දාමු අපි ටික සෙට් වෙලා..” ඇත්තම කිව්වොත් 
මට පුංචි හරි ආසාවක් තිබුණෙ නෑ සල්ලි දීලා කෙල්ලෙක් අරගෙන මගේ ආශාවන් ඉටු 
කරගන්න. මාත් කොල්ලෙක් තමා.. මටත් ආශාවන් නැතුව නෙමෙයි.. ඒත් ඒ ආශාවන් 
ඉෂ්ඨ කරගන්න මටත් දවසක් එයිනේ.. මං කාලයට ඉඩ දීලා ඔහේ බලාන හිටියා.

“උඹ මට ඔහොම කියන්නෑ බාන්ඩෙ දැක්කා නම්.. මේ බලපන් ඩෝ..” එහෙම කියලා 

එකපාරම ඩිල්ෂාන් කාර් එකේ පිටිපස්සෙ දොර ඇරියා.

ඌ ඒ කෙල්ලට මේ දෙනෝදාහක් යන මහපාරෙ කාර් එකෙන් බහින්න කියලත් කිව්වා. 

මම කලිනුත් ඩිල්ෂාන් අරගෙන එන ඔය කෙල්ලොන්ව ඕන තරම් දැකලා තියෙනවා.. 
ඒ ඇස්වල, ඒ මූණුවල තිබ්බෙ මහා හිස්බවක් විතරයි.. කිසිම අරමුණක් නෑ.. ඔහේ පන 
කෙන්ද තියෙන නිසා ජීවත් වෙනව වගෙයි ඒ අය දිහා බැලුවම මට පෙනුනෙ.. ඒත් මේ 
කෙල්ලව දැක්කම මගේ හිතට දැනුනෙ වෙනම හැඟීමක්.. ඒ ඇස් දිහා බැලුවම මං දැක්කෙ 
ඒ ඇස් දෙකේ මහා දුකක් ලියවිල තියෙනව වගේ.. ඇසුත් රතු කරගෙන, මූණත් මලානික 
කරගෙන අහිංසක මුව පැටියෙක් වගේ ඔහේ අසරණ විදියට බලන් හිටියා.. ඩිල්ෂාන් කියපු 
කතාව නම් ඇත්ත තමා.. ඒ ගෑණු ළමයා පුදුම ලස්සනයි.. අවුරුදු 22ක 24ක වගේ 
කෙල්ලෙක්.. “ඇයි දෙයියනේ මෙච්චර ලස්සන කෙල්ලො මේ වගේ කාලකන්නි වැඩ 
කරන්නෙ.. මුන්ට හොඳ කොල්ලෙක් හොයාගෙන කසාඳයක් බැඳලා හොඳහැටි ජීවත් 
වෙන්න බැරිද.. එක එකාලගෙ ආශාවන් ඉෂ්ඨ කරන්න යන්නෙ සල්ලි වලට කෑදරකමේ.. 
තූ විතරක්..” මං මටම කියාගත්තා.

“ඩිල්ෂාන්.. මට මෙයා එක්ක ඩිංගක් කතා කරන්න ඕනි..” මටත් හිතාගන්න අමාරුයි.. 

මට ඒක ඉබේටම කියවුණා.. එහෙම කියලා මං එයා දිහා බැලුවම එයා බිම බලාගත්තා.. 
ලැජජාවට වෙන්න ඇති.. ඒත් මං දන්නවා මොකක් හරි ලොකු දුකක් ඒ හිතේ හිරවෙලා 
තියෙන විත්තිය..

“මං කලින්ම හිතුවා ඕක.. කමක් නෑ.. එහෙනම් උඹ අරන් පලයන්.. මං වෙන එකක් 

අරගන්නං.. උඹත් ලොකු ටෝක්ස් දුන්නට ලස්සන එකක් දැක්කම මදන කුලප්පුව 
හැදෙනවනේ.. වැඩේ කරන්නමයි හිත.. හ්ම්.. හ්ම්..” ඒ කතාවට ඩිල්ෂාන් එක්ක 
මට තරහක් ආවත් මං ඒක හිතේ හංගගත්තා.. මං කැමති නෑ වචනෙකින් හරි යාලුවන්ගෙ 
හිත් රිද්දන්න.. ඒ මගේ හැටි.

“නෑ.. එහෙම දේකට නෙමෙයි.. උඹලා පොඩ්ඩක් විසි වෙයන්කො.. මට විනාඩි 

දහයයි ඕන..” මං එහෙම කිව්වම මුන් හතරදෙනාම මගේ දිහා අමුතු හිනාවකුයි, 
අමුතු බැල්මකුයි දාලා යන්න ගියා. අන්තිමට එතන ඉතුරු උනේ ඒ ගෑණු ළමයයි 
මමයි විතරයි.. එයා තවමත් බිම බලාගෙන.. මම යකෙක් වගේ පේනවද මන්දා.. 
කොහොම උනත් කෙල්ලෙක්නේ.. වෙන්න යන විනාසෙත් දන්නවනේ.. 
අනික කොල්ලො පස් දෙනෙක්.. ඉතිං බය වෙන එක අහන්නත් දෙයක්ද.. වටපිටේ 
සෙනග ඉන්න නිසා මං හෙමීට එයා එක්ක කතා කරන්න ගත්තා.

“මං දන්නෑ.. ඔයා අක්කා කෙනෙක්ද, නංගි කෙනෙක්ද කියලා.. ඒත් මට ඔයා එකක් 

ටිකක් කතා කරන්න ඕන.. බයවෙන්න එපා.. මං ඔයාට නරකක් කරන්නෑ.. ඔයාට 
මාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද..?” මං එහෙම කිව්වම හෙමින් හෙමින් ඔලුව 
උස්සලා එයා මං දිහා බැලුවා.

“පුළුවන් සර්...” මං බලන් ඉද්දිම ඒ ඇස් දෙකෙන් කඳුළු බේරෙන්න ගත්තා. ඇයි 

දෙයියනේ මං මොකක් හරි වැරදි දෙයක්වත් කිව්වද.. මට ඒ ගෑණු ළමයා ගැන ඇත්තටම 
හිතේ දුකක් ඇතිවුණා.

“මට ඔයා දිහා බැලුවම කියන්න පුළුවන් ඔයා මේ රස්සාව කැමැත්තකින් කරන දෙයක් 

නෙමෙයි කියලා.. ඔයා මේ රස්සාවට කවුරුහරි බලෙන් ඇදගෙන ආවද..? ඔයාට වයස කීයද..? 
මම ඔය රස්සාව කරන ඕන තරම් අය දැකලා තියෙනවා.. ඒත්......... ඒ අය ඔයා 
වගේ නෙමෙයි.. මට කියන්න.. ඔයාව බලෙන් මේ රස්සාවට කවුරුහරි ඇදගෙන 
ආවා නම් මං ඔයාට උදව් කරන්නම්..” මං කියාගෙන කියාගෙන ගියා.. ඒ වෙලාවෙ 
මං එයා දිහා බැලුවම මං දැක්කෙ එයා පුදුම වෙලා මං දිහා බලන් ඉන්නව..
“කවුරුවත් බලෙන් මාව මේකට ගෙනාවෙ නෑ සර්.. මං වෙන කරන්න දෙයක් නැති 

නිසයි මේ රස්සාව තෝරගත්තෙ.. මං ගොඩක් අසරණයි සර්... මං ගොඩක් අසරණයි.. 
මට වෙන කරන්න දෙයක් නෑ.. මට දැන් වයස 23ක් වෙනවා....” මං හිතුව දේ හරියටම 
හරි.. ඒ කියන්නෙ.. මං මුලින්ම එයා දිහා බලලා හිතුව දේ හරි.. එයාගෙ හිතේ ලොකු 
දුකක් හිරවෙලා තියෙනවා.. මට කලින්ම ඒ ඇස් දිහා දැක්කම ඒක හිතුණා.. අවුරුදු 23යි 
කියන්නෙ එයා මට වඩා වැඩිමල් අවුරුද්දකින්..

“ඒ කියන්නෙ ඔයා මට අක්කා.. මට වයස 22යි.. ඒ ගැන කතා කරල වැඩක් නෑ.. 

අක්කා කැමතියි නම් ඔය දුක හිතේ හිරකරගෙන ඉන්නෙ නැතුව මං එක්ක කියන්න.. 
හිතේ තියෙන දුකක් කා හරි එක්ක කිව්වම හිත ඩිංගක් හරි සැහැල්ලු වෙනවනේ.. 
මං ඔයාව දැක්ක වෙලාවෙම ඔය ගැන හිතුණා.. මං බල කරන්නෙ නෑ.. කැමති නම් 
විතරක් කියන්න..” ඒ වගේ දෙයක් අහන්න මේක හරි වෙලාව නෙමෙයි කියල මං දන්නවා.. 
ඒත් මේ ගෑණු ළමයා ඉන්නෙ ප්‍රශ්ණෙක කියලා මං දැනන් හිටියා.. ඒ නිසායි මං 
එහෙම ඇහුවෙ.. මං එහෙම කිව්වම එයා අතින් කටත් වහගෙන අඩන්න ගත්තා.. 
පාරෙ යන මිනිස්සු අපි දිහා බැලුවෙ අමුතු විදියට.. ඒත් මට ඒක ඒ හැටි ප්‍රශ්නයක් 
උනේ නෑ.. ඒත් ගෑණු ළමයෙක්ට ඒක ප්‍රශ්නයක්..

