Sunday, December 30, 2012

පටි ජොකා



ඔන්න සිරා තවත් නැවුම් දවසක දහසක් බලාපොරොත්තු හදේ දල්වාගෙන ඔයාල සොයාගෙන ආව.


සිරා උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න අවදිය.. අධ්‍යාපනය වගේම බෑන්ඩ් ජීවිතයත් සමබරව ගලාගෙන ගිය කාලයක්...


අපේ වැස්ටර්න් බෑන්ඩ් එකේ 1997 වසරේ නියාමකයා තමයි ලොකු අයියා... බෑන්ඩ් එකේ හැමෝටම ලොකු අයියා කෙනෙක් වෙච්ච මේ චරිතය, කෙනෙක්ගෙ සැපේදි වගේම දුකේදිත් පිහිටවෙන පස්ට චරිතයක්... දෙයක් කරමු කිව්වොත් ඒක කරලම මිස පස්ස බලන්නෙ නැති කෙනෙක්... 

මම මේ කියන කාලයේ ලොකු අයියා බෑන්ඩ් එකෙන් සමුඅරගෙන රැකියාවකට එක්වෙලා හිටපු කාලෙ.. පරිගණක පුහුණුව ලබාදෙන ප්‍ර‍සිද්ධ ආයතනයක ආචාර්ය වරයෙක් විදියටයි කටයුතු කලේ.... සිරා ඒ වෙද්දිත්  බෑන්ඩ් ගහනවා...

අපේ පිරිස හදිසි රාජකාරියක් නැත්නම් පුහුණුවීම් කරන්නෙ බ්‍ර‍හස්පතින්දාට විතරයි... පුහුණුවීම් අවසන් උනාට පස්සෙ  ටවුමෙ නිමල් අයියගෙ ඇට්ටේරියා ගහ යට පොට් එකට (මේ කඩේ අද නැත එතැන බැංකුවක් අද ඇත)  එකතුවෙනවා ප්ලෙන්ටියක් ගහන්න. රැකියාව නිමවෙලා නිවෙස බලා යන අපේ පැරණි සාමාජිකයනුත් මේ තැනදීම අපිට හමුවෙනවා... බෑන්ඩ් එකේ හෙට දවස, පුහුණුවීම් වල ප්‍ර‍ගතිය, අඩුපාඩු සාකච්ඡා වෙන්නෙත් මෙතැනමයි... කඩේ හිමිකරැත් අපේ ආදිශිෂ්‍යයෙක් වීම නිසාම එතැන අපේම තැනක් වගෙයි දැනුනෙ. දවසක් ලොකුඅයියත් මෙතැනදි අපිට හමුවුනා...

උඹලා ඔන්න වැඩ දාගන්න එපා ඊළග සතියෙ සෙනසුරාදට...අරිද ?  මගේ උපන්දිනේට පොඩි පාටියක් දානවා ගෙදර... මම වැඩ කරන තැන ගෑල්ළමයි ටිකකුත් එනවා... උඹලා සැට් එකත් ඇවිල්ලා අඩියක් එහෙම ගහලා ජොලියක් දාමු.....

අපේ උන් ඔක්කොම හක හක ගාලා හිනාවුනා... අනේ යන්න ලොකු අයියා.. අපි නම් එයි... බලාගෙන ඉන්න.. ආයෙත් නම් අපි රැවටෙන්නෙ නෑ.... අපේ උන් එහෙම කිව්වා...

ඇයි එහෙම කිව්වෙ ?
බොලාලට ඒක ප්‍ර‍ශ්නයක් වෙන්න පුලුවන් නිසා මම නිධාන කථාවත් කියන්නම්...


මේ වගේම මීට කලින් දවසක ලොකු අයියා පාටියකට කියලා හැමෝටම ආරාධනා කලා....
අපේ ඔෆිස් එකේ කට්ටියත් එන නිසා ඔක්කොම හොද කිට් එකකට බැහැලා  උදේ 9 වෙද්දි ගෙදරට වරෙන් කියලයි එදා කිව්වෙ... සිරාට අමතර පන්තියක් නිසා එදා පාටියට යන්න බැරි උනා... පස්සෙ හිතුනා ගියේ නැති එකෙන් මගෙ ජාමෙ බේරුනා කියලා....

