රුපියල් දාහ
හුග කාලෙකින් සිරාට කතාවක් ඇද බාන්න බැරි විය.මේ දෝශාබියෝගෙයි ගනිකාවන් නීතිගත කිරීමයි නිස මේ දවස් වල සිරාට හරියට වැඩ.
ඔය වැඩ අස්සෙ මේ ඊයේ පෙරේදා සිරා පාරේ යද්දි වෙච්චි ඇබැද්දියක් තමයි මේක.
සිරා වෙනද වගේ හොද ජැන්ඩියට ඇදගෙන ආව පාර පැත්තට.සිරා දැක්කම කවුරුත් ගරු සරු කරන එකේ පාරෙ යන හැමෝම වගේ සිරා එක්ක වචනයක් වත් කතා නොකර යන්නෙ නෑ.ඉතින් ඔහොම හෙමින් හෙමින් බස් හෝල්ට් එකටත් ආපු සිරාට ගමේ වැදගත් ඉස්කෝලෙ මහත්තයෙක් වත් සෙට් උනා.සිරාව දැකපු ගමන් මිනිහ ඉක්මනටම සිරා ලගට ඇවිත් බොහොම ගරු සරු ඇතිව කතා කලා.ගමේ කාගේත් දුකට සැපට පිහිට වෙන සිරා අය්ය අසාදාරනයට විරුද්ද උන හොද පොරක් කියල තමයි ගමේ කවුරුත් සැලකුවෙ.ඔන්න ඉතින් අර ඉස්කෝලෙ මහත්තයත් එක්ක කත කර කර ඉන්න අතරෙ බස් එකකුත් ආව.සිරයි ඉස්කෝලෙ මහත්තයයි නැග්ග බස් එකට.ටික ඩුරක් යද්දි දෙන්නටම එක ලගින් සීට් දෙකකුත් ලබුන.දෙන්න බර කතාවක් දාගෙන යන්න ගත්ත.
ඔහොඅ යද්දි එක තැනකදි බස් එක නැවැත්තුව.මිනිස්සු ටිකක් නැග්ග.ඒ අතරෙම හොද ගජ ඉලන්දාරියෙකුත් නැග්ග බස් එකට.ඉස්සරහට ගියා.මෙන්න පොර අඩන්න පටන් ගත්ත නොවැ.
අනේ බුදු නෝනලා..මහත්තයලා..කියල පටන් ගත්ත පොර ස්ක දිගට බොහොම දුක හිතෙන විදියට ලොකූ ව්ස්තරයක් කියන්න පටන් ගත්ත.සිරත් මේක අහන් හිටිය.අනේ මහම හොදට අත පය හතර තියෙන කොල්ලො මෙහෙම හිගා කන්න පටන් ගත්තම රටට මොකක් වෙයිද කියල සිරාට හිතුන.
හිගන පොරත් හිගා කාගෙන කාගෙන සිර ලගටම ආව.
දැන් සිරාට මාර ජුවල්.සිර නැගිට්ට."ඇයි මල්ලි මෙහෙම හිගා කන්නෙ.ඔය කොච්චර හොද ඉලන්දාරියෙක්ද?රස්සාවක් කරල කීයක් හරි හොයගත්ත නම් නරකද?මම දන්නව.රස්සාවල් නහැ කියල නේද කියන්න හදන්නෙ.හරි මල්ලි.ඔයල වගෙ අය දැක්කම මටත් ගොඩක් දුකඉ.එන්න මල්ලි.මාත් එක්ක යමු.අඩුම තරමෙ දවසකට රුපියල් දාහක් වත් හොයගන්න පුලුවන් රස්සාවක් මම හොයල දෙන්නම්." කියල සිරා කිඋව.බස් එකේ හැමෝම සිරා දිහා බොහොම ගාම්භීර විදියට බැලුව.සිරාට මාර හැපී.
ඒත් එක්කම අර හිගන කොලුව කට අරිය."අනේ මහත්තයා.මට ඔයගෙ රස්සාවල් එපා.මහත්තයට ඕනෙ නම් මාත් එක එන්න.මම මහත්තයට දවසට රුපියල් එක්දාස් පන්සීයක් හොයල දෙන්නම්"කියල පොර බස් එකෙන් බැහල ගියා.
සිරාට මාර නෝන්ඩිය.
එදායින් පස්සෙ නම් සිරා කවදාවත් බස් වල යන හිගන්නන්න් දිහා බලන්නෙ වත් නෑ.
/////සිරා දැක්කම කවුරුත් ගරු සරු කරන එකේ පාරෙ යන හැමෝම වගේ සිරා එක්ක වචනයක් වත් කතා නොකර යන්නෙ නෑ.ඉතින් ඔහොම හෙමින් හෙමින් බස් හෝල්ට් එකටත් ආපු සිරාට ගමේ වැදගත් ඉස්කෝලෙ මහත්තයෙක් වත් සෙට් උනා.සිරාව දැකපු ගමන් මිනිහ ඉක්මනටම සිරා ලගට ඇවිත් බොහොම ගරු සරු ඇතිව කතා කලා.ගමේ කාගේත් දුකට සැපට පිහිට වෙන සිරා අය්ය අසාදාරනයට විරුද්ද උන හොද පොරක් කියල තමයි ගමේ කවුරුත් සැලකුවෙ.////
ReplyDeleteමොකටද මගේ මේ කට.. චිහ්..තුහ්..තූ