“අක්කෙ.. අඩන්නෙ නැතුව කතාව කියන්න.. නැත්නම් පාරෙ යන අය අපි ගැන 

වැරදියට හිතයි..” මං එයා දිහා බලලා කිව්වා.

“මං ගැන හෙට අනිද්දා හැමෝම වැරදියට හිතයි සර්.. කොහොමත් මං වැරදි 

කෙනෙක්නෙ එතකොට..”

“හ්ම්.. දැන් කතාව කියන්න ඉතිං.. ඔය සර් කෑල්ල පැත්තකට විසි කරලා මට මල්ලි 

කියල කතා කරන්න.. මල්ලි කියන්න බැරි නම් මට නමවත් කියලා කතා කරන්න.. 
මම සම්පත්..” එයා ඒ වතාවෙ නම් ඇස් දෙකේ කඳුළුත් පිහදාගෙන කතාව කියන්න 
පටන්ගත්තා. මගේ යාලුවො ටික නම් මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා.. මම උන් 
දිහා බැලුවම උන් මට නක්කලේ දානවා.. මුන් වෙනම දෙයක් හිතාගෙන ඇත්තෙ.

“මං වැඩකලේ ගාමන්ට් එකක මල්ලි.. වැඩ බලන කෙනෙක් විදියට.. ඒකෙ වැඩට 

ගිහින් දැන් අවුරුද්දකටත් කිට්ටුයි.. මගේ තාත්තා ලෙඬ ඇඳේ හිටියෙ.. එයා වඩු 
වැඩ කලේ.. එයාට වැඩ කරන්න බෑ.. මට මල්ලි කෙනෙක් ඉන්නවා.. එයා තාම 
ඉස්කෝලෙ යනවා.. මගේ පඩියෙන් තමා පවුලම ජීවත් උනේ.. මල්ලිගෙ ඉස්කෝලෙ 
වැඩ වලට වියදම් කලෙත්.. ඒත්................. මගේ තාත්තට සති දෙකකට කලින් 
හොඳටම අසනීප උනා.. එයාට ඔපරේෂන් එකක් කරන්න වෙනවලු.. නැත්නම් එයාව 
ජීවත් කරවන්න බැරිවෙයි කියලා දොස්තරලා කිව්වා.. ඒකට දෙලක්ෂ අසූදාහක් යනව 
මල්ලි.. මං කොහොමද ඒ තරම් ලොකු ගාණක් හොයන්නෙ.. සතියක් ඇතුළත ඔපරේෂන් 
එක කරන්නත් ඕනි.. මං ගාමන්ට් එකේ ලොකු සර්ටත් කිව්වා.. ඒත් එයා කතාව අහගෙන 
හිටියා විතරයි.. අඩුම තරමෙ රුපියලක්වත් දුන්නෑ.. එයා කිව්වෙ ජීවිතේ හැටි ඔහොම 
තමයි කියලා.. මගේ යාලුවෙක් හිටියා දිල්හානි කියලා.. එයාට මේ කතාව කිව්වම 
තමා මට මේ වගේ යෝජනාවක් ගෙනාවෙ.. එයා දන්න කෙනෙක් ඉන්නවා කියලා..
 මම කවදාවත් හිතන් හිටියෙ නෑ දිල්හානිත් ඒ වගේ කෙනෙක් කියලා.. මට වෙන 
කරන්න දෙයක් තිබුණෙ නැහැ මල්ලි.. මං ගොඩක් අසරණ වෙලයි හිටියෙ ඒ 
වෙලාවෙ.. මට මගේ තාත්තව බේරගන්න වෙන කිසිම විදියක් තිබුණෙ නෑ.. 
කවුරුවත් මට උදව් කලෙත් නෑ.. ඒ නිසා මං ඒ දේට හිතේ කැමැත්තක් නැති 
උනත් අකමැත්තෙන් හරි කැමති වෙන්න සිද්ධ උනා.. එතන මං වගේම ගෑනු 
ළමයි ගොඩක් ඉන්නවා.. ඒකෙ අයිතිකාරයා කිව්වා මං ඔයාට දෙලක්ෂ අසූදාහ 
දෙන්නම්.. හැබැයි ඔයා මෙතන අවුරුද්දක් වැඩ කරන්න වෙනවා කියලා.. කිසිම 
මුදලක් නැතුව.. හැබැයි මෙතනින් පැනලා යන්න හැදුවොත් තාත්තයි, අම්මයි 
ඔක්කොම ඔයාට නැතිවෙයි කියලත් කිව්වා.. මම අන්තිමට වෙන කරන්නම 
දෙයක් නැති නිසා ඒ දේට කැමති උනා.. මං වෙන මොනා කරන්නද මල්ලි..” 
ඒ කතාව ඇහුවම මගේ ඇස් උඩ ඉන්දුනා.. මගේ ඇඟ ඉස්සරහම අකුණක් 
ගැහුව වගේ හැඟීමක් මට දැනෙන්න ගත්තෙ.. දෙයියනේ............... 
මං මේක කොහොම විශ්වාස කරන්නද.. කතාව කියලා ඒ අක්කා මහ 
හයියෙන් අඬන්න ගත්තා.. මං අඬන්න එපා කියලා කිව්වත් එයා ඇහුවෙ නෑ.. 
මං දන්නවා ඒ දුක හිරකරගෙන ඉන්න අමාරුයි කියලා.. මොකද මටත් 
නොදැනිම මගේ ඇස් දෙකට කඳුළු උනලා තිබුණ නිසා.. මගේ හඬත් බිඳිලා 

ගිහින් කියලා මං කතා කරද්දි මට දැනුණා.
“අක්කා මේ රස්සාව කරන්න අරන් කොච්චර කලක් වෙනවද..? ඉතිං 

තාත්තව සනීප කරන්න අර මිනිහා ඔයාට ඒ සල්ලි දුන්නද..? දැන් තාත්තට 
හොඳයිද..?” මං බිඳිච්ච හඬින්ම ඒ අක්කගෙන් ප්‍රශ්න වැලක් අහගෙන 
අහගෙන ගියා.. මටත් නොදැනිම මගේ කටින් පිටවෙන දේවල් ගැන මටම පුදුම හිතුනා..

“අනේ නෑ මල්ලි.. මේ මගේ මුල්ම දවස... බොරු නම් අර කාර් එකේ ආපු 

සර්ගෙන් අහන්න.... එයාට කෝල් එකකුත් දුන්නා එතන ලොක්කා.. මට 
ඒක ඇහුනා ඒ වෙලාවෙ.. ඊට පස්සෙ තමා එයා මාව අරගෙන ආවෙ එයාට සල්ලිත් 
දීලා.. එතන ලොක්කා කිව්වා අද රෑට මං ආවම අර සල්ලි දෙන්නම් කියලා.. අර 
සර් මාව කාර් එකට දාගෙන අරන් එද්දි මට ගොඩක් බය හිතුනා මල්ලි.. මට මං 
ගැනම ලැජ්ජාවක් දැනුණා.. අනේ මං මහ පවුකාරියක්.. අද රෑට මගේ ජීවිතේම 
කාලකන්නි වෙයි..” එයාගෙ කඳුළු අලුත් උනා.. එයා වැලහින්නියක් වගේ තවත් 
හයියෙන් අඬන්න ගත්තා.. ඒ කියන වචන හැම එකක්ම ඊතල වගේ මගේ පපුව 
පුරාවටම වැදුනා.. මගේ ඇඟම වෙව්ලලා ගියා.. තමන්ගෙ තාත්තගෙ ජීවිතේ බේරගන්න 
මේ වගේ දෙයක් කරන්න පෙළඹුනා කිව්වම මට වාවන්නෙ නැතුව ගියා.. එයාගෙ අත් 
දෙකත් වෙව්ලනවා.. ඒත් මට සතුටක් දැනුණෙ ඒ අක්කා කියපු එක දෙයක් නිසා.. 
ඒ අද එයාගෙ මුල්ම දවස කියපු එක.. මං එකහිතින්ම හිතාගත්තා මේ වැඩේ කොහොම 
හරි නවත්තනවා කියලා.. ඔය අස්සෙ කොල්ලො ටික මේ පැත්තට එන්න ආවත් මං 
එයාලව එන්න එපා කියලා අතින් ඉඟියක් දීලා නැවැත්තුවා..