ඉතිං අපේ පිරිස කියපු වෙලාවට අත්දිග ෂර්ට් ඇදලා.. ටයි එකක් එහෙම දාලා මගුල් ගෙදරක යන තරම් උජාරැවෙන්  පාටි ගෙදරට ගියාට කිසිම හැලහොල්මනක් ඒ කිව්වෙ පාටියක ලකුණක් වත් තිබිලා නෑ... ඒ වෙනුවට පිරිස පිළිගත්ත ලොකු අයියා බක බක ගාලා හිනාවෙනවලු උගෙ එපාම කරපු මල්ලිලා දෙන්නත් එක්කම...

කොහෙද බන් මේ විදියට ඇදගෙන බොලාලා යන්නෙ ? 
ඇයි ඔයාගෙ උපන්දින පාටියටනෙ අනේ... මතක නැද්ද එන්න කිව්වා... පිරිස යටහත් පහත්ව උත්තර දීලා...

ලොකු අයියා ආයෙත් හයියෙන් හිනාවෙලා... මොන පාටිද බන් අපේ කුඹුරු වල අද ගොයම් කපනවා ඒකයි තොපිට එන්නෙ කිව්වෙ... ඔය ඇදුම් ගලවලා මේ සරම් කොටයක්, කොට කලිසමක් ගහගෙන, උදේට මොනා හරි සප්පායම් වෙලා කුඹුරට බහිමු කිව්වම කට්ටිය භූත වෙලා, කනේ තිබ්බ කට චූට්ටියට උන්ඩි වෙලා... උදේ ඉදන් හවස්වෙන කම් ගොයම් කපලා හීනියට ෂොට් එකක් දාගෙන වත්ත පහළ ලිදෙන් නාගෙන තමයි පිරිස ආයෙත් නිවෙස් බලා ගිහින් තිබ්බෙ.... ඔය හේතුව නිසා කාලයක් යනතුරු  හැමෝම ලොකු අයියගෙ උපන් දින පාටි වර්ජනය කොලා.

නෑ නෑ බන් මේ සැරේ ඇත්තටමයි උඹලට එන්න කියන්නෙ.... හැමදාමත් බොරු කරන්නෙ නෑනෙ බන්... සිරාවටම පාටියක් තියෙන්නෙ ඔන්න වරෙල්ලා  කියපු ලොකු  අයියා  නිමල් අයියගෙ පොට් එකෙන් අනතරස්දාන උනා...



දැන් ඔන්න බෑන්ඩ් එකේ ආරාධනා ලබපු අපි වගේ සීනියර් ඇත්තො පාටි ගෙදර ගිහින් දෙන තෑග්ග ගැන සාකච්ඡා කොලා... ඒ කාලෙ ගෙදරිනුත් කොකු දාගෙන බෑන්ඩ් ගහපු කාලයක් නිසාත්, රැකියාවක් නොකල නිසාත් අපි ළග අතේ සතේ නෑ... අවසානයේ ලොකු අයියා කරපු වැඩේට රිටර්න් එකක් දෙන්නත් එක්කම ගද ගහන පරණ සපත්තුවක් එක්ක ලොකුම ලොකු ගඩොලක් පාර්සල් කරලා... තෑගි ඔතන ලස්සන කොලයකින් ආවරණය කරලා  සෑහෙන්න විශාල තෑගි පාර්සලයක් සූජානම් කොලා...

ඔන්න පාටි ගෙදර යන දවස උදා වුනා, කලින් වගේ ගොයම් කැපීමක්ද කියලා අවධානයෙන් පිරිස හෙමින් හෙමින් ලොකු අයියගෙ නිවසට කිට්ටු වුනා.. ඔන්න එදා ඒ නිවස උත්සවශ්‍රීයෙන් බැබලෙනවා... හැමතැනම ක්‍රේප් කොල ඇදලා බැලුම් එල්ලලා... හරිම සිරියාවයි...

පිරිස ආදරයෙන්, සාදරයෙන් පිළිගත්ත ලොකු අයියා සාලයේ කොනක  අසුන් පැනවූවා... සාලයේ තිබුන ලොකු මේසයක් උඩ අපේ සම්භාවනීය තෑග්ග සැතපෙව්වා...

ඔන්න තවත් මද වේලාවක් ඇවෑමෙන් කිචි බිචියක් ඇහෙන්න ගත්තා... අනේ සීදේවි ගෑල්ළමයි රොත්තක්ම උපන් දින සාදෙට ඇවිල්ලා... ලොකුඅයියගෙ කාර්යාලයේ මිතුරියන්... හැමෝම එක වගේම පොෂ්... නෙත්,සිත්,හදවත් පැහැරගන්නවා... අපේ උන්ගෙ හෘද ස්පන්දනය වැඩි වෙලා ඒගොල්ලන්ගෙ සුන්දරත්වය දැකලා.... ඒ මදිවට සියල්ලන්ම තෑගි භෝග අතින් කටින් අරගෙන ඇවිල්ලා තිබුනෙ...

දෙපිරිස හදුනාගැනීමෙන් පස්සෙ සාදය ඇරඹුනා...  උපන්දින කේක් ගෙඩිය කපලා, කේක් කවලා, වැඩේ ඉස්සරහට යනකොට ලොකු අයියගෙ සම වයසෙ අපේ පැරණි බෑන්ඩ් සගයෙක් වෙච්චි VP තුමාත් පැමිණියා... ඉංග්‍රීසි අකුරැ දෙකකින් කියැවෙන ඉතා අසභ්‍ය නමක් තමයි එයාට යොදලා තිබුනෙ... ඒ නිසා අකුරු දෙකකින් තමයි හැමෝම ආමන්ත්‍ර‍ණය කොලේ...

මධු බදුන් එකින් එක හිස්වෙනකොට අපි කෙමෙන් කෙමෙන් පියවි ලොවින් ඈතට ඉගිල්ලුනා... ලයාන්විත සංගීත හඩ දසත පැතිරෙද්දි  සුන්දර මානවිකාවන් අප සමග නර්ථනයට පැමිණියා.. දැන් සාදය ඉතා උච්ච ස්ථානයක පවතින්නෙ... හැමෝම තරගෙට නටනවා..  ඒ අතර තමන්ගෙ හිත්ගත් ගෑල්ළමයින්ට සමහරැ එකිනෙක දේවල් කොදුරනවා...  මේ ආකාරයෙන් ඉතා තීව්ර අවස්ථා පසුකරගෙන දිවා භෝජන සංග්‍ර‍හයත් භුක්ති විදලා උපන්දින සාදයේ අවසන් අවස්ථාවට එළැඹුනා ... ඒ තමයි එකිනෙකා රැගෙන ආ ත්‍යාග ලබාදෙන අවස්ථාව.

මුලින්ම අපේ උන් ඔතාගෙන ආපු ත්‍යාගය... ඊටත් පස්සෙ VP තුමාගෙ ත්‍යාගය... මේ ආකාරයෙන් පිළිවෙලින් සාලයේ කොනක තිබුන මේසයක් උඩ ත්‍යාගයන් එකින් එක එකතු වෙනවා... මෙන්න මේ අතර තමයි අපි හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුනේ...

දැන් අලුත්ම ක්‍රමේ  තමයි.. ගෙනාපු තෑගි හැමෝම ඉස්සරහා කඩන ‍ එක... අපිත් එහෙම කරමු... ලස්සන එකියක් එහෙම කිව්වම එයාගෙ යාලුවොත් ඒකට පැනලා කැමති වුනා... උන්ට වුවමනා වුනේ ඒගොල්ලො ගෙනාපු තෑගි කොච්චර වටිනවද කියලා හැමෝටම පෙන්නන්න කියලා, පස්සෙ දවසක සිරාගෙ අක්මාවට වැටහුනා.අපේ උන් වගේම VP තුමත් මේ යෝජනාවට දැඩිව විරුද්ධ වුනා... එතෙක් පටන් පැවති නොයෙක් වාද විවාද  අවසානයේ ගෑල්ළමයින්ගෙ අදහසට එකග වෙන්න අපිටත් සිදුවුනා... තවත් මද වේලාවක් ඇවෑමෙන් අපේ සායම දියවී අපි ඉතාමත් සාටර් ජීවීන් කොටසක් වන අයුරු හීනෙන් වගේ පේන්න ගත්තා...