“හරි දැන් හොඳ අක්කා වගේ අඬන්නෙ නැතුව ඉන්නකො.. මං ඔයා උනා නම් ඔය 

වගේ වෙලාවක මමත් ඔය දේම කරන්න තිබුණා.. ඇත්තටම මං ඔයා ගැන ගොඩක් 
ආඩම්බර වෙනවා.. තමන්ගෙ තාත්තගෙ ජීවිතේ බේරගන්න මේ වගේ දෙයක් කරන්න 
හැදුව කිව්වම.. මට අදහගන්නත් අමාරුයි.. අද රෑට ඔයාගෙ ජීවිතේම කාලකන්නි 
වෙන්නෙ නෑ.. ඒ ගැන බයවෙන්න එපා.. ඔයාගෙ වාසනාවට තමා ඔයා අපි වගේ 
අයට හම්බවුනේ.. නැත්නම් ඔයාගෙ ජීවිතේම අඳුරු වෙලා යයි.. ඒ අතින් ඔයා 
වාසනාවන්තයි අක්කෙ.. ඒත් මට එක දෙයක් කරන්න වෙනව අක්කෙ..” මං 
දැක්කා ඒ දේ කිව්වම ඒ මලානික මූණට ලාවට හරි පුංචි සතුටක් එනවා.. අපි 
දෙන්නා පාරෙ හිටියත් මං ඒ අත් දෙකෙන් අල්ලගත්තා..

“මොකක්ද මල්ලි..?” බියපත් වෙච්ච කටහඬින්ම එයා මගෙන් ඇහුවා.

“මේ කතාව අනිත් හතර දෙනාටත් කියන්න වෙනවා.. ඒ වගේම ඔයාට අපිව ඔයාගෙ 

ගෙදරට එක්කගෙන යන්නත් වෙනවා.. එහෙම උනොත් මං ඔයාව මේ අපායෙන් 
බේරගන්නවා කියලා පොරොන්දු වෙනවා..” මං එහෙම කිව්වම එයා ඒ අහිංසක 
ඇස් දෙකෙන් මං දිහා කෙලින්ම බැලුවා.

“කමක් නෑ මල්ලි.. එයාලට කියන්න.. මං දැන් උනත් ඔයාලව අපේ ගෙදර 

ක්කගෙන යන්නං.. ඒත් මල්ලි......” එයා මොකක් හරි කියන්න හදලා 
මඟින් නැවැත්තුවා..

“දැන් තමා යන්න ඕනි.. මේ දැන්.. මොකක්ද ඒත් මල්ලි කියල නැවැත්තුවෙ..?” 

මං ඇහුවා..

“මගේ තාත්තා...?”

“ආහ්.. ඒ ගැන අපි කතා කරමුකො යන ගමන්.. මට ගොඩක් පමා වෙන්නත් බෑ.. 

ගෙදරින් බයවෙයි.. දැනුත් හයට කිට්ටුයිනේ.. ඉන්න මං යාලුවන්ට කතා කරනකන්..”

මං ඔය අතරෙ ගෙදරටත් කෝල් එකක් ගත්තා.. අරන් කිව්වෙ මං දානෙ ගෙදරක 

යනවා කියලා.. මේ වගක් අම්මට කටක් ඇරලා කොහොම කියන්නද..? ඊට පස්සෙ 
මං කොල්ලො සෙට් එකට කතා කලා.. කතා කරලා හැම විස්තරයක්ම එයාලට කිව්වා.. 
මං දැක්කා හැම කෙනෙක්ගෙම ඇස් රතු වෙලා තියෙනවා.. කවදාවත් කෙල්ලෙක් 
වෙනුවෙන් කඳුළක් බිමට නොහෙලපු ඩිල්ෂාන්ගෙ ඇස් හොඳටම රතුවෙලා.. ඒත් 
ඩිල්ෂාන් හිටියෙ බිම බලාගෙන.. මං දන්නවා ඩිල්ෂාන්ට ඒ අක්කගෙ මූණ දිහා 
කෙලින් බලන්න බැරි බව.. එයා හිටියෙ කලකිරීමෙන් වගේ.. මම ඩිල්ෂාන් නම් 
මටත් වෙන්නෙ ඔය ටිකම තමා.. උදේශ්ගෙ නම් කම්මුල දිගේ කඳුළු බේරෙනවා 
මං දැක්කා.. ඔය අතරෙදි තමයි කවුදෝ මිනිස්සු දෙන්නෙක් අපි ඉස්සරහට ආවෙ.

“මොනවද මහත්තයා බලු වැඩ කරන්නෙ.. අහිංසක කෙල්ලෙක් අල්ලගෙන.. 
අපි සීන් එක දුර ඉඳන්ම බලන් හිටියෙ.. නංගි ඔයා යන්න.. අපි මුන් ගැන බලාගන්නං.. 
තොපේ අමාරු වලට මේ අහිංසක කෙල්ලො පලිද..?” මං හිතුවා ඔහොම දෙයක් 
වෙයි කියලා.. ඇයි ඉතිං මේ අක්කා වැලපෙන්න ගත්තනේ මහා හයියෙන්.. 
අනික මෙතන කොල්ලො පස් දෙනෙකුත් ඉන්නවා.. අනේ අහිංසක කෙල්ලෙක් 
නම් තමා.. එයා මේ මල් මල් ගවුමට හරිම ලස්සනයි..

“නෑ නෑ.. ඔයාලා කලබල වෙන්න එපා.. මේක අපේ ප්‍රශ්නයක්.. මේ ඉන්නෙ 

මගේ යාලුවගෙ අක්කා.. එයාට කවුදෝ කෙනෙක් කරදර කරන්න එනවලු.. අපි 
ඒකයි මේ රැකලා හිටියෙ බුවාව අල්ලගන්න.. මෙයා මේ අඬන්නෙ අපි රණ්ඩුවට 
යයි කියලා බයේ..” අසිත් එහෙම කිව්වට ඒ මිනිස්සු විශ්වාස කලේ නෑ.

“ඇත්තද නංගි මේ කියන්නෙ..?” හරියටම මේ කතාව ඇත්තක්ද කියලා දැනගන්න 

ඕන නිසා ඒ දෙන්නා අක්කගෙන් ඇහුවා.

“ඔව්.. මෙයා මගේ මල්ලි..” එයා බිම බලාගෙනම කිව්වා.

“ඒක මිසක්.. අපි හිතුවා වෙන සීන් එකක් කියලා.. ඔය වගේ බලු වැඩ ඕන 

තරම් අද කාලෙ වෙනවනේ.. සොරි මල්ලිලා.. සොරි..” එහෙම කියලා ඒ 
දෙන්නා යන්න ගියා.. අසිත් ආයෙම මැද්දෙන් පැන්නා..

“අක්කෙ.... තරහ නැතුව ඔයාගෙ නම කියන්නකො..” ඌටත් ඕන නැති 

ගුලක් නෑ.. ඒක ඌ ඇහුවෙ හරි හුරතල් ස්වරයකින්.. ඒ අක්කට ලාවට 
වගේ හිනාවකුත් ආවා..

“මගේ නම මහේෂි..” ඒ නම නම් ඇත්තටම ලස්සනයි.. එයාටම ගැලපෙන නමක්.. 

නමට වඩා ඒ අක්කව නම් පට්ටම ලස්සනයි.. වචනයෙන් කියලා ඒ ලස්සන විස්තර 
කරන්න අමාරුයි.. එයාව දකින්නම වෙනවා..

“නම නම් ලස්සනයි අක්කෙ.. ඒත් අපි මෙතෙන්ට වෙලා ඉන්න ඉන්න වෙලාව 

යනවා.. අපි දැන් යමු..” මං කිව්වා..

අපිට විනාඩි විස්සක් විතර යද්දි මහේෂි අක්කලගෙ ගෙදරට එන්න පුළුවන් වුණා.. 

එයා හිටියෙ ටවුන් එකේ ඉඳලා වැඩි ඈතකින් නෙමෙයි.. අපි වාහනේ එයාලගෙ 
ගෙවල් ගාවටම ඇවිත් නැවැත්තුවා.. අපි දුරට දැක්කෙ ගඩොලින් හඳපු පුංචිම 
පුංචි ගෙයක්.. අපි යනකොට මහේෂි අක්කගෙ අම්මා උලුවස්ස ළඟින් වාඩිවෙලා 
මඟ බලාගෙන ඉන්නවා මං දැක්කා.. එයා බයවෙලා වගේ එක පාර අපි දිහාට 
දුවගෙන ආවා.