මුලින්ම ගෑල්ළමයි තම තමන් ගෙනාපු ත්‍යාග හැමෝම ඉදිරියේ විවෘත කරන ලෙස ලොකු අයියට ආරාධනා කලා.. ඔන්න දැන් වැඩේ ආරම්භ වුනා...  ෂර්ට්, සුවද විලවුන්, සපත්තු, ඔරලෝසු.... ආදී නානා ප්‍ර‍කාර වටිනා ත්‍යාගයන් කාර්යාල මිතුරියන් එයාට තිළිණ කරලා... දැන් ඔන්න අපේ වාරේ... තෑග්ග අතට ගන්නකොටම හැමෝම කෑ ගහනවා ඕකනම් කඩන්න එපා කියලා... ගෑල්ළමයි කෑ ගහනවා, නෑ ඕක කඩන්න ඕනෙමයි කියලා....

ලොකු අයියා අපේ තෑගි පෙට්ටිය අතට අරගත්තා... ටිකක් බරයි වගේ දැනුන නිසා පොඩ්ඩක් සොලවලා එහෙම බැලුවා...  ගඩොල් ගෙඩිය ඇතුලෙ හෙල්ලෙන සද්දෙ අපිට ඇහෙනකොට අපේ  ඔලුවත් හෙල්ලෙනවා වගේ දැනුනා...ඇයි බොලං අපේ  ආත්මගරුත්වය කීතු කීතු වෙන්න යන වෙලාවක් නොවැ...

තෑග්ග ඔතලා තිබුනු කොළේ ඉරලා අනිත් පැත්තට හරවනකොටම දඩාස් කියලා වැටුනෙ නෑතෑ දඩි ගඩොල... තව පොඩ්ඩෙන් සාලෙ බිමට අල්ලලා තිබුන ටයිල් එකකුත් බිදෙනවා ඒකෙ බරට... කෙල්ලො රංචුව කෑ ගහලා හිනාවෙනකොට ලොකු අයියගෙ ගෙදර අයත් එතනට රැස් වුනා. ඊටත් පස්සෙ  ගඩොල එක්ක තිබුන ගද ගහන පරණ සපත්තුවත් එළියට ඇවිල්ලා හැමෝම දිහා බලාගෙන හිටියා... අපේ උන් එකා දෙන්නා සාලෙන් වහං වෙනකොට ගෑල්ළමයි උඩ පැන පැන අපිට සාටරේට හිනා වුනා...

ඔන්න දැන් අන්තිම තෑග්ග... VP තුමා ගෙනාපු එක... ඒක කඩන්න නම් සෑහෙන්න අමාරැ උනා... මිනිහා ඉඩදෙන්නෙම නෑ... අපේ උන් ටිකත් ඒ වෙද්දි සාටර් වෙලා හමාර නිසා.. අපේ සම්පූර්ණ සහාය හිමි වුනා ත්‍යාගය විවෘත කරන්න... අවසානයේ ටික ටික ඔතලා තිබුන කොළේ අස්සෙන් තෑග්ග මතුවුනා...

ඉස්සෙල්ලාම තිබුනෙ තැටි පාන් රාත්තලක්... ඒක උඩ දත්බෙහෙත් වලින් හිංහලෙන් අමු කුණුහරුපයක් ලියලා...  අවසානයේ උපන්දිනයට සුභ පතලා... ලොකු අයියා පාන් රාත්තල උස්සනකොටම ඒකෙ පැටලිලා කලු පාට යමක් බිම වැටුනා... ඒ එක්කම VP ගොයියා විදුලි වේගයෙන් සාලෙන් මාරු වුනා...  අනේ ඒ මොකක්ද ? කියපු කෙල්ලො රොත්ත පැනපු ගමන් වැටුන එක අහුලලා උඩට ඉස්සුවා... ඊයා ඒ එක්කම ඇහුනා...



වවුලා වගේ දිග ඇරැනු පටි ජොකා  සීලිම දිහා බලාගෙන හිනැහෙද්දි... පාටි ගෙදර  එකම හූ ගොඩක් වුනා... තෑග්ග ගෙනාපු VP ගොයියා එතෙක් වෙලා ට්‍ර‍යි එක දිපු කෙල්ලටත් නොකියා  පාටියට සමු දීලා වත්ත පහළට ගිහින් තිබුනා...

ගෑල්ළමයි ඉන්න කඩේකට ගිහිල්ලා පටි ජොක්කු ඉල්ලන්නත් ලැජ්ජා කාලේ පොෂ් දැරිවියො පිරිසක් ඉස්සරහා වෙච්ච වැඩෙන් තෑග්ග ගෙනාපු කෙනා පත්වෙච්ච අපහසුතාව තේරුම් ගන්න පුලුවන්නෙ.

මම සයිබරයේ අලුත් මිතුරා සිරා

ප.ලි

පටි ජොකා (jockstrap)  යනු පොදුවේ සපෝටරය ලෙස කොල්ලන් හදුන්වන පිරිමින් අදිනා යට ඇදුම් විශේෂයකි..  ක්‍රීඩා කරන අය අතර ඉතා ජනප්‍රියය. පිටුපස කොටස නොමැති  අතර ඒ වෙනුවට ඇත්තේ පටි දෙකක් හෙයින් එය පටි ජොකා නම් වෙයි. පටි ජොකා ඉතා අවලස්සනය.