“අනේ දුවේ ඇයි පරක්කු උනේ.. අද රෑ වැඩ නෑ කිව්වා නේද..? මේ මහත්වරු 

කවුද..?” ඒ අම්මා හොඳටම බයවෙලා.. මට ඒ වෙලාවෙ සිහියට ආවෙ.. මේ අහිංසක 
කෙල්ල අර කරන්න ගියපු අවදානම් වැඩේ ගැන.. එහෙම උනා නම් අද මෙයාට 
එන්න වෙන්නෙ රෑ දොළහත් පහුවෙලානේ දෙයියනේ.. එහෙනම් මේ අම්මා කොහොම 
බයවෙයිද.. අනික උදේ ගෙදරින් එලියට බැහැලා ගියපු ඒ දුව නෙමෙයි රෑට 
ගෙදර එන්නෙ.. කොල්ලොන්ගෙ අතින් සල්ලං වෙච්ච අසරණ ගෑණියෙක් 
විතරයි.. මගේ හිතේ තිබ්බ දුක තවත් වැඩි උනේ ඒ අම්මගෙ අහිංසක මූණ දැකලා.

“මොන මහත්වරුද අම්මෙ.. කාර් එකකින් ආපු පලියට කොහොමත මහත්වරු 

වෙන්නෙ.. අපි මේ මහේෂි අක්කගෙ ගාමන්ට් එකේ වැඩ කරන අය.. මෙයාගෙ 
තාත්තව බලලා යන්න කියලයි ආවෙ..” ඩිල්ෂාන් පැනපු ගමන් කියාගෙන ගියා.. 
මහේෂි අක්කට රශ්මික ඇරෙන්න අනිත් හැමෝම මල්ලිලා නම් තමයි.. ඒත් 
ඩිල්ෂාන් මල්ලි කියන කෑල්ලත් මුලට දැම්මෙ වැඩි හොඳට කියලා මට හිතුණා.. 
අපේ රශ්මික මහේෂි අක්කගෙ වයසෙ..

“අනේ.. එන්න පුතේ ඇතුලට.. මහේෂිගෙ තාත්තට හුඟක් අසනීපයි.. එයාට 

ඔපරේෂන් එකක් කරන්න වෙලා.. මම මේ දහඅතේ කල්පනා කරන්නෙ ඒ ගැන 
දරුවො.. මෙයත් උදේ අඬ අඬා ඉඳලා වැඩට ගියේ.. අද දරුවා පරක්කු වෙච්ච 
නිසා මං තවත් බයේ හිටියෙ.. මොකක් හරි කරදරයක්දෝ කියලා.. මෙයා තාත්තට 
ගොඩක් ආදරෙයි.. පණ ඇරලා.. සල්ලි හොයාගන්න විදියක් නෑ කියලා මේ 
ටිකේ හිටියෙ මෙයා පිස්සු වැටිලා වගේ.. ඒකයි වැඩියක්ම මට බය තියෙන්නෙ..” 
මහේෂි අක්කගෙ අම්මගෙ ඇසුත් කඳුලින් පිරිලා ගියා.

“අපිට කිව්වා අම්මෙ මහේෂි අක්කා..”

අපි විනාඩි දහයක් පහළොවක් මහේෂි අක්කගෙ ගෙදර ඉඳලා යන්න පිටත්වුණා.. 

ඒත් ඊට කලින් අපි මහේෂි අක්කට කතා කලා..

“දැන් අක්කා අපි කියන දේ අහන්න ඕන හොඳද.. හෙට ඉඳන් ගාමන්ට් එකේ වැඩට 

යන්න බෑ.. ගෙදරට වෙලාම ඉන්න ඕන.. අපි හෙට උදේම එනවා ඔයාව බලන්න.. 
දැන් ගොඩක් රෑ වෙලානේ.. අඬන්නෙ නැතුව ඉන්න.. අපි මොනා හරි කරමු 
මේකට..” එහෙම කියලා අපි යන්න ආවා.. ඒත් මං දන්නවා ඒ හිතේ ප්‍රශ්න 
කොටියක් පිරිලා තියෙන බව..

ඩිල්ෂාන් ටික දුරක් ගිහින් වාහනේ පාර අයිනට කරලා නැවැත්තුවා.

“සම්පත්.. උඹ ගැන මට කියන්න වචන නෑ කොල්ලො.. උඹ නම් පුදුම චරිතයක්.. 

යකෝ මම කීයටවත් හිතුවෙ නෑ බං මේ වගේ සීන් එකක් වෙයි කියලා.. මට ඒකි 
දිහා බලන්නත් ලැජ්ජයි.. ෂිහ්.. මං වගේ අපතයෙක්.. මං කීයටවත් හිතුවෙ නෑ මේ 
වගේ කේස් එකක් වෙයි කියලා.. වෙලාවට බං ඒකිට උඹලව හම්බඋනේ.. නැත්නම් 
කවදාවත් ඒකි මට ඔය දේවල් කියන්නෑ.. මටත් එයාගෙ වෙනසක් තේරුනා.. ඒත් 
බං අද මුල්ම දවස නිසා බයෙන් ඉන්නවා ඇති කියලයි මට හිතුනෙ..” මුල්ම දවස 
කියලා ඩිල්ෂාන්ගෙ කටින්ම කියවුණ එක නම් වටිනවා.. ඒ කියන්නෙ ඒ කතාව 
ඇත්ත.. මට ආව ප්‍රශ්නය තමයි මේ අක්කට ආදරවන්තයෙක් ඉන්නවද නැද්ද කියන 
එකත්.. එහෙම උනොත් ඉතිං ඒ කොල්ලටත් මොන තරම් දුකක්ද.. ඔය ප්‍රශ්නෙ 
හෙට අහනවා කියල මං හිතාගත්තා.

“හරි හරි.. ඔය දේවල් ගැන අපි පස්සෙ කතා කරමු බං.. අපි දැන් කරන්න ඕන

එකම දෙයයි.. මේ අහිංසක ජීවිතේ බේරගන්න එක.. ඒක කොහොම හරි කරන්න 
වෙනවා..” මට ඕන වෙලා තිබ්බෙ ඒ දේ විතරයි.. ඉතිං මං හැමෝම ඉස්සරහ ඒක 
කියලා දැම්මා.

“ඔච්චර ලොකු ගාණක් කොහොම හොයන්නද බං..?” අසිත් ඇහුවා.. උගේ ඇස් 

දෙකත් උඩ ඉන්දිලා කියලා මං දැක්කා.. මට හිනාවක් ආවත් මං ඒක යටපත් කරගත්තා.. 
මේක හිනාවෙන්න වෙලාවක් නෙමෙයි නිසා..

“මං ගාව බයික් එකක් ගන්න ඉතුරු කරගත්තු එකයි විස්සක්, තිහක් වගේ ඇති.. 

මම ඒක දෙන්නම්.. බයික් නම් කවද ගන්න බැරිද.. ඒත් ජීවිතයක් නැති උනොත් 
ආයෙම ගන්න බෑනෙ බං.. අනිත් එක මේ අහිංසක කෙල්ලගෙ ජීවිතෙත් ගොඩක් 
වටිනවා.. එයා තාත්තට ගොඩක් ආදරේ පාටයි බං.. වෙන කෙල්ලෙක් නම් ලොවෙත් 
මෙහෙම දෙයක් කරන්නෑ.. මගේ ඇඟත් එක්ක වෙව්ලනවා ඔය සීන් එක ඇහුවට 
පස්සෙ.. පව් බං.. ඒ අක්කා හරිම පව්.. ඒකිට තාත්තා නැති උනොත් ඒකිත් මැරිලා 
යයි කියලා මං තක්කෙටම දන්නවා.. ඒත් බං ඉතුරු ගාණ කොහොමද හොයාගන්නෙ..” 
අපිට ඉස්සර ලොකු පඩියක් ලැබුණෙ නෑ.. 45,000.00ක් - 50,000.00ක් අතර 
ගාණක් තමා ලැබුණෙ.. ඒ ලැබෙන පඬියෙන් ගෙදරටත් ගාණක් දීලා පුංචි මුදලක් 
බයික් එකක් ගන්න කියල හිතන් වෙන් කලා.. ඒ ගාන මං මහේෂි අක්කගෙ 
තාත්තගෙ ඔපරේෂන් එකට වියදම් කරනවා කියල හිතාගත්තා.. ඒත් ඉතුරු ගාණ..?

“වොරි වෙන්න එපා බං.. මටත් එකයි විස්සක් වගේ දාන්න පුළුවන්.. මාත් 

පොඩි වැඩකට එකතු කරපු ගානක් තියෙනවා.. එතකොට දෙකයි පනහක් 
වගේ තියෙනවනේ.. අපේ තාත්තගෙන් මට ඔය සම්පූර්ණ ගාන ඉල්ලගන්න 
පුළුවන්.. එයාලට ඕක මහ වැඩක් නෙමෙයි.. ඒත් මං එයාලා එක්ක වැඩිය 
නෑ බං සම්පත්.. උඹ දන්නවනේ ඉතිං.. ඉතුරු ටික උඹලා තුන්දෙනාට බලාගන්න 
පුළුවන්ද..?” රශ්මික නම් කසාඳ බැඳපු කොල්ලෙක්.. එයාට මුදල් හුඟක් 
අවශ්‍යයි කියලා මං දැනන් හිටියා.. ඒක නිසා අපි එයාට බල කරන්න ගියේ 
නෑ.. අසිතුයි, උදේශුයි දෙන්නා ඉතුරු ටික පියවන්නම් කියලා තීරණය කළා.

එදා මං ගෙදර යනකොට රෑ 8ටත් කිට්ටු වෙලා.. අපි මඟ වාහනෙත් 

නවත්තගෙන කයියක් දාගෙන හිටපු නිසා ඒකටත් පැය භාගයක් විතර 
නොදැනිම ගෙවිලා ගියා.. මම එදා රෑ ගෙවල දැම්මෙ ගොඩක්ම සතුටින්.. 
ඒ වගේම ඊළඟ දවසෙ උදේම නැඟිට්ටෙත් හිතේ ලොකු සතුටක් තියාගෙන.. 
මං කාලා බීලා 8ට විතර ඩිල්ෂාන්ට කෝල් එකක් ගත්තා.. ඊට පස්සෙ ඩිල්ෂාන් 
එක්ක උදේම ඔෆිස් එකට ගිහින් බොස්ට කියල නිවාඩුවකුත් ඉල්ලගෙන කොල්ලො 
දෙන්නගෙන් රුපියල් තිස්දාහකුත් අරන් ආයෙම මහේෂි අක්කව බලන්න 
මායි ඩිල්ෂානුයි එයාලගෙ ගෙදරට ගියා.

ඒ යනකොට මහේෂි අක්කා පේමන්ට් එක උඩ වාඩිවෙලා ඉන්නවා අපි දැක්කා.. 

අපි එනව දැක්ක ගමන් මහේෂි අක්කා අපි ගාවට දුවගෙන ආවා..

“මල්ලි.. කොහේහරි ගමනක් යනගමන්ද..?” මහේෂි අක්කා ඩිල්ෂාන් දිහා 

බැලුවෙ නෑ.. එයා කෙලින්ම බැලුවෙ මගේ දිහා විතරයි.. ඩිල්ෂාන්ගෙ මූණ අමුතු 
වෙනව මං දැක්කා.

“ඇයි මං අක්කට ඊයෙ කිව්වෙ උදේම ඔයාව බලන්න එනවා, වැඩට යන්න 

එපා කියලා.. මතක නැද්ද..?”

“මතක තිබුණා මල්ලි.. ඒකයි මං වැඩට ගියේ නැත්තෙත්.. අනේ මන්ද මල්ලි.. 

මට නම් ජීවිතේ එපා වෙලා ඉන්නෙ....” මහේෂි අක්කා ආයෙම අඬන්න 
ගත්තා.. ඒ ඇස් ආයෙම කඳුළින් තෙත් වෙලා ගියා.

“ඔන්න ඉතිං.. අක්කා ආයෙම අඬනවනේ... දැන් නාඩ ඉන්නකො...” 

මං කිව්වා.

“මම හිතලා අඬන්නෙ නෑ මල්ලියො.. මට ඇඩෙනවා.. මට මගේ තාත්තව 

ඕන මල්ලි.. මට මගේ තාත්තව ඕන.. මං කොහොමද මගේ තාත්තව බේරගන්නෙ..” 
මහේෂි අක්කගෙ ඇස්වල කඳුළු ආයෙත් අලුත් වෙන්න ගත්තා.

“ආහ්... ඔයා ඒ ගැන කලබල වෙන්න එපා අක්කෙ.. අපි ඔයාගෙ තාත්තව 

බේරගන්නම්.. මෙන්න මෙතන ඔයාගෙ තාත්තගෙ ඔපරේෂන් එකට ඕන කරන 
සල්ලි තියෙනවා.. දැන් ඉතිං නාඩ ඉන්න.. ඊයෙ අපි ගාව සල්ල තිබුණෙ නෑ.. 
ඒකයි අද එන්නම් කිව්වෙ.. එහෙම තිබුණා නම් ඔයාට ඊයෙම අපි මේ සල්ලි 
ටික දෙනවා අක්කෙ..” එහෙම කියලා මං මහේෂි අක්කගෙ අතට සල්ලි ටික 
දික් කලා.. වැඩි වෙලාවක් නොයාම එයා මගේ ඉස්සරහ දනින් වැටෙන්න ගත්තා.. 
ඒක දැකලා මගේ හිතට දැනුණෙ ලොකු වේදනාවක්.

“අනේ අක්කෙ නැගිටින්න..” මං එහෙම කියලා එයාව උරහිසෙන් අල්ලලා නැගිට්ටුවා..

“බුදුබව අත්වෙනව මගේ මල්ලියෙ.. ඔයාට බුදුබව අත්වෙනවා.. මං කොහොම 

ඔයාට ස්තුති කරන්නද මල්ලියො..” එයා අඬාගෙනම මගේ පපුවට තුරුලු උනා..

“මේ මගේ සල්ලි විතරක් නෙමේ අක්කෙ.. මේ ඩිල්ෂාන් මල්ලිත් එක් ලක්ෂ 

විසිදාහක් විතර දැම්මා.. මාත් එකයි තිහක් වගේ දැම්මා.. ඉතුරු ඒවා අර අනිත් 
යාලුවො තුන්දෙනා දැම්මෙ..” ඩිල්ෂාන් කියලා කිව්වම තමා මහේෂි අක්කා 
අඬ අඬම එයා ගාවට ගියේ.

“අනේ ඔයාටත් ගොඩක් පින් මල්ලියෙ.. ඔයාලා ඔක්කොටම ගොඩක් පින්..”

“අපිට පින් නැතුවට කමක් නෑ අක්කෙ.. ගිහින් තාත්තගෙ ජීවිතේ බේරගන්න.. 

මම අම්මගෙයි තාත්තගෙයි වටිනාකම හොදට දන්නවා අක්කෙ.. ඒක නෙමේ.. 
කෝ අනේ ඔයාගෙ අම්මා.. මල්ලි කෙනෙක් ඉන්නවා කිව්වට එයා දැක්කෙ 
නෑනෙ ඇහැටවත්..” එයාගෙ ඇඬිල්ල නවත්තන්න ඕන වුණ නිසාම මං හරස් 
ප්‍රශ්නයක් දැම්මා.

“අම්මා නම් කඩේට ගියා මල්ලි.. දැන් එයි.. මල්ලි නම් ඉස්කෝලෙ ගිහින්.. 

එයා එනකොට දෙක විතර වෙනවා.. එයත් ගොඩක් දුකින් ඉන්නෙ මල්ලියෙ.. 
එයත් තාත්තට ගොඩක් ආදරෙයි.. අපි ගොඩක් අහිංසක දුප්පත් මිනිස්සු.. 
ඔයාලට ඒක පේනවනේ.. වේලක් ඇර වේලක් හරි කාලා අපි හතර දෙනා 
හිටියෙ හුඟක්ම සතුටින්.. ඒ සතුට එක මාසෙකින් නැතිවෙලා ගියා මල්ලි.. 
ඉන්න මං ඔයාලට බොන්න මොනා හරි හදන්නම්.. ඔයාලා ඇවිත් වාඩිවෙන්න..” 
එහෙම කියල මහේෂි අක්කා යන්න හදනවත් එක්කම ඩිල්ෂාන් මහේෂි අක්කගෙ 
අතින් අල්ලගත්තා.. මාත් එකපාර උඩ ගියා මේ මොකද වෙන්න යන්නෙ කියලා.. 
හිතාගන්නවත් බැරි විදියට ඩිල්ෂාන් මහේෂි අක්කා ඉස්සරහ දනින් වැටුණා.. 
දෙයියනේ.. මේ මොකද.. “ඩිල්ෂාන්” කියල මං කතා කලත් එයා මං දිහා බැලුවෙවත් නෑ..

“අනේ මට සමාවෙන්න අක්කෙ.. මට සමාවෙන්න.. මං මහ නරක මිනිහෙක්.. 

මට ඔයාගෙ මූණ බලන්නත් ලැජ්ජයි.. අක්කා මාත් එක්ක තරහයි කියලා මං 
දන්නවා.. මං වගේ එවුන්ගෙ මූණවත් බලන්න වටින්නෑ..” ඩිල්ෂාන් මහේෂි 
අක්කට අත්දෙකම එකතු කරල වඳින ගමන් අඩන්න ගත්තා.

“අනේ මං ඔයා එක්ක තරහ නෑ මල්ලි.. ඔයාලා කරපු මේ උදව්ව මං කවදාවත් 

අමතක කරන්නෑ.. ඔයාලා මිනිස් වෙසින් ඉන්න දෙවිවරු.. ඊයෙ වෙච්ච දේවල් 
අමතක කරන්න. කෝ ඉතිං දැන් හොඳ මල්ලි වගේ නැගිටින්නකො..” මහේෂි 
අක්කා එහෙම කිව්වම ඇස් වල කඳුළුත් පිහදාන ගමන් ඩිල්ෂාන් නැගිට්ටා.. 
නැගිටලා ආයෙම මං ගාවට ආවා.