Friday, December 21, 2012



Tuesday, December 11, 2012



                                     රුපියල් දාහ





හුග කාලෙකින් සිරාට කතාවක් ඇද බාන්න බැරි විය.මේ දෝශාබියෝගෙයි ගනිකාවන් නීතිගත කිරීමයි නිස මේ දවස් වල සිරාට හරියට වැඩ.
ඔය වැඩ අස්සෙ මේ ඊයේ පෙරේදා සිරා පාරේ යද්දි වෙච්චි ඇබැද්දියක් තමයි මේක.
සිරා වෙනද වගේ හොද ජැන්ඩියට ඇදගෙන ආව පාර පැත්තට.සිරා දැක්කම කවුරුත් ගරු සරු කරන එකේ පාරෙ යන හැමෝම වගේ සිරා එක්ක වචනයක් වත් කතා නොකර යන්නෙ නෑ.ඉතින් ඔහොම හෙමින් හෙමින් බස් හෝල්ට් එකටත් ආපු සිරාට ගමේ වැදගත් ඉස්කෝලෙ මහත්තයෙක් වත් සෙට් උනා.සිරාව දැකපු ගමන් මිනිහ ඉක්මනටම සිරා ලගට ඇවිත් බොහොම ගරු සරු ඇතිව කතා කලා.ගමේ කාගේත් දුකට සැපට පිහිට වෙන සිරා අය්ය අසාදාරනයට විරුද්ද උන හොද පොරක් කියල තමයි ගමේ කවුරුත් සැලකුවෙ.ඔන්න ඉතින් අර ඉස්කෝලෙ මහත්තයත් එක්ක කත කර කර ඉන්න අතරෙ බස් එකකුත් ආව.සිරයි ඉස්කෝලෙ මහත්තයයි නැග්ග බස් එකට.ටික ඩුරක් යද්දි දෙන්නටම එක ලගින් සීට් දෙකකුත් ලබුන.දෙන්න බර කතාවක් දාගෙන යන්න ගත්ත.
ඔහොඅ යද්දි එක තැනකදි බස් එක නැවැත්තුව.මිනිස්සු ටිකක් නැග්ග.ඒ අතරෙම  හොද ගජ ඉලන්දාරියෙකුත් නැග්ග බස් එකට.ඉස්සරහට ගියා.මෙන්න පොර අඩන්න පටන් ගත්ත නොවැ.
අනේ බුදු නෝනලා..මහත්තයලා..කියල පටන් ගත්ත පොර ස්ක දිගට බොහොම දුක හිතෙන විදියට ලොකූ ව්ස්තරයක් කියන්න පටන් ගත්ත.සිරත් මේක අහන් හිටිය.අනේ මහම හොදට අත පය හතර තියෙන කොල්ලො මෙහෙම හිගා කන්න පටන් ගත්තම රටට මොකක් වෙයිද කියල සිරාට හිතුන.
හිගන පොරත් හිගා කාගෙන කාගෙන සිර ලගටම ආව.
දැන් සිරාට මාර ජුවල්.සිර නැගිට්ට."ඇයි මල්ලි මෙහෙම හිගා කන්නෙ.ඔය කොච්චර හොද ඉලන්දාරියෙක්ද?රස්සාවක් කරල කීයක් හරි හොයගත්ත නම් නරකද?මම දන්නව.රස්සාවල් නහැ කියල නේද කියන්න හදන්නෙ.හරි මල්ලි.ඔයල වගෙ අය දැක්කම මටත් ගොඩක් දුකඉ.එන්න මල්ලි.මාත් එක්ක යමු.අඩුම තරමෙ දවසකට රුපියල් දාහක් වත් හොයගන්න පුලුවන් රස්සාවක් මම හොයල දෙන්නම්." කියල සිරා කිඋව.බස් එකේ හැමෝම සිරා දිහා බොහොම ගාම්භීර විදියට බැලුව.සිරාට මාර හැපී.
ඒත් එක්කම අර හිගන කොලුව කට අරිය."අනේ මහත්තයා.මට ඔයගෙ රස්සාවල් එපා.මහත්තයට ඕනෙ නම් මාත් එක එන්න.මම මහත්තයට දවසට රුපියල් එක්දාස් පන්සීයක් හොයල දෙන්නම්"කියල පොර බස් එකෙන් බැහල ගියා.
සිරාට මාර නෝන්ඩිය.
එදායින් පස්සෙ නම් සිරා කවදාවත් බස් වල යන හිගන්නන්න් දිහා බලන්නෙ වත් නෑ.

                                               අපූරු බෙහෙත



ඔන්න ඉතින් හා හා පුරා කියල සිරා අලුත් කතාවක් අරන් ඔයාල හම්බ වෙන්න ආව.ඊයෙ සිරාගෙ යාලුවෙක් ලෙඩ වෙල ඉස්පිරිතාලෙ යන්න සිරාට වුන.සිර විතරක් නෙමෙයි.සිරාගෙ පොට් එකෙ තව මෑන්ස් කෙනෙක් නුත් වැඩේට සෙට් උනා.පොර බ්යික් එකක් ගෙනාපු නිස සිරාත් එක පයින්ම ගමනට රෙඩි උනා.

ඔහොඅම යද්දි තමඉ අර මෑන්ස් මේ කතාව කියුවෙ.ඉතින් සිරාගෙ ඔට් එකෙ ඉන්න හැමෝටමත් බලන්න ඔන්න මම වැඩෙ දැම්ම.
මේක් අර පොරගෙ යාලුවෙක්ට උන වැඩක්.   


අපි මේ පොරට නිමල් කියල කියමුකො.

නිමල් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා....මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්. මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි.මේ බෙහෙත ඔහුගේ අධෝමාර්ගයට (පස්ස පැත්තට ) ඇතුල් කර ගත යුතුයි. මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.


ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා. මේ මහතාට තරම වේදනවක් දැනුනා. ඊට පස්සේ ඔහුට කීව ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න.

මේ නිමල් ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකරා. ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා. බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කරා. ටිකක් අමාරුයි. ඊට පස්සේ අපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා. ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා " කියලා....බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ"....මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ....දැන් තමයි මට මතක් වුනේ".


කතාව ගැන පොට් එකේ හැමෝගෙම කොමෙන්ට්ස් ඕනෙ හරිය.