“උඹට මොකද උනේ..?” මං ඩිල්ෂාන් දිහා බලලා ඇහුවා.. ඒ මූණ දිහා බැලුවම 

මං දැක්කෙ කඳුලින්ම පිරිලා ගියපු මූණක් විතරයි.. ඩීල්ෂාන්ගෙ ඇස් දෙකත්, මූණත් 
රතු පාටට හැරිලා තිබුණා..

“මොකද උනේ කියල උඹ අහන්නෙ.. වෙච්ච දේවල් දැක්කෙ නැද්ද...? උඹ 

පොට්ටයෙක්ද.. මං කිසි දෙයක් කරපු නැති ගාණට දාලා කතා කරන්නෙ.. මං 
මහ පව්කාරයෙක් යකෝ.. මගේ වලත්තකම හින්ද තමයි මේ හැමදේම.. ඊයෙ මං 
විනාශ කරන්න හැදුවෙ මේ අහිංසක කෙල්ලගෙ ජීවිතේ නේද බං.. අනික අක්කා 
කෙනෙක්.. ෂීහ්.. මං මොන තරම් අමන බල්ලෙක්ද.. මං වගේ එවුන් මේ ලෝකෙ 
ඉඳලා වැඩකුත් නෑ සම්පත්.. මට කවුරුවත් ආදරේ නෑ බං.. අඬුම තරමෙ මගේ 
අම්මයි තාත්තයිවත්.. මං යනවා මචං.. උඹ ඉඳලා වරෙන්..” මුලින්ම ඩිල්ෂාන් 
මාත් එක්ක තරහින් වගේ කතා කලත් පස්සෙ ඌ අඬන්න ගත්තා.. අඬ අඬම 
යන්න එයා යන්න හැරුණත්.. මං ඩිල්ෂාන්ට යන්න දුන්නෙ නෑ.. උගේ අතක් 
තදින් අල්ලගත්තා.

“යකෝ උඹට පිස්සුද..? උඹ නිසානේ බං මේ අහිංසක කෙල්ලව අපිට 

හම්බඋනේ.. ඒ වගේම අහිංසක ජීවිත දෙකක් බේරගන්නත් පුලුවන් උනේ.. 
මේ ජීවත් වෙන ඩිංග කාලෙදි අපේ ජීවිත වලට ප්‍රශ්න එනවා බං.. ඒ හැමදෙයක්ම 
ඉවසලා හිටපං.. මං උඹ වැරදි කෙනෙක් නෙමෙයි කියලා මහේෂි අක්කට 
කියන්නම්..” මං එහෙම කිව්වම යන්න ගියපු ඩිල්ෂාන් ආයෙම හැරිලා මං ගාවට ආවා..

“මොනවා කියන්නද බං.. මං සුදනෙක් කරන්නද උඹ හදන්නෙ..? මෙච්චර 

වැරදි කරලත්.. මහේෂි අක්කා දන්නවා මං මොන වගේ බල්ලෙක්ද කියලා.. 
තවත් ඒ ගැන මොනව කතා කරන්නද..?” ඩිල්ෂාන්ගෙ කඳුළු අලුත් උනා.. 
ඔය එක්කම තමයි මහේෂි අක්කා තේ කෝප්ප දෙකකුත් ට්‍රේ එකක තියාගෙන 
අපි ගාවට ආවෙ.

“මෙන්න මල්ලි බොන්න.. ඔයාලට අපි වගේ දුප්පත් අයගෙ ගෙවල් වලින් 

තේ එකක්වත් බීලා පුරුදු නැතුව ඇති.. ඒත් මේක තමා මල්ලි අපේ අහිංසක 
ජීවිතේ.. මොනවා කරන්නද..” මහේෂි අක්කා එහෙම කියන ගමන් අපි දිහාට 
ට්‍රේ එක දික් කලා.

“ඔයා හිතන්නෙ මම පෝසත් කෙනෙක් කියලද අක්කෙ.. මමත් ඔයාලා වගේ 

දුප්පත් කොල්ලෙක්.. සල්ලි තිබුණා නම් මං බස් එකක යනවද.. ඩිල්ෂාන්ට නම් 
විසි කරන්න සල්ලි තියෙනවා.. හැබැයි එයාට ජීවිතේම එපා වෙලා ඉන්නෙ.. 
අනික ඊයෙ වෙච්ච දේවල් ගැන ඩිල්ෂාන් ගොඩක් පසුතැවෙනවා.. එයාට අක්කට 
මූණ දෙන්න බැරිලු.. එයා බල්ලෙක්ලු.. පව් කාරයෙක්ලු.. අමනයෙක්ලු..” මගේ 
හඬත් බිඳිලා ගියා.. ඩිල්ෂාන් කියන්නෙ මොනවා උනත් හදවත හොඳ කොල්ලෙක්.. 
එයාගෙ එකම වැරැද්ද සල්ලි වලට ගෑණු අරගෙන ෆන් ගන්න එක විතරයි.. ඒ ඇරෙන්න 
වෙන කිසිම වැරැද්දක් නෑ..

“අනේ ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා මල්ලියෙ.. ඒක අමතක කරල දාන්න.. 
මං ඔයා එක්ක තරහ නෑනේ.. අනික මෙතන ඔයාගෙ වැරැද්දකුත් නෑ.. ඒත්.......” 
මහේෂි අක්කා ඒත් කියලා නැවැත්තුවා..

“කොහෙද අක්කෙ මං වැරදි නැත්තෙ.. මං සතියකට දවස් හතරක් හරි ඔය වැරැද්ද 
කරනවා.. ඒකයි මං මහ අමනයෙක් කියලා කිව්වෙ.. මට ඔයාගෙ මූණ දිහා බලන්නත් 
ලැජ්ජයි.. මොකක්ද අක්කෙ ඔයා ඒත් කියලා නැවැත්තුවෙ..” ඩිල්ෂාන් බිම බලාගෙනම 
කතා කලා.

“ඒක තමා මල්ලි මාත් කියන්න ගියේ.. සමහර විට ඔයා මං වගේ කෙල්ලෙක් කියන 
දේ අහන්නෙ නැතිවෙන්න පුළුවන්.. මල්ලිට උපදෙස් දෙන්න මං කවුද..? ඒත් 
පුළුවන් නම් මේ දේවල් කියන්නෙ ඔයාගෙ අක්කා කියලා හිතලවත් ඔය 
කරන වැරැදි වැඩේ නවත්තන්න මල්ලි..” මහේෂි අක්කත් බිම බලාගෙන කිව්වා.. 
මහේෂි අක්කා නම් කිව්වෙ හොඳ අදහසක්.. කොහෙද මූට මං කලින් අනන්තවත් 
ඔය දේ නවත්තපං කියලා කිව්වත් ඇහුවෙ නෑනෙ..

“නෑ අක්කෙ... මං ඔයාට පොරොන්දු වෙනවා.. මං ආයෙ මේ වැරැද්ද කවදාවත් 
කරන්නෑ.. අනේ මට සමාවෙන්න අක්කෙ..” ඩිල්ෂාන් ආයෙම අඬන්න ගත්තා.

“ගොඩක් හොඳයි මල්ලියෙ.. පහුගිය දේවල් ගැන ඔයා හිතන්න ඕන නෑ.. මං 
ඒවා අමතක කරලා ඉවරයි.. ඔයා නිසානේ අද මට මගේ තාත්තවත් බේරගන්න 
පුළුවන් උනේ.. ඔයා ගොඩක් හොඳ මල්ලි කෙනෙක්.. ඒ වගේම අනිත් මල්ලිලා 
හතර දෙනත්..” ඩිල්ෂාන්ගෙ මූණට ලාවට හරි හිනාවක් ආවෙ මහේෂි අක්කා එහෙම 
කිව්වම තමා.

ඩිල්ෂාන් එදා මට කියපු හැමදෙයක්ම මහේෂි අක්කා ඉස්සරහ කියලා දැම්මා.. 
එයාගෙ අම්මා තාත්තා ගැන.. එයා විඳින දුක ගැන.. හැම දෙයක්ම.. මහේෂි 
අක්කත් ඒ දේවල් අහන් හිටියෙ ඇස් දෙක උඩ තියාගෙන.. ඒත් මං ඔය කතාව 
කලින් අහලා තියෙන නිසා මට ඒ හැටි ගාණක් උනේ නෑ.. ඒත් මගේ හිතට 
ආයෙම ඩිල්ෂාන් ගැන ලොකු දුකක් දැනුණා.

“ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්නම එහෙම රැකියාවක් කරන නිසා ගොඩක්ම 
කාර්යබහුල ඇති මල්ලියො.. අනික එයාලා ඒ සේවය අකුරටම ඉටු කරන්න 
ඕනනේ.. ඒකට එයාලා බැඳිලා ඉන්නවා.. එයාලා ඔයාට ආදරේ නැතුව නෙමේ.. 
අනික මල්ලි කසාඳ බඳින හැම කෙනෙක්ම දුක් විඳින්නෙ නෑ.. අපේ අම්මයි 
තාත්තයි කවදාවත් රණ්ඩු වෙලා නෑනෙ මල්ලි.. අපි ගොඩක් දුප්පත් උනත් 
ගොඩක් සතුටින් ඉන්නවා.. ඉතිං මල්ලිටත් හොඳ ගෑනු ළමයෙක් මුණගැහුනොත් 
ජීවිතකාලෙම සතුටින් ඉන්න පුළුවන් වෙයි.. ඔය වගේ වැරදි දේවල් කරන එකෙන් 
ඔයාගෙ ජීවිතේටයි හොඳ නැත්තෙ..” මහේෂි අක්කා විනාඩි දහයක පහළොවක විතර 
දේශනයක් ඩිල්ෂාන්ට දුන්නා.. එයා ඒ දේවල් අහන් හිටියෙ ගොඩක් ආසාවෙන්. 
ගොඩක් උනන්දුවෙන්.


තවත් විනාඩි ගාණක් ගෙවිලා ගියාට පස්සෙ මහේෂි අක්කගෙ අම්මත් ගෙදරට ආවා. 
මහේෂි අක්කා හැමදෙයක්ම එයාගෙ අම්මටත් කිව්වා.. එයත් අඬාගෙනම අපි ගාවට 
දුවගෙන ඇවිත් ඒ කරපු දේට ගොඩක් ස්තුති කලා.. ගොඩක් පින් දුන්නා.. ඊට 
පස්සෙ අපි එයාගෙ තාත්තා බලන්න කාමරේට ගිහින් ඒ මනුස්සයා එක්කත් ටික 
වෙලාවක් කතා කර කර ඉඳලා ආයෙම හුළං ටිකක් වඳින්න කියලා හිතන් එළියට 
ආවා. මහේෂි අක්කගෙ තාත්තා ඉන්නෙ නම් ගොඩක් අමාරුවෙන්.. එයාට ඔපරේෂන් 
එක ඉක්මනින්ම කරන්න වෙයි වගේ.. අපි එළියට වෙලා ඉන්නකොට ආයෙමත් 
මහේෂි අක්කා අපි ඉස්සරහට ආවා.

“අක්කෙ.. ඔයා සාමාන්‍ය පෙළ කරලා තියෙනවද..?” ඩිල්ෂාන් ඇහුවා.

“මල්ලි මම උසස්පෙළත් ඉහලින්ම පාස්.. විශ්ව විද්‍යාලයටත් තේරුනා.. ඒත් 
මල්ලි ඒ දේවල් කරන්න මට සල්ලි නෑ.. තාත්තත් ලෙඩ වෙච්ච නිසා මම හැමතැනම 
රස්සාවල් හෙව්වා.. අන්තිමට හම්බඋනේ ඔය ගාමන්ට් එකේ රස්සාව තමා..”

“කිරි අප්පට විදුලි කොටාපිය කිව්වලු..... දෙයියනේ.. මොන අපරාදයක්ද...” මගේ 
කටින් ඉබේම පිටවුණා. එහෙම කියනකොට මහේෂි අක්කගෙ මූණට ලස්සන 
හිනාවක් ආවා.. අනේ ඒ අහිංසක හිනාව මොන තරම් ලස්සනද.. ඇත්තටම මේ 
තරම් ලස්සන ගෑණු ලමයෙක් මං මීට කලින් දැකලා නෑ..

“මොනවා කරන්නද මල්ලි.. මේ ලෝකෙ දුප්පත් වෙලා ඉපදෙන ගොඩ දෙනෙක්ට 
ඔහොම දේවල් වෙනවා.. මං ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ.. මගේ එකම 
බලාපොරොත්තුව උනේ මගේ අහිංසක තාත්තගෙ ජීවිතේ බේරගන්න එක.. 
මං මගේ ගැනවත් හිතන්නෙ නැතුව අරවගේ දෙයක් කරන්න ගියෙත් ඒකයි.. 
මගේ තාත්තා නැතුව මං ජීවත් වෙලා වැඩක් නෑ මල්ලි.. පුංචි කාලෙ ඉඳලා 
හ දුක් විඳලා එයා අපිව හැදුවෙ.. ඒ දේවල් මං කොහොම අමතක කරන්නද.. 
තාත්තා ලෙඩ ඇඳට වැටිලා ඔහේ මැරිලා යනවා මං එයාගෙ දුවෙක් විඳියට 
බලාගෙන ඉන්නෙ කොහොමද මල්ලියො..” මහේෂි අක්කගෙ ඇස් ආයෙම රතු වේගෙන 
ආවා.

“අනේ ඔය ආයෙම අඬන්න නේද හදන්නෙ.. අයියෝ.... දැන් ඒක ගැන 
බයවෙන්න දෙයක් නෑනෙ.. ඔයා මට කියපු ටිකම තමා දැන් ඔයාටත් කියන්න 
තියෙන්නෙ.. ඒ පහුගිය දේවල් අමතක කරලා දාන්න.. වර්ථමානයත් එක්ක 
ජීවත් වෙන්න අක්කෙ.. ඔයා ආයෙම ගාමන්ට් වල ජොබ් කරන්න ඕන නෑ.. 
මං දන්න යාලුවෙක් ඉන්නවා.. ලොකු කොම්පැනි එකක අයිතිකාරයෙක්.. 
මං ඔයාට එතන මැක්සා ජොබක් සෙට් කරලා දෙන්නම්.. හොඳ පඩියකුත් 
ගන්න පුළුවන් විදියට.. මුලින්ම අපි තාත්තව සනීප කරගෙන ඉමුකො..” ඩිල්ෂාන් 
කියාගෙන ගියා. ඩිල්ෂාන් කියන ඒ වදන් වලින් මහේෂි අක්කගෙ හිතට ලොකු 
සැනසීමක් දැනුණා කියලා මට තේරුණා.

ඩිල්ෂාන් ඊට විනාඩි දෙක තුනකට පස්සෙ දුරකථන ඇමතුමක් ගත්තා.

“මචං නුවන්.. උඹගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්නයි කතා කලේ.. නෑ නෑ.. 
එහෙම කේස් එකක් නෙමෙයි.. අපේ නෑදෑවෙන අක්කා කෙනෙක් ඉන්නවා.. 
උසස් පෙළත් ඉහළින්ම පාස්.. කැම්පසුත් තේරිලා.. ඒත් පොඩි ප්‍රශ්න වගයක් 
නිසා එයාට කැම්පස් යන්න නම් බැරි උනා.. උඹට පුළුවන්ද එයාට ජොබ් එකක් 
දෙන්න..” ඩිල්ෂාන් එහෙම කියලා ආයෙම ආවෙ ලොකු හිනාවකුත් මුවේ රඳවගෙන.

“ඔන්න අක්කෙ වැඩේ ගොඩ.. ඔයාගෙ තාත්තව සනීප කරගත්තු ගමන්ම ඔයාට 
ජොබ් එකටත් යන්න පුළුවන්.. දැන් ඔය එක එකා ගාව දහ දුක් විඳින්න ඕන නෑ.. 
මෙයා මගේ බොක්කෙ ෆිට් අයියා කෙනෙක්.. ඔයාට හොඳ ජොබක් දෙයි..” ඩිල්ෂාන් 
හිනාවෙන ගමන්ම කිව්වා.

“ගොඩක් පින් මල්ලියෙ... ඒක නම් මොන තරම් දෙයක්ද...?” මහේෂි අක්කා කිව්වා.

“පින් වැඩක් නෑ අක්කෙ.. අපි මුලින් තාත්තව බේරගමුකො.. ඊට පස්සෙ ඔය ගැන 
කතා කරමු..”

අපි තව විනාඩි පහළොවක් විතර මහේෂි අක්කලගෙ ගෙදර ඉඳලා යන්න කියලා 
එළියට බැස්සා. ඩිල්ෂාන් මේ තරම් සතුටින් ඉන්නවා දැක්කෙ ගොඩ කාලෙකට 
පස්සෙ.. ඌ හැමදාම ඔහොම ඉන්නවා නම් කොච්චර හොඳයිද.. අනික අර ජරා 
වැඩෙත් මූ නවත්තලා දාපු එක ගැන මට මාර සතුටුයි.. මං කියපු එක ඇහුවෙ 
නැතත් මහේෂි අක්කා කියපු දේ හරි අහල වැඩේ නැවැත්තුවනේ..

ඊට දවස් දෙකකට පස්සෙ මහේෂි අක්කගෙ ආදරණිය පියාගෙ ශළ්‍යකර්මය 
කරන්න පුළුවන් උනා.. දෙලක්ෂ අසූදාහකින් ශල්‍යකර්මය කරන්න පුළුවන් 
කියල හිතන් හිටියත් අපිට ඊට වඩා ගාණක් වියදම් උනා.. ඒ ගියපු ඉතිරි වියදම් 
සේරම බලාගත්තෙ ඩිල්ෂාන්.. ශල්‍යකර්මයෙන් පස්සෙ බොන්න මාස තුනකට 
බෙහෙත් දීලා තිබුණා.. ඒකටත් රුපියල් දහදාහක වගේ ගාණක් වියදම් උනා. 
ඒකටත් වියදම් කලේ ඩිල්ෂාන්ම තමා.

සති දෙකක් විතර යද්දි මහේෂි අක්කගෙ තාත්තට පොළවෙ පය ගහලා ඇවිඳින්න 
පුළුවන් උනා.. ඒ දිහා අපි බලන් හිටියෙ හුඟක් සතුටින්.. මහේෂි අක්කා අපිට 
නිතර නිතර වගේ ස්තුති කලා. එයාට ඩිල්ෂාන් අර යාලුවා ගාව හොඳ රැකියාවකුත් 
අරගෙන දුන්නා. රුපියල් 45,000.00 වගේ වැටුපක් මුල් කාලයෙදිම එයාට 
ලැබුණා. දැන් එයාගෙ හිතේ කිසිම බරක් නෑ.. ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් 
ජීවත් වෙනවා.. තාත්තට නම් ආයෙම රැකියාවට යන්න දෙන්නෑ කියලා මහේෂි 
අක්කා දවසක් කිව්වා.. මොකද දැන් නම් එයාට මුළු පවුලටම කන්න අඳින්න 
දෙන්න පුළුවන් තරමෙ හොද වැටුපක් ලැබෙන නිසා..

අපි පුළුවන් හැම වෙලාවකම මහේෂි අක්කලගෙ ගෙදර ගිහින් එනවා.. එයාගෙ 
මල්ලිත් අපිත් එක්ක මාර ෆිට් උනා.. එයත් සිරා කොල්ලෙක්.. හොඳට ඉගෙනගන්න 
පුළුවන්.. අපිටත් පුළු පුළුවන් විදියට ඒ මල්ලිගෙ ඉගෙනීම් කටයුතු වලට අත 
දුන්නා.. ගොඩක් සතුටින් කියන්න ඕන දේකුත් තියෙනවා.. මහේෂි රැකියාව 
කල තැන බොස්.. ඒ කියන්නෙ ඩිල්ෂාන්ගෙ යාලුවා නුවන්.. මහේෂි අක්කට 
ආදරේ කරන්න පටන් අරගෙන.. නුවන් කියන්නෙත් සිරාම පොරක් තමා.. 
ඩිල්ෂාන් වගේම නියම කොල්ලෙක්.. එයත් පස්සෙ පස්සෙ අපිත් එක්ක හොඳටම 
ෆිට් උනා.. සති අන්තයෙ අපි ඩ්‍රින්ක් එක දානකොටත් නුවන් අපිත් එක්ක එකතු උනා.. 
එයා මහේෂි අක්කට පණ ඇරලා ආදරෙයි.. මං වගේම උදේශ්, අසිත්, 
ඩිල්ෂාන්, රශ්මික ඔය හැම කෙනෙක්ම ඒ දෙන්නා දිහා බලලා හුඟක් සතුටු උනා.. 
ඇත්තටම ඒ ආදරේ නම් කවඳාවත් බිඳෙන එකක් නෑ.. මොකද මහේෂි 
කියන්නෙ දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් කියලා අපි හැමෝම 
දැනන් හිටියා.. පහුගිය දේවල් ගැන මතක් වෙනකොට ලොකු දුකක් ආවත් ඒ 
සේරම දැන් අපි හැමෝටම අමතකයි.. වර්ථමානය අනාගතය ගැන හිතලා අපි 
හැමෝම සතුටින් හිටියා..

තවත් මතක් කරන්න ලොකුම ලොකු කාරණාවක් තියෙනවා.. ඒ අපේ අතිජාත 
මිත්‍රයා ඩිල්ෂාන් ගැන.. එයා දැන් අර කරපු වැරදි වැඩ සේරම නවත්තල දාලා.. 
ඒක කලේ නම් හුඟ කාලෙකට කලින්.. මහේෂි අක්කා එයාගෙන් ඉල්ලීම කරපු 
දවසෙ ඉඳන්.. එයා එදා ඉඳන් ඒ වැඩේ නවත්තලා දැම්මා.. දැන් සතුට හිතෙන 
කාරණය නම් ඩිල්ෂාන්ටත් පෙම්වතියක් ඉන්නවා.. එයාගෙ නම සයුරි.. එයත් 
හරිම ලස්සන කෙලි පොඩ්ඩක්.. ඩිල්ෂාන් පස්සෙ පස්සෙ හැම දෙයක්ම තේරුම් 
ගත්ත එක ගැන සතුටුයි.. එයාගෙ හිත ගොඩක් වෙනස් වෙන්න ඇත්තෙ මහේෂි 
අක්කයි නුවන් අයියයි දෙන්නා ඉන්න සතුට දිහා බලලා.. ඒකෙන් එයා තේරුම් 
ගන්න ඇති කසාඳ බඳින හැම කෙනෙක්ම දුක් විඳින්නෙ නෑ කියලා.. කසාඳය 
කියන්නෙ හැම කෙනෙක්ටම දුකක් නෙමෙයි කියලා..

කතාව මම මීට වඩා දුරට ඇඳගෙන යන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.. 
කෙටියෙන් ලියලා අවසන් කරන්න හිතාන හිටියත් මට ඒක එහෙම කරන්න 
අමාරු වුණා.. හැමෝම දැන් හුඟක් සතුටින් ඉන්නවා.. කිසිම දුකක් ඒ හිත්වල නෑ.. 
අපිටත් ඒ ගැන කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ.. මහේෂි අක්කගෙ තාත්තා 
නම් දැන් දහඅටේ කොල්ලා වගේ ඉන්නවා.. සියලු ලෙඩ දුක් සුවයි.. මහේෂි 
නුවන් හෙට අනිද්දා කසාඳ බඳියි.. ඩිල්ෂාණුත් තව මාස කිහිපයකින් කසාඳ බඳියි.. 
රශ්මිකට නම් දැන් පුංචි බබෙක් ඉන්නවා.. ඒ පවුලත් හුඟක් සතුටින්.. මම, උදේශ්, 
අසිත් නම් තාම තනිකඩ.. හොඳ කෙල්ලො තුන්දෙනෙක් ලැබෙනකන් අපි ඔහේ කාලයට 
ඉඩ දීලා බලාන ඉන්නවා.. ආහ්.. කියන්න අමතක උනානේ මම බයික් එකක් නම් ගත්තා.. 
මීට කලින් මට බයික් එක ගන්න තිබුණා.. එහෙම උනා නම් මහේෂි අක්කගෙ 
තාත්තා එයාට නැතිවෙන්නත් තිබුණා..

ඇත්තටම මහේෂි අක්කා අපි හැමෝටම ලොකු ආදර්ශයක්.. ඒ වගේ කෙල්ලො මේ 
ලෝකෙ හුඟක් අඩුයි.. තමන් හඳපු වඩපු තාත්තගෙ ජීවිතේ බේරගන්න තමන්ගෙ 
ජීවිතේ පරදුවට තියන දරුවො මේ ලෝකෙ ඉන්නෙ බොහොම අඩුවෙන්.. එයා අපි 
හැමෝගෙම ජීවිත වෙනස් කලා.. එයා නිසා අපේ ජීවිත වලට ගොඩක් හොඳ දේවල් 
ලැබුණා.. අපි මහේෂි අක්කට කොච්චර ස්තුති කලත් මදි..

හැබැයි මහේෂි වගේම තවත් කෙල්ලො ඕන තරම් මේ ලෝකෙ ඇති.. ඔය වගේ 
විසදගන්න බැරි ප්‍රශ්න නිසා ජීවිතේ අවදානම පැත්තකට දාන අයත් ඕන තරම් ඇති.. 
සමහර විට එයාලට අපි වගේ උදව් කරන්න කෙනෙක් නැතිවෙන්නත් පුළුවන්.. අනේ 
එයාලා මොන තරම් පවුද..? ඔය මුදලට විකිණෙන අහිංසක කෙල්ලොත් එක්ක එක 
වචනයක් කතා කරන්න පුළුවන් නම්.. එයාලගෙ ජීවිත වලත් ඔය වගේ ගොඩක් 
දුක්බර කතා ඇති..

මේ ලෝකෙ ප්‍රශ්න නැති ජීවිත නෑ.. ප්‍රශ්න නැතුව ඔහේ ගලාගෙන යන ජීවිතේ 
ලස්සනකුත් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.. අවසාන වශයෙන් කියනවා නම් 
ලෝකෙ තියෙන ඔය හැම ප්‍රශ්නයකටම උත්තරයකුත් කොහේ හරි තියෙනවා.. 
උත්තරයක් නැති ප්‍රශ්නයක් මේ ලෝකෙ නෑ..
ඉතිං ඒ කතාව ඔන්න ඔය විදියට 

සතුටකින් අවසන් උනා..



෴ස්තුතිය෴